Monday, June 29, 2015

5 Rules To Ensure Proper Programming Style

Following a proper programming style lets you increase functionality. There are multiple rules you can follow to attain better programming style. You need to ensure a visible reduction in occurrence of software disasters. Today we have listed 6 rules to follow to adopt to proper programming style.





1. Readability of code

Your code needs to be readable and understandable. It needs to be formatted in consistent manner. Developers need to use meaningful names for all functions and variables with concise and accurate comments. It is very important to add clear notes of all tricky sections. You must be clear on reasons about functionality of software.

2. Right Naming Conventions

You must know the right names of classes, functions and variables. You need to make sure that you capitalize the first letter of particular class name and for separating multi-word names. Capitalization of names of constants and use of underscores for separating words are important things too. Always remember that first letter of particular function or variable name is always in lowercase. You need to pay your attention to correct use of abbreviations.

3. White Spaces

White spaces help in enhancing the readability of your code. They are definitely meaningless for compilers. You can leave three blank lines between functions You can also use individual blank lines within function for separate critical code sections.

4. Maintainability of code

Developers need to write straightforward code so that different programmer should be able to make moderation to functionality. This is very important approach as it helps in fixing bugs. Programmers need to ensure that functions used in code are general with all key values being marked as constants. Code has to robust and capable of handling any kind of input.

5. Easy to understand comments

Comments need to be meaningful and clear. Volume of comments doesn’t matter but quality does. You must use /*comments*/ style for writing the comments. You can ensure that comments are included in top of every source file. You can opt for including your name and date on which code was written. The brief description helps a lot in future. A good description of critical function needs to included in comment.

උපුටා ගැනීම 

Tuesday, June 23, 2015

හිතුවක්කාර ආදරය - 11 කොටස



මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය.

"මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද"



මා ප්‍රමාද වී පැමිනීමට හෙතුව ඇය නොදැන සිටි නිසා මම ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ ඇයට මාගේ යතුරුපැදියට ගොඩවීමට ආරාධනා කරමින්ය.පසුව මම සියළු කරුනු කාරනා ඇයට පැහැදිලිකරදුන් අතරම ඇයගේ ඇස් කඳුලින් තෙත් වූයේ හරි කාරනය නොදැන මට දොස් නැගීම නිසාය. එසේ දොස් නැගිමට එරෙහිව ඇයවිසින් ඉදිරිපත් කල සමාව මා පිළිගත් නිසා නැවත ඇයව යතා තත්වයට ඉතා ඉක්මනඉනින්ම ගෙන ඒමට මට හැකිවිය.

"දිනුක මොකද්ද බන් මේ අත්තම්මගෙ කතාව"
"උඹ කොහොමද දන්නෙ"
"මට නිවන්ති කිව්වා"
"බලපන්කො ඉතින් නිවුස් යන ඉක්මන"
"හරි හරි මම සම්පූර්න කතාව දන්නවා. ඒක නෙමේ අර වැඩේ හරි. උඹට තියෙන්නෙ වෙලාවට එයාව එක්කන් එන්න විතරයි හරිද"
"හරි හරි බන්.. එක තප්පරයක්වත් මම එහාට මෙහාට කරන්නෙ නැහැ"
"මොනවද අනේ හරි තප්පරේටම කරන්න හදන්නෙ.. අපිදන්නෙ නැද්ද ඉතින් ඔයාල දෙන්න ගැන."
"මැඩම් මැනස් කියල දෙයක් තියනවා නේද, වැදගත් ඔෆිසර්ල දෙන්නෙක් කතාවක ඉන්නකොට ඔහොම එකපාරටම එනවද"
"ආ ... බලන්නකො මෙයාලගෙ තියන ගෑස්.. එන්න නිවන්ති අක්කි ... ටක් .. ටක් .. ටක් .. එක්ස්කියුස් මී සර් .."
"කමින් .."
"ඔන්න දැන් හරිනෙ, ඔයාලගෙ විදිහට අපි ආවා"
"මොකද දෙන්න මේ පැත්තෙ"
"ඇයි අනේ අද අර කම්පැනීස් දෙකකට යනවා කිව්වා නේද අපේ පැකේජස් ප්‍රමොට් කරන්න"
"මතකයි. ඔය ගැන තමා මමයි බ්‍රයනුයි කතාකරමින් හිටියෙ ඔයාල එනකොට, බ්‍රයන් ඔයා මේ දෙන්නව අරගෙන යන්න"
"ඇයි උඹ එන්නෙ නැද්ද"
"එනවා එනවා.. මම හරියටම අටයි පනහ වෙනකොට ඇති. බොසා මොකක්ද වැඩක් කියල ඉන්නලු බන්. පොඩි වැඩක් තියෙන්නෙ"
"හරි හරි ඔයාගෙ ඔය වැඩේ කරල එන්නකො එහෙනම්. නිවන්ති අක්කි වීල් එකකට කතා කලා නේද?"
"වීල් .. ඒ මොකද? ඇයි වාහන නැද්ද"
"එකක පැච් එකක් ගිහ්න් තාම ඒක මගලු. අනික බොස්ට ඕනලු කොළඹ යන්න"
"ඒකත් එහෙමද, එහෙනම් බ්‍රයන් උඹ යමන් මෙයාල දෙන්න එක්ක. මම එන්නම්"
"වෙලාවට වරෙන් හරි"

බ්‍රයන්ගේ ආදර ජවනිකාව මාගේ දෑසින් බලා ගැනීමට මම ආසාවකින් සිටියෙමි. බොසාගේ මේ ඉවර කිරීමට නොහැකි උවත් මම බ්‍රයන් දුන් වෙලාවට වේදිකාවට නගිනවායැයි සිතුවෙමි. බ්‍රයන් ඇතුළු පිරිස පිටව ගොස් තප්පර කිපයකින් ඉමාෂා නැවත මාගේ කාර්යාලයට දිව ආවේ මගේ දෙතොල් දඟකාර හාදුවකින් සැරසීමටය. කවදා මේ දඟකාරකම්, කෙලිලෝලකම් නවිතීවිදැයි මම සිතුවෙමි. ඔවුන් පිරිස පිටවී ගොස් විනාඩි දයකින් පමන අපගේ බොස් මාගේ කාර්යාලයට පැමිනියේ දුරකථන ඇමතුමක්ද සමග දැඩි කලබලයකිනි. ඉතා ඉක්මනින්ම දුරකථන ඇමතුම විසන්දි කල ඔහු මාගේ මේසය මත තිබූ වතුර විදුරුව හිස් කලේ තනි උගුරකටය.

