Wednesday, November 23, 2016

හිතුවක්කාර ආදරය - 36 කොටස


විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය. ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන් නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.

කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය. ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන් පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති බව පවසාය.



"දිනුක, මොකද මේ පිස්සෙක් වගේ. කල්පනාවෙන් වැඩ කරන්න. ඔයා හොඳින් හිටියෙ නැතිනම් කොහොමද මොකද උනේ කියල අපි හොයා ගන්නෙ"
"අනේ මට තේරෙන්නෙ නැහැ අසීස්. මට තේරෙන්නෙ නැහැ. මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා"
"හරි හරි ළමයො, මට නොතේරෙනව නෙමේ.. "
"එයාට මොකද උනේ එක පාරටම. එයාට මට වඩා ආදෙරේ කරන්න කව්ද හම්බුනේ. කොහොමද එයා මගේ ළඟ තුරුලුවෙලා හිටිය විදිහටම තව කෙනෙක් ළඟ ඉන්නෙ"
"ඔය කියපු සේරම කෙල්ලෙකුට හරි ලේසියෙන්ම කරන්න පුළුවන් දිනුක. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. තමන්ව පාලනය කරගන්න බලන්න. මෙඩිකල් ලීව් දෙකක් දාල ඉන්න මේ දවස් දෙකත් ගෙදර"
"මම කොහොමද අසීස් එමොනවත් නොවුන ගානට ඉන්නෙ. මම කරපු වැරැද්ද මොකද්ද. අනික මාව මෙහෙම තනි කරල යන්නනම් ඇයි මගේ ළඟට ආවෙ ආයෙමත්. මට ජීවයක් දුන්නෙ ඇයි"
"ඔය ප්‍රස්න සේරටම උත්තර තියෙන්නෙ ඒ ළමය ළඟ විතරයි දිනුක. හම්ම්ම් මට තේරෙන්නෙ නැහැ ඔයාව දිනුක"

අසීස්ට නොව මටද මාව තේරුම් ගැනීමට නොහැකි වී තිබුනි. මගේ මිතුරා අසීස් පැවසූ පරිදි මගේ හිතේ තිබෙනා වූ ප්‍රස්න සියල්ලටම පිළිතුරු ඇත්තේ ඇය ළඟය. මා නැවත ඇය වෙතට යා යුතුය. මාව මෙතරම්ම තනිකර හැරයන්න මෙතරම්ම මා වෙතට ළන්වුනේ ඇයිදැයි මට ඇගෙන්ම ඇසිය යුතුය. ඇගේ මතකයන් සිහිවනා විට මා සිතින් දැවී දැවී මැරුනද එම වේදනාව වෛරයකට නොපෙරලුනේ ආදරය කරපු හිතින්ම ඇයට වෛර කිරීමට මම අපොහොසත් වූ නිසාය.

සිතට දැනෙන්නා වූ වේදනාවට මා ටිකෙන් ටික හුරු උවද වෙනදා මෙන් නොව මාගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් එකක් විය. මාගේ කාර්යාලීය වැඩ පවා මට අතපසු වී මගහැරී ගිය අවස්ථා අනන්ත අප්‍රමාන වූ නමුත් මා සමග සේවය කල මගේ මිතුරන් පිරිස ඒ සෑම අවස්තාවකදීම මාව කරදරවලින් බේරාගනු ලැබුවේ ඔවුන් සියලු දෙනාම මා සිටිනා තත්වය තේරුම්ගත් නිසාවෙනි. නමුත් මගේ තත්වය දිනෙන් දින අවාසනාවන්ත වූ නිසා, දින දෙකක පමණ දීර්ග කල්පනාවකින් අනතුරුව කාර්යාලයට මුසාවක් පවසමින් මගේ විදේෂ ගමන් බලප්‍රත්‍රය අතට ගත් මා ගුවන් ටිකට් පතක්ද රැගෙන කාර්යාලයනෙ කෙලින්ම ගුවන් තොටුපලට ගියේ කිසිවෙකුට නොදන්වා ඇයව හමුවීමට යාමටය.

"අසීස්, මම ෆලයිට් එකේ ඉන්නෙ. සොරි නොකිව්වට."
"මොනව. ඔයා මොනවද මේ කියන්නෙ දිනුක. ඇඳුම් සේරම මෙහෙනෙ"
"ඇඳුම් වලින් මට වැඩක් නැහැ අසීස්. මට තවත් ඉන්න බැහැ මේ විදිහට. ඒකයි මම මේ තීරනේ ගත්තෙ. කවුරුත් දන්නෙ නැහැ. අඩුම තරමෙ ඔෆිස් එකට කිව්වෙත් නැහැ"
"මට තේරෙන්නෙ නැහැ දිනුක. හම්ම්ම්.. ඒ කියන්නෙ ආයෙමත් මේ ජොබ් එකට ඔයාට එන්න බැරි වෙයි"
"මට ජොබ් ඕනි නැහැ අසීස්. ගොඩක් ස්තූතියි මම වෙනුවෙන් කරපු හැම දේටම."
"කරන දෙයක් පරිස්සමට කරන්න දිනුක. මොහොමඩ් ඉන්නවනෙ උදව්වට. කෙල්ලෙක් හින්දා ජීවිතේ අමාරුවෙ වැටෙන්න එපා. අනික ඔයා කව්ද කියන එක අමතක කරන්නත් එපා. පරිස්සමෙන් යන්න"

අසීස් කොතරම් දේ පැවසුවද ඒ කිසිම දෙයක් මසිත තුල නොරැඳුනේ මගේ සිත වේදනාවෙන් පිරී තිබූ නිසාවෙනි. මා මේ ගත් හිතුවක්කාර තීරනය නිසා ජිවිතයේ ගොඩක් දේ මා හට අහිමි වනවා මෙන්ම තවත් බොහෝ දේවල් මා හට අහිමිවනවා නොඅනුමානය. ඇයව හමුවු පසු මා කුමක් කරම්දැයි මගේ සිත තුල ස්තීර සැලැස්මක් නොතිබුනද මෙම අවස්තාවේ මට උවමනා වූයේ ඇයව මගේ මේ දෙනෙතින් දැක ගැනීමටය. ඇය වෙනුවෙන් මා තවමත් සිටිනවා බව ඇඟවීමටත් මා ඇයට දුන් ආදරය බාල්දු හිස් ආදරයක් නොවන බවත් ඇයට තේරුම් කරදීමටත්ය.

පැය හතරක ගුවන් ගමනක් උවත් මට එය දවස් ගනනාවක් ලෙස දැනුනේ මගේ සිත කලබලයෙන් තිබූ නිසා විය යුතුය. එමෙන්ම මා පැවසූ ලෙසම අමිල මා රැගෙන යාමට ගුවන් තොටුපලට පැමින තිබුනද මට අදහාගත් නොහැකි දසුන වූයේ අමිල අපේ අම්මා හා නංගී සමග පැමින තිබීමය. අම්මා දුටු විගසම අම්මාට තුරුලු වී පොඩි ළමයෙකු මෙන් කඳුලු සැලුවේ මා අසල සිටි සියලුම දෙනා පුදුමයකට පත් කරමින්ය. මගේ දෑසින් පිටවීගිය කඳුලු නිසාත් අවශ‍ය්‍යම මොහොතක අම්මාගේ උණුසුම ලැබූ නිසාත් මෙතුවක් දවසකට වේදානාවෙන් හා පිරී තිබූ මගේ සිතට සිසිලසක් ගෙනදෙන්නට වූ අතරම, අප සිලළු දෙනාම ඉතා ඉක්මනින්ම නිවස බලා පිටත්ව ගියේ අම්මාව මෙමෙ ස්ථානයට ගෙන ආවාට මා මගේ මිතුරා වූ අමිලට ස්තූතිය පුද කරන අතර වාරයේය.

මුලු රාතිය පුරාවටම නින්දක් නොතිබුනද මම අම්මාගේ තුරුලේ සිටි නිසා පැය කීපයකට පමන ඇස පියවා ගැනීමට මට හැකි වූ අතර එම පැය කීපය දින කීපයකින් මා ලද එකම සුවපහසු පැය කීපයක් විය. එමෙන්ම අම්මාගේ ඉල්ලීම මත අද තාත්තාද නිවාඩුවක් දමා නිවසේ නතර වී සිටි අතර නංගීද අමතර පන්තියට නොගොස් හිටියේ ඔවුන් සියලු දෙනාම සිදුවූ දෙය දැනගෙන සිටි නිසාවෙනි. අමිලද උදෙන්ම අප නිවසට පැමිනි අතර සියලු දෙනාම නිහඬව වාඩි වී එකිනෙකා දෙස බලමින් සිටියේ අම්මාගේ තේ කෝප්පයක රස විඳින අතරතුරදීය.

"දැන් ඔයා ආව කියල ඔයාලගෙ ඔෆිස් එකෙන් දන්නවද"
"නැහැ තාත්තෙ. මම වැඩකට කියල පාස්පොර්ට් එක ඉල්ලගෙන එහෙම්ම ටිකට් එකක් දාගෙන ආව."
"පොඩ්ඩක් ඉවසන්න තිබුනෙ නැද්ද ඔයාට. එක පාරකුත් කෙල්ලෙක් හින්දා මැරෙන්න ගිහින් හරි අමාරුවෙන් ගොඩ ආවෙ. දැන් ආයෙමත්.."
"ඒ ළමයට කෑගහන්න එපා අනේ.. වෙච්චදේ උනා. පුතා අපි ගාව ඉන්න එක හොඳයි."
"ඒකනම් ඇත්ත තමා ඇන්ටි. දිනුක අපි එක්ක ඉන්න එක හොඳයි. තනියම ඉන්නවට වඩා. නැතිනම් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ"

අප සියලුදෙනාම නිවස තුල සිටි නමුත් සියලුම දෙනාගේ සන්වාදා ඉතා කෙටි සන්වාද වූයේ මා කනස්සල්ලෙන් සිටි නිසා විය යුතුය. මාගේ නැවත පැමිනීම පිළිබඳව අම්මා තරමක් සතුටු උවද තාත්තා තරමක් මා සමග තරහින් සිටියේ මා හිතුවක්කාර තීරණයක් ගත් නිසාය. පියුමිව හමුවීමට තිබූ දැඩි ඕනෑකම නිසා සියලු දෙනාටම සමු දුන් මා අමිල සමග ටවුමට ගියේ බලාපොරොත්තු රැසක් සහිතවය. අද සෙනසුරාදා දිනයක් වූ නිසා මීගමුවේ ටවුමේදී ඇයව හමුවීමට පුලුවන් බව අප දෙදෙනාම දැන සිටියේ ඇයට අද දවස පුරාවටම අමතර පන්ති තිබූ නිසාය. උදේ වරුව තුල කොතරම් උත්සහ කලද ඇයව හමුවීමට නොහැකි වූ අතර ඇය අද පන්ති නොපැමින ඇතැයි අප දෙදෙනාම අනුමාන කලේ ඇගේ මිතුරියන් අතර ඇය නොසිටි නිසාය. ඇගේ නිවවසට යාමට වරක් දෙවවරක්ම අමිල යෝජනා කලද මා එයට අකමැති වූයේ ඇගේ ගෞරවය ආරක්ෂා කල යුතු නිසාය.

