Monday, September 28, 2015

හිතුවක්කාර ආදරය - 22 කොටස


"මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා, මොකද මේ අවේලාවෙ නිදි"
"අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන. ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද කාරනාව"
"ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ මොකද උනේ කියලා"
"ඒක අවුලක් නැහැ මොහොමඩ්. එයාල ගාව ඒ වීඩියෝ එක විතරනෙ තියෙන්නෙ. ඒකෙන් මහලොකු දෙයක් කර්න්න බැහැ. පුළුන්නම් ඉතින් දැන් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බනෙ. මොහොමඩ් බය වෙන්න එපා, මට අවුලක් වෙන් නැහැ. ඉතින් දැන් අපු ආව කාරනාව කිව්වනම්"
"මතකද අපි බ්‍රයන් මහත්තය නැති හින්දා අපට ආව වැඩක් නැවැත්තුවා"
"ඔව් ඔව්.. ඉතින් ඒක දැන් කරන්නද යන්නෙ."
"එහෙම දෙයක් නැහැ. ඒ ජර්මන් පොර ආයෙත් ඇවිත්. එයාට ඕනලු අපේ වැවෙන මල් එයාගෙ රටට ගෙනියන්න."
"ඉතින් මොහොමඩ් කිව්වෙ නැද්ද අපිට වෙච්ච කරදර. අපි දැන් ඩීල් කරන එක නවත්වල කිව්වෙ නැද්ද"
"කිව්වා. අසීසුත් කියල. ඒත් මිනිහ කියනව අපි තරම් කවුරුත් එයාට විස්වාස නැහැලු."
"ඉතින් ඒක අමාරු වැඩක් නෙමේනෙ. අපි වෙනද දාන තියරියම දාමු"
"ඒක නෙමේ තියන ප්‍රස්නෙ.. අපි පුත්තලමෙන් ඒ ටික ගේන්නත් ඕන. අනික ඒ ටික කොළඹට ගෙනියනත් ඕන පැකින් කරල. ලොකුම අවුල තමා එයා ඉල්ලන්නෙ කිලෝ 4ක්."
"කිලෝ 4ක් "



මා මෙය කිරීමට අදිමදි කෙරුවද මොහොමඩ්ගේ ඉල්ලීම මට අහක දැමීමට නොහැකි විය. අපට තිබූ විෂාලම ගැටලුව වූයේ කිලෝ හතරක පමන මත්ද්‍රව්‍ය ප්‍රමානයක් ලබා ගන්නේ කාගෙන්ද යන්නය. අවුරුදු තුනකට පමන ආසන්න කාලයක් මෙම ඩීල් වලින් වැලකී සිටිය නිසා මෙහි නිවරැදිතාවය පිළිබඳවද සීයට සීයක්ම වගකීමක් තැබීමටද මට නොහැකි විය. මෙය ඔළුවට බරක්වීමට තුඩු දුන් අනෙක් කරුන වූයේ අපට ලැබී තිබූ කාලයය. මන්ද අපට දවස් පහක පමන කාලයකින් නිමකීරීමට සිදුව තිබුනි.

"මොකද පුතේ ගෙදර ආව වෙලේ ඉඳන් කල්පනා කරන්නෙ. කොහෙද හැන්දෑවෙ ගියෙ හදිසියේම"
"අවුලක් නෑ අම්මෙ. පරණ යාළුවෙක් හම්බෙන්න ගියෙ. මිනිහට කැන්සර් එකක්ලු. ලඟදි දැනගෙන තියෙන්නෙ. ඉතින් මාව බලන්න ඇවිල්ලා"
"හම්ම්.. පුදුමයි මේ මිනිස්සුන්ගෙ ජීවිත. අපිටත් මොනවා වෙයිද දන්නෙ නැහැ"

අම්මාට බොරු කීමට අකමැති උවද සත‍ය්‍ය පැවසීමට නොහැකි නිසා සියුම් වූ සරල බොරුවකින් අම්මා සැනසූ මා මාගේ රාජධානිය නැතහොත් මාගේ නිදන් කාමරයට ගියේ නොයෙකුත් දෑ සිත තුල ප්‍රෂ්න නගමින් තිබියදීය. ජාවාරම් කලාවෙන් ඉවත්වීමට උත්සහ දැරූවද, එම සමාජයේ නමක් තැබූ පුද්ගලයන් නිසා අපට අප හිතන තරම් ලෙහෙසියෙන් ඉවත්වීමට නොහැකිය. පසුගිය අවුරුදු කීපය තුල මදක් ඈත් වී සිටියද අසීස්ට බොහෝ බලපෑම් තර්ජන එල්ලවුන බව මට මොහොමඩ් කීවා මතකය. එමෙන්ම මගේ පවුලේ උදවිය, යාළුවන්, පියුමිට මේ පිළිබඳව යන්තම් හෝ ඉවක් වැටුනොතින් මගේ ජීවිත කතාව මීටත් වඩා සන්කීර්නවන බව නොඅනුමානය. අලුතින් හිතන්න කාලය එළබ ඇතැයි සිතමින් සුපුරුදු ලෙස මම කොට්ටය තුල හිස සඟවා ගත්තෙමි.

