Sunday, May 31, 2015

හිතුවක්කාර ආදරය - 8 කොටස


"ඒක නෙමේ බ්‍රයන්, මෙච්චර දේවල් උන එකේ උඹේ ආදරෙත් කියල දාමු බන් නිවන්තිට"
"ඔව් ඔව්.. මමත් කල්පනා කලා. එයාගෙ බර්ත්ඩේ එක එනවා ලබන සතියෙ අග. එදාට කියමු."
"නියම අයිඩියා එක.. නිවන්ති උඹට කැමතියි බන්. බය වෙන්න එපා එයාගෙ ෆැමිලි එක පැත්ත මම ගොඩදාල දෙන්නම්"
"හම්ම්ම්.. උඹ තාමා ඒ වැඩේට මේ ලෝකෙ ඉන්න එකම කෙනා ඉතින්"
"මේ ඒක නෙමේ බ්‍රයන් අද මාර වැඩක්නෙ උනේ"
"ඒක තමා බන්. මමත් මෝඩය වගේ නිවන්තිව තනියම යැව්වනෙ"
"උඹ මොනාද කියවන්නෙ ඔය. දැන් ඒ කතාව ඉවරයිනෙ. අයෙත් උන් චැප්ටර් ඕපන් කරන්න ආවොත් අපි ඒක එදාට බලා ගමු"
"හරි දැන් ඔය මොකක්ද මාර වැඩේ"
"මම අද ඉමාෂව දාන්න යනකොට ටානිය එහෙ හිටිය බන්"
"නෑ..... උඹ කතා කලාද"

"නැහැ මම එයාගෙ බයික් එක දැක්කෙ. ඉමාෂ මාව අඳුන්වල දෙන්න එක්කන් යන්න හදනකොටම තමා, උඹ කෝල් කලේ ඉක්මනට වරෙන් කියලා"
"එක වගේ බයික් කීයක් තියනවද බන්. උඹ නිකන් බය වෙලා ඉන්නෙ"
"පිස්සුද බන්.. ටානියගෙ එක මට අඳුරන්න බැරිද"
"හරි, දැන් ඕක ටානියගෙම කියහන්කො. එයාට ඉමාෂලගෙ ෆැමිලි එක්ක තියන ගනුදෙනුව මොකක්ද"
"ඒක තමා බන්.. අනේ මන්දා මට තේරෙන් නැහැ"
"හිතන්න එපා බන්. ඔය වගේ ඒවටද බන් අපි දෙන්න පහුගිය හෝරාවල මූණ දුන්නෙ. වරෙන් යන්න ගෙදර."

පසු දින උදෑසන කාර්යාලයට පැමිණි විගසම ඉමාෂා මගේ තොල්පොට තුවාල වී ඇති අයුරු දුටුවේය. මා රාත්‍රියෙහි ඒ ගැන සඳහනක් නොකලේ ඇය කලබලවන නිසාවෙනි. මගේ මතය සනාත කරමින් ඇය මා දුටු විගසම බැන වදින්නට විය. මාද නිහඬව සිටියේ මා වැරැද්දක් කල ඇති බව තේරුම්ගත් නිසාය. කෙසේ වෙතත් ඇගේ තරහ නිවීමට පැය තුනක පමන කාලයක් ගතවිය. එනම් මුළු උදය වරුවම නිහඬය. නිසලය.

"අඩම්බරකාරයො.. මම තරහ වෙලා කියල ගානක්වත් නෑ නේද? .. නපුර.. නපුර .. නපුර .."
"අහ් ඒකත් එහෙමද. ඔයා තරහ උනාද. කෝ එන්න මෙතන්ට, ඇවිත් මගේ ළඟින් ඉඳගන්න"
"මට ඕන කමක් නැහැ නපුරො ගාවට එන්න"
"හම්ම් .. මම හිතුවෙ නැහැ පොඩි දේකට මාව රිද්දවයි කියලා."
"අනේ නපුරො.. මම විහිලුවක් කලේ.. කෝ ඉන්න ළඟට එනකම්"
"ආ.. ඔය ආවේ. "
"මෙයා කරල තියෙන්නෙ රඟපෑමක්, මාව ළඟට ගන්න. ඔයානම් ... හරි හරි රිදෙන් නැහැ නේද මේ තුවාල"
"රිදෙනවා අනේ.. කිස් එකක් ලැබුනොත් නම් ඉතින් ..."
"ආ මේ ඔෆිස් එක හරිද. මන් පස්සෙ දෙන්නම්කො. ආයෙ රන්ඩු වලට යන්නෙ නැහැ කියල ඔය මට පොරොන්දු වෙන්න ඕන මේ දැන්මම"
"ඒ කියන්නෙ ආත්ම ආරක්ෂාවටත් බැරිද?"
"මොන රන්ඩුවක්වත් ඕනි නැහැ. වැරදි නොකර හිටියනම් රන්ඩු නැහැනෙ.. ඔයාට මොනව හරි උනොත් අඩම්බරකාරයො.. මම කොහොමද හිත හදාගෙන ඉන්නෙ"

ඇගේ හිත රිදවීමට මා අකමැති වූ නිසා ඇය කියූ පරිදිම ඇගේ හිස මත මම දිවුරුවෙමි. මාගේ දෙතොල් මත තැබූ හිතුවක්කාර හාදුවක්ද සමග ඇය මා සිටිනා තැනින් නොපෙනි ගියේ ඇයව තව තවත් මගේ සිතට ලං කරමින්ය. ඇය නොපෙනී ගොස් ත්ප්පර කීපයක් ගතවිමටත් මත්තෙන් බ්‍රයන් ඇතුළු වූයේ කලබල ගතියකිනි.