අමිල හා මම දවස් කීපයක්ම ඇයව හමුවීමට උත්සහ කලද ඒ සියලුම උත්සහයන් අසාර්තක වූයේ අප දෙදෙනාම නොසිතූ ආකාරයටය. මගේ මිතුරා වූ අමිල පවසන ආකාරයට මා නැවත පැමින ඇති බව ඇයගේ යාලුවන් ඇය දැනගෙන මාව මග හැරීමට ඇය උත්සහ දරනවා ඇත. නමුත් මා තුල ඇති වූ එකම ගැටලුවනම් ඇය මෙලෙස මා මග හරින්නේ ඇයිදැයි යන්නය. මා තුරුලුකර මගේ දෙතොල් සිපගෙන මට ආදරේ යැයි පැවසූ ඇයම මෙලස මා මග හරින්නේ කුමන හේතුවකටද යන්න මට ප්‍රස්නයක් විය.

"පොඩි මහත්තයා, මට බැහැ මෙහෙම පොඩි මහත්තයා විඳින දුක බලාගෙන ඉන්න. මොඩි මහත්තය විතරක් නෙමේ මටත් වැරදුනා. "
"ඒ මොකද මොහොමඩ්"
"මතකද මම කිව්වා පොඩි මහත්තයට ගැලපෙනම ගෑනු ළමය මෙයා කියලා. ඒ වගේම මේ ගෑණු ළමය වෙනුවෙන් අපහු එන්නත් කියල කිව්ව මම පොඩි මහත්තයට. බලගෙන යනකොට මේ .."
"හම්ම්ම්.. මටත් වඩා ආදරේ කලා ඒ ළමයට මොහොමඩ්. මට එයාගෙන් තොර ලෝකයක් තිබුනේම නැතිතරම්.."
"අමතක කරල දාන්න පොඩි මහත්තයා. ඒ ළමය හින්දා මොඩි මහත්තයා විඳ කරදර ඇති. පොඩි මහත්තය අවසර දෙනවනම් .."
"එපා.. මොහොමඩ්. මොනවත් කරන්න එපා. මම ආදරෙයි ඒ කෙල්ලට තවමත්. මාට ඕන ඇයි මට මෙහෙම කලේ කියල දැනගන්න විතරයි. එයාට එයාගෙ පාඩුවේ ඉන්න දෙන්න මොහොමඩ්. එයා හොඳින් ඉන්නවනම් ඉන්න තැනක මට ඒ ඇති"
"පොඩි මහත්තයා හොඳ වැඩියි"

අප දෙදෙනා බොහෝ වෙලාවක් අතීත මතකයන් ගැන සිහිකරමින් සිටියේ මගේ මිතුරා වූ අමිල පැමිනෙනෙතුරුය. එම මතකයන් මසිත පාරන සුලු උවද ඒ දැනෙන වේදනාමට මම හුරු වී සිටි නිසා මට මසිත පාලනය කරගන්න හැකි විය. ආදරය කරපු හිතක් මෙච්චර තනි කරන්නේ කොහොමද, ඒ ආදරේ කරපු හිතකට මෙතරම්ම දුකක් දෙන්නේ කෙලෙසින්ද යන්නම මා තුල රැඳි පැහැදිලි පිලිතුරක් නොරැඳි තවත් එක ගැටලුවක් විය.

කරුණු කාරනා මෙසේ සිදුවන විට මා හා මොහොමඩ්ව පුදුම කරවූ කරුන වූයේ අප සිටිනා තැනට හදිසියේම අමිල විසින් ගෙන ආ පුවත විය. එනම් ඔහුට පියුමිව මීගමුව ආපිකෝ එකතුලදී ඇගේ මව හා හමු වී ඇති අතර තවත් නන්නාදුනන පිරිමි චරිතයක් ඔවුන් සමග සිට ඇති අතර අමිලට ඇය සමග වචන කීපයක් කතා කීරීමටද අවස්තාල උදා වී ඇත. මේ දවස් කීපයේ කම්බුල් ගාය නැමති රෝගය වැලඳී තිබීම නිසා ඇය නිවසින් එලියට නොපැමිනි බවත් ඇයව අමතක කරන ලෙස හා ඇයට සමාවදෙන ලෙස ඇය ඉල්ලීමක් කර තිබූ අතර අනිද්දා ඇය පන්ති පැමිනන බව අමිල අතේ දන්වා ඒවා තිබුනි. ඇයට එසේ දන්වා තිබුනේ ඇයට මා හමුවීමට උවමනාවෙන් බව අප සියලු දෙනාම වටහාගත් අතරමුත් ඇයව අමතක කිරීමටයැයි පැවසුවේ ඇයිද යන්න අප සියලුදෙනාටම ප්‍රෙහෙලිකාවක් විය.

"පියුමි, දිනුක ලංකාවට ඇවිත් කියල ඇයි මට උඹ කිව්වෙ නැත්තෙ."
"මම දැන ගත්තෙත් ඊයෙ හිරුණි. මට තිනුරි කෝල් කරල කිව්වා"
"ඉතින් උඹට මට කියන්න තිබුනනෙ. උඹට තවමත් මාව විස්වාස නැහැ නේද. දිනුක කියන්නෙ ජාවවාරම් ලෝකෙ උඩින්ම ඉන්න මොළ කාරයෙක් කියල උඹ තවමත් පිලි ගන්නෙ නැහැ නේද"
"අනේ ඕක නවත්වන්න හිරුණි. මම ඔයාගෙ කීම අහල තමා ඒ අසරන කොල්ලට දුකක් දුන්නෙ. මට කවදාවත් හොඳක් වෙන්නෙ නැහැ"
"නවත්වගනින් බන් උඹේ ඔය බොලඳ ආදරේ. මමත් දිනුක ගැන මුලින්ම හිතුවෙ එහෙම තමා. මෙන්න මේකත් මතක තියා ගනින්. බාප්පගෙ මරණයටත් දිනුක කොහොම හරි සම්බන්දයි"
"අනේ මන්දා හිරුණි. ඒ ආදරේ බොලඳ උනාට ඒ ආදරේ අවන්කයි. මම හැමදාමත් ආදරේ කල ඒ බොලඳ කමට"
"මට උඹේ ඔය බයිල තේරෙන්නෙ නැහැ පියුමි. මට උඹෙන් පොඩි දෙයක් වෙන්න ඕන"
"ඒ මොකද්ද, අනේ මම උඹේ කකුල් දෙක අල්ලල වඳින්නම් එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මම දුන්න දුකම ඇති ඒ කොල්ලට මැරි මැරි ඉපදෙන්න"
"හරි හරි.. මම ඒ ගැන බලාගන්නම්. උඹ හෙට ආපිකෝ එක අයිනෙ පාරෙ දිනුකට එන්න කියන්න ඕන තනියම"
"ඒ මොකටද. "
"ඒ මොකටද කියල උඹට බලාගන්න පුළුවන් වෙයි. උඹත් එතනට ආවොත්. ඒත් ඔයා එන තරමටම තමා හොඳ."
"හම්ම්ම්.. මම ඔයා කියන විදිහට කරන්නම් පියුමි. මට සමාවෙන්න මුල්ම දවසෙ ඔයාල මට එයාව ගැලපෙන් නැහැ කිව්ව එක ඇහුවෙ නැති උනාට."
"ඒ වලින් වැඩක් නැහැ. උඹට දැන් රත්තරන් වගේ කොල්ලෙක් ඉන්නවනෙ. මම ආයෙ උඹෙන් උදව්වක් ඉල්ලනෙ නැහැ. මේක විතරක් කරල දියන් මට. අනික මතක තියා ගනින් මේ රටේ තියන හොඳම මොළවලින් එකක් තමා මිනිහට තියෙන්නෙ. ඒ නිසා කිසිම සැක සහිත වැඩක් කරන්න එපා හරි."

පියුමිව දැක ගැනීමේ ආසාවෙන් මම ඇය පන්ති පැමිනෙනා දිනය වෙනුවෙන් නොඉවසිල්ලෙන් සිටියෙමි. වෙනදා මෙන් නොව අද දිනයේ වෙලාවද ඉතා හිමින් ගමන් කරන්නාක් මෙන් මට දැනුනි. අම්මාට කියා දෙතුම් පාරක්ම තේ සාදා ගත් මා රූපවාහිනියේ චැනලයන් එහා මෙහා මාරු කලේ කිසිම අරමුණක් නොමැතිවය. පුරුද්දට මෙන් පියුමිගේ දුරකතනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කලද ඇගේ දුරකථනය ප්‍රතිචාර නොදැක්වු අතර නොසිතූ මොහොතක ඇගේ දුරකථනය නාද වූයේ මගේ හද ගැස්ම මොහොතකට නතර කරමින්ය. නමුත් එම ඇමතුමටද ඇය ප්‍රතිචාර නොදැක්වූ අතර නැවතත් ඇගේ දුරකථනය ක්‍රියා විරහිත කෙරුනි.