"පියුමි, ඔයා වැඩකද"
"නැහැ නැහැ කියන්න"
"එනවද මන් එක්ක කොෆී එකක් බොන්න යන්න"
"ම්ම්ම්ම්.. කොහොමද මම ඉතින් බෑ කියන්නෙ"
"ඉතින් කොහොමද ස්ටඩීස් වැඩ එහෙම."
"හොඳින් කරනවා දිනුක අයියා.. ඒත් අර් කෙහෙල්මල් ජාවාද මොකද්ද කියල කරනවා, මටනම්"
"හා හා හා ... ඒ ඔයාලට උගන්වන්නෙ බේසික් ටික විතරයි. අනික මෝඩ ළමයින්ට බැහැ ඒක එකපාර තේරුම් ගන්න"
"ආ ඇත්තද නුවණක්කාරයා.. හැබැයි ඉතින් මෝඩ ළමයි එක්ක කොෆී බොන්නෙත් මෝඩ ළමයිම තමා."
"ඒකත් ඇත්ත තමා බලාගෙන යනකොට.. ඒක නෙමේ කාට හරි ආදරේ කරල තියනවද, නැතිනම් කරන්වද"
"කොල්ලෙක් ඉන්නවද කියල කෙලින්ම ඇහුවනම් නෑ කියල කියනවනෙ මම.. ඒක නෙමේ මාව හරියට නොදැක මම ගැන හරියට නොදැන කොහොමද එදා එක පාරටම ඇවිත් නම්බර් එක දීල ගියෙ"
"මම ඔයා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියෙ. ලැබ් එකේ කැමරාවෙන්"
"කැමරාවෙන්.. ඔයානම් ... ඉතින් ඔයා ඇයි මම දිහාම බැලුවෙ. ඔය ඕන තරම් වෙන කෙල්ලො හිටියෙ. ඉන්නකො මම ඔය කැමරාව ගලවනවා"
"මගේ ජීවිත කතාව ටිකක් සන්කීර්නයි. දවසක් කියන්න්ම්කො හිමිහිට. මට ඔයාව දකිනකොට මගේ ජීවිතේ මන් ගොඩක් අතීතෙට යනවා. ඒ අතීතෙ ලස්සන මතකයන් තියන ආදරය රැඳුනු තැනක් පුයුමි."
"ඒ කියන්නෙ තව ගැහැණු ළමයෙක් හා බැඳුනු කතාවක්. ඒ ගැහැණු ළමය මම වගේ නිසාද මගේ ළඟට ආවෙ"
"අවන්කවම කිව්වොත් ඔයා ළඟට ආවෙ ඒ නිසා තමා. ඒත් ඔයාට ලෙන්ගතු උනේ ඒ නිසා නෙමේ"
"ම්ම්ම්ම්.. බුද්ධිමත් උත්තරයක්. මමත් මෙහෙම කොල්ලෙක් එක්ක කොෆි එකක් හරි බොන්නෙ පළමු වතාවට තමා. ඔයාව මටත් හිතට අල්ලල ගියා. දන්නෙ නැහැ ඇයි කියන්න. දකිනකොට මම කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම ඔයා එක්ක එකට ඉඳගෙන ඉන්නවත්"
"ඒ කියන්නෙ ළමයට මට ආදරේවත් හිතිලද දන්නෙ නැහැ"
"ආදරේ ගැන නම් කියන්න මම දන්නෙ නැහැ. මොකද මම තාම චූටි කෙල්ලෙක්නෙ. තාම ස්කූල් යනවනෙ. ඒත් ඉතින් මටත් ඔයා එක්ක කතාකර කර ඉන්න ආසයි"
"එහෙනම් ඉතින් හැමදාම ඉන්න මගේ ලඟ"
"කපටිය.. ඒක ලොකු ආරාධනාවක් නේද දිනුක අයියා. ඒ වගේ දෙයකට මුල පුරන්න තරම් මම තාමත් ලැස්ති නැහැ කියල මට හිතෙනවා. කමක් නැහැ මෙහෙම ඉමුකො. කාලය එක්ක යනකොට අපිට නොතේරෙන තැන් විසඳෙයි. එතකොට බලමුකො"

මා හට ඇයගේ අකමැත්තක් නොතිබූ අතර ඇය තවමත් කෝඩුකාරියක වූ නිසාවෙන් යොවුන් ආදරයකට සූදානම්ව නොසිටියේය. ඇගේ අතින් ඇල්ලීමට ආසව තිබුනද මගේ සිතේ ඇතිවූ චකිතය නිසා ඇගේ වමතේ පොඩි ඇඟිල්ල මා සිනිදුව අල්ලන් සිටියේ අප කතාකරන අතරතුරය. කටකොනකින් සිහින් ලස්සන සිනහවකින් මා හට සන්ග්‍රහ කල ඈ ඇගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දෙස මදක් වෙලා නිහඬව බලා සිටියේ අප අතර සිහින රාශියකට මුලපුරමින්ය.



"ඔය ඇස්වලින් කිවවෙන ඒ ආදරේ, තාම ඉකූල් යන මේ පුන්චි කෙල්ලට පිලිගන්න පුලුවන් වෙයිද දිනුක අයියා ....."
"ම්ම්ම්ම්... අපි අතරෙ නොගැලපෙන ගැලපෙන හේතු දහසක් තියේවි. ඔයා තියන්න පළවෙනි අඩිය පියුමි. ඉතිරි නවසිය අනූ නමයම මම තියන්නම් ඔයා වෙනුවෙන් ඔයා ලඟට එන්න"

ඇය හා ගත කල ඒ මිනිත්තු කීපය තුල මම සැහැල්ලුවෙන් සිටියෙමි. එතරම්ම සිතට සහනයක් ගෙන දෙන මෙම මනුස්ස දුවව මගේම කරගන්නවායැයි සිතමින් අපි දෙදෙනාම අප සිටි ස්ථානයෙන් නැගිට ගියෙමු. මා ඇහේ අතින් ඇල්ලුවද ඇය එය වලකාලීමට උත්සහ දැරූවේ නැත. එය මා ඇගේ අත ස්පර්ෂ කල පළමු අවස්තාව විය. සාම්ප්‍රදායික පෙම්වතෙක් ලෙස දැනුටු ඒ සතුට හා හැඟීම් මට වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම්ය. නමුත් නොසිතූ ලෙසම කෙවින් ඇතුලු පිරිස අපි දෙදෙනාගේ ඉදිරියට හමුවුනේ ගැහැණු ළමයෙකු මගේ ජීවිතයට පැමිනෙන්නේ තවත් කරදර රාෂියක් සමග යන මතය නැවතත් සනාත කරමින්ය. කෙවින් ඉදිරියේ වෙනදා මාගේ තිබූ තේජාන්විතය මදකට අඩුවූයේ මා අසල පියුමි සිටි නිසාත් ඇය ඉදිරියේ කෙවින් හා එකට එක යාමට තිබූ අකමැත්තත් නිසාය.