"මොකෝ සර් ඔය.. දහඩිය දාගෙන.. කලබලයකින් වගේ. මොකක්ද අවුල"
"දිනුක.. අපේ ළමයි ගිය වීල් එක ඇක්සිඩන්ට් වෙලාළු"
"මොනවා ..."

එම විස්තරය ඇසූ විගසම මම හිඳි ඉබේටම නැගිටූයේ වීල් එකේ සිටියේ බ්‍රයන් ඇතුළු පිරිස බව මා දන්නා නිසාය. ඊ තලයක වේගයෙන් මම අනතුර වූ ස්තානයට දිව ගියෙමි. මාව අනුගමනය කරමින් අපගේ බොස්ද මා පසුපස පැමිනියේය. පාරට පැමිනෙනෙවාත් සමගම අප ආයතනයට මදක් එහයි තිබූ දුම් රිය මාරුවන ස්තානයේ මිනිසුන් පිරිසක් වටවී ඇති අයුරු මම දුටුවෙමි. එමෙන්ම ගිලන් රථයක්ද වේගයෙන් රෝහල දෙසට යානවා මම දුටුවෙමි. මිනිසුන් වටවී ඇති නිසා පොලිස් ආරක්ෂාවද එම ස්ථානයට යොදා තිබීම නිසා එතට යාමට තරමක් අපහසු උවත් අපගේ කාර්යාලය ඇඳුනුම්පත නිසා අප හට යාමට එතරම්ම අපහසුවක් නොවීය. එම ස්ථානයේ සිට පැමිනි පුද්ගායෙකුගෙන් මම විස්තර විමසුවේ මා අනතුර වූ ස්තානයට යාමට පෙරය.

"මොකද අයියෙ මෙතන උනේ"
"කොච්චිය එනව දැක දැක වීල් එක දැම්ම මල්ලී. අපි බලාගෙන හිටියෙ. එහෙන්ම ඇමිනිලා ගියා වීල් එක. දෙන්නෙක් එතනමයි. ගෑණු ළමයෙකුට බරපතලයි. එයාව තමා දැන් අරගෙන ගියේ"

ඔහුගේ කතාව ඇසීමත් සමගම මගේ හදවත මොහොතකට නැවතුනා සේ මට දැනුනි. මුළු පරිසරයම නිහඬ වූ වී අහස අඳුරු වූ ගතියක් මට දැනුනි. රැස්ව සිටි පිරිස අතරින් මා ඉදිරියට පැමිනියේ හිස් වූ මනසකින් වූ අතරම තැලී පොඩී වීගිය ත්‍රීවීලය පළමුවෙන්ම මගේ නෙතු ගැටුනි. දෙවනුව දුටු දසුනත් සමගම මගේ දෑස් කඳුලින් පිරී බොඳවී යාමට ගතවූයේ තප්පරයකිනුත් අඩු කාලයකිනි. මෙතුවක් කාලයකට මිතුරුකම් පෑ මගේ එකම මිතුරා මගේ සහොදරයා නිහඩව නිසලව බිම වැතිර සිටියේය. දඟකාරකම් පෑ කෙලිලෝල කම් පෑ මා ආදරය කල එකම යුවතිය මගේ මිතුරාගේ සිරුරට මදක් එහයින් තිබුනේ නිහඬවය. නිසලවය. වෙනදාමෙන්ම ඒ ඇස් අලන්කාරව තිබුනද දිළිසන්නේ නැත. ඒ තොල්පෙති අද නිසලය. මා මේ දකිනා දේ ඇත්තමයැයි පිළිගැනීමට මට අපහසු වූ අතරම වටපිටාව සියල්ල අඳුරු වී යන ගතියක් මට දැනුනි.


කෝඩුකාර ඔය හිතට
මේ තරම් ආදරේ කරපු හැටී
ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නැති තරම්
මට ආදරෙයි කිව්ව ඔය හිතම
මාව මෙතරම්ම තනි කරල යන්න තරම්
දරුණු වූ හැටී
අදහන්නවත් බැරි තරම්
ඔය හිත ඇබිත්තක්වත් නොරිදවීමට
මම මටම පොරොන්දු වූ හැටී
මම ආදරේ කලා ඒ තරම්ම
ඒත් අද ඒ ආදරේ



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, June 9, 2015

හිතුවක්කාර ආදරය - 10 කොටස


විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි. මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස, අප ලැබූ ඉහලම ජයග්‍රහනයකි.

"ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද"
"ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද මිස්ටර් වික්‍රමසින්හ එනවා කිව්වා"
"ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම් අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්‍රයන් කකුල කොහොමද දැන්"
"තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක ඇරිල යාවි"
"ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න. තව දෙයක්, වික්‍රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ"
"අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක් උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්"



ලොක්කාට සමුදුන් අපි දෙදෙනා ඊයේ සිදුවූ දේට සමාව අයැදීමීට රන්ඩුව ඇති වූ ස්ථානයට ගියෙමු. එහෙදී ඊයේ දිනයේදී කෑමට නොහැකි වූ මැගි නූල්ඩස් දෙකද අවසන් කල අප දෙදෙනා නැවත කාර්යාලය වෙත ගියේ බ්‍රයන් මිමිනූ ආදර ගීතයත් සමගමය.

වැඩමුළුව නිසා අප කාර්යාලයේ සියලුම දෙනාට ගෙවී ගිය දින කීපය ඉතා කාර්යබහුල දින කීපයක් විය. සම්පත් ඇතුළු අපගේ අළුත් පිරිසේ මහන්සිය හා උනන්දුව නිසා වැඩමුළුව සාර්තකව නිමකිරීමට හැකිවිය. එය ඔවුන් ලද ඉහලම ජයග්‍රහණයක් විය. කරුණුකාරනා මෙසේ සමබරව තිබියෙදීත් මාගේ සිත මදක් කලබලගතියෙන් යුතු වූයේ මා හට ලැබුනු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් නිසාය. ඉමාෂා මා දකින ලස්සන සිහිනයක් බවත් ඇයව පරිස්සම් කරගන්නා ලෙසත් එම දුරකථන ඇමතුමෙහි සඳහන් විය. අසීස් ළඟ නැති අඩුව මේ මොහොතේ මට තදින්ම දැනෙන්නට විය.