"උඹට පිස්සු හැදිලද බොල, මොකක්ද ඒ කලේ ඉමාෂාව ඇතුලෙ තියාගෙන"
"මුකුත් නැහැ ඉතින්.. උඹ කොහොමද දැක්කෙ"
"ඒකනෙ කියන්නෙ, මම එනව උඹ දන්නෙත් නැහැ එතකොට. මම දොර මුර කලා කවුරුහරි එයි කියල හිතල"
"වෙල්ඩන් පුතා.. වෙල්ඩන් .. ඔන්න යාළුවො"
"ඒක නෙමේ, උඹේ මේ ආදර ජවනිකාව නිසා මට ආව කාරනෙත් අමතක උනා. අළුතින් ආව සම්පතය කාටදෝ මන්දා ලයිෆ් ඉන්ෂුවර්න්ස් එකක් දාලා බොරු කියලා"
"බොරු කියල කිව්වෙ"
"අරව තියනව මේව තියන්ව කියල දාල තියෙන්නෙ. වරිකය මාසෙට පහළවක්. කස්ටමර්ට කෝකටත් සැක හිතිල බොසාට කෝල් කරලා. මිනිහ බොසාගෙ යාළුවෙක්ලු. සම්පතයට බැනල අම්බානෙට. කස්ටමර් ඇවිල්ල ඉන්නෙ. පොඩ්ඩක් බලහන්කො මොනව හරි කරන්න"
"හරි හරි, මම මිනිහ ගැන බලාගන්නම්, උඹ බොසාව කූල් ඩවුන් කරපන්. සම්පතයය එවහන් මගේ ගාවට මේ සේරම කූල් ඩවුන් උනාට පස්සෙ"

සම්පත්ගේ ක්‍රියාව නිසා හවස් වරුවද ගෙවී ගියේ අපට හොරාවමය. සම්පත් විසින් සිදුකර ඇතිතේ බරපතල වරදකි. ඔහු කතාකල ජීවිත රක්ෂනයේ වාරිකය වැඩි නිසාත් එයින් ඔහුට ලැබෙන කොමිස් මුදල වැඩි නිසාත් එසේ අසත‍ය දේ පවසා ඇත. සම්පත්ව මගේ කාර්යාලයට ගෙන්වා ඔහුට මම තදින්ම්ම අවවාද කලේ ඔහු නිසා අද මට ඇසීමට සිදූ වූ දේවල් නිසාය. එමෙන්ම අප ආයතනයේ නමට ඇතිවූ හානියද නිසාය.

"දිනුක, මොනාද අර ආව මිනිහ ඔයාට කිව්වෙ. හරියට ඔයා වැරැද්දක් කලා වගේනෙ. ඔයා කොහොම ඉවසගෙන අහගෙන හිටියද මන්දා. මම නම් අනිනවා හොම්බට ඒ මිනිහගෙ. ඒ මදිවට සම්පතය. එයා නිසානෙ මේ සේරම."
"ඕව ඔහොම තමා ඉමාෂා. ඔයිට වඩා දේවල් අහල තමා අද මම මේ තත්වයේ ඉන්නෙ"
"ඒ උනාට එහෙම බැහැනෙ"
"හරි හරි දැන් යමු ගෙදර"
"ඒක නෙමේ හෙට නිවාඩුනෙ.. පොඩි වැඩක් කරමුද"
"හෙට බ්‍රහස්පතින්දනෙ ළමයො. කොහෙද නිවාඩු තියෙන්නෙ හෙට"
"අනේ මගෙ මෝඩ කොල්ලො.. හෙට පෝය"
"ඒකත් එහෙමද.. මට අමතක උනානෙ"
"අපි හෙට සිල් ගන්න යමු.. මට හරි ආසයි ළමා සාරිය ඇඳල බෝ මළුව වටේ ඇවිදින්න ඔයා ළඟින්"
"ඉතින් ඕකට සිල් ගන්නම ඕන නැහැනෙ. අපි හවස් වෙලා එමු පන්සලට"
"එහෙම බැහැ.. එනවද නැද්ද"

හදිසියේම යෙදුනාවූ සිල් ගැනීමේ කටයුත්ත නිසා මාගේ ඔළුව අවුල් ජාලයක් වී තිබුනි. මම පහ වසරේ සීල් සමාදන් වූවාට පසුව එම වචන කීපය ඇසුවෙත් ඇය්ගේ මුවින් විය. වැස්සකටවත් පන්සලට නොයන මා දුටුවිට අප පන්සලේ නායක හාමුදුරුවොත් පුදුමවනු ඇතැයි නොඅනුමානය. සිල් සමාදන්වීම් තරයේ ප්‍රතික්ෂේප කලද මට ඇය හා යනවා ඇරෙන්න වෙන විකල්පයක් නොවීය.

"තාත්තෙ සුදු සරමක් තියනවද?"
"සරමක් .. මොකද මේ කවදාවත් නැතිව සරමක් හොයන්නෙ"
"හෙට සිල් ගන්න තාත්තෙ"
"අයියේ ... ඔයා හොඳින් නේද.. ඔයාට අසනීපයක්වත්ද"
"අනේ මේ.. පැත්තකට වෙලා ඉන්නවද මගෙ යකා අවුස්සන් නැතිව"
"නංගිගෙ කතාව ඇත්ත තමා. වැස්සකටවත් පන්සල් යන් නැති තමුසෙට එක පාරම ආව මේ සිල් සමාදන් වීම මොකද්ද"
"මේ .. මේ .. ඉමාෂට හෙට සිල් ගන්න ඕනලු තාත්තෙ"
"ඒක තමා මේ.. ආදර සීලයක්"
"මම කැමති නැහැ තාත්තෙ. ඒත් ඉමාෂාට බැහැ කියන්න බැරි කමට යන්නෙ. "
"ඒ ළමය හින්ද හරි තමුසෙ පන්සලකට පල්ලියකට යන එකනම් ලොකුදෙයක්. අල්මාරියේ ඇති සුදු සරමක්, බලල ගන්න"
"කොහොම හිටිය කොල්ලෙක්ද තාත්තෙ මේ. කෙල්ලෙක් නිසා හා පැටියෙක් වගේ වෙලා මගෙ අයියා"
"අනේ මේ.. කාමරයට ගිහින් පාඩම් කරනවද"
"ආදරේ කෙසේ වෙතත් ඒ අක්ක ආත්ම ගානකට පිනක් කරගන්න යන්නෙ මෙයාව පන්සල් එක්කන් ගිහින්"
"ඕක නවත්තනව දෙන්නම. අයිය එක්ක රන්ඩු අල්ලන්නෙ නැතිව ඔයා ගිහින් පාඩම් කරන්න"
"හරි හරි තාත්තෙ. කෝකටත් හෙට දවස ගැන නෝට් එකක් දාගන්න ඕන. සොබා දහම පවා කැළඹෙයි මෙයා පන්සලක සිල් සමාදන් වෙනවා දැක්කහම"
"දුව මම ඔයාට එකපාරක් කිව්වා දැන්..."