නමුත් සිදුවූයේ මා නොසිතූ දෙයකි. කෙවින් පියුමි දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඔහුගේ පිරිසද එක පියවරක් ආපස්සට ගැනීමෙන් ඔවුන්ගේ පසුබෑම පැහැදිලි විය. සිදුවූ දේ කුමක්දැයි මට එකවරම සිතාගත නොහැකි උවද එක වරම කෙවින් ඔහුගේ අත ඔහුගේ මුහුන මත තබා ගැනීමෙ නිසා ගෙවූ තප්ප්පර කිපය තුල සිදුවූ දෙය මට වැටහිනි. දුටු මුල් වරම කෙවින්ද, පියුමිට ඉමාෂා යැයි රැවටෙන්නට ඇත. ඔහු ඔහුගේ කම්මුල මත අත තබා ගැනීමෙන් එය මට තහවුරු විය. එදා ඉමාෂාගෙන් වැදුනු ඒ පහර ඔහුට තවමත් මතකයේ ඇත.

"කව්ද දිනුක ඒ කට්ටිය. ඇයි එයාල මගේ දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ. ඔයා එයාලව අඳුරනවද"
"මාත් එක්ක එයාල ටිකක් හිත හොඳ මදි"
"රස්තියාදු කාරයො එක්ක රන්ඩුවලට පැටලෙන්න එපා දිනුක අයියා. මම කැමති නැහැ"
"මම රන්ඩු කරන්න ගියෙ නැහැනෙ. ඒක නෙමේ මට දිනුක කියල කතා කරන්න. අයියා කෑල්ල ඕන නැහැ"
"එහෙනම් මම යනවා දැන් පන්තියට. පරක්කුත් උනා මට. හවස හම්බෙමු එහෙනම් .. දිනුක .."

සුන්දර වූ ඇයට සමුදුන්නද මාගේ සිත රැඳී තිබුනේ කෙවින් වෙතය. ඇය නොපෙනී ගිය විගසම මා නැවතත් පාරට පැමිනියේ ඔවුන් සීටීද බැලීමටය. මාගේ සිතුවිල්ල නිවරැදිය. කෙවින්ගේ සහෝදරයා වන නවීන් ද පැමින සිටියේය. පියුමිගේ ජීවිතයට අනතුරක් වේවිදෝ යන සැකය මුල්වරට මා සිත තුල බිහිවෙද්දී කෙවින්ගේ සහෝදරයා මා වෙතට ආවේ ඇහිපිල්ලක වේගයෙනි. අළුත්ම ජේඩ් වර්ගයේ මෝටර් බයිසිකලයකින් පැමින මා ඉදිරියේ නැවතු ඔහු හා මා අතර පැවදියේ නිහඬතාවයකි. නවීන් ඔහුගේ සහෝදරයා මෙන් මා හා තරහක් නොතිබූ අතර මගේ සටන ඇත්තේ ඔහු හා නොව ඔහුගේ සහෝදරයා හා සමග බවද නවීන් හොඳාකාරවම දැන සිටියේය.

"දිනුක.. මොකක්ද මේ අපේ අයිය කියන්නෙ. ඉමාෂ එක්ක ඔයා උන්න කියලා"
"ඒ ඉමාෂ නෙමේ නවීන්."
"ඒ කිව්වෙ"
"ඉමාෂාගෙ හැඩරුවට සමාන හැඩරුව තියන කෙනෙක්. මමත් මුල් දවසෙ රැවටුනා. අයියට කියන්න ඒ කෙල්ල කිසිම දේකට සම්බන්ද නැහැ කියලා. ගනුදෙනුවක් තියනවනම් එයාට මන් එක්ක බේරගන්න කියන්න"
"දිනුක මම උඹ ගැන දන්නවා. ඊට වඩා මම මගේ අයිය ගැන දන්නවා. මිනිහ හිතුවක්කාරයි තමා. ඒකයි මේ ගැන කෙලින්ම මම උඹෙන් ඇහුවෙ. කෙල්ල ගැන ටිකක් හොඳට බලාගනින්. දන්නවනෙ අයියගෙ හැටි"

ඔහු එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ තවත් හිතීමට දෙයක් මා තුල ඉතිරිකරමින්ය. ඔහු පැවසුවා මෙන්ම කෙවින් යනු නරුමයෙකි. ඔහුගෙන් පියුමිට කරදරයක් සිදුවීමට ඇති අවස්ථාව වැඩිය. ඉමාෂා මෙන්ම පියුමිවද මා හට නැති කරගැනීමට නොහැකිය. ජීවිත ගමනේදී කලාතුරකින් ලැබෙන දෙවනි අවස්තාව මා හට මග හැරිය නොහැකිය. එහෙයින් කෙවින් පිළිබඳව ඉක්මන් තීරනයක් ගැනීමට කාලය එලඹ ඇත. නැතිනම් ඔහු මා නොමරා මරන බව නොඅනුමානය.



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, September 15, 2015

හිතුවක්කාර ආදරය - 21 කොටස


"අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො"
"කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ"
"හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල් ලෙවකන.."
"පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා"
"මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්. මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .."
"මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න කියලා"
"හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ."
"ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ"
"පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්"
"එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන් ආසයි. එයා මාරයි. ගති"
"හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු උඹේ කුමාරයව බලන්න"



අප සියලුදෙනාගේම උත්සහය හා කැපවීම නිසා අපගේ මෘදුකාන්ගය අප සිතුවා ලෙසම නිම කිරීමට හැකි විය. උදයේ හිරු එළිය වැටෙත්ම සියලුදෙනාගේම මුහුනුවල සතුට මෙන්ම නිදිමත ගතියද රැඳී තිබුනි. පෙරදා මෙන් නොව අද දිනයේ මාගේ හිසද බරව තිබුනේ රොෂෙන්ගේ සමහර සමීකරණ විසඳීමට උදව් වූ නිසා විය යුතුය. අප සියළු දෙනාටත් වඩා රොෂෙන් සතුටින් සිටියේ ඔහු මෙමෙ රාජකාරිය සාර්තක කර ගැනීමට අප සියළු දෙනාටම වඩා කැපවූ නිසාය.