"උඹ ඔය කෝල් එක ගැන ඉමාෂට කිව්වද"
"ඔව් මම කිව්වා. එයා තාත්තටත් කියලා"
"මේ ප්‍රස්නෙ දුරදිග යනව වැඩියි බන්."
"ඒක තමා බ්‍රයන්, අපි මෙහෙම ඉඳල වැඩක් නැහැ. මොනව හරි කරන්න ඕන. අසීස් හිටියනම්"
"ඒක තමා බන්. මම ඊයෙ ට්‍රයිකලා මිනිහව සම්බඳ කරගන්න. ඒත් බැරිඋනා"
"අපි තව ටිකක් ඉවසල බලමුකො. හැබැයි ඉමාෂාට කරදරයක් කලොත් ..."
"ඒක තමා දිනුක මටත් බය. කාට හරි අපි එක්ක අවුලක් තියනවනම් ඒක අපි එක්ක විසඳගන්න ඕන පිරිමියෙක් විදිහට ඇවිල්ලා."
"කෙවිය තරහින් ඉන්නෙ බන්. දන්නවනෙ මිනිහගෙ හැටි. සල්ලිවලට ඕනම දෙයක් කරයි. මතකනෙ ඩොලර් වලට කෙවියගෙ ගෑනිව දුන්නා සුද්දෙකුට ඇඳ උනුසුම් කරන්න"
"ඒක ඇත්ත. කෙවිය මහ එපා කරපු එකෙක්. උන් ඔය ඉමාෂාව අල්ලගෙන ඉන්නෙ උන් දන්නවා උබේ දුර්වල තැන එතන කියලා"
"හම්ම්ම්.. බ්‍රයන් මම දැන් යනවා ඉමාෂව ඇරලවල එන්න. උඹ හයහ මාරට විතර ඔඩීලියා එකේ උඩ හිටපන් මම එන්නම් හරි"

බ්‍රයන්ට එසේ සමුදුන් මම ඉමාෂා හා වෙරළ තීරයට ගියෙමි. ඇය මුහුදු රැල්ලට එයින් හමා ආ සුළඟට මටත් වඩා ඇළුම්කලෝය. සමහර වෙලාවට මම මුහුදු වෙරළට අකමැති වූයේ එම හේතුව නිසා විය යුතුය.

"මගෙ හිතට මොකක්දෝ බයක් දැනෙනවා දිනුක"
"ඒ මොකෝ"
"අර ජරා මිනිස්සු ඔයාට මොනව හරි කරදරයක් කරයි කියලා. ඉගෙනගත්තෙ නැති මෝඩ මිනිස්සු"
"ඔයා බයනොවී ඉන්නකො. සේරම හොඳින් සිද්ද වෙයි"
"බැරිවෙලා හරි මාව ඔයාට නැති උනොත් ඔයා හොඳින් ඉන්න ඕන හරිද. මම වෙනුවෙන් මේ පුංචි කෙල්ලගෙ ආදරේ වෙනුවෙන්, මේ පුංචි කෙල්ල මැවූ හීන වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕන හොඳින් හරි.. අනේ මොකද අනේ ඔය කරන්නෙ. මගෙ කොන්ඩෙ අවුල්කරන්නෙ මොකද?"
"නෑ මම මේ බැලුවෙ ඔළුව කොහෙ හරි වැදිල ඉදිමිලාද කියලා. විකාර දොඩවන හින්දා"
"නෑ දිනුක මම ඊයෙ හීනයක් දැක්කා.. මම මේ සේරගෙන්ම පැනල ගිහිල්ලා කැලේක භාවනා කරනවා"
"මම කිව්වෙ.. "
"නැහැ නැහැ .. සාමාන්යයෙන් මම දකින හීන ඇත්ත වෙනවා. ඒකයි කිව්වෙ ඔයාට"
"දැන් ඕක වෙන්නෙ මෙහෙමනෙ.. අපි දෙන්න හනිමුන් එකට යන්නෙ කැලයක් මැද්දෙ තියන ලස්සන තැනකට වෙන්න ඇති. ඔයා සොබා ධහමට ආස නිසා ගලක් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා ඇති. ඕක තමා ඔයාට ඔය භාවනා කරනවා වගේ දකින්න ඇත්තෙ"
"ඔය කිව්වෙ ඉතින්.. හනිමුන් යන්නෙ ගලක් උඩට වෙලා භාවනා කර කර ඉන්නද"
"හරි හරි දැන් භාවනා කලා ඇති. යමු අයිස්ක්‍රීම් එකක් කන්න"

මා ඇය හා සිටිනා විට මගේ හිත සැහැල්ලුවෙන් තිබෙනා හැටි පුදුමාකාරය. මනස කොතරම් අවුල් වියවුල් උවද ඇය ලඟට වී ඇය දෙස බලා සිටිනාවිට සිතට දැනෙනා දේ සිතට හැඟෙනා දේ නිවරැදිව විස්තර කිරීමට මම නොදැන සිටියෙමි. ඇය ළඟ සිටිනා හැම මොහොතක්ම එතර්ම්ම සුන්දරය, අලංකාරය. එමෙන්ම මා ජීවිතයේ කල හොඳම දේ ඇය හා සීටීමට යන්න මට සිතූ වාරගනන අනන්තය, අප්‍රමානය.