නංගීගෙන් නෝන්ඩි පිට නෝන්ඩි වැටුනද ඒ සියල්ලම මම මගේ ආදරය නිසා ඉවසාගෙන සිටියෙමි. මාගේ සිල් සමාදන් වීම ගැන අම්මාටද අදහාගැනීමට අපහසු කරුනක් වූවේය. අම්මාද සිටියේ නංගීගේ මතයේය. පසුදින උදේ පාන්දරම අපි දෙදෙනාම කතාකරගත් පරිදි පන්සලට ගියෙමු. අප නායක හාමුදුරුවෝ මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියේ නංගීගේ මතය සනාතකරමින්ය.

"බලන්න ඔයාගෙ ලස්සන දිනුක. සුදු නෙළුම් මලක් වගේ අද ඔයා"
"ආ ඇත්තද... කවුරු හරි පූජ කරයි බලාගෙන"
"ඒව කොහෙද මම ඉන්නකොට අඩම්බරකාරයො"

මගේ ජීවිතයේ ගතකල අමාරුම දවස්වලින් එකක් ලෙස මට අද දිනය හැඳින්විය හැකිය. පැය ගනනාවක්ම එකම තැනකට වී මෙලෙස සිටියේ මා පහ වසරේදී සිල් සමාදන් වූවාට පසුවය. නමුත් අද දින පන්සලේ ගත කිරීම නිසාදෝ මගේ හිතට සැනසීමක් දැනෙන්නට විය. විඩාකාරී වූ සිතට සහනයක් දැනෙන්නට විය.


"ගුඩ් මෝර්නිං දිනුක.. මොකෝ බන් ඊයෙ දවසෙම ෆොන් ඔෆ්"
"අපි සිල් ගත්තනෙ"
"අපි කිව්වෙ කව්ද"
"කව්ද ඉතින්, මමයි ඉමාෂයි"
"සිරාමද ඔය් කියන්නෙ, ඒක තමා ඊයෙ වැහි පොදක් ගියෙ. යකෝ උඹව පන්සලක දකින්න පිං කරල තියෙන්නෙ ඕන"
"ඔන්න ඔන්න ඉතින් උඹත් මට නෝන්ඩි දානවනෙ.. මගෙ කැමැත්තක් තිබුනෙ නෑ බන්. එයාගෙ හිත රිද්දන්න බැරි නිසා ගියෙ"
"හම්ම්... ඒ කෙල්ල හොඳයි බන්. වෙන උන් නම් රූම් එකකට යමු, ෆිල්ම් එකක් බලමු බොක්ස් ටිකට් එකකට, ඔය වගේ දේවල්නෙ කියන්නෙ. ඒ අතින් බල්නකොට උඹේ කෙල්ල දාහකින් සම්පතක්"
"ඔන්න ආයෙමත් රන්ඩුවලට යන්නෙ නැහැ කියල මගෙන් පොරොන්දු ගත්තා බන් පන්සලේදි"
"ඇඩෙනවනෙ ඉතින් තනි ඇහැට.. අද ඉඳන් කාපන්කො ගුටු සේරම මම තනියම"
"හරි හරි බලමුකො ඒක පස්සෙ අපි"
"රටක් පාලනය කරන්න පුළුවන් කොල්ලෙක්නෙ මේ කෙල්ලෙක් හින්ද චොර වෙන්නෙ"
"ආදරේ හැටි මචෝ ... ආදරේ හැටී"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Wednesday, May 27, 2015

හිතුවක්කාර ආදරය - 7 කොටස


"අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්"
"අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො"
"මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්"
"හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්"
"අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"

ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්‍රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක් හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි.



"මොකෝ මේ කවදාවත් නැතිව ෆැමිලි මීටින්"
"අපි මේ ඔයාට එන්න කිව්වෙ දෙයක් ගැන කතා කරන්න"
"මොකද්ද අප්පා ඒ... හරි මටත් තියනවා දෙයක් කියන්න. මම පස්සෙ කියන්නම්. දැන් මොකද්ද අහන්න තියෙන්නෙ"
"ඔයා මේ දවස්වල ටිකක් අමුතුයි. රැවුල කපල ටිකක් පිළිවෙලට ඉන්නවා. වෙලාවට යනවා. කලින් ගෙදර එනවා. මූනත් එළිය වැටිල"
"ආ ඒකද මේ.. මම හිතුවා මාව මර්ඩර් කේස් එකකටවත් පැටලිලාද දන් නැහැ කියලා. මේකනේ මේ ටිකේ අපේ අළුත් කට්ටියකට ට්‍රේනින්. ඉතින් ටිකක් පිළිවෙලට ඉන්න ඕනනෙ"
"කව්ද ඒ කෙල්ල?"
"මොන කෙල්ලද තාත්තෙ"
"මන් ඇහුවෙ මොන කෙල්ලද කියල දන්නවනෙ. හන්දි ගානෙ අස්තියදු ගහල ටවුන් එකේ චන්ඩිකම් කරපු අපේ එකාව වේලාසනින් ගෙදර එවන්න පුළුවන් උන කෙල්ල"
"හම්ම්ම්ම්.. මමත් ඔය ගැන කියන්න හිටියෙ. එයා ඉමාෂා. වර්නකුලසූරියගෙ දුව"
"මොනව.. වර්නකුලසූරියගෙ දුව.. "

අම්මා හා තාත්තා සිනා මුහුනින් සිටි නිසා මම ඉමාෂා ගැන සියළුම දේ පැවසුවෙමි. එමෙන්ම ඉමාෂාගේ තාත්තා හමුවීමට ගිය බවද ඔහුගේද අකමැත්තක් නැති බවද මම පැවසුවෙමි. වර්නකුලසූරියගේ දුව මගේ ප්‍රේමවන්තිය වීම තාත්තාට තවමත් හීනයක් වූයේ වර්නකුලසූරිය ගැන තාත්තා හොඳාකාරවම දැනන් හිටිය නිසාය.

