Friday, July 17, 2015

අපේ මොළය දත්ත ගබඩා කරන්නේ කොහොමද?


පොත් මේසයේ සිට ලිපි ගොනුවක් දක්වා දත්ත ගබඩා කිරීමේ දී අපටම විශේෂිත වූ ක්‍රම අනුගමනයෙන් එම දත්ත නැවත සොයා ගැනීමට පහසුයි, දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලිය ඔබගේ මොළය තුල සිදු වන්නේ කෙසේද?
මිනිස් හිස් කබල තුල කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි.
ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව අනන්විත මතකය (episodic memory) නමින් හඳුන්වන අතර එහි ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන ආකෘතියක් සෑදීමට එකඟ වී තිබේ.



අනන්විත මතකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ එදිනෙදා මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයින්, කතාබහ, ආදී සියලුම දත්ත සවිස්තරාත්මක ව ගබඩා කෙරෙන මතකයයි.
අනන්විත මතකය මොළය තුල ගබඩා වන අන්දම දක්වන ආකෘතියක් නිපදවීම පහසු කාර්යයක් නොවූවත් විශේෂඥයින්ගේ උත්සාහය සාර්ථක කරමින් ආකෘතිය ගොඩ නැගී ඇත.
ආකෘතිය මගින් දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව උදා වී තිබේ.

ස්නායු ද්‍රව්‍ය මාර්ගය


දත්ත ගබඩා කිරීමේ ක්‍රියාවලියේ වැදගත් කාර්යයක් ඉටු කරන කොටස වන්නේ වළල්ලක හැඩයෙන් යුතු ‘hippocampus’ නමින් හඳුන්වන මිනිස් මොළයේ ඉතා පහතින් රැලි වැටුණ පටල තට්ටුවට යට මස්තිෂ්ක කෝෂිකාව පත්ලෙහි පිහිටා ඇති ස්නායු ද්‍රව්‍ය මාර්ගයයි.
සෙන්ටි මීටර් කිහිපයක් පමණක් දිගින් යුතු වුවත් මෙම ස්නායු ද්‍රව්‍ය මාර්ගය (‘hippocampus’) මනාව මොළයේ අනෙකුත් කොටස් හා සම්බන්ධව පවතියි.
ස්නායු ද්‍රව්‍ය මාර්ගයට(‘hippocampus’) යම් හානියක් සිදු වූ පුද්ගලයින්ගේ මතකය සම්බන්ධයෙන් විවිධ ව්‍යාකූලතා පැන නගින බව සොයා ගැනීමත් සමග 1950 වකවානුවේ සිට මොළය සම්බන්ධ පර්යේෂණ වලදී ස්නායු ද්‍රව්‍ය මාර්ගයට විශාල අවධානයක් යොමු වන්නට විය.
ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක නවතම සොයා ගැනීමකට අනුව ක්ෂණික දර්ශන මගින් බිහි වන මතක ගබඩා කිරීමටද ස්නායු ද්‍රව්‍ය මාර්ගයට(‘hippocampus’) සහ ඒ ආශ්‍රිත මොළයේ කොටස් ක්‍රියා කරයි.

මොළයේ සැත්කමක් සිදු කෙරෙන අතර තුර මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ දුර්ලභ අවස්ථාව ප්‍රයෝජනයට ගෙනයි ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් මෙම නව සොයා ගැනීම සිදු කොට තිබෙන්නේ.


විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ සමහරක් ප්‍රසිද්ධ චරිත දුටු විට ඉතා ඉහල ප්‍රතිචාර දක්වන ස්නායු එලෙස හැසිරීමට පුහුණු කරන්නේ ක්ෂණික දර්ශන වල මතකයෙන් වීමට ඉඩ ඇති බවයි.
උදාහරණයක් ලෙස ඔබ මුහුදු වෙරළට ගිය ගමනක් මොළය මතක තබා ගන්නේ මුහුදේ ශබ්ධය, මුහුදු ලිහිනින්ගේ රූප, මුහුදු රළේ පැහැය ආදී සවිස්තරාත්මක කොටස් වශයෙන් මොළයේ පැතිර යන මතක කොටස් වශයෙනි.
ඔබ නැවත වරක් මුහුදු වෙරළට යන විට පෙර ලද අත්දැකීම් වලින් ගබඩා කර ගත් මතකය එක් සම්පුර්ණ මතකයක් ලෙස නැවත සිය මතකයට නැගෙන්නේ ස්නායු ද්‍රව්‍ය මාර්ගයේ(‘hippocampus’) ක්‍රියාකාරිත්වයෙන් වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
2006 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු හංගේරියානු ජාතික ස්නායු විශේෂඥ ගයෝර්ගි බුසාකි විසින් ලියන ලද ‘රිදම් ඔෆ් ද බ්‍රේන්’ (Rhythms of the Brain) නම් කෘතියේ සඳහන් වන්නේ මොළයේ මතක සටහන් වන පෙදෙස පුස්තකාලයක් ලෙස හඳුන්වන්නේ නම් ස්නායු ද්‍රව්‍ය මාර්ගය(‘hippocampus’) පුස්තකාලාධිපති වන බවයි.


Wednesday, July 15, 2015

හිතුවක්කාර ආදරය - 16 කොටස


හදිසියේම මගේ ඔළුවට වැටුනු මේ ඩිමන්තගේ සිද්දිය නිසා මා මදක් අවුල් ජාලයක සිටියෙමි. වෙනදා තොරතුරු ලබා ගන්නා ආකරයටම අසීස් තොරතුරු ලබාගෙන තිබූ නිසා එම තොරතුරු වල නිවරැදි බව කෙරෙහි මා හට සැකයක් නොතිබූ තරම්ය. නමුත් අසීස් සදහන් කල ඒ වීඩියෝ පට පිළිබඳව තවත් තොරතුරු සොයා බැලිය යුතුයැයි මම සිතුවෙමි. මක් නිසාද යත් එම වීඩීයෝපට වල පොලිසියට අඳුනන්න බැරි වූ අඳුරු සෙවනැලි දෙක මා හා බ්‍රයන් බව මා ස්තීරවම දන්නා නිසාවෙනි.

ගෙවූ දින දෙක තුනම මා මොහොමඩ් හා එක්ව කාලය ගත කලේ අපට හදිසියේම මූනපෑමට සිදුවූ ගැටලුව නිරාකරනය කර ගැනීමටය. වෙනදා මෙන් මා ක්‍රියාෂීලීව සිටි නිසා අප අම්මාද සතුටින් සිටියේ මා අඳුරු මතකයන්ගෙන් මිදී නැවතත් සාමානයය ජීවිතයට පැමින ඇතැයි ඇය සිතූ නිසාවෙනි. අසීස් පැවසූ පරිදි ඔහුගේ තිබූ ගබඩා දෙකක් අප විනාස කිරීමය සැලසුම් කලේය. මෙය සැලසුම් කීරීම සිතූ තරමටම මා හට ලෙහෙසි නොවූයේ අප නොසීතූ ලෙස පොලීසිය ලබාගෙන තිබූ වීඩියෝපට නිසා හා මා අසල බ්‍රයන් නොමැති වූ නිසාවෙනි. නමුත් මොහොමඩ්ගෙන් ලැබූ අනගි සහය නිසා අපට එය සාර්තකව නිමකිරීමට හැකිවු අතර එම දිනයේදී හා එම වෙලාවේදී අප දෙදෙනාම අපගේ නිවස තුල රැඳී සිටීමට කටයුතු කලෝය.



"මොකද පුතේ කල්පනාවක. අසනීපයක්වත්ද. අද කෑවෙත් නැහැ නේද හරියට"
"එහෙම මොකුත් නැහැ අම්මෙ"
"ඔයා දැන් මොකද කරන්න යන්නෙ. ඉගෙන ගන්නවද නැතිනම් තාත්ත කිව්ව විදිහට කොහෙ හරි රටකට යනවද"
"ඒ ගැන තමා අම්මෙ මාත් කල්පනා කර කර හිටියෙ. ඔය රට රටවල් වල යන්න ඕන නැහැ, මම මෙහෙ මොනව හරි කරන්නම්.මන් හෙට යන්න කියල බැලුවෙ පොඩ්ඩක් ඒ ගැනැ හොයල බලන්න"
"ඒක හොඳයි"
"අම්මේ අමේ.. විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්නලු. මෙන්න දැන් ටීවි එකේ දැම්මෙ. එන්න බලන්න"

"මෙන්න දැන් ලැබුනු විෂේශ පුවතක්, මීගමුව හා පුත්තලම ප්‍රදේෂවල පිහිටි ස්ථාන දෙකකට නාදුනනා පිරිසක් විසින් ගිනි තබා විනාස කර ඇත. පොලීසිය පවසන ආකාරයට එම ස්ථානවල හොර රහසේ අවි ජාවාරම් හා මත්ද්‍රවයය ජාවාරම පවත්වාගෙන ගිය බවට සාක්ෂි ලැබී ඇත. මෙහේ ඇති තවත් කරුනක්නම් මෙම ස්ථාන දෙකම එකම වෙලාවෙහි ගිනි තබා ඇති අතරම මෙම ස්ථාන දෙමකම එකම පුද්ගලයෙකුට අයිති බවත් මෙය ඉතා විදිමත්ව සැලසුම් කර කල දෙයක් බවත් වැඩිදුර වාර්තාවේ. මෙහි මහ මොළකරු ඇල්ලීමට සියලු පරීක්ෂන මේ වන විට ක්‍රියාත්මක කර ඇතිබව පොලීසිය පවසයි. "

"අනේ දෙවියනේ, මේ අපේ පැත්තෙ නේද වෙලා තියෙන්නෙ. මේ වගේ වෙලඳාම් මොනට මිනිස්සු කරනවද මන්දා. "
"හරි හරි අම්මෙ.. ඔයා සද්ද නැතිව බලන්නකො ටිවි එක.. කෝ අයියා එයා ආවෙ නැද්ද මේක බලන්න"

අප සැලසුම් කර ආකාරයටම සි‍යලුම වැඩකටයුතු නිමවී තිබුනි. රූපවාහිනියෙන් ලැබූ එම පුවතත් සමගම මොහොමඩ්ගෙන් ලැබූ ඇමතුම මගින් සියළුම දේ සාර්ථක වී ඇති බව නිගමනය කල හැකි විය. ජීවිතයට අලුත් රිද්මයක් එක්කිරීමට නැතිනම් ජීවිතයේ අලුත් පරිච්චෙදයක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇතැයි මම සිතුවෙමි. මගේ මිතුරාගේ හා ඒ ආදරයේ මතක තමමත් මගේ හිතේ කොනක ඉතිරි වී තිබූ නිසා මම නැවත කාර්යාලයට නොයාමට තීරනය කලේ තවදුරටත් ඉගැනගැනීමේ කටයුතුවල නිරතවීමටය.