"දිනුක ඒක නෙමේ, ඔයා මාව අතහැරල වෙන කෙල්ලෙක්ව යාළුකරගන්න"
"ඒ මොකෝ ඒ"
"ඊට පස්සෙ ඒ ගෑණු ළමයව අතහැරල ආයෙත් මගේ ළඟට එන්න. මොකද අර කතාවක් තියනවනෙ පිරිමි ළමයෙකුගෙ අන්තිම ආදරයයි ගැහැණු ළමයෙකුගෙ මුල් ආදරයයි එකතු උනොත් ඒ ආදරය සදා අමරණීයයි කියලා"
"එතකොට අර මම අතාරින ගෑණු ළමයට මොකද වෙන්නෙ, ඒක එයාගෙ පළමු ආදරයනම්"
"ම්ම්ම්ම් ... හොඳ තර්කයක්.. හිතන්න ඕන දෙයක් "
"ඔයාටනම් අද මොකක් හරි වෙලා තියනවා ඉමාෂා. නැතිනම් ඔයාගෙ ඔළුව කොහෙම හරි වැදිල තියනවා. නැතිනම් මෙහෙම මනස්ගාත දොඩවන්නෙ නැහැනෙ"

ඇයගේ විකාර වූ අදහස් සමග ගත කල විනාඩි කීපයකින් අනතුරුව මම ඇයව ඇගේ නිවසට ඇරලුවෙමි. ඇගේ විකාර වූ අදහස් නිසා මාගේ හවස්වරුවම බොඳවී තුබුනද ඇගේ සුවඳ තවමත් මාගේ ලඟ දැවටුන නිසා සිහිනලෝකයේ අතරමන් වෙමින් මම මගේ නිවසට පැමිනියෙමි. තනිවම සිනහවීම, නොයෙකුත් ජවනිකා තනිවම රඟදැක්වීම යන රෝග ලක්ෂන නිසා මම ආදරයෙන් වල්මත් වී ඇති බව මට සිතුනෙමි. මගේ දුරකථනය නාදවීම නිසා මා අතරමන් වූ ඇගේ ලෝකයෙන් නැවතත් පාර සොයා පියවි ලෝකයට පැමිනීමට මට හැකිවිය.

"කොහෙද බන් ඉන්නෙ.. මම මෙතන දැන් තනියම විනාඩි හතළිහක් විතර. තාම උඹ ඉමාෂ එක්කද ඉන්නෙ"
"මචන් බ්‍රයන්.. මාර වැඩේනෙ. මට අමතක උනා උඹ මම එනකම් ඉන්නවා කියලා. ඉතින් මම කෙලින්ම ගෙදර ආවා. සොරි බන්"
"උඹ මාර පොරක්නෙ. කෙල්ල හින්දා දැන් මාවත් අමතකවෙන්න ගත්තද"
"අනේ එහෙම කියන්න එපා. එයාට කලින් උඹව මට ලැබුනෙ. ඔහොම හිටපන් විනාඩි පහෙන් එන්නම් ඔතන්ට."
"නෑ නෑ .. මේ දැන් අම්ම එන්න කිව්ව බන් දොස්තරගාවට යන්න. අපි හෙටම සෙට් වෙලා කතා කරමු."
"අම්මට මොකෝ බන්. ඊයෙත් හොඳට හිටියනෙ"
"එයා හොඳින් බන්. මොනවද රිපෝට් වගයක් ගන්න තියනවලු."
"එහෙමද.. එහෙනම් හෙට සෙට් වෙමු. මොනව හරි තියනවනම් කියපන්. මාත් එන්නම්"
"ඕකේ..ගුඩ් නයිට්"

බ්‍රයන්ව අද හවස්වරුවේ අමතවීම පිළිබඳව මට ඇති වූයේ ලැජ්ජාවකි. නමුත් ඔහු කරුනු කාරනා තේරුම් ගැනීමට හැකි හොඳ මිතුරෙක් නිසා මගේ අතින් මිතුරෙකුට නොදැන වූ වරදට සමාව ලැබෙනවා නොඅනුමානය. පාන්දර පහට පමන මාගේ දුරකථනය නාදවන හඬ හීනෙන් මෙන් ඇසුනු නිසා මම නිදිමත ගතියේම දුරකථනය අතට ගත්තෙමි. එහි බ්‍රයන් යන නාමය දිස් වීම නිසා මට ඔහු ගැන ඇතිවූයේ පුදුම ආදර හැඟීමකි. නිදහසේ තවත් පැයක් පමන නිදාගැනීමට තිබූ අවස්තාවක් ඔහු නිසා මට මගහැරීයන අතර මෙතරම්ම පාන්දර ඔහු මාව අවදිකරවූයේ යම්කිසි කරදරයක්දැයි සිතා මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

"ගුඩ් මෝර්නිං මචන්.. උඹ නිදිද"
"අනේ නැහැ.. මම මේ මල් පැල්වලට වතුර දාන ගමන් ඉන්නෙ."
"හරි හරි ඉතින් .."
"ඇයි යකෝ මේ පාන්දර කෝල් කරල නිදිද කියල් අහන්නෙ. හරි හරි මොකෝ මේ කවදාවත් නැතිව පාන්දරම. තව පැයක් විතර අගේට නිදාගන්න තිබුනා බන්"
"නිදාගන්න පුළුවන් බන් පස්සෙ. උඹ හය වෙනකොට වරෙන් අද හරි"
"ඒ මොකද බන්.. අද සිකුරිටිය නිවාඩුද, ගේට්ටුව අරින්නද එච්චර උදෙන්ම යන්නෙ"
"ඔෆිස් එකට නෙමේ බන්, සුපුරුදු ස්ථානයට වරෙන්. අසීස් ඇවිත්"
"මේ හදිසියේ.. "
"ඔව්. මිනිහට පාන්දරම අපි දෙන්නව මීට් වෙන්න ඕනලු"

අසීස්ට කවදාවත් නැතිව අපිව පාන්දරම හමුවීමට ඇති ආසාව කුමක්දැයි මම කල්පනා කලෙමි. එමෙන්ම හදිසියේම ඔහු ලංකාවට පැමිනියේ ඇයිදැයි යන්නද තවත් ගැටලුවකි. කෙසේ වෙතත් මම බ්‍රයන්වද රැගෙන නියමිත ස්ථානයට ළඟා වුනෙමි. වෙනදා මෙන්ම සුහදව පිළිගනු ලැබූ අතරම ඔහුගේ මුහුණ සතුටින් පිරී තිබුනි.