"සල්ලිකාර පවුලක් නේද පුතේ"
"ඒ උනාට එයලා හරි සරලයි. හොඳ මිනිස්සු අම්මෙ"
"තව ටිකක් ඉගෙනගන්න කිව්වාම කෙල්ලෙක් හොයාගත්ත නේද"
"හරි හරි අම්මෙ.දැන් ඒකත් හරිනෙ. එයා එක්කම මොනාහරි බලන්නම්කො මම"
"අනේ මගෙ කට. කෙල්ල හොඳයි. මමත් දන්නවා ඔය ෆැමිලි එක ගැන. කෙල්ලට කතා කරල කියන්න අපි ඊළඟ සෙනසුරාද එනව කියල එයාල්ගෙ ගෙදර"

අම්මා තාත්තාගේ එම වචන කීපය ඇසූ විට මට දැනුනු සතුට කියානිමකිරීමට නොහැකි තරම්ය. ඔවුනට සමුදී අඩියට දෙකට කාමරයට ගිය මා සිදුවූ සියල්ල බ්‍රයන්ට හා ඉමාෂාට කීවෙමි. මා සිතුවාටත් වඩා ඉතා ඉක්මනට මේ සියල්ල සිදුවිම මට තවමත් අදහා ගත නොහැකි කරුනක් විය.

"උඹ වාසනාවන්තයි දිනුක"
"දැන් මොකද්ද මගේ තියන වාසනාව"
"ඇයි බන්, සල්ලිකාරයෙක්ගෙ දුවක් ඒ මදිවට ගෙවල් දෙකෙන්ම කැමතියි."
"ඒකනම් මටත් හිතා ගන්න බැහැ බන්. සේරම සිද්දවෙන්නෙ හරිම ඉක්මනට බන්. මට හිතෙනවා මේක හිතාමතාම සිද්ද වෙන දෙයක්ද කියලා"
"අනේ මේ උඹේ විකාර"
"ඒක නෙමේ කෝ බන් නිවන්ති. දැක්කෙ නැහැනෙ මම අද"
"ගම්පහ ගියා බන් මොකක්ද ටෙස්ට් එකක් කියලා. එයාලගෙ නැන්දලගෙ ගෙදරත් ගිහින් එනව කිව්වෙ"
"ඒ කෙල්ලව බස්වල යවන්න එපා බන් තනියම. ගෙදර අතට පයට වැඩකාරයො එක්ක හුරතලේට හැදුන කෙල්ලෙක් නේද.. උඹටත් යන්න තිබුනෙ යන්න එයත් එක්ක"
"මමත් යන්න ඇහුවා බන්. එයා එපා කිව්වා නැන්දලගෙ ගෙදර යන හින්දා"
"ඒකත් එහෙමද.. බ්‍රයන් ඒක නෙමේ මම අද ඉමාෂ එක්ක ෂොපින් යනවා. එයාට මොනාද ගන්න ඕනලු බන්."
"අවුලක් නැහැ බන්. "
"මම ඉමාෂව ගෙදරට දාල ඉක්මනට එනවා. උඹ හිටහන් නිවන්ති එනකම්."
"ඔව් ඉක්මනට වරෙන්, බියර් එකකුත් ගහමු"

පැය දෙකක පමණ කාලය තුල වෙළඳසැලවල් විස්සකට පමන ගොඩවීමට මට සිදුවිය. කෙසේ නමුත් අවසානයේ ඇය ඇයට අවෂයය පාවහන් යුගලය හා තවත් දෑ ගත්තේය. ආයෙමත් කවමදාවත් ස්ත්‍රීන් සමග ෂොඅපින් නොයනවායි සිතමින් මම ඉමාෂාව ඇරලවීමට ගෙදරට ගියෙමි. ඇගේ නිවසේ මිදුල මැද නවතා තිබූ ස්කූටිය දුටුවිට මා මදකට හිටි පිළිමියක් විය. මක් නිසාදයත් එය ටානියාගේ බව හාඳුනාගැනීමට මට වැඩිකාලයක් ගතනොවූ නිසාය. මගේ ආදර කතාව කනපිට ගසාවිදෝ සැකය මා තුල තිබූ අතර ඇයගේ ඉල්ලීම නිසා මම අකමැත්තෙන් වුවද ඇය හා ගියෙමි.

"කාගෙද ඉමාෂ මේ ස්කූටිය"
"කවද ඉඳන්ද ඔයා ඕපදූප හොයන්න පටන් ගත්තෙ. කොහොමත් ඔයාගෙ කබලට වඩා ඒක ලස්සනයි"
"ආ ඒකත් එහෙමද, හෙට ඉඳන් පයින් එනවා එහෙනම්"
"විහිළුවක් කලේ නපුරො. යමු ගේ ඇතුලට. මම ඒ ආන්ටිව අඳුන්වල දෙන්නම්"

ඉමාෂා එසේ කියනවාත් සමගම මගේ ඇඟට පන නොමැති වී යන ගතියක් දැනෙන්නට විය. මගේ හදවත තදින් ගැහෙන්නට විය. කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවාදෝ යැයි මට සිතුනි.

"මොකද ළමයො බයවෙලා වගේ. මම ගේ ඇතුලට යමු කියල කිව්වෙ"
"නැ. මේ... මේ ... "

මට කියාගැනීමට වචන තිබුනද අම වචන ගැලපීමට අමහසු විය. කවමදාවත් මම මෙවැනි අවස්තාවකට මුහුණ දී නැත. ටානියා මොන දේ පැවසුවත් මම පාලනයකින් යුතුව සිටීමට මම සිතුවේ ඉමාෂාව මට වටින නිසාය. ඇය මගේ ලෝකය නිසාය. මා ඇය සමග යාමට සැරසෙනවාත් සමගම මාගේ දුරකථනය නාදවූයේ බ්‍රයන්ගෙන්ය. මදකට හෝ එය මගේ සිතට සැනසිල්ලක් විය.