"හෙලෝ දිනුක"
"කියන්න නිවන්ති, හොඳින් නේද. මම අර අද වැඩේ ලෑස්තිකලා. බ්‍රයන් හා ඉමාෂ වෙනුවෙන් අපි ඒ දේ කරමු. ඒ අසරණ ළමයින්ට දෙන්න පොත් පත් ටික මට තව ටිකකින් ලැබෙයි. මම අපෙ නංගි එක්ක එකතු වෙලා ඒක පැක් කරන්නම්"
"වෙරි ගුඩ්... ඒත් මම ඒ ගැන අහන්න නෙමේ කතා කලේ ඔයාට"
"එහෙනම්"
"මම තීරනය කලා ටික කාලයකට ලංකාවෙන් යන්න දිනුක. මම මලයාසියා යනවා යුනි එකකට."
"හදිසියේම මොකද ඒ වගේ තීරනයක් ගත්තෙ"
"ඒක හොඳයි කියල හිතුනා චේන්ජ් එකකටත් එක්ක දිනුක. අනික මම කැමති නැහැ අමිහිරි මතකයන් මගෙ මතකයට එනවට. "
"හම්ම්ම්.. මට ඉතින් මොකුත් කියන්න බැහැ. ඔයාගෙ ජීවිතේ ඔයානෙ තීරන ගන්න ඕන. අරන දෙයක් ඉතින් කල්පනාවෙන් කරන්න"
"මම බොහොම ඉක්මනටම යයි දිනුක.. ඔයා මන් වෙනුවෙන් කරපු දේවල් වලට මම ණය ගැතියි ඔයාට"
"හරි හරි කෙල්ලෙ. මම එන්නම් අද හවසට ඔයලගෙ ගෙවල් පැත්තෙ."
"ඔව් අද අර වැඩෙත් තියනවනෙ. අපි මීට් වෙලාම කතා කරමු"

මේ ජීවන ගමන පුදුමා කාරය. කොතරන්නම් පිරිස අපට හමුවෙනවාද. සමහරක් අපි ළඟම හැමදාම ඉන්නවා. සමහරක් අපි වෙනුවෙන් හිටියට අපිට වඩා ගොඩාක් ඈතින් ඉන්නවා, තවත් සමහරක් එයාලගෙ ලස්සන මතකයන් විතරක් අපි ළඟ ඉතුරුකරල යන්නම යනවා අයෙ නො එන්නම. එතකොට තවත් සමහරක් එදිනෙදා වීරයො වෙනව අපේ ජීවිතවල. පීපල් ඔල්වේස් ලීව් කියන මත නැවත සනාත කලේ නිවන්තිගෙන් මට ලැබුනු ඇමතුමද සමගය. මා අසල සිටි සියලුම දෙනා මා අසලින් මේ වනවිට වෙන් වී ගිහින්ය. මාගේ ලඟින්ම හිටි අවසාන මිතුදම් පුරුකද මා දමා ඈතකට යාමට සැරසෙනවා ඇත. මේ සියලුම නාටක මැද මා තනිවුනා නොවේද, නැතිනම් මා ජෝකර් කෙනෙකු වූවාද යන්න මම නිහඬව කල්පනා කලෙමි.

"ඔයාට දුක හිතුනද දිනුක මම යනව කිව්ව එකට."
"එහෙම දෙයක් නැහැ නිවන්ති. ඔයා ඔයාට හරි කියල හිතෙන දේ කලේ"
"ඒ උනාට ඔයාගෙ ළඟින් උන්න අය ඔයා ගාවින් ඈත් වෙනවා කියල දැනෙනෙකොට ..."
"හම්ම්ම්.. ඒක නම් ඉතින් එහෙමතමා නිවන්ති. ඒත් ඉතින් එහෙමයි කියලා ඔයාගෙ ගමන මට නවත්වන්න අයිතියක් නැහැ. මොකද ඔයා ඔයා ගැන බලන්න ඕන. අනික ඔයා කෙල්ලෙක්. අපි වගේ නෙමෙ ඔයා දිහා බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ගොඩාක් අය ඉන්නවා"
"ඒක ඇත්ත දිනුක. බ්‍රයන් මට ආදරේ කලා තමා. මට ඒ ආදරේ නොදැනුනා නෙමේ. ඒත් එහෙමයි කියල ඒ වගේ මතකයකට මට මගේ ජීවිතය සීමා කරන්න බැහැ. මම මගේ ගැන බලා ගන්න ඕන. අනික දිනුක කාලය තමා මේ හැමදේටම තියන එකම විසඳුම. "
"ඔව්.. ඒත් ඉතින් අපි ඒ කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්න ඕන නියම කලමණාකරනයක් එක්ක. නැතිනම් ඉතින් හැමදේම කාලයට බාර දීල බලාගෙන ඉඳල තේරුමක් නැහැ"
"ඒක ඇත්ත.. තව එකක් දිනුක. මම හෙට අක්කලගෙ දිහා යනවා. ඉතින් ටික කාලයකට අපේ අන්තිම හමුවිම මේක වේවි සමහරවිට. ඔයා මට හම්බුන හොඳම කොල්ලෙක්. ඒ වගේම සහෝදරයෙක්. හොඳින් ඉන්න දිනුක."
"මම ගැන දුන්න කොමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි. ඔයත් හොඳින් ඉන්න. ඔයාත් හොඳ චරිතයක්. මගෙ නම්බර් එක ලඟ තියාගන්න. මම ඕක මාරු කරන් නැහැ. ඔයා ආව දවසක අයෙමත් අපි මීට් වෙමු. යන්න කලින් අයේ මීට් නොවුනට කමක් නැහැ, යන්න කලින් මට කෝල් එකක් දීල යන්න"
"ඕකේ දිනුක. අපි යමු දැන්."

කරුනු කාරානා මෙසේ සිදුවෙද්දී කාලය හිමිහිට ගෙවෙද්දී මා ද මගේ ඉදිරි ගමන සැලසුම්කර තිබුනි. මටත් වඩා ඒ පිලිබඳව සතුටු වූයේ අම්මාය. පරිඝනක උපාදියක් හැදෑරීම සඳහා මම අප නගරයේම තිබූ ඩී.එම්.අයි ස්ථානයේ ලියාපදින්චි සිසුවෙක් වුනෙමි. එමෙන්ම සරත් සර්ගේ ආරාධනාව යටතේ මා අළුතින් බඳවාගත් කීප දෙනෙකුට විෂේෂ පුහුණු සැසි කීපයකටද සහබාගී විය. ජීවිතයේ සියලුම දේ නැවත යතාතත්වයකට පත්වුනා යැයි දැනුනද බ්‍රයන් මා ළඟ නැති අඩුව දැනෙන්නට විය. එමෙන්ම එකිනෙකා අත් අල්ලාගෙන එහා මෙහා ඇවිදින පෙම්වතුන් නිසා මගේ සිත අතීත මතකයන් කෙරෙහි දිවගියේ ඉමාෂාව සිහිකරමින්ය.

නැවත ඉගනීමේ කටයුතු වලට යොමුවීම නිසා අම්මා සිටියේ මට වඩා සතුටින්ය. ඇය හැමවිටම පැවසුවේ තරම්ක් අපහසූ වූ ඒ අතීතය, අතීතයක් ලෙසම පවතින්නට ඉඩ දී වර්තමානය දෙස බලන ලෙසය. කෙසේ නමුත් මා අම්මාගේ කීම ඇසුව නිසාදෝ වෙනදාට වඩා මා හට සැලකිලිද වැඩිවිය. කාලය මෙසේ ගෙවී යද්දී මාගේ පරිඝනක උපාධියේ පළමු දවස උදාවිය. පළමු දිනයේදීම මා ප්‍රමාද වී පන්ති කාමරයට ඇතුලුවූ අතර පළමු දිනය නිසාදෝ එහි කිසිම ගුරුභවතෙක් නොසිටීම මගේ හිතට සහනයක් ගෙනදෙන්නට විය.

"හලෝ යාළුවා.. අපි ආයෙමත් හමු උනා එහෙනම්"
"අමිල.."
"මෙන්න ලඟින්ම ඉඳගන්නකො. කොහොමද ජීවිතේ එහෙම. තාම පරණ දේවල් ගැන් හිතනවද"
"නැහ අමිල.. ඒ දේවල් අමතක කරන්න අමාරුයි තමා. ඒත් මම උත්සහ කරනවා"
"ඒක තමා යාළුවා වෙන්න ඕන. මතකයන්, මතකයන් විදිහටම තියෙන්න අරින්න. මොකද මම දන්න විදිහට මතකයන් වලට පන දෙන්න උත්සහ කොලොත් අපි ඒ මත්තෙම මැරෙනවා දවසක.. හරි හරි පස්සෙ ඕව කතා කරන්න පුලුවන්නෙ"
"නැතුව නැතුව.. ඒත් මට සතුටුයි මම දන්න කියන කෙනෙක් මාත් එක්ක මේ අවුරුදු තුන ගෙවන්න ඉන්න එක ගැනැ"
"මටත් එහෙම තමා යාළුවා. අලුත් ෆිට් එකක් ආරම්ඹ කරමු එහෙනම් අද ඉඳන්. ඊට කලින් අදුනගන්නකො අපේ අනික් සෙට් එක. මමත් දැන් තමා මෙයාලව දැක්කෙ. මේ රොෂෙන්, කසුන්, ලක්ෂිත, සන්ජය, ගයාන්, ඉසුරු, එතකොට මේ පොඩ්ඩක් ඇඟපත එහෙම තියෙන්නෙ ඩිල්ෂාන්. එතකොට මේ ඉන්න් දිනුක. අපි මීට කලින් දවසක අමුතුම විදිහකට සෙට් වෙලා තමා යාළුවො උනේ"
"හලෝ .. සුභ උදෑසනක් ඔක්කොටම"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Sunday, July 12, 2015

හිතුවක්කාර ආදරය - 15 කොටස


මාගේ ඉදිරි ගමන පිළිබඳව සිතමින් මා ඇඳ මතට වී සිටියේ නිවන්ති මා ගෙල පැලඳූ බ්‍රයන්ගේ මුදුවද සමගය. අද දිනයේදී මාගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට විය. වෙනදා කල්පනා ලෝකයේ සැරිවසරමින් මතකයන් අතරෙහි අතරමන් වෙමින් නිදියාමට වෙරදරන මා අද දිනයේදී ඉතා ඉක්මනින්ම නින්දට වැටුනේ මටත් නොදැනීමය.