"ගුඩ්මෝර්නිං අසිස්.. මොකද මේ කවදාවත්ම නැතිව පාන්දරම"
"ගුඩ්මෝර්නිං දෙන්නටම.. මම මේ එන්න කිව්වෙ වැදගත් දෙයක් ගැන කතා කරන්න"
"ඒ මොකක්ද ඒ"
"මගේ වයිෆ්ට දුවෙක් ලැබුනා. ඉතින් මම මේ බැළුවෙ ලංකාවෙන් යන්න කියලා අවුරුදු පහ හයකට. අනික මේ වැඩවලින් ඈත් වෙලා වෙනම ලයිෆ් එකක් හදාගන්න කියල් බැලුවෙ"
"ඒකනම් හොඳ අදහස තමා. අපිත් ඔය ගැන කතා කරන්න හිටියෙ ඔයා එක්ක. මොකද පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් එක්ක අපිත් හිතුවා ඔය ගැන"
"මට ඔයාල දෙන්නව විස්වාසයි. මේ සමාජය අපිට හොඳ ජීවිතයක් ගතකීරීමට ඉඩ දෙයිද කියන එකයි ප්‍රස්නෙ"
"ඒ ගැන බය වෙන්න එපා අසීස්.. අපි අතරෙ තිබූ මේ බැඳීම නිසා තමා අසීස් අපිට මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ"
"ඒක ඇත්ත දිනුක. ආයෙමත් දවසක් ඒවි අපිට හමුවෙන්න.. අපි එදාට අයෙමත් හමුවෙමු එහෙනම්."
"මේක සමුගැම්මක්ම නෙමේ. අපි ආයෙමත් හමුවෙමු. මොකද අපිට කරන්න බැරිව ගිය එක මිෂන් එකක් තියනවා. ඒක අපි ඉවරයක් කරමු. මොකද දුප්පත් මිනිස්සුන්ට් ගොඩක් සහනයල් ලැබේවි"
"ඔය කියන්නෙ රොබින් හුඩ් මෙහෙයුම ගැන නේද"
"ඔව් ඔව්.. අපි ඒ ගැන කතා කරමු පස්සෙ. අනික ඔයාල දෙන්න පරිස්සමට ඉන්න. තව දෙයක් අපි එදා ට්‍රාන්ස්පෝට් කරපු බඩුවල සල්ලි හම්බවෙයි ලබන සතියෙ. මම ඔයාලට දන්වන්නම්. ඒ සල්ලි වලින් අපි ප්ලෑන් කරපු විදිහටම අර අසරණ ළමයින්ට ඉස්කෝලෙ යන්න හදල දෙන්න. "
"හරි අසීස්, ඒ වැඩ ටික මමයි දිනුකයි බලා ගන්නම්. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්"
"ඒ වගේම බ්‍රයන් ඔයා තව අවුරුදු දෙකකින් ප්‍රාදේශීය සභහවට ඉල්ලන්න ඕන. එතකොට අපේවැඩ තවත් ලෙහෙසි වෙනවා. ඒ නිසා දැන්මම ඒකට ඕන මූලික අඩිතාලම දාගන්න. මොහොමඩ්වත් එවන්නම් මම තව මාස දෙක තුනකින් ආපහු."

අසීස්ගේ මේ නික්මයාම අපදෙදෙනාටම අදහා ගත නොහැකි දෙයක් වූ නිසා අප දෙදෙනා මදක් නිහඬව සිටියේය. අසීස් පැමිනි රථය නොපෙනී ගියායින් පසුව අප දෙදෙනාද කාර්යාලය වෙත ගියේ නිහඬවමය.

"මට හිතෙන්නෙම මිනිහ අපිට නොකිව්ව දෙයක් තියනවා බ්‍රයන්. නැතුව මෙච්චර බලගතු චරිතයක් මෙහෙම එකපාරටම ඉවරවෙයිද බන්"
"හම්ම්ම්.. අපි දෙන්නටත් ඕන වෙලා තිබුනෙ ඕකනෙ ඉතින්. මේ වැඩ වලින් ඈත් වෙලා ඉන්නනෙ"
"දැන් උඹ හිතනවද අසීස් නැහැ කියල අපිට හොඳින් ඉන්න පුළුවන් වෙයි කියලා. අපි ගනුදෙනු කල මිනිස්සු එතකොට"
"මෙච්චර දවස් අපි බිස්නස් කලානෙ බන්, අපිව නුරුස්සන එකෙකුට කියල ඉන්නවනම් ඉන්නෙ කෙවිය විතරනෙ, ඒකත් මේ උගෙ මල්ලිගෙ සිද්දියක් නිසානෙ"
"උඹේ මතයත් හරි."
"මේ අසීස්ව අමතක කරපන්කො ටිකකට, කොහොමද මේක"
"අඩෝ.. මුද්දක් නේද.. මාර ගති බන්. "
"මගෙ තේරීම තමා.. අද නිවන්තිගෙ උපන්දිනේනෙ. "
"ආ ඒ කියන්නෙ අද උඹ ප්‍රොපොස් කරනවා.. බය වෙන්න එපා මචෝ සේරම හරි යනවා"
"අද අපිට පොඩි වැඩ වගයකට එලියට යන්න තියනවා නේද, උඹ නිවන්තිව එක්කගෙන නමයයි හතර වෙනකොට ඔඩීලියා එක උඩට එන්න ඕන හරි"
"නමයයි හතර.. උඹ නැකතකුත් බැලුවද"
" මොන නැකැත්ද බන්.. නිවන්ති ඉපදුන ටයිම් එක ඒක"
"උඹත් මාර පොරක්නෙ.. ඒවත් හෙව්වද"
"දන්නවනෙ ඉතින් මම ගැන උඹ. උඹ වෙලාවට කෙල්ලව එක්කගෙන ආවම පොඩි වයලින් පාර්ට් එකක් එක්ක බර්ත්ඩේ විෂ් එක දෙනගමන්ම මම මගේ ආදරේ කියනවා"
"උඹ මෙච්චර පිටපතක් ලියල කියල මම දන්නෙ නැහැනෙ බන්. මම මගේ වැඩේ හරියට කරන්නම්. බ්‍රයන් මම ගිහින් ඉමාෂව එක්කගෙන එන්නම්. අද බස් එකේ එනව කිව්වෙ"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Thursday, June 4, 2015

හිතුවක්කාර ආදරය - 9 කොටස


කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම ඔවුනට සමුදී පැමිනියෙමු.