"අමිල, දිනුක ගොඩක් තෑන්ක්ස් බන් උඹලගෙ උදව් වලට."
"ඕක මොකක්ද බන්. ඕන වෙලාවක ඕනෑම දේකට අපි දෙන්න ඇති"
"දිනුක ඒ වගේම උඹල ගොඩක් තෑන්ක්ස් මගෙ ඇල්ගොරිදම්ස් ටික ගොඩදාගන්න සප් එක දුන්නට"
"අනේ මන්දා බන්. උඹට කොහොම ඒ අදහස් එනවද කියන්න. උඹට කියන්න අමිලය, සමහර ඒවල අවුට්පුට් එක රොෂෙන දන්නෙත් නැහැ. "
"ඒ ගැන හිතන්න එපා බන්. ඕව ඉතින් මම ඔය නාද්දි එහෙම ඔළුවට එන අයිඩියාස් බන්"
"මොනවද මොනවද නාද්දි එන්නෙ.. දැන් කව්ද මෙතන නාන්නෙ"
"ඩිලා මේ උඹට කොහොමත් මේක තේරෙන් නැහැ. මොකද උඹ නාන්නෙ නැහැනෙ කොහොමත්. අනික දැන් මෙතන නාන්නෙත් උඹම තමා"
"ආ ඒකත් එහෙමද"
"ඒක නෙමේ දිනුක උඹ වරෙන් බන් මාත් එක්ක ප්‍රොග්‍රැමින් කරන්න. ඒක මටත් ලෙසියි. මම උඹට හෙල්ප් කරන්නම්"
"අනේ බැහැ බන්. උඹ දන්නවනෙ මගෙ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ඕක ගැලපෙන්නෙ නැහැ බන්."

අමිලට මෙන්ම මටද තදින්ම නිදිමත ගතිය දැනුනද රොෂෙන්ගේ ඉල්ලීම පරිදි අපි තවත් හෝරා කීපයක් රැඳීමට තීරනය කලෙමු. පියුමිව බලාගැනීමේ යටිසිතේ තිබුනු ආසාවද රොෂෙන්ගේ යෝජනාවට කැමති වීමට එක් හේතුවක් විය. රොෂෙන්ගේ හා ගයාන්ගේ ආරාධනාව මත අප දෙදෙනා නැවතත් ප්‍රදාන ලැබ් එකට පැමිනියේ අප කල මෘදුකාන්ගයේ ඉදිරිපත්කිරීම නැතහොත් ප්‍රසන්ටේෂන් එක කරනා අයුරු සාකච්චාකිරීමටය. අප එහි යනවිටද ඩිල්ෂාන් හා ලක්ෂිත එහි සිට් අතර සන්ජය හා කසුන් නිවස් බලා ගොස් තිබුනි. එය අප සියළුදෙනාගෙම අප්‍රසාදයට හේතුවක් උවත් අප අපගේ සාකච්චාව ආරම්භ කෙරුනු අතර එහෙදී නොයෙකුත් අදහස් ඉදිරිපත් විය. ලක්ෂිතගේ අදහස වූයේ වීඩියෝ පටයකින් අප මෙය ඉදිරිපත් කරමු යන්නය. නමුත් එහි ඇති වාසි අවාසි ගයාන් අප හට තේරුම්කර දුන්නේය. එමෙන්ම රොෂෙන්ට අවශ‍ය්‍ය වූයේ මෙම ඉදිරිපත්කිරීම වෙනස්ම ආකාරයකට කිරීමටය. එනම් සාම්ප්‍රදායික ප්‍රසන්ටේෂන් කලාවෙන් මිදී අළුත් දෙයක් කිරීමටය. ඒ සඳහා ඔහුගේ හිතේ තිබූ අත්භූත අදහස් ඉදිරිපත්කරමින් සිටියේ ඩිල්ෂාන්ගේද උදව්වෙන් වූ අතර හදිසියේම රොෂෙන් නිහඬ වූයේ අලන්කාව වූත් මනමාලවූත් සිනහවක් සමග අප මවිතකරමින්ය.

"දිනුක ..."
"එක්ස්කියුස්මී අයියා ඔයා බිසීද.. මම මේ .. "
"ම්ම්... දැන්නම් මේ අයියල එක්ක පොඩි වැඩක් පියුමි. මොකද මේ හදිසියේම.."
"අනේ සොරි .. මම හිතුවෙ ඔයාල ෆ්‍රීඑකේ ඉන්නෙ කියලා හිනාවෙවී හිටිය හින්දා.. මම පස්සෙ එන්නම්"
"නන්ගි ඉන්න ටිකක්. යාළුවා ඔයා බලන්න පියුමි ගැන. අපි මෙතන වැඩ ටික හැන්ඩ්ල් කරන්නම්. අවුලක් නැහැ"
"ඔව් ඔව් දිනුක අවුලක් නැහැ"

මගේ මිතුරන් එසේ පැවසුවද මා හට මම සිටිනා ස්ථානයෙන් නැගිට යාමට මදක් ලැජ්ජාවක් ඇතිඋනෙමි. නමුත් අමිලට සිතින් පින් දෙමින් මා ඇය සමග ලැබ් එකෙන් අලියට ආවේ අඩම්බර වූ සතුටකින් උවත් ඇයගේ මිතුරියන් පිරිසද සිටිනා දුටු විට මා තුල වී ඒ අහින්සක සතුට දියවී ගියේ මට නොදැනිවමය.