"පුතේ, මාසයක්ම ඔයා හිටියනෙ නිකන්. මම ඉතින් ඔයාට මොකුත් කිව්වෙ නැහැ. ඒත් ඉතින් මේ සෙල්ලම හැමදාම කරන්න බැහැනෙ. ඔයා ගැන ටිකක් හිතන්න. ඔයාට ලොකු නංගියෙකුත් ඉන්නවනෙ."
"හරි අම්මෙ. තව ටිකක් මෙහෙම ඉන්නම්."
"අනේ මන්දා ... දැන් ඔයා ඔය කොහෙද යන්න ලෑස්තිවෙන්නෙ."
"මම ඉමාෂලගේ දිහා ගිහින් එන්නම්. අන්කල් මට කතා කරල කිව්වා ඇවිල්ල යන්න කියලා"



ඉමාෂලගේ ගෙදර යාමට පෙර මම බ්‍රයන්ගේ ගෙදරටත් යාමට අමතක නොකලෙමි. බ්‍රයන් අප අතරින් සමු ගත් දා සිට ඔහුගේ කාමරය වසා තිබුනි. ඔහුගේ නිවසේ අයද එය වසා තැබුවේ වෙන කෙනෙකු එම කාමරයට ඇතුලුවීමට ඔවුන් මෙන්ම මාද අකමැතිවූ නිසාවෙනි. බ්‍රයන්ගේ අම්මාගේ ඉල්ලීම මත මා එම කාමරයට සුද්ද පවිත්‍ර කිරීමට ඇතුලු වූ අතර එම කාමරය තුලින් බ්‍රයන්ව ජීව මානව විඳීමට මට හැකි විය. මගුල්ගෙදරකට මළගෙදරකට පාර්ටියකට අඳින ඔහුගේ ඩෙනිම ද තවත් ඇඳුම් කැබලි කීපයක් ඇඳ මත තුබුනි. ඒ සියල්ලම පිළිවෙලකට තැබුව මා ඇඳද පිළිවෙලකට සකස් කෙරුවෙමි. අතුගා පිරිසිදු කිරීමෙන් පසුව මා නැවත එම කාමරය දෙස හැරී බැලුවේ ජීවිතයේ මා කාලය ගතකල සුන්දරම ස්ථානයන්ගෙන් එකක් වූ නිසාය. ඔහුගේ පරිඝනකය, සපත්තු රාක්කය මෙන්ම බ්‍රයන්ගේ අලන්කාර වූ ටයි එකතුව නැවතත් පරණ මතකයන් අළුත් කරවූයේ මගේ ඇස් කඳුලින් බොඳ කරන ගමන්මය.

මතකයන් හිතේ දරාගෙන බ්‍රයන්ගේ අම්මා ඇතුලු පිරිසට සමුදුන් මම ඉමාෂාගේ නිවසට පැමිනියෙමි. ඉමාෂාගේ නිවසට ඇතුලු වෙනවාත් සමගම දුටු දර්ශනයෙන් මාගේ සිත නැවතත් කලබල විය. එනම් ඉමාෂාගේ තාත්තා ටානියා සමග සාකච්චාවක යෙදී සිටීමය.මට ආපසු හැරීමට නොහැකි වූ නිසා මම ඔහුන් අසලින්ම වාඩිවූයේ ටානියා මා වෙත හෙලූ සරාගී බැල්මක්ද සමගය.

"දිනුක, මොකද පරක්කු උනේ.. කමක් නැහැ ඔයා ආවනෙ මේ මැඩම් යන්න කලින්. දිනුක මේ ටානියා.. ටානියා මේ දිනුක. ඔයානම් ඉතින් මෙයා ගැන දන්නවනෙ. අපේ දුව කියන්න ඇතිනෙ."
"මොකෝ නැත්තෙ මිස්ට වර්ණකුලසූරිය.. හායි දිනුක. ඈම් සොරි ෆො යුවර් ලොස්ට්"
"ඉට්ස් ඕකේ .. මට ඒ නැතිවීම ගොඩක් දුරට දරාගන්න පුලුවන් දැන්"
"දිනුක, මම ඔයාට එන්න කිව්වෙ කාරනාවක් ගැන කතා කරන්න."
"එක්ස්කියුස් මී.. ඔයාල එහෙනම් කතාකරන්න. මම ගිහින් එන්නම්. මට පොඩි වැඩක් තියනව. හවසට මම එන්නම්"
"ඕකේ ටානියා.. මගෙ වැඩෙත් බලාගෙනම එන්න"
"ඔකේ .. අයි විල්.. හැන්ඩ්සම් මම ගිහින් එන්නම්. පස්සෙ අපි කතාකරමු"

ඇය එසේ පවසමින් අප අතරින් නැගිට ගියේය. එමෙන්ම ඉමාෂාගේ තාත්තාද ඇය ඇරලවීමට ඇය සමග නැගිට එළියට ගිය නිසා මොවුන් අතර කිසියම් වූ ලොකු බැඳීමක් ඇතැයි මම සිතුවෙමි. ඉමාෂා හමුවීමෙන් පසුව මා ටානියාව හමුවූයේ නැත. ඇයට කරුනු කාරනා පහදා දුන් අයුරු මට මතකය. නමුත් ඇය මෙමෙ පවුල සමග ලඟම සම්බන්දයක් ඇතැයි මට සිතුනි.

"සොරි පුතා.. ටානියා මගෙ හොඳම යාළුවගෙ වයිෆ්. හම්ම්ම් එයාටත් හිතා ගන්න බැහැ මේ වෙච්චදේවල්"
"ඇයි අන්කල් මට එන්න කිව්වෙ"
"පුතා.. මම තීරනය කලා ලන්කාවෙන් යන්න. ඉමාෂත් නැති එකේ මට මෙහෙ ඉඳල වැඩක් නැහැ."
"අනේ .. ඒත් අන්කල් .."
"මම ගියාට මාස හයෙන් හයට වගේ ඇවිල්ල යන්න එන්නම්. මේ ගෙදර වැඩ කරන අය ඉන්නවනෙ. ඔයාට ඕනම වෙලාවක මෙහෙ ඇවිල්ල යන්න. මෙන්න ඉමාෂගෙ කාමරේ යතුර. ඒක ඔයාට අයිති දෙයක්. ඔයා ලඟතියා ගන්න"
"හම්ම්ම්.. අන්කලුත් ගියාම.."
"මට මගෙ දුව නැති අඩුව ගොඩක දැනෙනවා පුතා. ඒ කෙල්ල නැතිව මේ ගෙදරත් පාළුවට ගිහින්. හම්ම්ම්.. මම ටික කාලයකට යනවා කැනඩාවට. මගේ නංගි ලඟට. මේ තනිකම මකාගන්න ඒක ටිකක් හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා"
"අන්කල්ට කැමති දෙයක් .."

ඔහුගේ කීම නිවැරදිය. ඉමාෂා නොමැතිව මෙම විෂාල නිවස පාලු සොහොන් පිටියක් වැනිය. අන්කල් හා මා නැවතන් පරන මතකයන් මතකයට ගෙනාවේ තේ කෝප්පයක රස බලනා අතර තුරය. පරන මතකයන් නැවත නැවත ඇලුත් කර නැවත නැවත හිත පාරා ගැනීම ඵලක් නොවන දෙයක් බව මම අන්කල්ගේ කතාවෙන් තේරුම් ගත්තෙමි. ඇත්තටම එය නිවැරදිය. මාගේ ජීවිතයද නැවත ආරම්ඹ කල යුතුයැයි මම සිතුවෙමි. එය කල යුත්තේද මාගේම විදිකකටය. හවස තුනට පමන ඉමාෂාගේ තාත්තාට සමුදුන් මම නිවන්තිගේ ආරාධනාව සමග කෙලින්ම හොහොන් පිටියට ගියෙමි. අප දෙදෙනාම එක් වී පරන වූ මල් ඉවත් කර අලුත්මල් තබා අප යාළුවන් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කලේය. එම සියලුම වැඩ අවසානයේ මම නිවන්තිව නිවසට ඇරලවා මම මගේ නිවසට පැමිනියේ අළුත් බලාපොරොත්තු රැසක්ද සමගය. නමුත් මා නිවසට පැමිනෙනවාත් සමගම මගේ දුරකතනය නාද වූයේ නැවතත් මට අපගේ සුපුරුදු ස්ථානයට පැමිනෙනලෙසය. ඒ වෙන කවුරුත් නොව, අසීස්ය.