"කොහොමද අම්මෙ ඒ අක්කි"
"අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ"
"අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම් මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්"
"අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති"



මා කල වැඩ වලින් අම්මාගේ බැනුම් මීටරය ක්‍රියාත්මක නොවූ එකම දෙය ඉමාෂා විය. එය එසේ නොවුනේ ඇයිද යන්න මම පුදුමයකට පත් නොවුනේ මගේ ජීවිතයේද වෙනසක් කිරීමට ඉමාෂාට හැකි වූ නිසාය. යොවුන් ආදරයකදී මුලින්ම මතුවෙන ගැටළු කීපය හිතුවාටත් වඩා ඉක්මනින් හා ලේසියෙන් විසඳා ගැනීමට හැකි වීම මා ලද විශාල ජයග්‍රහනයක් විය. ඉදිරි ජීවිතය පිළිබඳව සැලැස්මක් ඇඳීමට සුදුසුම කාලය දැන් පැමින ඇති බව මම කල්පනා කෙරුවෙමි. ජීවිතයේ සුන්දරම අවදියේදී සුන්දර වූ ආදරයක හිමිකාරත්වය ලබා දුන්නාට දෙවියන්ට තුතු පුදමින් මම නින්දට ගියෙමි.

"දිනුක, මොකෝ සෙනසුරාද වැඩේ, ගොඩද?"
"එකෙන්ම බ්‍රයන්.. සේරම ඉක්මනටම වෙනව බන්. මට හිතාගන්නත් බැහැ. වෙලාවකට බයකුත් හිතෙනවා"
"ඒ මොකද?"
"ඉමාෂව නැති වෙයිද කියලා"
"මම උඹට දවසකුත් කිව්වා.. උඹට පිස්සු බන්. එහෙම වෙන්නෙ නැහැ. උඹට වරදින් නැහැ බන් කවදාවත්, උඹ හොඳ එකෙක්. ඒ වගේම මතක තියා ගනින් මේ අපි හැමෝටම වඩා වාසනාව කියන දේ උඹට වැඩකරනවා"
"ඒකනම් ඇත්ත තමා.. ඒක නෙමේ බ්‍රයන් මොකෝ බන් අසීස්ගෙන් ආරන්චියක්වත් නැත්තෙ"
"ඒක තමා බන්.. මේල් එකක්වත් නැහැ.. බලමුකො තව ටික දවසක්. ඒක නෙමේ උඹ දන්නවද, ඩිමාව මරපු පිහිය හොයාගෙන"
"නෑ .. උඹ කොහොමද දන්නෙ"
"මම ටිකක් විපරමෙන් හිටියෙ ඒ ගැන. කවුරුත් තාම ඇසින් දුටු විදිහට සාක්කි දීල නැහැ"
"ම්ම්ම්ම්.. බය වෙන්නෙ එපා බන්. මොහොමඩයනෙ අත ගැහුවෙ ගේමට."
"අපෝ .. කොයි වෙලේ බැළුවත් දෙන්න කයිය. ලවර්ස්ල වගේ.. ගෑනු අපිටත් නැති ඔයාලට තියෙන්නෙ මොනාද අනේ ඔච්චරටම කියවන්න"
"කොච්චරනම් දේවල් තියනවද"
"නැතුව නැතුව බ්‍රයන්.. හරි ඔබ තුමිය මේ අවේලාවේ ඇයි අප දෙදෙනාව සොයා ආවේ"
"මොකක්ද වැඩමුළුවක් තියනවලු අනිද්දා.. ඉන්ෂුවර්න්ස් සේරම ආයතන එනවලු.. ඉතින් අපිටත් ස්ටෝල් එකක් දාන්නලු"
"තවත් වැඩක්.. දැන් කොහෙද තියෙන්නෙ ඕක"
"ටවුන් හෝල් එකේ"
"ඉතින් නිවන්ති අද බොසා මන් එක්ක කියෝ කියෝ හිටියා, ඔහොම එකක් ගැන කිව්වෙ නැහැනෙ"
"ඒක මම දන්නෙ නැහැ. ඔයාල දෙන්නට තමා කියන්න කිව්වෙ. මම ඉමාෂවයි සම්පත්වයි ලෑස්ති කරල තියෙන්නෙ. ඔයාල කතා කරගෙන බොස්ට වචනයක් දෙන්න හරි"
"බලහන්කො දිනුක, වැඩ නැතිවට වැඩනෙ.. දැන් අපි මොකද කරන්නෙ"
"ම්ම්ම්ම් .. අපි මේ පාර අපේ පෙන්ෂන් ප්ලෑන් එක හයිලයිට් කරමු. ඒ එක්කම මෙඩිකල් පැකේජ් එකත් එක්ක දෙන ලයිෆ් ඉන්ෂුවරන්ස් එකත් හයිලයිට් කරල පෙන්නමු. මම හිතනවා වැඩේ සාර්තක වෙයි කියලා"
"මරු අයිඩියා එක බන්.. ඒත් අර පෙන්ෂන් ප්ලෑන් එක වෙන්නෙ කොහොමද කියන එක තාම ස්තීර නැහැ නේද"
"ඔය කියන වැඩමුළුව තියෙන්නෙ අනිද්දනෙ බන්. ඒ වෙද්දි මම හදල ගන්නම්.. වයස කීයෙන් උඩ අයටද දෙන්නෙ වාරිකය කොහොමද කියන එක."

අප සියළු දෙනාවම කැඳවා අනිද්දා පැවැත්වෙන වැඩමුළුව ගැන කෙටි හැඳින්වීමක් අප කලමනාකාරී තුමා විසින් කරනු ලැබූ අතරම අප දෙදෙනා ඉදිපත්කල යෝජනාවට ඔහු එකපයින්ම කැමැත්ත ප්‍රකාෂ කලේය. පෙන්ෂ්න් ප්ලෑන් එක හඳුන්වාදීමේදී යම් යම් ගැටළු පැන නැගුනද මට ඒ සියළු ගැටලු නිරාකරනය කර ගැනීමට හැකිවිය. එමෙන්ම වැඩමුළුවට සහාබාගී වන සියළුම දෙනා කැඳවා එකිනෙක මා පැහැදිලි කලේ පෙරදිනක සිදුවුනා වූ ගැටලු නැවත ඇති නොවීමටය.



අප නොසිතුවාටත් වඩා පළමු දිනය අති සාර්තකව නිම කිරීමට අපට හැකියාවක් ලැබුනි. ඉන්ෂුවරන්ස් එකකින් පෙන්ෂන් ප්ලෑන් එකක් හඳුන්වා දීම එතැනට පැමිනි පිරිසට අළුත් දෙයක් හා ඉතා සිත් ඇදගන්නා දෙයක් විය. අප ආයතනය හැරුනු විට තවත් එක් ආයතනයක් පමනක් එවැනි රක්ෂන ක්‍රමයක් හඳුන්වා දී තිබුනද අපගේ ක්‍රමය තරම් එය සාර්තක එකක් නොවීය.