"දිනුක අයියෙ.. ඔයාව මෙතන්ට එක්කන් එන්න කියල මෙයාට කිව්වෙ ..."
"මේ තිනුරි ඔයා කටවහ ගන්නවද.."
"හරි හරි මම එහෙම කරන්නම්කො. එහෙනම් දෙන්න කතාකරන්නකො. ඔයාට මෙයා පිස්සු වැටිල අයියෙ"
"තිනු ...... රී ...."
"හරි හරි අපි ගියා. පැය භාගෙකින් වරෙන් පන්තියට හරි"

ඇගේ මිතුරියන් කියූ දේ මා හට සිතාගත නොහැකි වූ නිසා මා මාවම කොනිත්තා බැලුවේ මා මේ දකින්නේ සිහිනයක්දැයි මට සිතුනු නිසාය. ඇයව මෙතරම් ලන්ව දුටු පළමු දිනය අද විය. ඇයගේ සමද රෝස පෙතිමෙන් සිනිදු බව දැනුනේ අප දෙදෙනාටම හොරා අප අත් ස්පර්ෂ වූ නිසාය. රාතියම වෙහෙසට පත්ව සිටි නිසා මා අසලින් දහදිය ගඳක් එයිදෝ යැයි මගේ අහින්සක සිතට ප්‍රාතමික සිතුවිල්ලක් පහල වූයේ ඈ අසලින් ආ පිච්චමල් සුවඳ නිසාය. තවමත් අප දෙදෙනාම නිහඬය.



"දිනුක අයියා.. අනේ මගෙ යාළුවො කිව්ව ඒව ගැන හිතන්න එපා හරි"
"හරි හරි පියුමි.. මොකද මට මේ හදිසියේම එන්න කිව්වෙ"
"යාලුවො කිව්ව ඒව ගැන හිතන්න එපා කියල කිව්වට ඉතින්... මයා මාර ගති අනේ. ඒ නිසා මට ආස හිතුන ඔයා එක්ක කතා කරන්න. ඒකයි මේ හදිසියේම .."
"හම්ම්.. ඒකද මේ.. හරි එහෙනම් අපි ඔඩීලියා එකය ගිහින් මොනව හරි බොනගමන්ම කතා කරමුකො"
"මොකද අනේ මෙච්චර උදේ ඉඳන් ඔය ලැබ් එකට වෙලා කරන්නෙ"
"උදේ ඉඳන් නෙමේ කෙල්ලෙ.. ඊයෙ ඉඳන් ඉන්නෙ අපි"
"ඒ කිව්වෙ.. මොකෝ ගෙවල් වලින් එලවලද ඔයාලව"
"නැහැ එහෙම දෙයක් නෙමේ.. අපි මේ සොෆ්ට් වෙයර් එකක් හදනවා සොෆ්ට් වෙයර් කම්පිටිෂන් එකකට. ඊළඟ සඳුද ඒක අපි අපේ හෙඩ් ඔෆිස් එකට අරගෙන යන්න ඕන. ඉතින් ඒකෙ වැඩ තමා කරන්නෙ"
" හම්ම්ම්ම්.. මට ටිකක් ආස හිතුනා ඔයා එක්ක කතා කරන්න. අනේ මම ගැන වැරදියට හිතන්න එපා හරි"
"එහෙම වැරදියට හිතන්නෙ නැහැ. මොකද කොල්ලන්ට විතරක් නෙමේනෙ තමන් ආස කෙල්ලො එක්ක කතා කරන්න පුලුවන් පස්සෙන් ගිහින්"
"හරියට හරි.. ඉතින් දැන් ඔයාට නිදිමත නැද්ද අනේ"
"ම්ම්ම් නැතුවමත් නෙමේ.. ප්‍රසන්ටේෂන් එකේ වැඩේ නිසා තමා නැවතුනේ"
"ඒ වැඩේට විතරමද... නැතින ...ම් ..."
"නැතිනම් මොනවද"
"හරි හරි මන් විහිළුවක් කලේ. දැන් අපි යමු. ඔයාට මහන්සිත් ඇතිනෙ. ගෙදර ගිහින් හොඳට නිදාගන්න. අපි අයෙත් දවසක මීට් වෙලා කතා කරමුකො. අහ්.. බොහොම ස්තූතියි බීම එකට"

සාමාන‍ය්‍ය පෙල හදාරා අවසන් වී කර ඇති ඇය ප්‍රතිඵල බලා පොරොත්තුවෙන් සිටි අතරතුර පරිගනක හැදෑරීමට මෙහි පැමින ඇත. ඇගේ ලෝකයේ අතරමන් උවද, ඈවෙනුවෙන් සිහින මැවුවද මා සිත තුල ඇති කැමැත්ත පැවසීමට ඇය තවමත් කෝඩුකාරියක වූවාය. නමුත් ඇය මා ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුවය. නැතිනම් මම හොරාවට විඳිනා මගේ සිහිනයය.

ඇගේ ලෝකයෙන් අතරමන් වී සිටියද වල්මත් වී සිටියද තදින්ම දැනුන නිදිමත ගතිය නිසා අමිලද සමග මම මිතුරන්ටද සමුදුන්නෙමි. අම්මා සාදා තිබූ පොල්සම්බෝලය හා කැකුළු හාලේ බත පිඟන් දෙකක් පමන හිස් කර මම ඇඳට වැටුනෙමි. පියුමි පිළිබඳව මතකයන් සිහියට ගෙන ඒමට උත්සහ දැරුවද මා අසමත් වූයේ නිදිඅත ගතිය තදින්ම දැනුන නිසාවෙනි.

"අයියෙ .. නැගිට්න්න. ඔයාගෙ ෆොන් එක දැන් පැය භාගෙක විතර ඉඳන් රින් වෙන්නෙ. කවුරු හරි හදිසියක්ද දන්නෙ නැහැ"
"යනවා.. මෙතනින් .. මට නිදිමතයි.."

නන්ගිගේ බැනුම් වරුසාව මැද මා කොට්ටය තුල හිස සඟවා ගත්තේ ඇයගේ හඬ නොඇසීමටය. හීනෙන් වගේ දුරකතන තිරය දෙස බැලූ මා නැවත අවදි වූයේ එහි මිස් කෝල්ස් විසි තුනක් ලෙස සටහන් වී තිබීම නිසාය. දුරකථනය අතට ගෙන ඒ කවුරුන්දැයි බැලීමටත් මත්තෙන්ම නැවතත් එය නාද වන්නට විය.