"අසීස් මේ වෙලාවෙ, හදිසියේම. මොහොමඩුත් ඉන්නෙ"
"කොහොමද පොඩි මහත්තයො. බ්‍රයන් මහත්තය නැති අඩුව දැනෙනවා ඇති නේද ගොඩක්"
"වෙච්ච දේවල් උනා මොහොමඩ්. පරන දේවල් ආයෙ ආයෙ මතක් කරගෙන් අපේ හිත් පාරගන්න ඕනි නැහැ. අපි අපේ යුතුකම් ඉටුකරමු. ඉතින් අසිස් මේ හදිසියේම"
"බ්‍රයන් නැතිව අපි හමුවෙන පළමු දිනය නේද මේක"
"හම්ම්ම්.. ඒකනම් එහෙම තමා"
"හරි අපි කතාවට එමු. අපි ගොඩක් දේවල් කලා. ඒ වගේම අපිට තව ගොඩක් දේවල් කරන්නත් තිබුනා. නමුත් හදිසියේම ඩිමන්ත හා බ්‍රයන් අප අතරින් අයෙ නොයන්නම ගියා. හම්ම්ම්.. ඒ අහිමි වීම අපිට ලොකු පාඩුවක්"
"දැන් අසීස් කියන්නෙ, අපි ආපහු මේ වැඩ පටන් ගමු කියලද. ඒක එහෙමනම් ඒ ගැන ටිකක් ආයෙමත් හිතමු. මොකද බ්‍රයන් නැතිව..."
"නැහැ දිනුක.. මම ඒක නෙමේ කියන්න හැදුවෙ. මොකද මම ආසත් නැහැ ඒ අතීතෙට මගෙ දුව ඉපදුන දා ඉඳන්"
"හරි එහනම් කෙලින්ම කියන්නකො කියන දේ කැටයම් වචන නැතිව"
"මේකයි පොඩි මහත්තයා.. ඩිමන්තගෙ මරනෙ පරීක්ෂන ආයෙමත් පටන් අරන්"
"මොනව.. ඒ කොහොමද"
"මේකයි දිනුක.. ඔයාට මතකයි නේද ඩිමන්තලගෙ ගෙදර පහු කරගෙන ටිකක් දුර එනකොට මහ වීදියට වැටෙන තැන ජුවලරි ෂොප් එකක් තියනවා."
"ඔව් .. මම දන්නවා.. ඒකෙ සම්බන්දය මොකක්ද ඉතින් ඩිමන්ත එක්ක"
"ඒ කඩේ ගාවට එනකම්ම වෙන කිසිම අතුරු පාරක් නැහැ ඩිමන්තලගේ ගේ ගාව ඉඳන්."
"ඉතින්"
"එතකොට අනික් පැත්තෙන් ඒ කියන්නෙ සුරුවම ගාවින් තමා එන්න තියෙන්නෙ. එතන ඒටීම් මැෂින් එකක් තියනවා නේද."
"ඔව් ඔව්.. අලුතින් හයිකරපු එකනෙ"
"හරියට හරි.. පොලිසීය ඒ ඒටීම් මැෂින් එකේ ඉස්සරහ කැමරාවෙන් රෙකෝඩින් වගයක් අරන් තියනවා. ඒ එක්කම අර කිව්ව ජුවලරි ෂොප් එකෙත් තියනවා පාරට ඩිමන්තගේ ගෙවල් පාරට මූනලා කැමරාවක්. අන්න එකෙන් රෙකෝඩින් එකක් අරන් තියනවා"
"ඉතින් දැන් ඔය කියන රෙකෝඩින් වලයි ඩිමන්තයි අතරෙ තියන සම්බන්දය මොකක්ද"
"ඩිමන්තගෙ සිද්දිය වෙන වෙලාවෙ පොඩි බයික් එකක දෙන්නෙක් යන එකක් හා සටහන් වෙලා තියනවා. පොලිසීය කියන් විදිහට ඒ දෙන්න පාරෙ එහා පැත්තෙන් මතු වෙලා නැහැ. මොකද අර ජුවලරි ෂොප් එකේ ගත්තු රෙකෝඩින්වල එහෙම එකක් නැහැ. අතකොට අර කිව්ව දෙන්නම ටිකක් වේගයෙන් අපහු යන එකක් සටහන් වෙලා තියනවලු. ඉතින් පොලිසිය සැක කරනවා ඒ බයික් එකෙන් යන දෙන්නා මේකට සම්බන්දයි කියලා"
"ඉතින් එහෙම සැක කරන්න කොහොමද අසීස්.. ඔය කියන බයික් එක ඩිමන්තල්ගෙ ගෙඩ්දර පහුකරන් ගිහින් වෙන ගෙදරකට ගියා වෙන්න බැරිද"
"ඔව් ඒක තාමත් එයාල හොයන්වලු. ඒ පාරෙ සියළුම ගෙවල්වලින් කට උත්තර අරගෙන එදා රෑ ඒ සිද්දිය වෙන වෙලාවෙ කව්ද හිටියෙ ආවෙ ගියෙ කියන්න"
"දැන් ඔඅ ඒටීම් එකෙන් ගත්තු රෙකෝඩින් එකෙන් පූලුවන්නෙ සැක කාරයන්ව අඳුන් ගන්න"
"බැහැ.. ඒක ඒච්චරම පැහැදිලි නැහැ. යන්නතම් පේනව විතරලු මෝටර් සයිකලයක දෙන්නෙක් යනවා."
"ඒ යන්නෙනම් ඉතින් මමයි බ්‍රයනුයි තමා. එයාලට අදුනන්න පුලුවන්නම් මේ වෙනකොට මාව අල්ලලනෙ. අවුලක් වෙන්නෙ නැහැ අසීස් බය වෙන්නේ එපා"
"එහෙම කියන්න එපා දිනුක. මේක අපි හිතනවට වඩා දරුනුවට යයි වගේ. මම ඔයාට මේ වෙච්චදේවල් අස්සෙ එන්න කිව්වෙ ඔයාටම තමා මේක ගැන විමසිල්ලෙන් ඉන්න පුලුවන්"
"මම .. ඒ කොහොමද"
"මේක හැන්ඩල් කරන්නෙ මිස්ට වර්නකුලසූරියගෙ ප්‍රදානත්වයෙන්. ඉතින් ඔයාට බැරි වෙන එකක් නැහැ .."
"හම්ම්ම්ම්.. ඒකත් එහෙමද.. හරි මම ටිකක් කල්පනාවෙන් ඉන්නම් ඒ ගැන. තොරතුරක් ලැබුනොත් දන්වන්නම්"
"අනික දිනුක අපේ තියන ගබඩා සේරම විනාස කරන්න ඕන. ඒ ගැනත් මම හිතල තියෙන්නෙ. ඔයයි මොහොමඩුයි තමා ඒක කරන්න ඕන පුලුවන්තරම් ඉක්මනට"
"හරි ඒ වැඩ ටික් වෙලාවට වෙයි. මම ගැන බය වෙන්න එපා. ඉස්සර උන්න වගේම තමා. එකම අඩුව බ්‍රයන් නැති එක. අසීස් ඔයාගෙ ප්ලෑන් එකට අනුව සේරම වෙලාවට වෙයි"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Thursday, July 9, 2015

හිතුවක්කාර ආදරය - 14 කොටස


අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක් නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම අකමැති වූ නිසාය. නැතිනම් මට ඒ පිළිබඳව ප්‍රියක් නොතිබූ නිසාය.

"එහෙම හිතල හරියන්නෙ නැහැ දිනුක. මේ ඔයාගෙ ජීවිතේ අවසානෙ නෙමේ. ඔයා ඉදිරියට යන්න ඕන. නැතිනම් ඒක ඔයා ඔයාගෙ යාළුවො දෙන්නටත් කරන මදි පුන්චිකමක් වෙනවා නේද"
"අනේ මන්දා සර්.. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා. සම්පූර්ණ මගෙ ජීවිත කතාව නැවතිලා තියෙන්නෙ"
"මට ඔයාව නොතේරෙනව නෙමේ දිනුක. මම දන්නවා ඔයාට ආයෙමෙත් මෙතන්ට ඇවිල්ල වෙනද වගේ වැඩ කරන්න බැහැ. ඔයාගෙ අහිමි වීම ගැනැ මට නොතේරෙනව නෙමේ. මම මේ ඔයාට තේරුම් කරන්න හදන්නෙ, ඔයා ඉදිරියට යන්න ඕන කියන එක. මොකද ඔයා ටැලන්ටඩ් කොල්ලෙක්."
"හම්ම්ම්"



"හම්ම්ම් නෙමේ, මම කියන්නෙ ඔයාගෙ අම්ම ගෙනා යෝජනාව ගොඩක් හොඳයි. ඔයා මොනව හරි ඉගෙන ගන්න. ඔයාගෙ වයසෙ ළමයි එක්ක ටිකක් කාලය ගතකරනකොට ඔයාගෙ දුක හිමිහිට තුනී වෙලා යාවි. අනික තනියමත් ඉන්න ඕන නැහැනෙ එතකොට"



සරත් සර්ගේද මගේ අම්මා විසින් ගෙන ආ යෝජනාවට එකඟ වූයේ ඔහුද මා හට ඔහුගේම පුතෙකුට මෙන් ආදරය කල නිසාය. ඔහු මා හට ඕනැම වෙලාවක අපගේ කාර්යාලයෙන් ඉවත් වී යාමට මා හට විෂේෂ අවසරයක්ද ලබා දුන් අතරම නැවත ආ හට වැඩ කිරීමට කැමතිනම් ලබන සතියේ ඒ ගැන ස්තීරවම වචනයක් දෙන ලෙසද මට දන්වා සිටියේය. කෙසේ නමුත් මේ දිනවලදී මම කාර්යාලයේ නොමැති වීම නිසා මා වෙනුවට කොළඹින් කෙනෙකු තාවකාලිකව පැමින තිබුනි. එමෙන්ම ඔහුට වැඩ කටයුතු නියමාකාරව කරගෙන ඉදිරියට යාමට සම්පත්ගෙන්ද ලැබුනේ නොඅඩු සහයකි. සරත් සර් සමග පැවති දීර්ග සාකච්චාව අවසාන වූයේ හදිසියේම නිවන්ති පැමිනි නිසාය. ඇය අපගේ නිවසට ගොස් තිබූ අතර මම කාර්යාලයට පැමිනි බව ඇය අපේ ගෙදරින් දැනගත් නිසා ඇය කෙලින්ම කාර්යාලයට පැමිනියේ මා හමුවීමටය.

"ඇයි දිනුක ඔයාගෙ ෆෝන් එක වැඩ කරන් නැත්තෙ. මම කොච්චර ට්‍රයි කලාද"
"ෆෝන් එක කොහෙද දන්නෙ නැහැ අනේ. හම්ම්.. මම ඔයාලගෙ ගෙදර එන්න හිටියෙ. ඔයාට තාම සනීප මදි නේද"
"ඔව්.. දිනුක මට යන්න ඕන බ්‍රයන්වයි ඉමාෂවයි බලන්න. මට ඒ දෙන්නට අවසාන ගෞරව දක්වන්න ඕන"
"හම්ම්ම්.. යමු එහෙනම්. ඒ ලස්සන මතකයන් එක්ක ටික වෙලාවක් තිනිවෙන්න යමු"

නිවන්තිගේ එම යෝජනාව පිළිගත් මම ඇය හා සොහොන් පිටියට ගියෙමි. පසුගිය දවස් දෙකෙහිම මා එහි නොගිය නිසා අප දෙදෙනා එහි තිබූ පරණ මල් ඉවත් කර අතුගා පිරිසිදු කර ඉටිපන්දම් දැල්වුවේය. නිවන්ති ඇයගේ වේදනාව මට හොරා සඟවාගෙන, ඇයගේ ඇසට ආ කඳුළු බලෙන්ම සිරකරගෙන සිටිනා බව ඇගේ පැවති දැඩි නිහඬ බව නිසා මම තේරුම් ගත්තෙමි. එමෙන්ම ඇයට විවාහ යෝජනාව සඳහා බ්‍රයන් ගෙනා මුදුවද මාගේ සාක්කුවේ තිබුනි. එය මට අයිති නොවන දෙයක් නිසා මම ඇයට එය දීමට තීරනය කලෙමි. එය දීම සඳහා හොඳම වෙලාවත් හොඳම ස්තානයත් මෙය බව මම සිතුවෙමි.