"හෙලෝ ගනේෂ්"
"ඔව් මැඩම් කියන්න."
"මොකද මිනොහෝ මෙච්චර වෙලා ගත්තෙ ෆොන් එක ආන්සර් කරන්න"
"අනේ හිරුණි මැඩම් මම බාත් රූම් එකේ හිටියෙ. සමාවෙන්න. මැඩම් හදිසියේම"
"හරි හරි ඒකට කමක් නැහැ. ගනේෂ් අපේ වැඩේ අද හවස කරමු. කල් දාන්න ඕන නැහැ. ප්ලෑන් කරපු විදිහට නියම තැනට මිනිහ වෙලාවට එයි. බැරි වෙලා හරි අපේ පාරෙන් මිනිහා ආවෙ නැතිනම් වැඩේ අත ඇරල දාන්න හරි."
" ඒ කියන්නෙ අපි රැකල ඉන්න පාරෙ එන එකක් නැද්ද"
" මට සීයට සීයක් විස්වාසයි මිනිහ එනවා. මොකද ඒක තමා මිනිහගෙ පුරුදු පාර. අනික හවස් වෙලා ස්ටේෂන් එක පැත්තෙන් එන්න බැහැ ටැෆික් වැඩි නිසා. ඒ නිසා මිනිහා අනිවාර්යයෙන්ම ඔය පාරෙ තමා එන්නෙ"
"මැඩම් මිනිහව ඉවරයක්ම කරල දාන්නද"
"ම්ම්ම්.. එපා. අවුරුද්දක් දෙකක් එකම තැන ඉන්න විදිහට වැඩේ කරන්න. හැබැයි ගනේෂ් මතක තියාගන්න. මිනිහ අමාරු කාරයා. කව්ද මේක කලේ මට මොකද උනේ කියල මිනිහට හිතාගන්න බැරි වෙන්න වැඩේ කරන්න හරි"
"මැඩම් බය වෙන්න එපා. අපි ගානට වැඩේ දෙන්නම්."
"බොහොම හොඳයි. මම ගනේෂ්ටම මේ වැඩේ බාරදුන්නෙ ඒ නිසානෙ. අහ් තව එකක්, මිනිහට සිහිය එන්න කලින් කොහෙ හරි ඈතකට ගිහින් දාල එන්න."
"හිරුණි මැඩම් ඒ ගැන කරදර වෙන්න එපා. අපි ඒව දැනටමත් හිතල් ඉවරයි. වැඩේ ඉවර වෙලා මැඩම්ට අපි කෝල් එකක් දෙන්නම්"

නොසිතූමොහොතක ඇගේ දුරකථනය නාද වීම නිසා මාගේ හිත මදක් කැලඹී තිබුනි. මා දුකින් කල්පනාකාරීව සිටි නිසාදෝ අම්මා මා අසලින් වාඩි වී මගේ හිස පිරි මදිමින් සිටියේය. මේ මොහොතේ එය මා හට විෂාල සහනයක් ගෙනදුන් නිසා මා අතැති තිබූ දුරකථනය මදකට පසෙකින් තබා අම්මාගේ ඔඩොක්කුවේ හිස තබාගෙන සිටියේ ඇය මාගේ හිස පිරිමදිනා අතරතුරදීය. හදිසියේම මාගේ දුරකථනයට ලැබූ කෙටි පනිවිඩයක් නිසා මා අම්මාගේ උණුසුමින් මොහොතකට මිදුනු අතර එය පියුමිගෙන් පැමින ඇති නිසා මා නැවතත් කලබල විය. එම කෙටි පණිවිඩයෙහි මට සාමාවෙන්න යනුවෙන් පමනක් සටහන් කර තිබූ අතර මාම් එයට පිළිතුරු නොයවා ඇයගේ දුරකතනයට ඇමතුක් ගත්තෙමි.

"පියුමි"
"දිනුක අයියා.."
"අනේ ඇයි ඔයා මාව මේ විදියට අයින් කලේ. මම ඔයාට කරපු වැරැද්ද මොකද්ද.. මට ඔයාව මීට් වෙන්න ඕන. එකම එක පාරක්."
"අනේ මට සමාවෙන්න දිනුක අයියා.මේ දේවල් මේ විදියට සිද්ද උනාට. මම හිතුවෙ ඔයා හොඳ කෙනෙක් කියලා. ඔයා මොකටද ඔයයි මමයි බීච් එකේ ගත්තු ෆොටොස් මගෙ බෝයිට සෙන්ඩ් කලේ"
"මොනව.. ඔයා මොනවද මේ කියවන්නෙ. ෆොටෝ.. ඔයාගෙ බෝයි.. මට තේරෙන්නෙ නැහැ මොනවද මේ කියන්නෙ කියලා"
"ඔව් මම වෙන කෙනෙකුට ආදරේ කරනවා දිනුක අයියා. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චර පහත් වැඩක් කරයි කියලා."
"සමාවෙන්න පියුමි. මම දන්නෙ නැහැ ඔයා මොනවද මේ කියවන්නෙ කියලා . මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කලා තමයි. ඒත් මගේ ආදරේ ඔය විදිහට සත පනහකට දාල කතා කරයි කියල මම කවදාවත්ම හිතුවෙ නැහැ."
"හරි සමහර විට මට වැරදීමක් වෙන්න පුලුවන් දිනුක අයියා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම දැන් වෙන කෙනෙකුට ආදරේ කරනවා"
"හම්ම්.. මට පළමු වතාවට ලැජ්ජා හිතුනා පියුමි මම මේ ඔයාටද මෙච්චර ආදරේ කලේ කියලා. මෙන්න මේකත් ඔයා මතකෙ තියා ගන්න. මම කවමදාවත් ඔයාගෙ ලෝකෙට එන්නෙ නැහැ. ඔය ඔයා ආදරේ කරනව කියන කොල්ල මට පාරක බල්ලෙකුට වගේ ගැහුවත් මම අතක්වත් උස්සන් නැහැ. පුලුවන් උපරිමයෙන් විඳදරාගෙන ඉන්නවා. ඒ ඔයා නිසා. මොකද මම කැමති නැහැ ඔයාට වරදක් වෙනවට. ඔයා දුක් වෙනවට. ඒ තරම්ම මම ඔයාට ආදරේ කලා. උමතුවක් තිබ්බෙ.හැබැයි ඔයා ඔය ආදරේ කරනව කියන කොල්ල කවදා හරි ඔයාව අත ඇරියොත් මිනිහට එදාට බෝනසුත් එක්කම ලැබේවි"
"හම්ම්ම්ම්"
"මට ඇත්තටම පුදුමයි පියුමි, ඔයාගෙ මේ වෙනස් වීම.. මම ආදරේ කලේ ඔයාටද කියල හිතෙනවා"
"මට සමාවෙන්න. හිත හදාගෙන හොඳින් ඉන්න බලන්න අයියා"
"මට එකම එක පාරක් ඔයාව මීට් වෙන්න ඕන"
"හැබැයි ටික වෙලාවකට. මොකද අපි අපේ ලෝකයෙනෙ ගොඩාක් ඈත් වෙලා ඉන්නෙ. මම කැමති නැහැ අනවෂ‍ය්‍ය ප්‍රස්න දාගන්න. මම අද නෝ ලිමිට් එකට එනවා. ඔයාට පුලුවන් මාව එතනදි මීට් වෙන්න."
"කීයටද"
"තව පැයකින් විතර.. ඒ කියන්නෙ හයයි හතලිස්පහට විතර"
"ඕකේ මම එන්නම්"

ඇගේ දුරකථනය විසන්දි වෙනවාත් සමගම මට දුකට වඩා ඇතිවූයේ කණගාටුවකි. මක්නිසාද යත් මා මටත් වඩා ආදෙරේ කරපු ඒ දඟකාරියගේ මුවින් පිටවූ සමහර වචන නිසාය. මාගේ දැඩි නිහඬබාවය අම්මාට ප්‍රස්නයක් උවද ඇය මගෙන් කිසිවෙක් නොඇසුවේ මා කියූ දේ වලින් ඇය අප දෙදෙනා අතර සන්වාදය තේරුම්ගත් නිසා විය යුතුය. මා හටද අම්මාට පැවසීමය දෙයක් නොතිබූ නිසා නැවතත් අම්මාගේ ඔඩොක්කුව මත හිසතැබුවේ ඔරලෝසුවේ වේලාව තවමත් පහයි පනහ ලෙස සටහන් වී තිබූ නිසාය. කීපවරක්ම හිස ඔසවා ඔරලෝසුව දෙස බැලුවේ ඇය පැමිනෙන විලාව ලන්වී ඇත්දයැයි බැලීමට මුත් ඇයව බැලීමට තිබූ ආසාව මදකට අඩු වී තිබුනි. නමුත් ඇයව දැකීමට යටි සිතෙහි සැඟවී තිබූ ආසාව නිසා හා ඇය සමග බොහෝ දේවල් කතා කිරීමට තිබූ නිසා ඇය කියූ වේලාවට විනාඩි පහක් පමන ප්‍රමාද වී මම යාමට සූදානම් උනෙමි.