"දිනුක උඹ කොහෙද?"
"ඉමාෂ ගාව. මොකො උඹ කලබලෙන් වගේ. මොකද අවුල"
"මචන් නිවන්තිට පොඩි කරදරයක්. පුළුවන් තරම් ඉක්මනට වරෙන්. මම ඉන්නවා අපේ සුපුරුදු තැන"
"හිටපන්, මම මේ දැන්ම එනවා. මම එනකම් මොකුත් කරන්න යන්න එපා හරි"
"මොකද දිනුක.. බ්‍රයන් නේද කතා කලේ"
"විස්තර කියන්න වෙලාවක් නැහැ ඉමාෂා. නිවන්තිට පොඩි කරදරක්. මම යනවා. ඔයාට කෝල් එකක් දෙන්නම්"
"මිස් යූ දිනුක. අනේ පරිස්සමෙන් හරි. කරන දෙයක් කල්පනාවෙන්, මගේ ජීවිතේ ගැනත් හිතන්න හරි"

තප්පර කීපයකින් ඉමාෂට සමුදුන් මම ඉක්මනටම බ්‍රයන් සිටි තැනට ලඟාවුනෙමි. ඔහු සිටියේ ඔහුටද පාලනය කරගැනීමට නොහැකී වූ තරහකින්ය. ඔහුගේ ගිනියම් වූ ඇස් නිසා කිසියම් හෝ බරපතල දෙයක් සිදුවී ඇති බවය.

"මොකෝ බ්‍රයන් මේ.. මොකද උනේ කියපන්.. කූල් ඩවුන් මචෝ.. කූල් ඩවුන්. මම ආවනෙ දැන්. කියපන් මොකෝ මේ"
"නිවන්තිට කොල්ලො කට්ටියක් කරදර කරන්වළු බන් බස් එකේ. අතින් අල්ලනවලු. ඉන කොනිත්තනවලු"
"කොහෙද දැන් එයා.."
"තාම එන ගමන්. එයා බය වෙලා එන්නෙ. කෙල්ලෙකුට බස් එකක යන්න බැහැනෙ නිදහසේ බන්. ඒකිව අල්ලපු අත මම කපනවා"
"කලබල වෙන්න එපා. මම කෝල් එකක් දෙන්නම්කො"
"නිවන්ති ඔයා කොහෙද"
"අනේ.. දිනුක"
"බය වෙන්න එපා ඔයා. මමයි බ්‍රයනුයි ඉන්නවා මෙතන.ඔයාට මුකුත් වෙන් නෑ හරි. මම කියන විදිහට කරන්න"
"හරි දැන් මොනාද කරන්න ඕන"
"ඔයාට කොච්චර වෙලාවක් යයිද එන්න."
"විනාඩි දහයක් විතර"
"හරි හොඳට අහගන්න මම කියන එක. ඔයා කලර් ලයිට් ගාවට ආවම මට මැසෙජ් එකක් දාන්න හරි. ඔයා බය වෙලාවගේ කොල්ලන්ට පෙන්නන්න එපා. කී දෙනෙක් ඉන්නවද"
"ම්ම්ම්ම්.. පහයි"
"හරි. ඔයා හමීඩියා එක ගාවින් බැහැල ආර්පිකෝ එකට යන පාර දිගේ එන්න ඉස්සරහට. අපි දෙන්න ඉන්නවා. කොල්ලො ටික පස්සෙන් ආවොත් එන්න දෙන්න. බයවෙන්න එපා හරි. අපි ඉන්නවා ඔය එක්ක"
"හරි මම ඒ විදිහට කරන්නම්"

මා එසේ පැවසුවද කුමක් සිදුවේදැයි මටද අදහසක් නොවීය. බ්‍රයන් තවමත් තරහව පිට්කරමින් සිටියේය. ඔහු මෙතරම් ආවේගයකින් සිටිනවා මම කවමදාවත් දැක තිබුනේ නැත. සමහර විට ඔහුගේ ආදරවන්තියට සිදුවූ දේ නිසා විය යුතු අතරම නිවන්තිව ඇල්ලූ අත කපා වෙන්කරන බවද මම හොඳාකාරවම දන්නා කරුනක්ද විය.

"මේ අහපන් බ්‍රයන්.. ටිකක් කූල් ඩවුන් වෙයන්. මම ඉන්නවනෙ දැන්"
"කීයක් ඉන්න්වළුද එතන"
"පහයි"
"ගහමු උන්ට ආයෙමත් ඔය වගේ වැඩ කෙල්ලෙකුට නොකරන්න. ජරා හැත්ත. කෙල්ලෙකුට බස් එකක නිදහසේ යන්න බැහැනෙ. ඔච්චර අමාරුවක් තියනවනම් මඩමකට යන්න තිබුනනෙ උන්ට"
"මේ අහපන්. උනුත් කාගෙ හරි දෙමාපියන්ගෙ දරුවො. ඒ නිසා මෝඩ වැඩ කරන්න යන්න එපා හරි. අනික අපි දෙන්න මේ ඉන්න තත්වය ගැනවත් හිතපන් හරිද"
"අපිටත් අම්මල තාත්තල ඉන්නවා. අපි යනවද අහින්සක කෙල්ලන්ට අතවර කරන්න"
"නෑ මම මේ කිව්වෙ .... හරි ගහමු උන්ට අයෙමත් කෙල්ලෙක්ව දකිනකොට අහකබලා ගන්න"