"හලෝ .."
"පොඩි මහත්තයා, මම මොහොමඩ්. ඇයි ෆෝන් එක ආන්සර් කරන් නැත්තෙ"
"මම නිදියන් හිටියෙ මොහොමඩ්. මොකද මේ හදිසියෙම"
"මේක මෙහෙම කියන්න බැහැ. අපේ තැනට එනවද පොඩි මහත්තයා.පුලුවන්තරම් ඉක්මනට එන්න"

දුරකථනය විසන්දි විය. තදින්ම තිබූ නිදිමත නිසා නැවතත් කොට්ටය තුල ඔළුව සැඟවීමට සිතුවද නිදිමත සඟවාගෙන අමාරුවෙන් නැගිට ටවුමට යාමට සූදානම් වූයේ එම දුරකථන ඇමතුම නොසලකා හැරීමට නොහැකි නිසාය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, September 8, 2015

Top 5 Camera Apps For Android

Modern smartphone age has changed the way we take pictures. Camera technology in smartphones has developed a lot in last decade. Most smartphones are equipped top notch imaging hardware and software. Even though you cannot really change the camera hardware in your smartphone, you can always tinker with the software. Today we have listed top 5 camera apps for Android.


Camera 360


Camera 360 has been around for long time now. It is still one of the top downloaded camera app on Google Play Store. Camera 360 provides a great blend of manual control and automatic functions. The app has really intuitive user interface which is similar to Lumia camera app. The tool brings number of creative filters. 



Camera FV-5


Camera FV-5 is a paid camera app. The app is best for people who love manual settings. The interface lets you tweak each and every setting of lens. DSLR users love this app. There is no automatic mode in this app. You need to know what you are doing while clicking pictures. You can tweak ISO, Exposure, Shutter Speed, Metering, White Balance, Bracketing and much more with Camera FV-5.



A Better Camera



This app is very similar to Camera 360 except for filters and user interface. The manual controls in this app are extensive. You can make use of each and every setting to get the best snap. A Better Camera is best suited for people who know their way around with a camera. The app provides detailed control of camera on smartphone.



DSLR Camera



DSLR Camera is another best paid camera app. The app is meant for enthusiasts. It offers wide range of manual controls like exposure control, metering, white balance, bracketing, ISO and even timer. DSLR Camera is as good as Camera FV-5. 



Camera MX


This is a basic camera app. It is a great replacement for stock Google camera app though. Camera MX offers simple yet beautiful interface. There are some tweaks in the app that are missing in stock camera app. You can use this lightweight camera app to replace stock camera app.




Tuesday, September 1, 2015

හිතුවක්කාර ආදරය - 20 කොටස



මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය. ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත් නිසාත් ඇඟට දනුන වෙහෙස නිසාත් මා අවදිවන විට පසුදින පාන්දර පහ පමන වී තිබුනේය. රාත්‍රී ආහරය නොගෙන සිටි නිසා තදින්ම දැනෙන්නට වූ බඩගින්න හෙතුවෙන් තේ කොප්පයකුත් සාදාගෙන මම එළියේ බන්කුවක් මත වාඩි වී සිටියේ අළුත් දවසක අළුත් බලාපොරොත්තු සමගය. නමකින් විස්තර කිරීමට නොදැන සිටියත් පාන්දර අහසේ දීප්තිමත්ව පායා තීබු එම තරුව දෙස මදක් නිහඬව බලා සිටියේ, අනෙක් තරු කීපය අතර එය ආඩම්බරව බැබලෙන අයුරුය. පාන්දර අහසට අමුතුම අලන්කාරයක් ගාම්භීරත්වයක් එක් කිරීමට එයට හැකිවිය.


"පුතේ.. මොකද මේ, මෙතනට වෙලා කරන්නෙ. අසනීපයක්වත්ද"
"නැහැ නැහැ අම්මෙ. මම මේ දැන් ටිකකට කලින් ඇහැරියෙ. බඩගිනි දැනුන නිසා තේ එකක් හදාගෙන මෙතන්ට ආවා. අම්ම නිදි නිසා කරදර කරන්න ගියෙ නැහැ"
"මම ඊයෙ ඔයාව ඇහැරවන්න ගොඩක් උත්සහ කලා. මොනවහරි කාල නිදියන්න කියලා. පස්සෙ ඔයාගෙ තාත්ත මට කෑගැහුවා ඔයාට නිදියගන්න දෙන්න නැගිට්ට වෙලාවට මොනව හරි කයි කියලා"
"හම්ම්.. අම්මෙ.. මම ඉමාෂව දැක්ක ඊයෙ"
"මොනවා.. ඒ කොහොමද"
"එයා නමින් පියුමි. නම විතරයි අම්මෙ වෙනස්. අනෙක් හැමදේම ..."
"ඒක තමා එහෙනම් මේ කවදාවත් නැතිව තරුවක් දිහා බලාගෙන භාවනා කරන්නෙ."
"එහෙම එකක් නැහැ අම්මෙ. ඒත් එයා මට ඉමාෂව මතක් කරනවා. අනේ මන්දා ඒ මතකයන් අමතක කරල ඉන්න හදනකොට ආයෙ ආයෙමත් මතක් කරන්නෙ ඇයි කියලා"
"පිස්සා.. උන්න වගේම ඉන්න. ඉමාෂයි ඔය ළමයයි දෙන්නෙක්. ඔච්චර හිතට වද දෙනවනම් ඉතින් ඒ ළමය එක්ක කතා කරල බලන්න. යාළුවෙක් කරගන්න. හැබැයි තමන්ව පාලනය කරගෙන තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න. හැමදේම ලිමිට් එකක් තියාගන්න"
"ඒ ළමය ඉමාෂ වගේ උනාට අම්මෙ ඉමාෂව බලාපොරුත්තුවෙන් මම එයාට ලන් උනොත් ඒක හොඳ නැහැ නේද. ඒක ඒ ළමයට කරන අසාදාරණයක් නේද"
"අනේ මේ මට තේරෙන්නෙ නැහැ ඕව. මොනදේ කලත් ඔය ඉගෙන ගන්න වැඩේ හරියට කරන්න."