"ඇයි නිවන්ති ඔයා නිහඬ"
"මේ වෙච්ච දේවල් මට හිතා ගන්න බැහැ දිනුක. බ්‍රයන්.. ඒ වගෙම මේ දඟකාරී..මෙහෙම දෙයමට මූන දෙන්න තරම් අපි කල පව මොකක්ද දිනුක"
"අඬන්න එපා නිවන්ති. ඔය කඳුළු තියාගන්න. මට ඔයාට දෙයක් කියන්න තියනවා. ඒක ඇහුවහම අඩන්න ඕනි උනොත් අඬන්න ඔය කඳුළු තියා ගන්න"
"මොකක්ද දිනුක ඒ .... ආ මේ මොකක්ද.. ලස්සන රින් එකක් නේද.. ඉමාෂට ඔයා ප්‍රොපෝස් කරන්නද හිටියෙ"
"මේක මට අයිති එකක් නෙමේ නිවන්ති. ඔය සිදුවීම වෙච්ච දා, ඒ කියන්නෙ ඔයාගෙ උපන්දිනේ දා අපි ඔයාට සප්‍රයිස් පාර්ටි එකක් ලෑස්ති කරල තිබුනෙ. බ්‍රයන් ඔයාට ගොඩක් ආදරේ කලා. ඔයාට ඒක දැනෙන්න ඇති. ඉතින් ඔයාට බ්‍රයන්ගෙ ආදරේ ගැන කියල ප්‍රොපෝස් ...."

මට මගේ වචන ටික අවසන් කිරීමට නොහැකි විය. මා බදා ඇය අඬන්න්ට් වූ යේ මෙතෙක් වෙලා නිහඬව තිබූ පරිසරයද කම්පා කරමින්ය. ඇගේ වේදනාව අඩුවෙනකම්ම මම ඇයට ඇඬීමට ඉඩ දී සිටියේ කඳුළු පිරුනු දෑසිනි. මිතුදම සහෝදරත්වය ආදරය ඇගේ කඳුලින් ගලා ගියේ මාගේ බැනියමද තෙත් කරමින්ය. මේ වැටෙනා වූ කඳුළු වලට කතා කරගන්න පුලුවන්නම් යැයි මම නිහ්ඬව සිතුවෙමි.



"ඔහොම අඬන්න එපා නිවන්ති. ඔයාට තාම් සනීපත් මදි නේද"
"අනේ දිනුක .. කොහොමද මම එහෙම කරන්නෙ.."
"මේ ඇස් දෙකෙනුත් ඔයිට වඩා කඳුළු වැටුන කෙල්ලෙ. ඔව් ඔයිට වඩා.. දැන් මට අඩන්න තේරෙන්නෙ නැහැ. ඇඬුවත් කඳුළු වැටෙන් නැහැ. ඒ තරමටම මම අඬන්න ඇති. මම දැන් ඒකට හුරු වෙලා නිවන්ති. දැන් කඳුළු කියන්නෙ මගෙ හොඳ යාළුවෙක් නිවන්ති. බ්‍රයන් නැති අඩුව දැනෙනකොට ඉමාෂගෙ ආදෙරේ අඩුව දැනෙනකොට ඒ හැම වෙලේම කඳුළු මගේ ලඟට වෙලා හිටියෙ මටත් හොරෙන් මටත් නොකියාම"
"අපි යමු දිනුක. පස්සෙ එමු ආයෙමත් මෙතන්ට. මට මෙතන ඉන්නකොට දුක දැනෙනවා වැඩියි දිනුක"
"හම්ම්"
"තව එකක් දිනුක, මේ රින් එක ඔයාගාවම තියා ගන්න"
"ඒක මට අයිති දෙයක් නෙමේ නිවන්ති. ඒක ඔයාට අයිති දෙයක්"
"මම දන්නවා දිනුක. ඒත් මේ කෙල්ලට මේක ලොකු බරක් වේවි දිනුක. බ්‍රයන් කියන්නෙ පුදුමාකාර කොල්ලෙක්. ඔයා මේක ඔයගෙ ඔය මාලෙ එල්ල ගන්න. කෝ ඉන්න.. මගේ අත් දෙකෙන්ම දාන්නම්"
"ඒත් නිවන්ති .."
"බ්‍රයන්ගෙ ආදරේ මේ රින් එකේ තියනවා දිනුක. ඒ ආදරේ මට වඩා ඔයාට වටීවි. ඔව් ගොඩාක් ඔයාට වටීවි. ම්ම්ම්ම් දැන් හරි. ඔයා මැරෙනකම්ම ඔය මාලෙ ඔය මුද්ද එක්කම කරේ තියාගන්න දිනුක. ඔයාට බ්‍රයන් ඔයාගෙ ළඟ ඉන්නවා වගේ දැනේවි. මටත් ඔයාල දෙන්න ඉස්සර වගේ එකට ඉන්නවා වගේ දැනේවි."

නිවන්තිගේ එම වචන කීපය නැවතත් මගෙ හිත පාරන්නට විය. විනාඩි දෙකක් පමන නිහඬව සිට අපි දෙදෙනාම අපේ යාළුවන් දෙදෙනාට සමුදුන්නෙමු. නිවන්තිවද ඇගේ නිවසට දමා මම බ්‍රයන්ගේ අම්මා දැකීමට ගියේ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටය. නමුත් මා දුටු විගස ඔවුන් සිලලු දෙනාගේම ඇස් කඳුලින් පිරීගියේ දුක් සෝ සුසුම් මැද්දේය. ඔවුන්ගේ සිත් පෑරුවායැයි මගේ සිතට සිතුවිල්ලක් පැමිනි නිසා ඉතා ඉක්මනින් ඔවුනටද සමු දුන් මම නිවසට පැමිනියේ පරණ මතකයන් තුල කිමිදීමටය. නමුත් මා නිවසට යන විටත් අමිල හා ඔහුගේ තාත්තා පැමින සිටියේ මාගේ සුවදුක් බැලීමටය. එමෙන්ම මා මේ තත්වයට වැටීමට හේතුව නැතිනම් සම්පූර්ණ විස්තරය අප අම්මා විසින් ඔවුනට කියා තිබුනි.

"යාළුවා.. අපි දැනන් හිටියෙ නැහැ මෙච්චව දෙයක්. මමයි තාත්තයි මේ ළඟකට ආව ගමන් ආවෙ මතක් වෙලා ඔයාව බලන්න කියලා. ඒත් මේ ඇන්ටි කිව්ව කතාව ඇහුවහම .. "
"වෙච්චදේවල් උනා අමිල. බොහොම ස්තූතියි ඔයාල මාව බලන්න ආවට"
"එහෙනම් පුතේ ඔයා ටිකක් විවෙක ගන්න. අපි ගිහින් එන්නම්"
"අනේ යන්න එපා දැන්මම. අම්මෙ මෙයාලට ඉන්න කියන්න කාල යන්න"
"අනේ බැහැ යාළුවා.. අද අපිට පොඩි ඩිනර් ඉන්වයිට් එකක් තියනවා. ඒ නිසා අද බැහැ. තරහ වෙන්න එපා. වෙන වෙලාවක එන්නම්කො"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, July 7, 2015

හිතුවක්කාර ආදරය - 13 කොටස


"හිත හයියට තියාගන්න දිනුක, ඔයාගෙ දුක මට නොතේරෙනව නොවේ. "

සරත් සර් මා අසලට පැමින එසේ පැවසූවේයේ මාගේ ඇස් වලින් ගලා ගිය නොනවතිනා කඳුළු නිසා විය යුතුය. අවසාන වතාවටත් මම මගේ මිතුරාගේ අත ඇල්ලුවෙමි. මම ආදරය කල ඒ දඟකාරියගේ නලල සිප ඇයට මම සමුදුන්නෙමි. මම දෙවියන් වහන්සේගේ ස්තීර භත්හිකයෙකු නොවූවත් මගේ ළඟ සිටි මගේ මිතුරා හා ඒ ආදරේ මගෙන් මෙලෙස උදුරාගත්තේ ඇයිදැයි යන්න මම උන්වහන්සේගෙන් විමසා සිටියෙමි.

සරත් සර්ගේ ස්තූති කතාවත් සමගම ආගමික වැඩ කටයුතු හා අනෙකුත් සියළුවැඩ කටයුතු නිමා උවත් නිවන්ති මෙමෙ ස්තානෙයේ නැති අඩුව මට තදින්ම දැනෙන්නට විය. අප දෙදෙනාගේ ළඟින්ම සිටි මිතුරියක් වූ ඇය බ්‍රයන්ගේ එකම ආදර හිමිකාරියද වූවාය. ඇය වෙනුවෙන් බ්‍රයන් ඔහුගේ ජීවිතයද ඔට්ටු ඇල්ලූ අවස්තා අනන්තය. නමුත් ඇයට මෙම ස්තානයට පැමිනිය නොහැක. ඇයද ඇගේ ජීවිතය හා පොරබදිමින් සිටින්නේය. සියළුම වැඩ කටයුතු අවසානයේ සියළුම දෙනාගේ දුක් සෝසුම් මැද්දේ, කඳුළු වරුසාවන් මැද්දේ ඔවුන් දෙදෙනා අවසාන ගමන් ගියේ ලස්සන වූ මතකයන් සියළු දෙනාගේ සිත් තුල ඉතිරිකරවමින්ය. එමන්ම ලස්සන ආදර කතාවක ඇරඹුමම කඳුලක් කරමින්ය.



තප්පරයෙන් තප්පරය එකතු වී විනාඩිය ගෙවෙද්දීත් එම විනාඩි පැය වලට හැරවී දවස් පවා ගෙවී ගියේ මට නොදැනීමය. මා තවමත් එකම තැනමය. මා අසලට එන පිරිස හිත පාලනය කරගන්නා හැටි පැය ගනන් දේසනා දුන්නද, බුදුරදුන්වත් දේෂනා නොකල තරමට ධර්මය දේශනා කලද ඒ සියළු දේ ක්‍රියාත්මක කල යුත්තේ මාය. එහි ඇති නී රස විඳිය යුත්තේ මාය. ඉමාෂාගේ මතකයන්ගේ වේදනාව මගේ සිතට දරාගත හැකි වුවද බ්‍රයන්ගේ වෙන්ව යාම හිත පිළිනොගන්නේත්, හිතට දරාගැනීමට අපහසුවනුයේත් ඔහු මාගේ ආත්මය හා බැඳී සිටි මිතුරෙකු වූ නිසා විය යුතුය.