මා පැවසූ පරිදිම නිවන්ති කෙටි පණිවිඩයක් මට එවා තිබුනි. එසේම මා කියූ පරිදිම ඇය මා කියූ පාරෙහි ඉදිරියට ඇවිද එන්නට විය. කෙල්ලන්ගේ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නා කාඩ්බෝඩ් වීරයෝ ටිකද ඇය පසු පස එන්නට විය. ඔවුන් මදක් ඉදිරියට පැමිනිවිට අප දෙදෙනාද ඔවුනට මුහුනට මුහුන ලා සිටගත්තේය. වීරයන් පස් දෙනා එකවරම නැවතුනේ අප දෙදෙනාව දැක නිසා විය යුතු අතර නිවන්තිද කඳුළු පිරි දෑසින් බ්‍රයන් වෙත දිව ආවෙය. අනතුරක හොඩුවාවක් දැනුනු ඔවුන් ආපසු හැරීමට උත්සක කලද ඊ තලයක වේගයෙන් ක්‍රියාත්මක වූ අප දෙදෙනා ඉදිරියෙන්ම පැමිනි දෙදනාගේ මුහුන හරහා පහරවල් කීපයක් එල්ල කලේ ඔවුන් කෑ ගවමින් බිම ඇද වැටෙනවාත් සමගමය. අප සිතූ තරම් ලෙහෙසි තත්වයක් නොවූවත් අප දෙදනාට එම නාටකයද ගොඩදමා ගැනීමට හැකිවිය. ඔවුන් එකිනෙකා වැටි වැටී දුවද්දී ඔවුන්ගෙන් එක චරිතයක් මම හඳුනාගත්තෙමි. කෙසේ වෙතත් ඔවුන් එල්ල කල පහවවල් වලින්ද අප දෙදෙනාද තුවාල වී තිබුනි. බ්‍රයන්ගේ අත උලුක් වී තිබු අතර මාගේ තොල් පොටින් ලේ ගලා එන්නට විය. නිවන්තිගේ උපදෙස් මත අපි තිදෙනාම නැවතත් කාර්යාලය වෙත ගියේ ප්‍රථමාධාර ලබාගැනීම සඳහාය. අපගේ වෙලාවට ලොක්කාද එහි සිටියේ ය.

" දිනුක මොකෝ මේ. නිවන්ති ඇයි ඔයා අඬන්නෙ."

නිවන්ති සිදු වූ සියල්ල අපගේ බොසාට පැහැදිලිකර දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ඔහු අපට ප්‍රථමාධාර දුන්නෙඋ අපට උපදෙස් මාලාවක්ද සමගය.

"ආයෙ එහෙම රන්ඩුවලට පැටලෙන්න එපා හරි. නිවන්ති අයෙ ඔයා කොහෙ හරි යනවනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් අරගෙන යන්න. තනියම යන්න එපා. හරි දැන් ගිහින් මූණ හෝදගෙන එන්න. මම ඔයාව ඇරලවන්නම්. ගෙදරට කියනන් එපා හරි. එයාල කලබල වෙයි. දන්නවනෙ ඊට පස්සෙ"
"ඔව් ඔව් සර්.. කොහොමත් මම කියන් නැහැ.. එයල නිකන් කලබල වෙනවා. මේ දෙන්න ඉන්නවනෙ මට"
"හරි එහනම් මම නිවන්තිව දාගෙන යන්නම්. ඔයාල දෙන්නත් පරිස්සට යන්න"
"ගොඩක් තෑන්ක්ස් සර්.. "

ඔවුන් පිටව ගියායින් පසුව අප දෙදෙනාද මුහුනකට සෝදා ලේ තැවරුනු මාගේ කමිසය ගලවා දැමුවේය. අත් බැනිය්මක් ඇඳසිටි නිසා මා හට අපහසුවක් නොවීය. බ්‍රයන්ගේ අදහසකට අපි දෙදෙනාම ප්ලේන්ටියක රස බැලීමට අපගේ සුපුරුදු ස්තානය වෙත ගියෙමු.

"කෙවින්ගෙ මල්ලි නේද හිටියෙ"
"ඔව් දිනුක, මේක මෙතනින් ඉවර වෙන්නෙ නැති වෙයි. දන්නවනෙ කෙවින්ගෙ හැටි"
"මොකටද බන් බය වෙන්නෙ, අපි දෙන්න එකට ඉන්නකොට. "
"ඒකනම් ඇත්ත. ඒත් අපි ටිකක් පරිස්සමට ඉමු. මොකද දිනුක, මේ ටිකේ ගොඩක් දේවල් උනා."
"ඒකනම් ඇත්ත. මාර විදිහට සිදුවීම් වෙන්නෙ. සේරම හරි ඉක්මනට වෙනවා"
"වැඩේ කියන්නෙ ඒ වෙන සේරගෙම අපි දෙන්නත් ඉන්නවා, ඒ වෙන සේරම අපි දිනනවා"
"හම්ම්ම්.. අපි පරිස්සම්වෙමු අද ඉඳන් වෙනදටත් වඩා"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, May 19, 2015

හිතුවක්කාර ආදරය - 6 කොටස



ඇයව රැගෙන යාමට ඔහුගේ පියා අද නොපැමිනියත් ඔහු ඔහුගේ වාහනය එවා තිබුනි. මටද ඒමටයැයි ආරාධනා ලැබුනද මම නොගියේ අසීස් හදිසියේම ලංකාවට පැමිනි නිසාය. බ්‍රයන්ට දුන් ඇපතුමත් සමගම ඔහු ප්‍රමාද නොවී නොපැමිනියේය. අප දෙදෙනාම අපගේ සුපුරුදු ස්ථාඅයට ගියේ අසීස්ව මුනගැසීමටය.

"ඔයාල දෙන්න ආවද.. මම මේ දැන් ටිකකට කලින් කටුනායකින් බැස්සෙ. කෙලින්ම ආවෙ ඔයාල දෙන්න මීට් වෙන්න. එදා මොකද උනේ"

බය්‍රන් පෙරදා රාත්‍රීයේ සිදුවූ සියල්ල එකිනෙක පැහැදිලි කරන්නට විය. අප එහෙ යාමට අදහස් කල අයුරුද, අපට එහෙදී දැනගන්න ලැබුන දේවල්ද, මොහොමඩ්ගේ පැමිනීම පිළිබඳවද බ්‍රයන් ක්‍රමානුකූලව පැහැදිලි කලේය.