"පුතේ ඒ ළමය එක්ක එකට එක කියන්න යන්න එපා. වෙච්චදේවල් වෙලා ඉවරනෙ. අනික මම අහගෙන හිටියනෙ ඔය දෙන්නගෙ කතාව"
"හරි අම්මෙ. මටත් ලොකු ආසාවක් නැහැ දැන්. ඒත් මම තාමත් ඒ කෙල්ලට ආදරෙයි. මම එයාව විනාඩි පහකට මීට් වෙලා ඉක්මනටම එන්නම්"
"කරන දෙයක් පරිස්සමට. කතා කරද්දි උනත් හොඳට හිතල බලල කතා කරන්න"

අම්මාගේ කීමට කීකරු වූ මා මගේ ස්කීටිය වෙත ගොඩවූයේ මා ආදරය කල ඒ යුවතියව, පියුමිව මුනගැසීමට උවද ඇය හමු වී කුමක් කියම්දැයි මසිත තුල පැහැදිලි අදහසක් නොවූයේ ඇය හා දුරකථනයේ යෙදුනු සන්වාදයෙන් අනතුරුව මා තරමක කලකිරීමකට පත් වී තිබූ නිසාවෙනි. වෙනදේකට මුහුන දෙමියැයි සිතා මා ඇ‍ය මුණගැසීමට ඇය පැවසූ ස්තානයට ගියේ මාගේ සුපුරුදු ගමන් මගෙහි උවත් හදිසියේම ඉදිරියේ නවතා තිබූ සුදු පැහැති වෑන් රියක් නිසා මාගේ ස්කූටියේ තිරින්ග තද වූයේ මටද හොරාවටමය. මිනිසුන් කීප දෙනෙක්ද එම ස්තානයේ සිටි නමුත් ඔවුන් සිනා වෙමින් දුම්වැටියක් උරමින් සිටි නිසා මා නැවතත් මගේ ස්කූටිය පන ගැන්වූයේ මා පැමිනි ගමන යාමටය. නමුත් හදිසියේම දුම් වැටිය උරමින් සිටි පුද්ගලයා මාගේ පාර අවහිර කිරීමට පාර මැදට පැමිනියේ විෂාල පොල්ලක්ද අතැතිවය. අනතුරක ඉවක් දැනුන නිසා මා ඉතා ඉක්මනඉන්ම මාගේ ස්කූටිය නැවත හැරෙව්වත් මාගේ හිසට වැදුනු තද පහරක් නිසා මා බිම ඇදවැටුනි. හිස් ආවරණය පැලැඳ සිටි නිසා එම පහරින් හිසට අනතුරක් නොවූවද මා හට නැගිටීමට නොහැකි වූයේ නොසීතූ වෙලාවක එකපිට එක වැදූ පොලු පහරවල් නිසාය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, November 15, 2016

හිතුවක්කාර ආදරය - 35 කොටස


"ඔහොම ඉන්න එපා පොඩි මහත්තයා.. මටත් දුකයි. අනික ඒ ළමය යන්නම ගියා නෙමේනෙ."
"කොහොමද මොහොමඩ් මම මොකුත් නොවුන ගානට ඉන්නෙ. හම්ම්ම්. මම ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන ආවෙ ලංකාවට. ඒත් .."
"ඒ ගෑණු ළමය ටික කාලයක් ඉල්ලුවෙ. ඉතින් පොඩි මහත්තය ඒක එයාට දෙන්න. මොකද පොඩි මහත්තය ඒ ගෑණු ළමයගෙන් ගිය දා ඔයිට වඩා ඒ ළමය විඳින්න ඇති. අඬන්න ඇති."
"හම්ම්.. මොහොමඩ් හරි. මේ දේ මට ලැබෙන්න තිබුන දෙයක්. කාලයට බාර දීල බලාගෙන ඉන්න තියෙන්නෙ"
"ඒක තමා පොඩි මහත්තයා.. මේ ආව නිවාඩුව යාළුවො එක්ක ටිකක් විනෝදෙන් ඉන්න. අනික පොඩි මහත්තයම් නේද මට කිව්වෙ, ඒ ගෑණු ළමයට යන්න දෙන්න පුලුවන් තරමට ආදරේ කරනවා කියලා."

මොහොමඩ් සමග කල කතා බහින් තරමක් හිත සැහැල්ලු උවද මගේ දෙනෙත් තුල කඳුළු රැඳී තිබුනේ ඇගේ මතකයන් විටෙන් විට මසිත පෑරූ නිසාය. ඇය එවැනි තීරනයකට එළෑඹෙතැයි මම එක තප්පරයකටවත් නොසිතූවද ඇය ගත් එම තීරනයට මා හට බලපෑමක් කල නොහැක්කේ ඇයට එවැනි තීරනයකට යාමට අයිතියක් තිබූ නිසාය. මක්නිසාදයත් මා මෙලෙස අද දින ඇය වෙනුවෙන් දුක් වෙනවා සේම ඇය වෙනුවෙන් ඇගේ ආදරය වෙනුවෙන් මෙලෙස යදිනවා සේම පෙර දිනයක ඈ මා ඉදිරියේ ආදරයේ යාචකයෙකු වූ නිසාවෙනි.



වෙනදා මෙන් නොව මාගේ දුරකථ ඇමතුම් වලටද ඇය පිළිතුරු දුන්නේ ඉතා කලාතුරකින්වූ අතර ඇය පිළිතුරු දුන් එම ඇමතුම කීපයද වචන කීපයකට සීමා වූයේ අප දෙදෙනා අතර ඇති පරතරය තව තවත් වැඩිකරමින්ය. අපට අයිති නැති අපේම අතීතයකට, ආදරයකට මං සලකුණු විවර කරමින්ය. ඇය නැවතත් මගේම වී මගේ ලඟම සිටිවියැයි මා හට බලාපොරොත්තුක් තිබුනද එම බලාපොරොත්තුවට මා ජීවයක් නොදුන්නේ, මිනිස් සිත් මුලා කරන සතුටු කරන හා සනසන වචනයක් වූ බලාපොරොත්තුව කියනා දේට මා අකමැති වූ නිසාවෙනි. එනමුත් මා හට ඉතිරිව ඇති එකම දෙය එය වූ නිසා ඇගේ මතකයන්ගෙන්ම පමනක් මා දවසක් දෙකක් මගේ නිවසේ කාලය ගත කලේ අම්මා ඇතුලු අනෙක් සියලු දෙනාටම ප්රස්න රැසක් ඔවුන්ගේ මනසතුල ඉතිරි කරමින්ය. එමන්ම ඇගේ මේ වෙන්වීම මට දරාගත නොහැකි වීම මට මාවම පුදුමයට පත් කරන්නා වූ දෙයක් උවද ඇය නැති පාළුව හා ඇය මා හට නැතිවී ඇතැයි යන හැඟීමක් එන හැම මොහොතකම එම වේදනාකාරී වූ හැඟීම් පෑන් තුඩකින් පිට කලේ එය මා හට තාවකලික හෝ සැනසීමක් ගෙනදුන් නිසාය.

"මොකද අවුල පුතා. මම මේ දවස් දෙකක ඉඳන් බලාගෙන හිටියෙ. කන්නෙත් නැහැ හරියට, බොන්නෙත් නැහැ"
"මොකුත් නැහැ අම්මා. ටිකක් තනි වෙලා ඉන්න හිතුනා"
"හම්ම්ම්.. පියුමි දුවගෙ මොකක් හරි ප්රස්නයක් නේද"
"හම්ම්ම්.. "
"මට හිතුනා. ඕව ගැන හිතන්න එපා ළමයො. ඒ ළමයට ඇත්තටම ඔයාව ඕනෙ නම් ඔයාගෙ ගාවට ඒවි. මම කිව්වනෙ ඔය ඉස්කෝලෙ යන ගැහැණු ළමයිව විස්වාස කරන්න එපා කියලා."
"පියුමි එහෙම නැහැ අම්මෙ. හරි වෙනස් කෙල්ලෙක්. එයාව දාල ගිය එක මම කරපු ලොකු වැරැද්දක්"
"ඕව හිතන්න එපා. මේ නිවාඩු ඉන්න ටිකේ යාළුවො එක්ක ටිකක් විනෝද වෙලා ඉන්න. මයෙ පුතාව මට නැති කරගන්න බැහැ. ඉවසල ඉන්න පුතේ. හැමදේම හොඳින් සිද්ද වේවි"

අම්මා පැවසූ පරිදි සියලු දේම හොඳින් සිදුවෙනවානම් මමද කැමැත්තෙන් සිටියේ එවිට පියුමි මගේ ළඟ රැඳෙන නිසාය. නමුත් එය අම්මා පවසන අයුරින්ම ඉතා ලෙහෙසියෙන් සිදු නොවනා බව මම හොඳාකාරව දැන සිටියෙමි. මගේ නොවුනට ඉන්නා තැනක හොඳින් ඉන්න යැයි ඇයට සිතින් ආශිර්වාද කල මා සුපුරුදු ලෙස මගේ ස්කූටියට ගොඩවූයේ පරණ මිතුරන් පිරිස සමග සැඳෑ යාමය ගත කිරීම සඳහාය. මා සිතුවා සේම ඔවුන්ව එකතුකර ගැනීමට මට අපහසුවක් නොවූයේ ඔවුන් උපාදියේ අවසාන අදියර හදාරමින් සිටි නිසාය.

"පිස්සු හැදෙයි මචන්.. මම හිතුවෙ නැහැ කවදාවත් මේ රෙස්ටුරන්ට් එකේ අපි ආයෙමත් එකට ඉඳගනීවි කියල. අනික මේව උඹ නැතිව පාලුවෙන් තිබුනෙ දිනුක"
"එහෙම කියන්න එපා ඩිලා. හැමදාම මම ඔයාල එක්ක ඉන්නවා.. ඒක නෙමේ කොහොමද ලයිෆ් එක උඹලගෙ. කෝ රොෂෙන්"
"මිනිහා මේ ටිකේ ටිකක් බිසී යාළුවා. අපේ පන්තියේ ඉන්න අක්කල සේරම එකිනෙකාට හොරෙන් රොෂෙනට ලව්. ඒත් අපි දන්නවා"
"නෑ.. ඉතින්.. රොෂෙනත් ඉන්නෙ හරියට දහයට ගනින්න බැහැ වගේනෙ."
"ඒක තමා දිනුක. අමිල කිව්ව කතාව සහතික ඇත්ත. රොෂෙන් හිතාගෙන ඉන්නෙ අපි දන්නෙ නැහැ කියලා"
"ඒ උනාට අපි දන්නවා.. දන්නවනෙ අපේ ගයියගෙ වැඩ. ඇන්ටනාව දාල ගානට චැනල් ටියුන් කරල තියෙන්නෙ. හරි හරි ඕවලින් වැඩක් නැහැ.දිනුක කියන්නකො ඉතින් එහෙ විස්තර ටිකක්. ජොබ් එක එහෙම කොහොමද, එතකොට අරාබි කෙල්ලො එහෙම .."

මිතුරන් සමහ කාලය ගත කලද මාගේ හිත තරමක නොසන්සුන්ව තිබූ නිසාදෝ මා හට හිස් බවක් දැනෙන්නට විය. වෙනදා මෙන් නොව ඩිල්ෂාන් සමග තරඟෙට බීර බෝතල් හිස් කිරීමද මා අද ප්‍රතික්ෂේප කලේ ඒ නිසා විය යුතුය. මාගේ වෙනස ඔවුනට තේරූ නිසාදෝ නැවතත් මා හට තරමක අමාරු වූ ප්‍රස්න කීපයකට පිළිතුරු සැපයීමට සිදුවිය. ඔවුන් ඇසූ සෑම ප්‍රස්නයකටම අවන්කෑඅම පිළිතුරු ලබා දුන්නේ මා හට ඔවුනට සැඟවීමට තරම් දෙයක් නොතිබූ නිසාය.