"දිනුක, උඹේ මොලේ තමා ... බලහන්කො මිනිස්සුන්ත තියන උනන්දුව."
"ඒකනම් ඇත්ත. ඉන්ෂුවර්න්ස් කිව්වහම ගනන්වත් ගන්නෙ නැහැ සමහරු. ඒක නෙමේ බ්‍රයන් අළුත් සෙට් එකත් නියමයි නේද.. නියමෙට උනන්දුවෙන් වැඩ ටික කරනවා"
"ඒකෙ නම්බුව ඉතින් මටයි නිවන්තිටයි තමා"
"නැතුව නැතුව.. බ්‍රයන් යන්ද මොනා හරි බඩට දාගෙන එන්න. උදේ ඉඳන්ම කෑවෙ නැති නිසා හරි බඩගිනියි බන්. "
"ඔව් ඔව් මටත් එහෙම තමා.. මම අපේ කටියට කෑම ගෙනත් දුන්නා සම්පත්ව යවලා. අපි දෙන්න විතරයි කන්න ඉන්නෙ"

ඉමාෂා, නිවන්ති ඇතුළු පිරිස ඉතා කාර්යබහුල වී සිටි නිසා අපි දෙදෙනා කෑම සඳහා පිටත්ව ගියෙමු. තවද අනෙක් වෙළඳ කුටි වලටද ඇතුළු වීමටද අප දෙදෙනා අමතක නොකෙරුවෙමු. අපට හමුවූ මැගි නූල්ඩස් කුටියක් අසල නතර වූයේ අපගේ බගගින්න නිවා ගැනීමට මේ වෙලාවේ හොඳම දෙය එයැයි සිතූ නිසාය.

"දිනුක අර බලපන්.. කෙවියගෙ මල්ලිගෙ සෙට් එක."
"කෙවියත් ඉන්නවා නේද"
"ඒක තමා.. උන් ටික ගේමක් අදීද. අනේ මන්දා රාජකාරී ටයිම් එකේ ඉන්නෙත්"
"ගැහුවොත් ගහමු බන්"
"උඹේ අර පොරොන්දුව එතකොට.. හරි පොරොන්දුව බල්ලට ගියාදෙන්කො. කොහොමද බන් ගහන්නෙ. එතන නමයක් දහයක් ඉන්නවා"
"අපි අපේ පාඩුවේ ඉමු බ්‍රයන්. උන් වලියට ආවොත් මතක තියා ගනින් මේ ප්ලාස්ටික් මේසෙ කකුල් ඉක්මනට ගලවන්න පුළුවන්. ඒ නිසා ගැලෙව්වා ගැහුවා"

අප දෙදෙනාම එම ස්තානයෙන් නැගිට යාමට උත්සහ නොකලේ එසේ කලොතින් ඔවුනට අප සෙකන්ඩ් වන නිසාය. මෙතන මොන දේ සිදු උවද ඉවසීමෙන් කටයුතු කිරීමට අපි දෙදෙනාම සිතාගත්තෙමු.

"බලාපල්ලකො මහලොකු චන්ඩි දෙන්න පූස් පැටව් වගේ ඉන්න ලස්සන.උඹල දන්නවද එදා උඹල අත ඉස්සුවෙ මගේ මල්ලිට. මේ කෙවින්ගෙ මල්ලිට. හයියක් තියනවනම් දැන් අත උස්සල පෙන්නපල්ල බලන්න"
"කෙවින් අපි මෙතන රන්ඩුවෙන්න අවෙ නැහැ. අපි ඉන්නෙ ඩියුටි ටයිම් එකේ. ගහගන්න ඕනනම් වෙන තැනකට ගිහින් ගහගමු. අනික උඹේ මල්ලි එදා අහින්සක කෙල්ලෙකුට කරදර කලාට තමා අපි ගැහුවෙ. නැතුව අපිට උඹේ මල්ලි එක්ක තරහක් නැහැ"
"අඩෝ මේ.. ඒ මගේ මල්ලි. මල්ලි කැමති කෙල්ලෙක්ව අල්ලන්න ඌට පුළුවන්."
"මේ අහපන් උඹට ආයෙමත් කියනවා. අපිට ප්‍රස්න ඇතිකරගන්න ඕන නැහැ උඹ එක්ක මෙතන. අනික මල්ලිට තේරුම් කරල දීපන් හැම කෙල්ලෙක්ම බඩුවක් නෙමේ කියලා ඌට ඕන ඕන විදිහට අල්ලන්න"
"ඌ මගේ මල්ලි. ඌට ඕන දේ ඌ කරන්නෙ. උඹේ කෙල්ල උනත් මට වැඩක් නැහැ.හොඳට ආතල් එක තියනවනම් එච්චරයි"

කෙවින්ගේ එම කතාවත් සමගම ඔහු වටා සිටි සියළුම දෙනා සිනා සෙන්නට වූ අතරම ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වූ අප දෙදෙනා මේස කකුල් දෙක ගලවා ගත්තේය. දෑත බදා පළමු පහර බ්‍රයන් කෙවින්ගේ මල්ලිගේ ඔළුව හරහා යැවූ අතරම මාගේ පළමු පහර කෙවින්ට එල්ල කලද ඔවුන්ගෙන් කෙනෙක් කෙවින්ව ආරක්ෂා කලේය. කෙවින්ගේ සහෝදරයා නැවතත් කෑ ගසමින් බිම පතිතවෙනාවාත් සමගම ඔවුන් සියළු දෙනාමා අප දෙදෙනාව වට කරගෙනන පහර දෙන්නට විය. මාගේ යටි බඩට වැදුන පාරත් සමගම මාගේ ඇඟද පන නැතිවී යන බවක් දැනුනු අතරම කෙවින්ගේ කන හරහා තදබල කනේ පහරක් එල්ලවූයේ එතන සිටි සියළු දෙනාම හිටි පිළිම කරමින්ය. සියළු දෙනාම නිහඬ කරවමින්ය. ඒ වෙන කවුරුත් නොව ඉමාෂා බව මගේ බොඳවූ දෑසින් යාන්තමට වගේ දැක ගත හැකිවිය.