"පුතේ, හිත හදාගන්න බලන්න. මට තේරෙනවා ඔයා ඉන්න තත්වය. ඒත් වෙච්ච දේ උනා. බලන්න දැන් දවස් දහයකට වැඩිනෙ. ඔයා හරියට කෑමක්වත් කෑවෙ නැහැ"
"මට කන්න හිතක් නැහැ අම්මෙ"
"එහෙම කියල බැහැ පුතේ. ජීවිතේ හැටි ඔහොම තමා. මිනිස්සු එනව යනව. අපි ළඟ රැඳෙන්නෙ බොහොම ටික දෙනයි. මේ ජීවිත් ඔයා හිතන තරම් ලේසි නැහැ. හැබැයි අමාරුත් නැහැ. අපි සටන්කරන්න ඕන පුතේ. හම්ම්ම්ම්.. සරත් සර් කතා කලා. සඳුදට එන්න කිව්වා එයාව හම්බවෙන්න. ඒ ගමන් නිවන්ති දුවලගෙ ගෙවල් පැත්තෙත් ගිහින් එන්න. ඒ දුවට තාම සිහියක් නැහැනෙ"
"මම කොහොමද අම්මෙ ආයෙ ඔෆිස් එකට යන්නෙ. හම්ම්ම්ම්.. බ්‍රයන් නැතිම මම මේ ටවුන් එකේ ඇවිදල නැතිව ඇති දවස් දෙකකට වඩා. ඉතින් කොහොමද අම්මෙ මම තනියම කිසිදෙයක් නොවුන ගානට ඒ පාරවල්වල යන්නෙ ආයෙමත්."
"එහෙම කියල බැහැ. ඔයාට ඒකට මූණ දෙන්නම වෙනවා. ඔයා අකමැත්තෙන් හරි. මම දන්නවා මගෙ පුතාට පුළුවන් හිත හදාගෙන ආයෙමත් නැගිටින්න. ඔයාගෙ යාළුවට ඔප්පු කරල පෙන්වන්න දිනුක කියන්නෙ ශක්තිවන්තයෙක් කියලා. ඔයා ඔහොම ඉන්නකොට ඒ ළමයටත් දුක ඇති. දැන් කොහේ හරි ඉඳගෙන ඔයා දිහා බලාගෙන ඇති."

අම්මාගේ අවසාන වචන කීපය මගේ හිත තුල තදින්ම තැම්පත් විය. අම්මා නිවරැදිය. මා මේ ජීවිතයට මුහුනදිය යුතුය. බ්‍රයන් විෂ්වාස කල ඒ යාළුවා, ඉමාෂා ආදරය කල ඒ ආඩම්බරකාරයා නැවතත් පැමිනිය යුතුව ඇත. සරත් සර් පැවසූ පරිදි මම සඳුදා දින ඔහුව හමුවීමට කාර්යාලයට ගියෙමි. කොතරම් හිත එකතැනක තබා ගැනීමට උත්සහ දැරූවද බ්‍රයන් හා ඉමාෂා මෙමෙ ස්තානයට නැවත පැමිනෙන්නේ නැහැනෙ යන සිතුවිල්ල මගේ සිතට රිදුම් එක්කරන්නට විය. වෙනදා මෙන්ම කාර්යාලයේ සි‍යළු දෙනාටම මාගේ සුපුරුදු සිනහවෙන් සංග්‍රහ කිරීමට හැකි නොවූවද මම ඔවුන් සමග සුහදව කතාකලෙමි. ඔවුන් සියළුදෙනාම මා අසල පැමින එකිනෙකා තමන්ගේ කනගාටුව ප්‍රකාෂ කලේ මා හා ඉමාෂාගේ ආදරයට වඩා බ්‍රයන් හා මගේ මිතුදම ඔවුන් දැන සිටි නිසාය. අප සියළු දෙනාම අතරට හදිසියේම සම්පත් දිව ආවේ මාගේ නම කියා කෑගසමින් අප සියළුම දෙනා පුදුම කරවමින්ය.

" දිනුක .. දිනුක .. නිවන්තිට සිහිය ඇවිත්ලු.. සර් එන්න ක්ව්වා ඔයාට කාර් එක තියන තැනට"

සම්පත් ඔහුගේ වචන කීපය කියා නිම කිරීමටත් මත්තෙන්ම මම සරත් සර්ගේ වාහනය අසලට දිව ගියෙමි. සම්පත් කියූ කතාව නිවැරදිය. නිවන්තිගේ ගෙදරින් සරත් සර්ට ඇමතුමක් ලබා දී තිබුනේ ඔවුනට මාව සම්බන්දකර ගැනීමට අපහසු වූ නිසාවෙනි. අපට හැකි ඉක්මනින්ම අප දෙදෙනාම නිවන්ති නවතා ඇති රෝහල වෙත ගියද අප දෙදෙනාම අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. අප එහි යනවිතත් ඇයගේ පවුලේ සියළුමදෙනා පැමිනතිබූ අතර ඔවුන් හා වචනයක්වත් නොදොඩා මම ඇය සිටිනා තැනට හියෙමි.

"ඔයාද දිනුක කියන්නෙ"
"ඔව් මිසී.."
"මෙයාට සිහිය ආව ගමන්ම ඔයාව තමා ඇහුවෙ. වැඩිය මහන්සි අරවන්න එපා මෙයාව. ඩොක්ටර් බලල ගියෙ දැන්. තව ටිකකින් ආයෙමත් එයි."
"ඕකේ මිසී .."

නිවන්ති මා සමග කත කිරීමට උත්සහ කලද ඇය අපහසුවෙන් සිටිනා බව මට වැටහූ නිසා ඉතා කෙටි සන්වාදයකින් පසුව මම ඇයට සමු දී ඇය සිටිනා තැනින් පැමිනියේ තවත් ඇයට විවේකය අවෂයය වූ නිසාය. නමුත් හදිසියේම පොලිසියේ මහත්වරුන්ද එම ස්ථානයට පැමිනියේ නිවන්තිගෙන් මෙමෙ සිද්දිය පිළිබඳව කට උත්තරයක් ලබා ගැනීමටය. ඔවුන්ගේ අදහස වූයේ මෙමෙ සිද්දිය සැක සහිත බවය. මක්නිසාදටත් දෙදෙනුකුට මරු කැඳවා තවකෙකු රෝහල් ගත කල මෙමෙ අනතුරින් ත්‍රීවීලය පදවාගෙන ගිය රියදුරාට සීරීමක්වත් සිදුවී නොතීබීම නිසාය. මේ පිළිබඳව පොලිසියෙන් ඔහුගෙන් ප්‍රස්න කිරීමකදී පවසා තිබුනේ, එක් අයෙක් යාමට හදිසි කල නිසා ඔහු දුම් රිය පැමිනෙන බව දැක දැකත් හරස් මාර්ගයෙන් දැමූ බවත් හා අනතුරක ඉව වැටූ නිසා තම ජීවිතය බේරා ගැනීමට ත්‍රීවීලයෙන් ඉවතට පැනගත් බවත්ය. මේ පිළිබඳව මාගේ අවදානයද යොමු උනේ පොලිසියේ මහත්වරුන් මා හට කරුනු කාරනා පැහැදිලිකලායින් අනතුරුවය. කෙසේ වෙතත් පැය දෙකක් පමන ගතවීමෙන් පසුව නිවන්තිගෙන් ප්‍රකාෂයක් ගැනීමට ඔවුනට හැකිවිය. ත්‍රීවීලයේ රියදුරාට සමාන වූ ප්‍රකාෂයක් නිවන්තිගෙන් ලැබීම නිසා සැක කටයුතු ප්‍රස්න රැසකට පොලීසියේ මහත්වරුන්ට පිළිතුරු ලැබූ බව මම විස්වාෂ කෙරුවෙමි.

නිවන්තිට සිහිය පැමිනියද ඇයව ඇගේ නිවස බලා ගෙනයාමට ඔවුනට අවසර නොලැබුනේ තවමත් පරීක්ෂන කීපයක් සිදුකිරීම ඉතා අතයයා අවෂය බව දොස්තරවරුන් පැවසූ නිසාය. එම නිසා තවත් සතියකට ආසන්න කාලයක් ඇයට එම රෝහලේම් ප්‍රතිකාර ලැබීමට සිදුවිය.



"අයියෙ, ඔයා මෙහෙම කාමරේටම වෙලා ඉන්නකොට අපිටත් දුකයි. බලන්න ඇඟේ හැටි, ඇදිල ගිහිල්ලා. වෙච්චදේවල් අමතක කරන්න බැරි උනත් උත්සහ කරන්න. මොකද ඔයා ඔයාටම ඔය විදිහට දුක් දුන්න කියල ඔයාට ඒ සිදුවෙච්ච දේ ආපහු හරවන්න බැහැනෙ"
"ඔයාට තේරෙන්නෙ නැහැ නංගි"
"අනේ මේ ... කෙහෙල්මල.. ඔයා නිකන් පිස්සෙක් වෙනවා. වැඩට යන්නෙත් නැහැ දැන්. අපිත් බයන් ඉන්නෙ ඔයාට මොනව හරි වෙයි කියලා. අම්මත් මේ ටිකේම ඔයා ගැන කල්පනා කරලද කොහෙද පෙෂර් එකත් වැඩිවෙලා. ඔයා ඔයාට ඔනෙ මගුලක් කරගන්න. ඒත් ටිකක් අපි ගැනත් හිතන්න"

නංගීගේ කන්දොස්කෙරියාව ඇසීමට අකමැති වූ මා නිවසින් එලියට පැමිනියේ ඉමාෂා හා බ්‍රයන් වල දැමූ ස්ථානය වෙත යාමාය. වෙනදා මෙන්ම එම ස්ථානය අතුගා පිරිසිදු කල මා සුදු මල් කීපයකින් හා ඉටිපන්දම් කීපයකින් ඔවුන්ගේ සොහොන් ආලෝකමත් කලේය. ඔවුන්ගේ සොහොන් අසල අතීත මතකයන් කීපයට මියැදුනු මම මුහුදු වෙරළ දෙසට ඇවිද ගියේ කිසිම බලාපොරොත්තුවක්, අරමුණක් නොමැතිවමය.