කාලය හෙමිහිට ගෙවී ගියේ මාගේ නිවාඩු කාලය අවසාන බව මා හට අඟවමින්ය. මාගේ හිතේ ඉටුකර ගැනීමට නොහැකි වූ සිහින රැසක් ඉතිරිව තිබුනද ආපසු යාමට මට කාලය එළඹ තිබුනි. ජීවිතයේ ලස්සන හීනයක් හා තවත් එක බලාපොරොත්තුවකින් මා පැමිනි මේ ගමන හිස් අතිනම් ආපසු යාමට මා හට සිදු උවද හිත හදා ගන්නවා ඇරෙන්න මට කිරීමට දෙයක් නොතිබුනේ ඇගේ ආදරය බලහත්කාරයෙන් ලබා ගැනීමට මා අකමැති වූ නිසාවෙනි. එමෙන්ම මේ වේදනාව මා හට ලැබීමට තිබූ දෙයක් බව මම විෂ්වාස කලෙමි.

"සේරම ලෑස්තිද පුතේ.. කෑම මොනව හරි හදල දෙන්නද ගෙනියන්න"
"ඕන නැහැ අම්මෙ. ලෑස්ති කරන්ව කියල මේ ඇඳුම් ටික විතරනෙ තියෙන්නෙ"
"ඔයා හොඳින් නේද"
"ඔව් අම්මෙ මම හොඳින්. ඇයි එහෙම ඇහුවෙ"
"මට මේ කොල වගයක් හම්බුනා ඊයෙ ඔයාගෙ කාමරේ අස් කරනකොට. පියුමි ගැන ගොඩක් දේ ලියල තිබුනා ඒ කොලවල."
"ඒ.. මේ.. ඒ .. හම්ම්ම්ම්"
"අමතක කරන්න උත්සහ කරන්න පුතේ. යනතැන රස්සාව හරියට කරල දියුණු වෙලා එන්න. ඒ ළමයට පෙන්නන්න ඔයාව දාල හියාට ඔයා සැලුනෙ නැහැ කියලා."
"පියුමිව අමතක කරන එක ලේසි වෙන එකක් නැහැ අම්මෙ. ඒත් මම උත්සහ කරන්නම් මගේ උපරිමයෙන්ම"

මා එසේ පවසනවාත් සමගම අම්මා හා මා අතර තප්පර කීපයක නිහඬතාවයක් ඇති වූයේ අප දෙදෙනාගේ දෙනෙත් එකිනෙකට මුනගස්වමින්ය. මම මගේම සිත රවටමින් මා කියූ දේ බොරුවක් බව අම්මා දැන සිටි බව මම ඇගේ සුසුම් තුලින් තේරුම් ගත්තෙමි. එමෙන්ම කඳුලු පිරිනු මගේ දෑස් දෙස මොහොතක් බලා සිටි අප අම්මා මා සිටිනා තැනින් නොපෙනී ගියේ නිහඬවම වූ අතර ඇය අතැති වූ පොඩිවුණු කඩදාසියක් මගේ මේසය මත තබමින්ය. එය මට අයිති දෙයක් බව අඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවූයේ පසුගිය දින කීපයන්හි මගේ හිතට දැනුන වේදනාව මා පෑන් තුඩකින් හැඩ දැමූ කීපයකින් එකක් වූ නිසාය.

"හිතට දැනුන හැම හැඟුමන් කීවේ
නුඹටම නේදෝ මා රහසින් ..
හදවත සරසා දඟකාරියෙ නුඹ
අහගෙන උන්නා සිනාසෙමින් ..
මේ දිවි ගමනට නුඹගේ සෙනෙහස
මල් වැස්සක් වී නොසැලුනොතින් ..
තනිකම පාළුව නුඹගේ මතකය
මේ මගෙ දිවියෙන් නොමැකුනොතින් ..
ඔබ ලබනට මා කල පිං
නොසෑහුනොත් මතුයම් හෙයකින්..
දෙනෙත් පියාගමි යලි නාරින්නට
මතු බවයක හෝ නුඹ පතමින් .."


තප්පර කීපයක නිහැඬියාවකින් අනතුරුව මා ඇතැති වූ එම කොල කැබැල්ල ගුලිකර කාමරය තුල වූ කුණු කූඩයට විසි කලේ එය නැවතත් මා සිතුවිලි පෑරූ නිසාය. මගේම නොවූ මගේම සිහිනයක අතරමන් වෙමින් කල්පන්න ලොවක අතරමන් වූයේ අම්මා සාදා දුන් තේ කෝප්පය තොලගාන අතරවාරයේය. කොතරම්ම මා කල්පනා ලොවක සිටියාද කියනවනම් අමිල අප නිවසට පැමිනෙනවාද මම නොදැන සිටියෙමි. මාගේ එම හැසිරීමට අමිලගෙන් සමාව අයැදීමෙන් අනතුරුව අප දෙදෙනාම සොහොන් පිටියට ගියේ මගේ අතීත මිතුරන් දෙදෙනාව බැලීමටය. පසුගිය මාස කීපය තුල මා නොසිටියද මගේ මිතුරා වූ අමිල විසින් එම ස්ථානය සුද්දපවිත්‍ර කර මල් තබා ඉටිපන්දම් දල්වා තිබුනි. මගේ මුලු හදවතින්ම මම නැවතත් අමිලට ස්තූති කලේ අප ගෙනා ඉටිපන්දම් දල්වන අතර වාරයේදීය. වෙනදාමෙන් නොව අද දිනයේ අප දෙදෙනාටම එම ස්තානයෙන් ඉතා ඉක්මනින් ඉවත්ව යාමට සිදු වූයේ නොසීතූ මොහොතක මා හට පියුමිගෙන් ලැබූ දුරකථන ඇමතුම නිසාය. මට එය අදහාගත් නොහැකි උවද ඇයව හමු වීමට ඉතා ඉක්මනඉනම අපගේ මතකන්ගෙන් පිරි ස්ථානයක් වූ වෙරළ තීරයට පැමිනෙනෙ ලෙස ඇය පවසා සිටි අතර මගේ මිතුරා වූ අමිල මා එම ස්ථානයට දමා ඔහු වෙන්වී ගියේ මට ගෙනයාමට අවෂ‍ය්‍යව තිබූ භාන්ඩ කීපයක් මිලදී ගැනීමටත් හා අප දෙදෙනාට නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාකරදීමටත්ය.

"ඔයා මම එක්ක තරහ නැහැ නේද දිනුක අයියා"
"අනේ මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නෙ. අනික මම ඇයි එහෙම කරන්නෙ.ඔයා වැරැද්දක් කලේ නැහැනෙ මට"
"මම කිව්ව ඒවටත් මම එක්ක තරහ නැනැ නේද. පොඩ්ඩක්වත්. මට ආදරේ අඩුවෙලත් නෑනෙ චුට්ටක්වත්"
"නැහැ .."

මා හට වැඩි යමක් පැවසීමට නොහැකි වූයේ නොසිතූ මොහොතක ඇය මා තුරුළුකරගත් නිසාය. කඳුලු පිරුනු දෙනතකින් යුතුව ඈ සියුමව මා දෙතොල් සිප ගත්තේ අපගේ ආදර කතාවට නව ජීවයක් එක් කරමින්ය. මගේ නොවූ මගේ සිහිනයට මගේම වන්නට බලාපොරොත්තුවක් දල්වාලමින්ය.

"මට සමාවෙන්න දිනුක අයියා. මම ඔයාට ආදරෙයි. මට බැහැ ඔයා නැතිව ඉන්න."
"එහෙනම් ඇයි එදා කිව්වෙ අපි ටිකකට් වෙන් වෙලා ඉමු කියලා"
"අනේ මම එහෙම කිව්ව තමා දිනුක අයියා. ඇත්තටම මම දන්නෙ නැහැ මම එහෙම කිව්වෙ ඇයි කියලා. ඒත් මම මාර විදිහකට දුක් වින්දෙ මේ දවස් වල. අනික ඔයා හෙට අයෙමත් යනව කියල මට මතක් වෙනකොට මම ඒ ඔයාගෙන් හන්ගපු අදරේ මට හන්ගගෙන ඉන්න බැරි උනා. අනේ මෙ කෙල්ලට වෛරකරන්න එපා"
"ම්ම්ම්.. මම හෙට යනව කියල කොහොමද දන්නෙ"
"මම දන්නවා. ඔයාට තවමත් මම ආදරෙයි. ඔයාව මට දැනෙනවා තවමත්, හැඟෙනවා තවමත්. අනේ යන්න එපා. මාවදාල යන්න එපා. ඉන්න මගේ ළඟට වෙලා. නැතිනම් මාවත් එක්කන් යන්න ඔයා ඉන්න තැනට"
"අනේ පියුමි ඔහොම කතාකරන්න එපා. මගේ මේ හිත වාවන්නෙ නැහැ"

ඇය නැවතත් මා වෙතට තුරුලුවෙමින් ඇගෙන් සිදුවූ වරදට සමාව අයැද සිටි අතර කීමට බොහෝ දේ තිබුනද ඇගෙන් ඇසීමට බොහෝ දේ තිබුනද එම කිසිවක් මගේ මනස තුලට නොපැමිනීම නිසා මමද නිහඬව සිටියෙමි. නිහඬව ඇගේ ස්පර්ෂය වින්දෙමි. එමෙන්ම මා නැවත පැමිනියේ ඇයව මා හා රැගෙන යාමට බව ඇයට පවනවාද නැද්ද යන චකිතයක් හදිසියේම මසිත තුළ දෝලනය වුවත් මා නැවත නොයා සිටීමට ක්ෂනික තීරනයක් ගනුලැබුවේ නැවත ඇයව මා අහිමිකර ගැනීමට අකමැති වූ නිසාය.