"මට හිතාගන්නත් බැහැ මේ මිනිහ සල්ලි වලට විකුණුනා කිව්වහම. මිනිහට සල්ලි ඕනි නම් මගෙන් ඉල්ලලන්න තිබුනනෙ"
"තව එකක් අසීස් හොඳ වෙලාවට මිනිහ මාවයි දිනුකවයි දැනගෙන ඉඳල නැහැ"
"ඔව් නැතිනම් මොනවයින් මොනව වේද දන්නෙ නැහැ, දිනුක දැන් ආදරව්න්තයෙක් නේද"
"හා හා හා ඔව් ඔව්.. ඒ පට්ටමත් ගත්තා ඔන්න"



"අවුලක් නැහැ, ඔයාලටත් ජීවිතයක් තියනවනෙ. කෙල්ල කව්ද කියන්න මම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මට උඹ ගැන් විස්වාසයි කොල්ලො. හැබැයි මතක තියා ගනින් මේ පාර දිනුක සෙල්ලම් කරන්නෙ පුළුනුන් ගොඩේ ඉඳගෙන ගින්දරත් එක්ක."
"දිනුක ගැන බය වෙන්න එපා අසීස්. ඉතින් ඇයි මේ හදිසි හමුවීම"
"මම මේ හදිසියේ ආවෙ කියනන අපේ ඊළඟ මෙහෙයුම කැන්සල් කියන්න. මම අදාල අය එක්ක කතා කලා. මේ උණුසුම ටිකක් අඩුවෙනකම් ඉමු. අනික ඩිමන්ත නැතිව මේක කරන්න අමාරුයි. සමහරවිට මිනිහ මේ ගැන එළි කරල ඇති. "
"ඒකනම් මටත් හිතුනා. අසීස් ඔයා වැඩටික කැන්සල් ක්ල් එක හොඳයි"
"ඔව්. මම මොහොමඩ්වත් එක්කන් අපහු යනවා හෙට රෑට. ටිකක් නිහඬව ඉමු. මම හදිසියක් උනොත් ඔයාලට කතා කරන්නම්. අනික ඔයාල දෙන්න පරිස්සමෙන් ඉන්න."

පැයක පමන සාකච්චාවකින් පසුව අසීස් අපට ටික දිනකට සමු දී යන්න ගිය අතරම අපි දෙදෙනාද ගෙවල් බලා ගියේ අදද පරක්කුවී තිබූ නිසාය. අසීස් අවසානයට කියූ දේ පිළිබඳව මම මාගේ ඇඳට වී කල්පනා කෙරුවෙමි. ඔහු කීදේ පිළිබඳව මා හට එතරම්ම අදහසක් නොතිබුනත් ඔහු එසේ කීවේ කුමක් හෝ දෙයක් නිසා විය යුතුය. එක දිනක බීච් පාටියකදී අසීස්ගේ සහෝදරයා ඇතිකරගත් රන්ඩුවකදී අපි දෙදෙනා ඔහුට සහයෝගය ලබා දීම නිසා අසීස්ව අපට හඳුනාගැනීමට ලැබුනි. එදා සිට අදවනතුරු අසීස්ගේ ලඟින්ම සිටියේ අපි දෙදෙනාය. අසීස්ගේ සහෝදරටාටත් වඩා අප දෙදෙනා පිළිබඳව ඔහුතුල විස්වාසයක් තුබූ අතරම අසීස්ගේ හොඳවැඩ මෙන්ම ජඩ වැඩ පිළිබඳව අපි දෙදෙනාම දැන සිටියෙමු. ඔහුගේ තුබුනු උතුම් ගති පැවතුම් නිසා අපි දෙදෙනාද ඔහු සමගම සිටියෙමු. ඔහු කවදාවත් අහින්සකයෙකුට රිදවූයේ නැත. ඔහුට හැකි සෑම අවස්තාවකදීම ඔහු නැතිබැරි අයෙකුට පිහිට වූ නිසා ඔහු සමාජය තුල හොඳ නමක් උපයාගෙන සිටියේය. එමෙන්ම එම හේතුව නිස්සාදෝ මිනිසුන්ගෙන්ද ඔවුනට ලැබුනේ දේව සැලකිලිය.

"ගුඩ් මෝර්නිං මචන්"
"ගුඩ් මෝර්නිං බ්‍රයන්. අද ට්‍රේනින් එකට නිවාඩුවක් දුන්නලු නේද"
"අම්මෝ ඔව් බන්. එක දිගටම මෙහෙම උන්ට වද දෙන්න ගත්තොත් අළුත් උන්ට එපා වෙයි. උඹටනම් ඉතින් පාළු ඇති"
"ම්ම්ම්ම්.. ඒ කෙල්ල හරි පුදුමාකාරයි බන්. මම හිතුවෙම නෑ ආදරේක පැටලෙන්න.. අනේ මන්ද බන් උඹට කියන්න තේරෙන්නෑ බන් මට"
"කෙල්ලො හරි පුදුමාකාරයි තමා දිනුක. ලෝකෙ ගෝලාකාරයි, කොල්ලො අපි නන්නත්තාරයි"

වෙනදා මෙන් ඉමාෂා පෙනෙන්නට නැති නිසාදෝ මගේ සිතට ආගන්තුක වූ තනිකමක් දැනෙන්නට විය. හිත එක්තැන්කර වැඩක්කිරීමට කොතරම්ම උත්සහ කලද මගේ සිත මට කීකරු නැත. මගේ සිත මට අවනෙත නැත. අද දවස ගෙවුනේද ඉතා හිමින්ය. අපූරුවට සිටි මට ඇයකල දේ යැයි සිතමින් බ්‍රයන් ද සමග අපගේ සුපුරුදු ස්ථානයේ වාඩිවූයේ ප්ලෙන්ටියක රස බැලීමටය. ඉමාෂාට අමතරව හිත ඇවිස්සූ අනෙක් කරුන වූයේ අපට අසිස් කී කතාව වූ අතර් ඔහු එවැනි දෙයක් ප්‍රකාෂ කලේ ඇයිදැයි යන්න අප දෙදෙනාටම විසඳුමක් නැති ගැටළුවක් විය. මක්නිසාද යත් අසීස් කිසිමදෙයකින් සැලෙන චරිතයක් නොවූ නිසාවෙනි.