වෙනදා මෙන් නොව අද වෙරළෙහිද කවුරුත් නැත. එමන්ම නිසලය, නිහඬය. පෙමවතුන් පිරිවරාගෙන සිටි වෙරළ අද මා මෙන්ම තනිවී ඇතැයි මම සිතුවෙමි. ඉමක් කොනක් නොපෙනන නිසලව ඇති මුහුද දිහා බලාගෙන නිහඩව ගල්පරයක් මත වාඩි වී මම සිටියේ තනිවමය. මුහුද දෙසින් හමා ආ සුළඟින් මට ඇගේ සුවඳ දැනෙන්නට විය. කොතරන්නම් කාලයක් අප මෙහෙ අත් අල්ලාගෙන ගත කරන්නට ඇද්ද. කොතරන්නම් අයිස්ක්‍රීම් ප්‍රමානයක් අප කා නිම කරන්නට ඇතිදැයි මම සිතුවෙමි. විටෙක පෙම්වතුන් අසලට එන බොරු සාස්තරකාරයන්ටත් ඉමාෂා සාස්තර ඉගැන්වූ වාර අනන්තය. බොහෝ අවස්තාවලදී ඇයගේ කටකාරකම් වලට පරාද වී ඉවත යන්නෙ අපට නොකෙකුත් කටකොනින් මුමුනමින්ය. නමුත් ඒ සියල්ල මගේ අතීතයට එකතූ වී හමාරය. තාලයකට ගල්පරයේ හැපෙන රළ තවමත් එලෙසමය. අප මෙහි නැති උනද අයිස්ක්‍රීම් වෙලෙන්දෝ මෙන්ම සාස්තරකාරයෝද ඇත. නමුත් ඇය නැවත මෙමෙ ස්ථානටය පැමිනෙන්නේ නැත. මා හා අත් අල්ලාගෙන අයිස්ක්‍රීම් කෑමට, සාස්තර කිවීමට ඇය නැත. ඒ සියළුම දේ මා දුටු ලස්සනම සිහිනයක් යන තේමාව යටතේ මාගේ අතීතයට එකතු වී හමාරය.

මුහුදු වෙරලෙහි මා ඇගේ මහකයන් හා සමග සිටි බව මට මතකය. නමුත් මා හදිසියේම තරමක සුවපහසු වූ ඇඳක් මතට පැමිනියේ කෙසේදැයි මාගේ මතකෙයේ නොතිබුනි. පිළෛවෙලකට තිබූ මේසය, පිළිවෙලකට අසුරා තිබූ පාවහන් හා අනෙකුත් දේ නිසා මා සිටිනුයේ ආගන්තුක කාමරයක බව මට වැටහූ නිසා මම මා සිටි ඇඳෙන් නැගිටීමට උත්සහ කලෙමි.

"හා හා .. පුතා කලබල වෙන්න එපා. ටිකක් ඉන්න ඔහොම."
"මම .. මේ ..... මේ .. මේ කොහෙද ඉන්නෙ මම"
"බය වෙන්න එපා පුතේ. ඔයා මුහුදු වෙරළෙ වැටිල ඉන්නව දැකල අපේ පුතයි එයාගෙ යාළුවෙකුයි තමා ඔයාව මෙහෙට ගෙනාවෙ."
"මොනව.. මම වැටිල හිටිය.. මට මතක නැහැනෙ"
"පුතාගෙ ඇඟ දුර්වලයි වගේ. මට බලපු ගමන් තේරුනා. මම මේ ඔයාට සුප් එකකුත් හදාගෙන එනකොටම තමා ඔයා නැගිට්ටෙ. ආ ඔය ආවෙ මගෙ පුතත්"
"ඔයාට සනීපද දැන් යාළුවා "

මොවුන් පවසනා දෙය මට පුදුමයක් උවත් මොවුන් කරුනාවන්ත පුද්ගලොයොයැයි මම ඔවුන්ගේ ක්‍රියාවලින්ම තේරුම් ගත්තෙමි. ඇත්තටම මට සිදුවූ කිසිම දෙයක් මතකයේ නොතිබීම පුදුමයකි. ගල්පරයෙහි තාලයකට වදිනා රැලි දෙස බලා සිටියා මතකය. එතනින් එහාට කොතරම් මතකය ගැනීමට මා උත්සහ කලද ඒ හැම උත්සහයක්ම අසාර්ථක විය. මා මෙම ස්ථානයට ගෙන ආ පුද්ගලයා ප්‍රියමනාප හා මනරම් සිනහවක් හිමි තරුණයෙකි. ඔහු නමින් අමිල ය. තවත් පැයක පමන කාලයක් මම අමිලගේ නිවසෙහි රැඳී සිටීමෙන් අනතුරුව ඔහු මා නිවසටම ඇරලූයේ තවත් මිතුදමකට දොර්ගුළු විවර කරමින්ය.

"මම කිව්වනෙ පුතේ ඔයාට. බලන්න ඔයාට වෙන කරදරයක් උනානම් එහෙම.. අපි කාට කියන්නද..අපිට කියල කොල්ලෙකුට ඉන්නෙ ඔයා විතරයිනෙ පුතේ. හිතුවක්කාරකම් කරන්න එපා. හියදේවල් ගියාවෙ. බලන්න අද හොඳ වෙලාවට අමිල පුතා ඇවිත් තියෙන්නෙ. කුඩු කාරයෙක් එහෙම ආවනම්"
"හරි හරි අම්මෙ.. මම දැන් ගෙදර ආවනෙ"
"මෙයාගෙ පන්ඩිතකම අම්මෙ. අද මමත් ආදරෙන් මට පුළුවන් විදිහට තේරුම් කරල දුන්නා. කොහෙද ඉතින් අහන් නැහැනෙ"
"ඔව් පුතේ. ඔයාට වැඩට ගිහාම අර ළමයි දෙන්නව මතක් වෙනවනම් ආයෙ නොයා ඉන්න. මොනව හරි ඉගෙන ගන්න ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා. එතකොට ඔයාට තව යාළුවො හම්බවෙයි. ඒක උදව් වෙයි ඔයාගෙ හිත හදා ගන්න. පරන දේවල් අමතක කරල දාන්න"
"ඒක නම් හොඳ අදහසක් අයියෙ. අපි කියන් නැහැ බ්‍රයන්ව අමතක කරන්න කියලා. මොකද ඔයලා දෙන්න හිටිය හැටි මමත් දන්නවනෙ. අම්ම කිව්ව විදිහට ප්‍රයිවට් කැම්පස් එකක මොක්කක් හරි ඩිග්‍රී එකක් කරන්න. කොළඹට වෙලා කරන්න. එතකොට යාළුවො සෙට් වෙද්දි පරන දේවල් අමතක කරන්න ඔයාට පුලුවන් වෙයි. වෙච්ච දේ උනානෙ අයියෙ. ඔයා මැරුනත් ඒ දේ ආයෙ ගන්න බැහැනෙ. ඒ නිසා අම්මගෙ යෝජනාව ගැන ටිකක් හිතල බලන්න."
"හම්ම්ම් .. මම හිතල බලන්නම්කො .."


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Saturday, July 4, 2015

හිතුවක්කාර ආදරය - 12 කොටස


මම නැතව පියවි සිහියට එන විට තරමක් සුව පහසු ඇඳක් මත වැතිර හිටියෙමි. දෙනෙත් විවර කර මා සිටි තැනින් නැගිටීමට උත්සහ කලද හිසෙට දැනුනු දැඩි වේදනාව නිසා මම එලෙසම සිටියෙමි. බොඳුවූ දෑසින් මම තාත්තාගේ රුව දැක ඔහුට කතාකෙරුවෙමි. එවිට ඔහුගේ විදානය මත හෙදියන් කීප දෙනෙක් හා අම්මාද නන්ගීද මා අසලට පැමිනියේය.

"තාත්තෙ ... මොකද උනේ ... බ්‍රයන් ..."

මා එසේ පවසනවාත් සමගම තාත්තාගේ දෙනෙතින් ගිලිහුනු කඳුළු බිඳු මා අත මතට එකිනෙක වැටුනේ මාගේ දෙනෙත් ද කඳුලින් පුරවමින්ය. ඇසීමට නොයෙකුත් දේ තිබුනත් සිදුවූ දේ පිළිබඳව දැන ගැනීමට ආසාවක් තිබුනද මම මද වෙලාවක් නිහඬව සිටියේ මගේ සිත සනසා ගැනීමටය.

"පුතාට කොහොමද දැනෙන්නෙ දැන් .. අමාරුවක් නැහැ නේද? "
"මට මොකද උනේ ඩොක්ටර්"
"ම්ම්ම්.. ඔයාට තේරෙන විදිහට කියනවනම්, ඔයාව කම්පනය වගේ ඇවිත් තියනවා. ඊට පස්සෙ ඔයාව සිහි නැතිව වැටිල. ඒ වැටුනු පාර ඔයාගෙ ඔළුව වැදිල තියනවා රේල් පීලක. බය වෙන්න දෙයක් නැහැ. අපි හිතුවට වඩා ඔයා ශක්තිමත් වගේ. මොකද අපි හිතුවෙ නැහැ ඔයා දවස් එකහ මාරකින් වගේ නැගිටීවි කියල"
"මොනව දවස් එකහ මාරක්.. එතකොට.."
"බය වෙන්න එපා. ඔයාගෙ රිපෝට් සේරම නොර්මල්. තව එකක් තියනවා කරන්න. ඒක තව දවස් දෙකකින් වගේ කලාම ඇති"

විනාඩි විස්සක් පමන මා පරීක්ෂා කර බැලූ ඔහු මා සිටිනා කාමරයෙන් පිටවී ගියේ ඔහු සමග සිටි හෙදියන්ට මොන මොනවදෝ පවසමින්ය. එමෙන්ම අම්මා හා නන්ගීද මා අසලට පැමිනියත් වෙනදා මෙන් ඔවුන්ගේ මුහුනු ආලෝකමත් නැත. කටකාරියක් වූ නංගීද නිහඬව මා අසලට වී සිටියේය.

"කවද්ද තාත්තෙ අවසාන කටයුතු. එතන වැඩ හරියට කෙරෙනවා නේද. අනේ මාව ගෙනියන්න කොහොම හරි"

මා එසේ ඇසුවද තාත්තා කඳුළු පිරි දෑසින් නිහඬව මා දෙස බලා සිටියේය. දෙතුම් වරක් ඔහු මා සමග කතා කිරීමට උත්සහ දැරුවද ඔහුගේ දෙනෙතින් ගලා ගිය කඳුළු එයට ඉඩක් නොදුන්නේය. මා මේ තත්වයේ සිටීම තාත්තාට දරාගන්නට අපහසු බව මම දැන සිටියෙමි. එම නිසා මම නැවතත් ඔහුගෙන් පිළිතුරු සෙවීමට උත්සහ නොදැරුවෙමි.