"දිනුක අයියා.. හෙට ඔයා යන්න. කමක් නැහැ, මම ඔයා එනකම් ඉන්නම් මේ හිත තියාගෙන."
"කමක් නැහැ පියුමි. ආයෙ යන්න ඕන නැහැ මට. ආයෙමත් බැහැ ඔයාව නැතිකරගන්න මට. අනික එක පාරක් විඳෙව්වා මන්. ඒ නිසා .."
"අහන්නකො දිනුක අයියා.. ඔයා ගිහින් එන්න. ඔයා එනකොට මගෙ එක්සෑම් ඉවරයිනෙ. ඊට පස්සෙ මාව එක්කගෙන යන්න. ඔයාගෙ ගාවින්ම තුරුල් කරගෙනම තියාගන්න මාව"

පියුමිගේ මෙම හැසීරීම මා හට අගන්තුක උවත් මා පැතූ ආදරේ මෙන්ම මා අදරය කල ඒ පුංච් දඟකාරිය නැවත මා ළඟට පැමිනීම මගේ සිතට ගෙන ආවේ පුදුමාකාර සහනයකි. එය මා හට වචනයකින් විස්තරකල නොහැකි දෙයක් වූයේ මාගේ මුළු ජීවිතයම එම හැඟීම් තුල තිබූ නිසා විය යුතුය. කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මටත් වඩා සතුටින් සිටියේ මගේ අම්මා හා මගේ මිතුරා වූ අමිලය. මක් නිසාද යත් නැවත මගේ සුපුරුදු සිනහව ඔවුනට දැක ගැනීමට ලැබීම හා මම නැවතත් සුපුරුදු ජීවන රටාවට පැමිනි නිසාවෙනි. එමෙන්ම මා හටද පෙවුනු මාස කීපයටම වඩා දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක් වූවත් නැවටහ් ඇගෙන් වෙන්වී දුර රටකට යාම මගේ සිත අනුමත නොකලේය. නමුත් ඇගේ ඉල්ලීම නිසා හා මගේ අනාගත සැලසුම් නිසා මා නැවතත් පැමිනියේ බලාපොරොත්තු හා සිහින රාෂියක් පොදි බැඳගෙනය.

"කොල්ල හියාට වඩා සතුටින්නෙ. මේ වගේ හිනාවක් මෙහෙ හිටිය මාස ගානටම මම දැක්කෙ නැහැ ඔය මුහුනෙ"
"අසිස් දන්නවනෙ ඉතින් විස්තරේ."
"මම විහිළුවක් කලේ දිනුක. මම කිව්වෙ හැමදේම හොඳින් වෙයි කියලා. ඒ ළමය කැමති උනාද එන්න"
"මම ඒ ගැනනම් කිව්වෙ නැහැ අසිසි එයාට. එයාම කිව්වා එයාගෙ විභහගෙ ඉවර උනාම එයාව එක්කන් යන්න කියලා"
"හම්ම්ම් ඒක හොඳයි. ඔයා බය වෙන්න එපා දිනුක, මම සේරම ලෑස්ති කරන්නම්. දැන්වත් ඔය බීම ටිකක් අඩු කරල අලුතින් ජීවිතය පටන් ගන්න බලන්න. තාම පරක්කු නැහැ"
"හම්ම්ම් .. ඒක නෙමේ අසිස් අර ඔයාගෙ යාළුවගෙ වැඩක් තියනවා කිව්වා නේද"
"ඒක ටිකක් කල් දැම්මා දිනුක. පකිස්තාන් කාරයෙක් එක්ක තමා ගනුදෙනුව කරන්න තියෙන්නෙ. ඒත් මිනිහව මට ෂුවර් නැහැ. ඒ නිසා වැඩේ ටිකක් කල් දාල තියෙන්නෙ. අනික ඔයා මෙවට පැටලෙන්න එපා දිනුක. දැන් ඇති. සීමාවක් තියෙන්නත් ඕනනෙ. ඔයා දැන් ඔයාගෙ ලයිෆ් එක හදාගන්න බලන්න"
"ඒක ඇත්තනම් තමා. ඒත් එහෙම කියල මට ඔයාව හලන්න බැහැ අසීස්. ඕනම උදව්වක් තියනවනම් කියන්න හරි."
"බලමුකො .. බලමුකො .."

පළමු වතාවට නිදහස් මනසකින් හා නිදහස් සිතුවලි වලින් යුතුව මම මාගේ කාර්යාලයේ වැඩ කෙරුවෙමි. මගේ සිතෙහි තිබූ නිදහස් බව නිසාදෝ වෙනදා මෙන් කාර්යාලීය රාජකාරියන්ගේ තෙහෙට්ටු බවක් මට නොදැනුනි. එමෙන්ම සුරාවෙන් සැලකියයුතු දුරකට ඈත් වීමටද මට හැකිවිය. වෙනදා සතියේ දවස් හතම පැනරෝමාවෙහි ගතකල මම එය මාසයකට එක දවසකට දෙකකට සීමාකෙරුවෙමි. මාගේ මේ වෙනස්වීම මාගේ කාර්යාලයේ මිතුරන්ට හා අසීස්ටද අදහා ගත නොහැකි උවත් ඔවුන් සියලුදෙනාම මගේ එම වෙනසට ආදරය කලේ එම වෙනස තුල මම, මා ලෙසින්ම ජීවත් වූ නිසාය.

මස තුනක හතරක පමන කාලයක් ඉතා ඉක්මනින්ම ගෙවී ගියේ මටද හොරාවටමය. පියුමි මගේ ජීවිතය කොතරම්නම් දුරකට වෙනස්කලාදැයි මම අනන්තවාරයක් කල්පනා කලේ මීට මාස කිපයකට කලින් සිටිය මම හා දැන් සිටිනා මම අතර තිබූ වෙනස සසඳා බැලූ නිසාය. එමෙන්ම කොතරම් වැඩ රාජකාරීන් තිබුනද මම ගෙවුනු හැම දවසකදීම පියුමිට කතා කිරීමට අමතක නොකෙරුවේ ඒ නිසාවෙනි. ගෙවෙනා මේ ජීවිතය කොතරම් සුන්දරදැයි සිතූවද පියුමි ලඟ නැතිබව දැනෙනා විට, ඇගේ අතින් අල්ලන් එහේ මෙහේ ඇවිදීමට නොහැකි බව දැනෙනා විට, එමෙන්ම ඇගේ දෙතොල් සිප ගැනිමට නොහැකි නිසා වරින් වර මගේ සිතට වේදනාකාරි සිතුවිලි පහල උවද මා ඒ සියලුම දේ සඟවාගෙන සිටියේ ඇගේ ආදරේ මගේ ළඟ තිබූ නිසාය. ඇගේ සුවඳ මගේ ලඟ රැඳී තුබූ නිසාය.

"දිනුක අයියා.. ඔයා කොහෙද ඉන්නෙ"
"අනේ පියුමි මම තාම ඔෆිස් එකේ ඉන්නෙ. අද ටිකක් රෑ වෙයි වගේ ගෙදර යනකොට. ඉන්න මම ඔයාට කෝල් එකක් ගන්නම්"
"නෑ නෑ.. ඕනි නැහැ. දිනුක අයියා .. මේ ..."
"මොකද පියුමි. මොකද අවුල. ඔයා හොඳින් නේද"
"මම කෙලින්ම කියන්නම්කො. අපි මේ සම්බන්දය නතර කරමු. මොකද මට මේක කරගෙන යන්න බැහැ. අනික මට ඕනත් නැහැ"
"පියුමි.. ඔයා මේ මොනවද කියවන්නෙ. ඇයි මේ.."
"සමාවෙන්න මට බලාපොරොත්තු දුන්නට. අනික මම හිතාගෙන හිටියෙ ඔයා මට ආදරේ කරන්නෙ ටයිම් පාස් කරන්න කියල. අනික ඔයාට මට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි ආදරේ කරන්න. මාව අමතක කරල දාන්න."
"ඔයා මොනවද මේ කියවන්නෙ පියුමි. ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ පියුමි"
"එක පාරක් මාව එප කියල ගියානෙ. අනික මම වෙන කෙනෙකුට ආදරේ කරනවා."
"එතකොට ඔයා මේ කරපු හැමදේම බොරුවක්ද"
"ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න දිනුක අයියා. ආයෙ මට කෝල් කරන්න ට්‍රයි කරන්න එපා. හොඳින් ඉන්න ඔයා"

නොසිතූලෙස ඇගේ දුරකථනය විසන්ධි විය. මා අසල තිබූ පුටුවක මා ඉබේම ඉඳගත්තේ මගේ දෙපයට පණ නොමැති බවක් දැනුනු නිසාය. එමෙන්ම මගේ හිතට දැනුනු වෙදනාව මදකට හිර කරගෙන මා එම පුටුවේම වාඩි වී විනාඩි කීපයක් නිහඬව සිටියේ මගේ කාර්යාලයේ මිතුරන්වද පුදුමයකට පත්කරමිනි. 'මම් හිතුවෙ ඔයා මට ආදරේ කලේ ටයිම් පාස් කරන්න කියලා' 'මම වෙන කෙනෙකුට ආදරේ කරනවා' 'ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න' යන වදන් කීපය මගේ මනසේ දෝන්කාර දෙන්නට විය. මොහොතකට ගල්පිලිමයක් බඳු වූ මගේ සිරුර ගිනිගන්නා ගැඟීමක් මට දැනුනු අතර මෙතෙක් වෙලා මා දරාගෙන සිටි ඒ වේදනාව දෙනෙතේ කඳුළුවලින් පිටව ගියේ මගේ කාර්යාලයද මොහොතකට නිහඬකරමින්ය.



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, November 1, 2016

හිතුවක්කාර ආදරය - 34 කොටස


මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි. අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම් බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන් යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය.

"පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ එනව කියලා"
"අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද"
"අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද හරියට."
"එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ. විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන එන්නම්කො."



ගෙවී ගිය මාස කීපය තුල මා නිවසෙහි කිසිදු වෙනසක් නොතිබූ තරම්ය. අම්මා හා නන්ගීට මගෙන් ඇසීමට නොයෙකුත් ප්‍රස්න තිබූ අතර ඒ සියළුම ප්‍රස්න වලට මා පිළිතුරු සපයන විට ඔවුන් දෙදෙනාම නිහඬව අසා සිටියේ දැඩි ආසාවකිනි. දවසක ඔවුන්වත් රැගෙන ගොස් මා සිටිනා රටේ සුන්දරත්වය විඳීමට ඉඩසලස්වාදීමට මම මේ මොහොතේ සිතුවෙමි. එමෙන්ම මාගේ පැමිනීම මාගේ සහෝදරිය විසින් තාත්තාට පවසා තිබූ නිසා ඔහුද අද කලින් නිවසට පැමිනියේය. මා දුන් දුරකථන ඇමතුමත් සමගම අමිලද අප නිවසට පැමිනි අතර ඔවුන් සියලුම දෙනා සමග නැවතත් විස්තර කතා කලේ කාලකට පසුව ලැබූ අම්මාගේ තේ කෝප්පයක රස බලන ගමන්ය.