"තමුසෙට ඔච්චර හයියක් කොහෙන්ද ආව් මේ කෙවින්ට අත උස්සන්න තරම්"
"ඇ හයිය දැනුනෙ නැද්ද තමුසෙට. ලැජ්ජ නැද්ද ඕයි දහයක් දොළහක් වට වෙලා දෙන්නෙකුට ගහන්න"
"මේකිගෙ කට යකෝ.. හිටපන්කො තෝව මෙතන නිරුවත් කරනනවා මම"
"මේ හලෝ .. මම වර්නකුලසූරියගෙ දුව. ඔය ඉන්නෙ වර්නකුලසූරුයගෙ බෑන. පුළුවන්දෙයක් කරපන් බලන්න මට.මොකෝ බය උනේ. දැන් මාව නිරුවත් කරන්න නේද හැදුවෙ. කරනව ඉතින්. මහලොකු චන්ඩි"

ඉමාෂාගේ ඒ කතාවත් සමගම කෙවින්ගේ පොල්පිති චන්ඩි නොපෙනී ගියේ තප්පර කීපයකිනි. කෙවින්ද වචනයක්වත් නොදොඩා ඔහුගේ සහෝදරයවත්ව රැගෙන එම ස්තානයෙන් නොපෙනී ගිය අතර ඉමාෂාගේ හා නිවන්තිගේ උදව්වෙන් අපි දෙදෙනා අසල තිබූ පුටුවෙහි වාඩිවූයෙමු. මාගේ යටි බඩට වැදුනු තදබල පහර නිසාත් බ්‍රයන්ටද එල්ලවූ පහරවල් කීපය නිසාත් අප සියළුදෙනා අතරම විනාඩි කීපයක දැඩි නිහඬතාවයක් පැවතුනි.

"ඔයා මාරයිනෙ ඉමාෂ."
"තෑන්ක්ස් අනේ. දැක්කනෙ තාත්තගෙ නම අහපුගමන් පොල්පිති වීරයො ටික දුවපු හැටි. හොඳ වෙලාවට අපිදෙන්න ආවෙ. නැතිනම් ඉතින් මේ දෙන්නගෙ කෑලි එකතුකරන්න වෙන්නෙ සවලකින් තමා. ඔයා මට පොරොන්දු උනා නේද දිනුක ආයෙ රන්ඩුවලට යන්නෙ නැහැ කියලා"
"දිනුකගෙ වැරැද්දක් නැහැ ඉමාෂ. එයාලම තමා පටන් ගත්තෙ."
"හරි හරි ඒ ගැන අපි පස්සෙ කතා කරමු ඉමාෂා. දැන් මේ දෙන්නව එක්කගෙන යමු"

අප දෙදෙනාට සිදුවූ දේ පිළිබඳව සියලළුම විස්තරය නිවන්ති අපගේ ලොක්කාට පැහැදිලි කර දුන්නේය. සරත් සර් කෙවින්ලට විරුද්දව පැමිනිල්ලක් දමන්නට පොලීසියට යාමට හැදුවද අපි දෙදෙනාම ඔහුට විරුද්දවූයේ මෙමෙ ප්‍රස්නය තවත් දුරදිග ගෙනයාමට අකමැති වූ නිසාය. විනාඩි විස්සකින් පමන ඉමාෂාගේ තාත්තාද අප කාර්යාලයට පැමිනියේ සරත් සර්ගේ ඇමතුමක් නිසාය.

"දුව, මොනව උනත් ඔය කියන කොල්ලට අත උස්සපු එක වැරදියි. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චරම නපුරුයි කියලා"
"දිනුකට ගහද්දි මට මාවම පාලනය කරග්න්න බැරිව ගියා. ඒකයි ගැහුවෙ. සොරි තාත්ති"
"ඒ උනාට ඔය කියන හාදය සිද්දීන් ගොඩකට සම්බඳ කෙනෙක්. මම හිතන් නැහැ මේ සිද්දිය එයාල නිකම්ම මගහරීවි කියලා. ඉමාෂට කරදරයක් කරන්න බලයි"
"එහෙම වෙයි කියල හිතන්න අමාරුයි අන්කල්. ඔයාගෙ නම ඇහුව විතරයි කට්ටිය ඒ මේ අත දිව්වා. අනික ඉමාෂාට කරදරයක් වෙන්න ඉඩතියන් නැහැ මමයි දිනුකයි.අන්කල්ට අපි ඒ ගැන සහතික වෙනවා"

ඉමාෂාගේ පියාගේ අවවාද අනුසාසනා රැසකින් පසුව ඔහු අපහට සමුදී අම ස්තානයෙන් නික්ම ගියේය. එමෙන්ම සරත් සර්ගේ නියෝගය මත බ්‍රයන් හා මා නිවස බලා ගියේ විවේකීව හවස්වරුව ගත කිරීමටය. මා නිවසට ඇතුළුවෙනවාත් සමගම අම්මාගේ බැනුම් මීටරය ක්‍රියාත්මක වූයේ මා රන්ඩුවක පැටලී ඇති බව දුටු නිසාය. කරුනු කාරනා පැහැදිලිකරදීම බැනුම් අසනවාට වඩා අමාරු වූ දෙයක් නිසා අම්මාගේ බැනුම් මැද්දේම මම මගේ කාමරයට ගියේ නිදාගැනීම සඳහාය. මාගේ යටි බඩට වැදුනු පහර නිසා නිදාගැනීමට තරමක් අපහසු වූ අතරම අම්මාගේ උණුසුම් තේ කෝප්පය නිසා මට ඒ කඩයිමද ජයගැනීමට හැකිවිය. පැය දෙකක පමන නින්දකින් පසුව මා අවදි වූයේ ඉමාෂාගේ දුරකථන ඇමතුමත් සමගමය. අද දින අපගේ ස්ටෝල් එක කලින් ඉවරකල බවත් ඇයගේ තාත්තා කෙවින්ලට විරුද්දව පියවර ගැනීමට සැරසෙන බවත් කීවේය. ඇයගේ ඇමතුමෙන් පසු මම බ්‍රයන්ටද කතා කලේ ඔහුගේ තත්වය විමසීම අතර ඔහුද හොදින් සිටීම මා හට සහනයක් විය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...