පියුමි ගැන අම්මා සමග කතා කිරීමෙන් අනතුරුව මාගේ සිතට යම් සහනයක් ලැබුනද එය මට නොදැනුනේ ඊයේ දිනයේදී අමිල මාගෙන් ඇසූ පැනයන් නිසාය. මගෙ ජීවිතයේ බ්‍රයන්ගේ අඩුව අමිල විසින් පුරවූවද අමිලගේ ප්‍රස්න සඳහා මට පැහැදිලි උත්තරයක් ලබාදීමට නොහැකිය. ඒ අමිලගේ මිතුදමට ද්‍රෝහිවීමක් නිසා නොව එහ් ඇති බැරෑරුම් තත්වය නිසාය. කෙසේ නමුත් මට අමිලට මුහුන දීමට සිදුවනවා ඇත. අමිලගේ ප්‍රස්නවලට පිළිතුරුදීමට සිදුවෙනවා ඇත.

දුක,සතුට සමග දිනෙන් දින ජීවිතය ගෙවෙද්දී මා අසලට පැමිනි මේ පියුමි නැමති නන්නාදුන චරිතය මගේ සිතට මගේ සිහින වලට අභියෝගයක් කිරීමට සමත් විය. අම්මා මට පැවසූ පරිදි ඇය හා කතාකල යුතුය. ඇයහා මිතුදමක් ගොඩනැගිය යුතුය. නමුත් ඇය කොහේ සිටීද කාගෙ කවුරුන්ද මා නොදන්නා නමුත් ඇය හා කතාකිරීමට තිබූ ආසාව නිසාත් ඇයව දැකීමට මසිත තුල තිබූ දැඩි කැමැත්ත නිසාත් මුල් දිනයේ ඇය දුටු ස්ථානයේ මදක් වෙලා දවසක් දෙකක්ම කාලය ගතකලේ සාම්ප්‍රදායක පෙම්වතෙකු ලෙසය.

"මම උඹට කිව්වනෙ යාළුවා, අපි රෑ වෙලා පනිමු මේකට. පැනල ස්ටුඩන්ට් ඩීටේල්ස් ෆයිල් එක උස්සමු. ඊට පස්සෙ කෙල්ල ගැන සම්පූර්ණ විස්තරේ බලාගන්න පුලුවන්නෙ බන්. අනික ඒකෙ තියනවනෙ එයා ක්ලාස් එන දවසත්."
"හොඳට උන්න උඹට මොකෝ මේ උනේ. විකාර අදහස් දෙන් නැතිව හිටහන්"

ගත වූයේ තවත් තප්පර කීපයකි. ඈ මගේ නෙතු මානයේ දිස් වන්නට විය. තාලයකට තබනා පියවරවල් ඒ තාලයටම නැලවෙන ඇගේ හැඩැති ඉඟ නිසා මා මදකට මියැදුනෙමි. පාට කර තිබූ ඇගේ තොල්, රිද්මයකට නැලවෙන ඒ ආඩම්භරකාර ඇස්, මා මත් කල නිසාදෝ සුහ උදෑසනක් යැයි මගේ මුවගින් පිටවූයේ මට නොදැනිවමය. මා අසල මදකට නැවතී සිහින් සිනහවකින් ආඩම්භර බැල්මක් හෙලූ ඇය ඇගේ පන්ති කාමරය වෙත පිය නැගුවේ නිහඬවම. එම නිහඬ බව හිමිහිට මා හට රිදුම් එක්කරන්නට විය.

"එක්ස්කියුස් මී අයියා.. සොරි ගුඩ් මොර්න්ං නොකිය ගියාට... ගුඩ් මොර්නිං.. ආ තව එකක් ඊයෙ ටිකක් සැර උනාට තරහ නැහැනෙ. ඔයා සීනියර් කෙනෙක් කියල මම දැනගෙන හිටියෙ නැහැ"
"ඒකට කමක් නැහැ පියුමි"
"ආ ... නමත් මතකයි එහෙනම්.. ඔයාගෙ නම මොකක්ද"
"දිනූක ... සිනෙත් දිනූක"
"ම්ම්ම්ම්.. ඊයෙ ළඟට ඇවිල්ල නම්බර් එක දීල ගියාම හිතුවෙ නැහැ මෙච්චර ඩීසන් කොල්ලෙක් කියලා. පස්සෙතමා ඔයා ගැනැ දැනගත්තෙ"
"ඒ කියන්නෙ මම ගැනත් හොයල වගේ"
"අපෝ.. එහෙමමත් නෑ ඉතින්. මට නම්බර් එක දීල ගියාම මගෙ යාළුොතමා ඔයාගෙ වතගොත හොයල තියෙන්නෙ.හරි හරි පස්සෙ කතාකරමු විස්තර. මම දැන් යනවා පන්තියට"

ඇය එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මා සිත සතුටට පත්කරමින්ය. ඒ මා ආදරයකල ඉමාෂාව ජීවමානව මා දකිනා නිසාය. නමුත් ඉමාෂා නිසා මා සිත ඇයට ඇලුම් කිරීම පිළිබඳව මට දෙවරක් සිතිය යුතුව ඇත. අමිලගේ මතය වූයේද එයමය.