සියළු දෙනාගේම නොයෙකුත් ප්‍රස්න වලට පිළිතුරු දුන් මා පැයක පමන නින්දකට මගේ සුපුරුදු, මෙතුවක් කාලයකට මට මග හැරී තිබූ මගේ ඇඳ හා කොට්ට්ය වෙත ගියේ මාගේ ඇඟට දැනුනු වෙහෙස නිසාය. හුඟ දවසකින් මාගේ ඇඳ මත සිටි නිසාදෝ මා ඇහැරෙන විට හවස හය පසු වී තිබුනි. අම්මාට කියා නැවතත් තේ කෝප්පයක් සාදා ගත් මා එය උගුරට දෙකට ඉවර කර මාගේ සුපුරුදු ස්කූටිය වෙත ගොඩ වූයේ මොහොමඩ්ව හමුවීම යාම සඳහාය.

"ඉතින් කොහොමද මොහොමඩ්, අපි ආයෙමත් හමුවුනා එහෙනම්"
"මන් හොඳින් ඉන්නවා පොඩි මහත්තයා. පොඩි මහත්තය හොඳින් නේද"
"මමත් ඉන්නව ඉතින්. ගොඩක් ස්තූතියි මොහොමඩ් මගේ උදව්වක් නැතිවම වර්ණකුලසූරියගෙ වැඩේ ගොඩ දැම්මට"
"ස්තූති ඕන නැහැ පොඩි මහත්තයා. පොඩි මහත්තය දන්නවනෙ මම පොඩිමහත්තය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. අනික මට අමිල ගොඩක් උදව් කලා මේ වැඩේ සාර්තක කරගන්න. ඒක නෙමේ පොඩි මහත්තය මේ නොකියම හදිසියේම ආවේ.."
"පියුමිව අමතක කරන්න අමාරුයි මොහොමඩ්"
"මම දැනගෙන හිටියා. ඔය ගෑණු ළමයව බලන්න ඉක්මනින්ම පොඩි මහත්තයා ආයෙමත් එනවා කියලා. පොඩි මහත්තය නිසාම මම ඒ ගෑණු ළමය ගැන විමසිල්ලෙන් හිටියෙ."
"හම්ම්ම්.. ඉතින් අපිමොකද අපි කරන්නෙ ඉස්සරහට. මම කිව්ව වගේම.."
"ඔව් පොඩි මහත්තයා. අපි වෙන්වෙලා යන එක හොඳයි ටික කාලෙකට. මමත් ෆාතිමාවත් අරගෙන යනවා ස්වීඩන්. ගිහින් එහෙ ටික කාලයක් ඉන්නවා."
"ඒ අදහස හොඳයි මොහොමඩ්. නැතිනම් ඔයයි මමයි මේ නරකාදියෙන් කවමදාවත් ගොඩ එන්නෙ නැහැ"

කාලෙකට පසුව හමුහුනු මගේ සගයා වන මොහොමඩ් සමග මම පැය එකහමාරකටත් වඩා කාලයක් ගතකෙරුවෙමි. අප දෙදෙනාට කතා කිරීමට නොයෙකුත් දේ තිබුනද අපගේ ප්‍රධානම සිරස්තලය වූයේ වර්ණකුලසූරිය මහතාගේ මරණය ගැනය. අප සැලසුම් කල ආකාරයටම එය සිදු නොවුනද මොහොමඩ් එය අවසාන කර ඇති අයුරුනම් වෙනදාමෙන්ම පුදුමාකාරය. එමෙන්ම මගේ හිතට දැනුනු අනෙක් කරුන වූයේ මොහොමඩ් කෙවින් පිළිබඳව පැවසූ කරුනු අතරම ඔහු මා ආරක්ෂාකලේ ඇයිද යන්න අප දෙදෙනාටම ඇති වූ ගැටලුවක් විය. වර්ණකුලසූරිය මහතා කෙවින් ලවා බොරු සාක්ෂි ගොනු කිරීමට තැත්කල නිසා පොලීවිය විසින් කෙවින්ව නිදහහ් කර තිබුනේ ඔහු නිවරැදිකරුවෙකුයැයි සිතූ නිසාවෙනි. එමෙන්ම මා හමුවීමට කෙවින් දැඩි ඕනාකමින් සිටිනා බව මා පුදුමයකට පත් කල තවත් එක කරුනක් විය.

"පියුමි"
"දිනුක අයියා.. ඔයා. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ. ඔයා කොහෙද ඉන්නෙ. අනේ ඔයා හොන්දින් නේද"
"පියුමි හුස්මක් ගන්න ඉස්සෙල්ලම. අද හවසට අපි බීච් එකේදි හම්බවෙමු."
"හරි දිනුක අයියා. මම එන්නම්."

පියුමිට මා හවසට පැමිනෙන්නයැයි ආරාධනා කලද ඇයව හමුවීමට යාමට තරමක පසුබෑමක් මසිත තුල හට නැගුනේ මා එක දවසක ඇයව තනිකර දමා ගිය නිසාය. නමුත් මා එදා එලෙස ගත් තීරනය මෙතරම්ම මාව රිදවාවියැයි මා හට තප්පරයක්වත් සිතුනානම් මා එසේ ඇය තනිනොකරනවා නොඅනුමානය. අසිස් මා හට කල යෝජනාව මම අම්මාට පැවසුවෙමි. එය ඇසීමෙන් පසුව ඇය පුදුමට පත්වූ අතර මදක් නිහඬව සිටියේ මාගේ හද ගැස්ම තරමක් වැඩි කරමින්ය.

"තාම ඒ ළමය පුංචි වැඩියි නේද පුතේ, ඔයා එක්ක එන්න තරම්"
"හම්ම්"
"දුක් වෙන්න එපා ඔයා මම මෙහෙම කියනවට. ඔයා ඔය ගැන ඒ ළමයට කියන්න යන්න එපා"
"ඒ මොකද අම්මෙ"
"ඒ ළමයට ඉගනීම ඉවරකරන්න දෙන්න. ඒ ගෑණු ලමය නරකමත් නැහැ. ඒත් ඉතින් ඔය වගේ යෝජනාවක් කරන්න තරම් ඒ ළමය පුංචි වැඩියි. මම හිතන්නෙ නැහැ ඒයාලගෙ අම්මල උනත් කැමති වෙයි කියල. මොකද එයාල නූගත් මිනිස්සු නෙමේනෙ."
"ඒකත් ඇත්ත තමා අම්මෙ. මම එහෙනම් නොකිය ඉන්නම්කො"
"ඒක හොඳයි. අනික ඔච්චර බලාපොරොත්තු තියාගන්න එපා ඒ කෙල්ල ගැන. සීමාවකට ඉන්න"
"අම්ම ඇයි එහෙම කියන්නෙ"
"මම මේ අකමැත්තකට කිව්ව නෙමේ. ඔයා හිත අවුල් කරගන්න එපා. තාම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්නෙ පුතේ. දන්නවනෙ ඉතින් ඔය වයසෙ කෙල්ලො ගැන"

අම්මා කියූ දේ ඇත්ත උවද පියුමි එසේ නොවනා බම මම හොඳාකාරවම දැන සිටියෙමි. නමුත් ඇයව හමු වී සියලුම දේ මා පවසනවා යයි සිතා මම වේලාසනින්ම මාගේ ස්කූටියට ගොඩ වූයේ වර්ණකුලසුරිය මහතාගේ නිවසට යාමටය. මක් නිසාද යත් ඔහුගේ මරණ සිදුවී ඇති මෙවැනි වෙලාවක මා එක ස්ථානයේ නොසිටියහොත් එය අඩුවක් වූ නිසා හා මා ඒ පවුල සමග සමීප සබඳතා පැවැත්වූ නිසාය. එමෙන්ම මා ඔහුගේ මරණය ආරන්චි වී ඔහු වෙනුවෙන්ම මා ලංකාවට පැමිනි බව ඔවුනට ඇඟවීමට මට අවශය වූ අතර වර්තමාන තොරතුරු මා හට දැන ගැනීමට අවශය වූ නිසාය.

පාර දෙපස දමා තිබූ සුදු කොඩි වැල් තවමත් එලසමය. වර්ණකුලසූරිය මහතාගේ රුව ඇඳි බැනර් තවමත් එලෙසම තිබූ අතර වෙනදා මෙන්ම මගේ සිත කැලබූ කරුන වූයේ ඔහුගේ මිදුලෙහි නවතා තිබූ රතු පැහැති ස්කූටියය. මීට අවුරුදු කීපයකට පෙර මා එය අදුනාගත්සේම අද දිනයේදීද මට එය ටානියාගේ බව අඳුනා ගැනීමට එතරම්ම කාලයක් ගත නොවීය. මා නොසිතූ ලෙස තරමක් සැලකිය යුතු පිරිසක් එම නිවස තුල සිටිය අතර මා දුටු විගසම ඔවුන් නැවතත් පරන මතකයන් අවදිකරමින් ඇඬීමට පටන් ගත්තේ මා තරමක අපහසුතාවයකට පත්කරමින්ය. නිවස තුල සිටි පිරිස ඔහුගේ නෑදෑ පිරිස බව මා අඳුනාගත්තේ ඔවුන්ව ඉමාෂාගේ අවසන් කටයුතු වලදී මා දැක තිබූ නිසා අතරම ටානියා හා හිරුනි ඔවුන් අතර සිටි මා දැනසිටි චරිත කීපයකි. ඔවුන් සමග මද වේලාවක සුහද පිළිසඳරක යෙදුනු මා ඉමාෂාගේ කාමරය වෙත ඇදුනේ මටත් හොරාවටමය. එය තවමත් එදා තිබූ ආකාරටමය. එම කාමරට ඇතුල් වෙද්දිම දැනුනු ඇගේ සුවඳ මගේ මතකයන් නැවත අවදිකලද මම ඒ සියල්ලම පාලනය කර ගත්තෙමි. පිළිවෙලකට තබා තිබූ ඇගේ ඇදුම් රාක්කය දෙස මදක් නිහඬව බලා සිටි මා ඇය කැම්තිම සාරිය වූ කහපැහැති සාරිය ලඟ මාගේ දෙනෙත් මොහොතකට නතර විය. සිතේ ඇති වූ ආසාව නිසාම එය මම අතට ගත් අතර එම ස්පර්ෂය මගේ නෙතට කඳුළු ගෙනාවේ මටත් නොදැනිමය.