"හෙට පුතේ. ඔයාලගෙ ඔෆිස් එකට ගේනවලු දෙන්නවම. ඊට පස්සෙ විෂේෂ ආගමික කටයුතු වලින් පස්සෙ කනත්තට අරගෙන යනවලු. මොකද පුතේ උනේ"
"මම දන්නෙ නැහැ අම්මෙ. මම එතනට යනකොට සේරම වෙලා ඉවරයි. මම ආදරය කරපු ඒ චරිත් දෙක මගේ ඉදිරියේ වැටිල හිටිය. නිහඬව, නිසලව"
"ඒ කියන්නෙ ඔයාව සිහි නැතිව වැටෙනව ඔයා දන්නෙ නැද්ද"
"නැහැ අම්මෙ.. "
"හරි හරි.. අම්මෙ ඕව පස්සෙ කතා කරමු.අයියට ටිකක් නිදහසේ ඉන්න දෙන්න. ඔයාට බඩගිනිත් ඇතිනෙ. අපි සුප් එකක් හදාගෙන ආවා. එන්න අපි පොවන්නම් ඔයාට"




මා කුමක් කරම්දැයි මම හරි ආකාරව නොදැන සිටියෙමි. මේ මොහොතේ සිට මා ආදරය කල ඒ දන්ගකාරිය නොමැතිව කාලය ගෙවිය යුතුය. මාගේ මිතුරා නොමැතිව මා කාලය ගෙවිය යුතුය. නොයෙකුත් දේවල් වලින් මගේ හිත පෑරෙද්දී මගේ ඇස් වලින් කඳුලු වැටුනේ මටත් හොරාවටමය. අම්මා හා නංගී එම වැටෙන කඳුළු එකිනෙක මාරුවෙන් මාරුවට පිසදැමූවද, මා සැනසූවද මගේ මිතුරා නැවත එන්නේ නැත. මට ආදරේ කරන්න මට හාදු දෙන්න ඇය නැවත එන්නේ නැත.

"තාත්තෙ.. ඔය අනතුර වෙනකොට තව කෙනෙක් හිටියා. එයා ගැන ආරන්චියක් නැද්ද"
"නිවන්ති දුව් නේද.. එයා මේ වෙනකොට නවලෝකෙ නවත්වල තියෙන්නෙ. එයාටහ් සිහිය නැහැ තාම. දොස්තරල එයාලට කරන්න පුලුවන් හැම දේම කරනවලු පුතේ"
"නිවන්ති වාසනාවන්ත කෙල්ලෙක් තාත්තෙ. බය වෙන්න එපා සේරම හොඳින් සිද්ද වේවි"

පසුදින උදෑසන දහය පමන වන විට මට රෝහලෙන් පිටවීමට අවසර ලැබුනි. එම අවාරයට මගේ කන්නලව් කිරීමද බොහෝදුරට බලපෑමට ඇත. මාගේ රිපෝට් සියල්ලම හොන්දින් තිබුනේ එහි සියළුවම දොස්තරවරුන් පුදුම කරවමින් අතර ඔවුන් මා හැන්දින් වූයේ පිටසක්වලයා යනුවෙනි. කෙසේ වෙතත් මා හට නියම කර තිබූ ඉදිරි පරීක්ෂන වෙලාවට කරගන්නා ලෙසත් තව සතියක් දෙකක් යනකම් වෙනදාට වඩා ටිකක් පරිස්සම් වන ලෙසද ඔවුන් මට උපදෙස් දුන්නේය.

අහසේ පාටට සමාන වූ ලා නිල් පැහැති ඩෙනිමකින්, අත් නැවූ සුදු කමිසයකින් හා කළු පැහැති බාටා දෙකකින් මා සැරසුනේ මාගේ මිතුරාට හා ඇයට ගෞරව දැක්වීට යාම සඳහා හා මා එසේ ඇන්ද විට ඉමාෂා ආසා කල නිසාය. තාත්තා පැවසූ පරිදි අප කාර්යාලයයේ විෂේෂ වූ ආගමික කටයුත්තක් සූදානම් කර තිබුනේ එම සිරුරු දෙකට අවසන් ගෞරව දැක්වීමටය. එය ඔවුන්ට උරුම වූ දෙයක් යැයි මම සිතුවෙමි. කාර්යාලය වෙත යාමට මම මගේ ස්කූටිය පනගැන්වුවද මා නැවත එය අක්‍රිය කලේ මට දැනුනු තනිකම නිසාය. මම එනකම් පාර අසලට වී සිටින ඉමාෂා අද එහි නොමැත. විනාඩි පහෙන් පහට උඹ කොහෙදැයි නාද වෙන මාගේ දුරකථනය අද නිහඬය. කොතරම්ම හිතට වේදනාව දැනුනද මම නැවත මාගේ ස්කූටිය පනගැන්වූයේ මට මගේ ජීවිතයේ හමුවූ ඒ අපූරු චරිත දෙක අවසාන ගමන යන මේ මොහොතේ අවසාන ගෞරව දැක්වීමට මා එතන සිටිය යුතු නිසාය. ඔවුන්ගේ මතකයන්ගෙන් පිරී තිබුනු මාර්ගවලින් නොගොස් මම අපගේ කාර්යාලය වෙත ලඟාඋනෙමි. කාර්යාලය අසල මා නැවතී නිහඬව නිසල අහස දෙස බලා සිටියේ තවමත් මට මගේ සිත කීකරු නොවූ නිසාය.

"දිනුක කොහෙද ඔයා ඉන්නෙ"
"මම ඇවිල්ල ඉන්නෙ සර්.. මට දුකයි ඇතුලට එන්න"
"මට තේරෙනව පුතා. ඉන්න මම එන්නම් එළියට ඔයාව ගන්න. ඔයා එනකම් තමා සේරම බලාගෙන ඉන්නෙ. මේ ආගමික කටයුතු ඉවර කරන්න"

සරත් සර් පැවසූ පරිදිම ඉතා ඉක්මනින් මා සිටිනා තැනට පැමිනියේය. මගේ හිත සනසා ඔහු නොයෙකුත් දේ කීවේය. දෙනතට බර වී තිබූ කඳුළු මොහොතකට සඟවාගෙන මගේ මේ හිතට දැනුන වේදනාව මොහොතකට දරාගෙන මම සෙමේන් සරත් සර් පිටුපසින් පිය නැගුවෙමි. පාර දෙපසහි දමා තිබූ සුදු කොඩි වැල්ද ඒ මේ අත දැඟලුවේ මේ වෙන්වයාම සොබාදහමට පිළිහත නොහැකිබව හඟවමිනි.

මා කාර්යාලයට ඇතුලුවෙනවාත් සමගම බ්‍රයන්ගේ පවුලේ පිරිස හා ඉමාෂා ගේ තාත්තා කෑ ගසමින් හඬාවැලපීමට පටන් ගත්තේ මා වැලඳගෙනය. ඔවුන්ගේ කඳුළුවලින් මගේ මුළු ශරීරයම තෙත් වීමට ගත වූයේ තප්පර කීපයක් වූ අතර මගේ නැගනියගේ හා සරත් සර්ගේ උදව් උපකාර ඇතුව ඔවුන්ව පාලනය කරගැනීමට හැකිවිය. මේ සියළුම දුක් සෝ සුසුම් මැද මම සෙමින් සෙමින් පිය නැගුවේ ඒ නිසල සිරුරු අසලටය. මගේ තනියට සිටි මගේ ආඩම්බරකාර මිතුරා නිහඬය. මා අසල දඟකාරකම් පෑ ඒ යුවතිය අද නිහඬය. ඔවුන් දෙදෙනාම මා දෙස නිහඬව නිසලව බලා සිටියේ මා තනිකර මගෙන් වෙන් වෙලා ගියාට සමාව අයදින්නාක්මෙනි. ඔවුන් හා ගතකල ඒ සුන්දර මතකයන් මතකයට එනවාත් සමමගම මා මෙතෙක් වෙලා සඟවා සිටි කඳුළු කැට එකිනෙක පිළිවෙලකට මාගේ තොල්පෙති මතට වැටුනේ මම නොදැනුවත්වමය. ඒ මොහොතේම මා ආසලට පැමිනි මාගේ තාත්තා මාව තදින් අල්ලා ගත්තේ ම නැවත අසනීප වෙයි යන බයට විය යුතු අතර හිත හයියට තියයාගෙන ඔයාගෙ යාලුවො දෙන්නට ආදරෙන් සමුදෙන්නයැයි මා හට මුමුනන ගමන්මය.

'බ්‍රයන්, මගේ ලඟට වෙලා නියම මිතුරෙක් විදියට උඹ ඒ මිතුදමේ යුතුකම ඉටුකලා. උඹව මට හැමදාම මතකයේ තියේවි. සමාවෙයන් මම ඒ වෙලාවෙ උඹ එක්ක හිටියෙ නැති එකට. ආයෙමත් දවසක ඉපදියන් මගේම යාළුවා වෙලා. එදාට අයෙමත් යමු බියර් එකක් බොන්න සිගරට් දුම් බෝල යවන්න, සුපුරුදු තැනටම. මගේ ළඟ දන්ගකාරකම් කරල ලොකු ලොකු කතා කියල ඔයා අද නිහඬව ඉන්නවා නේද ඉමාෂ. මෙච්චර ඉක්මනට මගෙන් යන්නද මෙතරම්ම මට ලෙන්ගතු උනේ. ටිකක් ඇස් ඇරල බලන්න මම ඔයා ගාවමයි ඉන්නෙ. ඔයත් මට ගොඩාක් සමාවෙන්න ඒ අවසාන වෙලාවෙ ඔයා එක්ක හිටියෙ නැති උනාට. ඉන්නා තැනක හොඳින් ඉන්න. බ්‍රයන් ඔයාව හොඳින් බලා ගනීවි. ආයෙමත් දවසක කවදා හරි අපි හමුවෙමු. වැස්සෙ අයිස් ක්‍රීම් කමු. පන්සල් යමු. ආයෙමත් සිල් සමාදන් වෙමු. මුහුදු වෙරළෙ අත් අල්ලන් ඇවිදිමු'

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...