"මොකෝ උනේ පියුමි.. මිනිහ එක්ක කතා කලාද."
"හම් "
"මොකෝ උඹ හම් හම් ගාන්නෙ. කොහොමද මිනිහ පැණි හැලුවද"
"අනේ පව් බන්. ඒ කොල්ල අහින්සකයි මචන්. මාත් එක්ක කතා කලෙත් ගොඩක් සන්වරශීලීව"
"ඔන්න ඔන්න.. මේකිගෙ හිතේ කැමැත්තක් තියනව වගේ ඒ කොල්ලට"
"අනේ මේ මගෙන් මොකුත් අහගන් නැතිව ඉඳපන්"
"මම දන්නවනෙ පියුමි උඹ ගැන. අනේ පව් බන් අහින්සක කොල්ල. මාත් එක්ක හරි සන්වරෂීලිව කතාකලේ ... ඕව කොලු මායම් බන්"
"අනේ ඕක නවත්තමු දැන්"
"අහ් මෙයාට තියන අමාරුව බලාපල්ලකො. කොල්ලව අල්ලල ගිහින් වගේ මේකිට"
"උඹල මට මොනව කිව්වත් ඒ කොල්ලගෙ ස්ටයිල් එකට ආසයි මන්. සෝබන නැහැනෙ අනෙක් උන් වගේ. කතාකරද්දි උනත් බලහන්.. මාර ගති"

රොෂෙන්ගෙන් ලැබුනු ඇමතුමත් සමගම මම අමිල සමග ඔවුන් සිටිනා තැනට ගියේ ගැහැණු ළමයෙකුගේ සිත දිනා ගන්නා අයුරු අමිල දුන් දේෂනයත් සමගය. හිහ දිනා ගැනීම කෙසේ වෙතත් නොමැරී සිටීමට මහත් උත්සයයක් දැරිය යුතුබව මම ඔහුගේ දේෂනා වලින් තේරුම්ගිය එකම කාරනයවිය.

"මොකෝ මේ දෙන්නම සිනාමුසු මුහුණින්"
"කැමරා කෙල්ල සෙට් වේගන එන්නෙ දිනුකට"
"නෑ ... සමරමු මේ සතුට් අද හවසට, මොකෝ කියන්නෙ අමිල"
"ඩිලා මේ.. එහෙම දෙයක් නැහැ බන්. අමිලයගෙ බොරු ඔය. ඒක නෙමේ රොෂෙන් ඇයි ඔයා හදිසියෙන් වගේ කතා කලේ"
"පොඩි අවුලක් තමා බන්. මැප් එක ආයෙ ටිකක් වෙනස් කරන්න වෙනවා. එතකොට තව මට මේක අද එකිනෙකට වෙනස් ඔපරේටින් සිස්ටම් එක්ක චෙක් කරන්න ඕන. උඹල දෙන්නට තාමා පුළුවන් ඒකට සුදුසු බැක්ග්‍රවුඩ් එකක් හදල දෙන්න. හැබැයි රියල් වගේ වැඩේ ඕන. අනික අදත් අපිට නයිටක් ගහන්න වෙයි. උඹල දෙන්නට එන්න පුළුවන් නේද"
"අපෝ ඕක මොකක්ද බන්. අපි දෙන්න එන්නම්"
"අද අපිට වර්ලස් නෙට්වර්ක් එකක් දාගන්න බැරි වෙයිද"
"බැරි වෙන එකක් නැහැ රොෂෙන්. අපි දෙන්න වැඩේ සෙට් කරල දෙන්නම්."
"උඹල දෙන්න ඉන්න එක ලොකු දෙයක් බන් අපිට. උඹල දෙන්නට බැරිද ටිකක් ලැබ් එක සෙට් කරන්න අද රෑට ඕන විදිහට."
"ඒකට අවසර ගන්න වෙයි නේද යාළුවා. අනික ළමයි ප්‍රැට්ටිකල් කරනවා ඇති."
"මම අවසර ගත්තා. ඉස්සරහම තියන මැෂින් හතර ගන්න කිව්වා"
"හරි එහෙනම් මමයි දිනුකයි යන්නම් බලන්න. හවස හය වෙනකොට සෙට් වෙමු. ඒ වෙද්දි අපි ලැබ් එක රෙඩි කරල තියන්නම්"

ලැබ් එක වේලාසනින්ම සූදානම් කරන රාජකාරියට මා එක වරම කැමති වූයේ රාතියේදී මට මගේ සම්පූර්ණ සහයෝගය ලබාදිය හැකි නිසාත් ඉමාෂා එහි ඇති යන සිතුවිල්ල මා තුල තුබූ නිසාත්ය. මාගේ ඒ සිතුවිල්ල නිවරැදි කරමින් ඇය එහි සිටියේය. ඔවුනට අද දින පන්ති සූදානම් කරතිබුනේ ලැබ් එක ඇතුලෙහිමය. ඇය අසල රැඳීමට එය මට තවත් වාසියක් විය. නමුත් අපෙගේ රාජකාරිය පැය භාගයකට පමන ප්‍රමාද කිරීමට සිදුවුයේ ඔවුනට උගන්වමින් සිටි ප්‍රියන්ත ගුරුමහතාගේ ඉල්ලීමක් සමගය.

"මේ ඉන්නෙ අපේ මේ ආයතනයෙ ඉන්න තරු දෙකක් තමා. ටැලන්ටඩ් කොල්ලො දෙන්නෙක්. ඔයාලටත් මොනව හරි තියනවනම් නොතේරෙන මේ අයියල දෙන්නගෙන් අහගන්න."

ප්‍රියන්ත ගුරුමහතාගෙන් නොසිතූ වෙලාවක ලැබූ ඒ ප්‍රසන්සාවට නිහතමානීව ස්තූති කල අප දෙදෙනා එම ස්ථානයෙන් පිටව ඉයේ ඔවුනට ඔවුන්ගේ රාජකාරිය නිමකිරීමට ඉඩ සලසවමින්ය. මෙමෙ සියලුම දේ සිදුවන අතරතුරදී මාගේ නෙතු රැඳී තිබුනේ ඇය වෙතය. මාගේ සිත තිබුනේ ඇය වෙතය. නමුත් මට නොතේරුනු කරුන වූයේ මා එහි සිටිනා විට ඇගේ ඇස් දීප්තිමත්ව දිලිසුනේ ඇයිදැයි යන්නය. ඇගේ ඇස් පැවසූ ඒ කතාව කුමක්ද යන්නය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...