"තාමත් එයාව අමතක නැහැ නේද දිනුක"
"ටානියා.. නෑ.. මේ.. මම.. ම..ම"
"මට තේරෙනව කොල්ලො. හම්ම්ම්.. මගේ ලඟ දඟකාරකම් කරද්දි මම දැනගෙන හිටියෙ නැහැ ඔයා ඉමාෂගෙ බෝයි කියලා"
"එතකොට මට ඉමාෂව හම්බෙලා තිබුනෙ නැහැ ටානියා"
"ඒකත් එහෙමද.. මතකයන් වලට හිත පාරන්න දෙන්න එපා දිනුක. එහෙම උනොත් ඔයාට නොදැනිම ඔයාව විනාස වේවි. ඉස්සර වගේ ඉන්න දිනුක. මම ආසයි ඒ දඟකාර කොල්ලට"
"මමත් ආසයි ටානියා ඉස්සර වගේ ඉන්න. ඒත් මට මගෙ ජීවිතේ ගොඩක් දේවල් අහිමි උනා. මම ආදරය කරපු ගොඩක් දේවල් මට නැති උනා. ඉතින් මම කොහොමද ඉස්සර වගේ ඉන්නෙ"
"හරි හරි. ඒ ගැන පස්සෙ අපි කතාකරමු. මම ඔයාව මීට් වෙන්න එන්නම්. මම ඔයාට පනිවිඩයක් කියන්න හදිසියේම ආවෙ මෙතන්ට. ඔයාගෙ ඇස්වල කඳුලු තියනවා දැක්කහම මගෙ හිතත් වාවන් නැතිව ගියා දිනුක"
"මොකද්ද කාරනේ"
"ඔයා ඉක්මනටම මෙතනින් යන්න. වර්ණකුලසූරියගෙ නැන්ද කෙනෙක් ආරූඩ වෙලා ඔයා ආව කියල දැනගෙන"
"ඒ මොකෝ ඒ"
"ඔයා මේ ෆැමිලි එකට ආව දා ඉඳන්ලු මේ කරදර. අන්න එහෙම කියකිය මරලතෝනි දෙනවා. බොහොම අමරුවෙන් ෂේප් කරල කාමරයකට දැම්මෙ. ඒ නිසා ඔය ඉක්මනටම මෙතනින් යන්න. දන්නවනෙ ඔය ගෑණුන්ගෙ හැටි. මම පස්සෙ එන්නම් ඔයාව මීට් වෙන්න"

ටානියා එසේ පවසනවාත් සමගම මා එම ස්තානයෙන් නොපෙනි ගියේ තරමක හිත් රිදවීමක් ඇතිව උවද ඔවුන් පැවසූ කාරනය සාදාරණ වූයේ මේ සියලුම දේ පසුපස මා සිටි නිසාය. සිදුවූ සියල්ලම මා මොහොතකට අමතක කර මම පියුමිව හමුවීම සඳහා නියමිත ස්තානයට ගියෙමි. මා තරමක් වේලාසනින් පැමිනි නිසා අප සුපුරුදු ස්ථානයට් වී නිසල මුද දෙස බලා සිටියේ හිස් වූ සිතකිනි. මා කුමක් කරම්ද කුමක් කියම්ද යැයි මසිත තුල අදහසක් නොතිබූ තරම් වූ අතරම මා එකවරම තිගැස්සුනේ පිටුපසින් පැමින කවුරුන්හෝ මා බදාගත් නිසාය. ඒ වෙන කවුරුත් නොව පියුමිය.

"මාව දාල ගියෙ ඇයි දිනුක අයියා.. මන් කොච්චර ඇඬුවද"
"මම ආයෙමත් ආවනෙ ඉතින්"
"ආවට මන් ගොඩක් ඇඬුවනෙ. සොරි කිව්වෙත් නැහැ. මව දාල ගියාට මාව මෙච්චර ඇඬෙව්වට සොරි කියන්න"
"සොරි.. දැන් හරිනෙ"
"මම හිත හදාගත්තා විතරමයි දිනුක අයියා ඔයා නැතිව ඉන්න. හම්ම්ම්.. එතකොටම ඔයා ආයෙමත් ආවා."
"ඒ කියන්නෙ ඔයාට මාව එපාද, පියුමි"
"එහෙම එකක් නැහැ දිනුක අයියා. ඔයාව දකිනකොට මට ඉන්න බැහැ. තුරුල්කරගන්නමයි හිතෙන්නෙ. ඒත් .."
"ඒත් ... ඇයි නිහඬ"
"ඔයා හින්ද මම ගොඩක් දුක් වින්දා දිනුක අයියා. මේ පුංචි කෙල්ල ඔයා හින්දා ගොඩක් විඳෙව්වා. මම ඔයා නිසා අඬපු තරම් ඔයා දන්නෙවත් නැතිව ඇති"
"මම දන්නවා පියුමි. මම වැරැද්දක් කලා. එත් එහෙම කලේ ඒ දේ ඒ විදිහට වෙන්න ඕනි නිසා. හම්ම්ම්.. මට නොතේරෙනව නෙමේ ඔයා ඉන්න තත්වය. ඒක මටත් දැනුන නිසා තමා ඔයා වෙනුවෙන් ආයෙමත් ආවෙ"
"ඔයා එනව කියල මම දන්නවා දිනුක අයියා. එහෙම නොවුනනම් මම මේ ඔයාට දුන්නු ආදරෙන් ඵලක් නැහැ. ඒත් ඔයා ආපහු එන්න මෙච්චර කාලයක් ගනීවි කියල මම හිතුවෙ නැහැ. ඉතින් මම පුරුදු උනා ඔයා නැතිව ඉන්න."
"හම්ම්.. "
"තරහ වෙන්නෙ නැතිනම් මම දෙයක් කියන්නද"
"කියන්න පියුමි"
"මම මෙහෙම කියන්නෙ ඔයාට ආදරේ නැතුවාම නෙමේ දිනුක අයියා. අපි ටික කාලයකට යාළුවෝ වගේ ඉමු."
"පියුමි ... ඔ.. යාට..."
"මම දන්නවා අයියා, ආදරේ කරපු හිත් දෙකකට බැහැ යාළුවො වෙන්න. ඒත් ඔයා මගේ ලඟින් ගියාම මම ගොඩක් දුක් වින්දා දිනූක අයියා. මෙච්චර ආදරේ කරලත් ඒ ආදරේ මදි උනාද කියල මට හිතුනා. ඉතින් මට බයයි ආයෙමත් ඒ වගේ ආදරේ කරන්න. මොකද මම බයයි මම ආයෙමත් පිස්සියක් වගේ අඬන්න උනොත් කියලා"
"හම්ම්.. ඒක එහෙම වෙන්නෙ නැහැ පියුමි. මේ දිනුක අයියා හැමදාමත් ඔයා වෙනුවෙන්ම ඉඳීවි මේ ලෝකෙ කොහේ හරි. අපි යාළුවො වගේ ඉමු. මම කැමතියි ඔයාගෙ ඒ යෝජනාවට"
"ඔයා කිව්ව වගේ අපි දකින හැම හීනයක්ම අපිට ඕනි විදිහට පාට කරන්න බැහැ අයියා. ඒත් එකක එකක් මතකෙ තියාගන්න මේ කෙල්ල ඔයාට ගොඩක් ආදරෙයි. මට ටිකක් කාලයක් දෙන්න මේ හැම දේටම."
"ඒ කියන්නෙ අපි මේ වෙරළ තීරයෙ හමුවෙන අන්තිම දවසද පියුමි"
"අනේ එහෙම කියන්න එපා දිනුක අයියා. මම ඉල්ලන්නෙ ඔයාගෙන් ටික කාලයක් විතරයි. මට මගේ ස්ටඩීස් ඉවරකරගන්න දෙන්න. ඔයා මට කතාකරන්න ඕන වෙලාවක මම එන්නම්. වෙනදා වගේම අත් අල්ලන් එකට ඇවිදිමු. අයිස්ක්‍රීම් කමු. හැබැයි ඒ තාවකාලික යාලුවන් විදිහට."
"හම්ම්ම්.. මේ හිතුවක්කාර ආදරේ හරිම වේදනාකාරීයි පියුමි"
"ඒක ඔයාමයි උරුමකර ගත්තෙ දිනුක අයියා."
"මට තේරෙනවා පියුමි. ඒත් .."

මා කතාකිරීමට උත්ස කලද ඇය මා වැලක්වූයේ ඇගේ දෙනෙතේ කඳුලු සඟවාගෙන වූ අතර මා නොසිතූ වෙලාවක සියුම්ම මාගේ දෙතොල් මත හාදුවක් තැබූ ඇය මගේ දෑසින් නොපෙනී ගියේ හරිම ඉක්මනටය. හිතුවෙවත් නැති විදිහකට ඇගෙන් පිටවූ එම වචන කීපය දරාගත නොහැකි තරමට වේදනාවක් මා තුල ඉතිරිකල අතර මගේ දෙනෙතින් කඳුලැලි කඩා වැටුනේ මටද අකීකරුවමය. මා එදා ඔයාගෙන් වෙන්වෙලා ගියේ ඔයාගේම හොන්දටමැයි කෑගසා කීමට සිතුවද මා නිහඬව සිටියේ මා ලද දඬුවම මා බාරගත් නිවාසෙනි. මගේ ලඟ නොරැඳුනාට ලඟ සිටි දා දුන්න සෙනෙහෙට ස්තූතිකරමින් මා කඳුලු පිරි දෑසින්ම මගේ ස්කූටිය මතට ගොඩ වූයේ මාද මට අයිති නැති මොහොතකදීය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...