"අසීස් මොකක් හරි අවුලක ඉන්නෙ බ්‍රයන්, නැතිනම් අපිට එහෙම කියන්නෑනෙ. දන්නවනෙ මිනිහ ගැන"
"ඔය ප්‍රස්නෙ ටිකක් අමතක කරමු බන්. මේ ගෙවුනු පැය කීපයට ගොඩක් දේවල් උනා. ඒක නෙමේ ටානියා එහෙම කෝල් කරන්නෙ නැද්ද දැන්"
"කතානම් කරනවා. ඒත් මම ඊයෙ කිව්වා එයාට මට ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා.මම දැන් ආදරේ කරනවා කියලා"
"නෑ ඉතින් "
"ඔව් බ්‍රයන්, ඉමාෂාව හම්බුනාට පස්සෙ මට වෙන කෙල්ලො අල්ලන්නවත් හිතෙන් නැහැ බන්. මාව සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් වෙලා"
"ඒකනම් ඇත්ත. ඒ වෙනස මටත් තේරුනා. ආදරයක් හින්දා උඹ වගේ එකෙක් ඔහොම වෙනවා කියන්නෙ ඒ ආදරේ හරිම බලගතුයි බන්. මම ආසයි උඹේ වෙනසට දිනුක. අපි අසිස්ට කියල එයාගෙ වැඩවලිනුත් ඈතට යමු. දැන් කාලෙ ඇවිල්ල තියෙන්නෙ අළුත් ලයිෆ් එකක් හදන්න"
"නැතුව නැතුව.. මමත් ඔය ගැන හිතුවා. ඒත් බ්‍රයන් අර කතාවක් තියනවනෙ 'කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියලා' "
"ඒක නම් සිරා කතාව.මමත්කොහොම හරි නිවන්තිව අරගෙන ලන්ඩන් යනවා බන්. එයා එක්ක එහෙට වෙලා ලස්සන ලයිෆ් එකක් ගෙනියනවා. ලස්සන කොලු පැටියෙක් හදලා දිනුක කියල නම තියනවා"
"ඒ කියන්නෙ උඹ මාව දාල යනවා"
"හෙම හිතන්න එපා මචන්, නෙගටිව් වෙන්න එපා. උඹව මම මේ ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්නෙ නැහැ දිනුක. උඹට කවුරු නැතත් මේ බ්‍රයන් ඉන්නවා. "

බ්‍රයන්ගේ කතාව ඇත්තක් විය. එක බඩවැල කඩාගෙන නොපැමිනියත්, ඔහු මට මගේම සහෝදරයෙක් විය. අප දෙදෙනාගේ ඉතිහාස කතාව ඉතා සුන්දරය, රසවත්ය. පැය බාගයක්ම ප්ලෙන්ටිය තොල ගා නැවත පැමිනියත් ඉමාෂා නැති නිසාදෝ මගේ හිතට සාන්කාවක් දැනෙන්නට විය. මාගේ සාන්කාහිතට හඩිසියේම එළියක් වැටුනේ අද හවස හමුවෙමු යැයි ඇගෙන් ලැබූ ඇමතුමත් සමගය. හවස මට පැවරී තිබූ වැඩක්ද මම බ්‍රයන්ට බාර දී බොරු උණක් පෙන්ව්මින් වෙනදාටත් වඩා පැයක් කලියෙන් මම කාර්යාලයෙන් පැනගත්තෙමි.

"අපි ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා දිනුක"
"ඇයි ඔයා එහෙම කියන්නෙ"
"අපි හමුවෙලා තව දවස් කීයද. ඒත් අපි අපිටම හිතා ගන්න බැරි විදිහට ආදරෙන් උමතු වෙලා. හම්ම්ම්ම්.. අනේ මන්දා මේ අහින්සක කෙල්ලට මොනව කලාද කියලා මේ ආඩම්බරකාරයා. මම හා පැටියෙක් වගේනෙ හිටියෙ"
"ආ ඇත්තද මැඩම්. ඒ අහින්සක හාපැටිය ගැනනම් මොනාට කියනවද"
"ඒක නෙමේ ආඩම්බරකාරයො, මම ඊයෙ තාත්තට කිව්වා ඔයාව මැරි කරන්න ඕන කියල මට ඉක්මනටම"
"නෑ... ඒ මොකද ඒ එක පාරටම"
"හදිසියක් නැහැ ඉතින්, ඔයා මට හම්බෙන්න කලින් තාත්ත තමා මගෙ බෝයි. ඒත් දැන්... හම්ම්.. තාත්ත කිව්වා අදම ඔයාව එක්කන් එන්න කියල අදම"
"මේ අදම .."
"මොකෝ මේ බයවෙලා වගේ .."
"බය.. මාරයටත් බය නැති කොල්ලෙක් මම හරිද මැඩම්. යමු ඔයාගෙ තාත්තව මීට් වෙන්න. ඒත් ඉතින් .."
"මොකෝ ඒත් .."
"මම මොනාද ඉතින් ඔයාගෙ තාත්තට කියන්නෙ"
"අයියෝ.. බය වෙන්න එපා අනේ.. මම ඉන්නවනෙ ඔයා එක්ක.තාත්තා මගේ ඉල්ලීමට පිටින් යන්නෙ නැහැ. ඒ තරමටම මට එයා ආදරෙයි. අනික තාත්ත දන්නවා මම කවදාවත් වැරදි තීරනයක් ගන්නෙ නැහැ කියලා."

ඇය හා යාමට අකමැත්තක් නොතිබුනත් ඇගේ පියාව හමුවීමට යාමට තවම ඉක්මන් වැඩි යැයි මම සිතුවෙමි. නමුත් ඇගේ හිත රිදවීමට මම අකමැති වූ නිසා මම ඇය සමග ඇගේ නිවසට ගියෙමි. ඉතාමත් අලන්කාර විදිහට ඇගේ නිවස සරසා තිබුනි. කෙටි ප්‍රස්න පත්‍රයකින් හා රචනා ප්‍රස්න පත්‍රයකින් යුත් ඇගේ පියාගේ ප්‍රස්න වලට මට පිළිතුරු දීමට සිදු විය. එහිදී කැමති ප්‍රස්න පහකට පිළිතිරු සැපයීමේ අවස්තාවද මට අහිමි උනෙමි. නමුත් ඔහුගේ සිත දිනා ගැනිමට මට එතරම්ම කාලයක් ගත නොවීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොඳ ගතිගුණ ඇති ඇති ප්‍රතිපත්තියක් ඇති මිනිසෙකු වූවේය.




"දුව, මටයි දිනුකටයි ඔයාගෙ අතින් හදපු රස තේ දෙකක් අරගෙන එන්න"
"ඕකේ තාත්තී .."
"ඉමාෂ කියන්නෙ පොඩිකාලෙම අම්මගෙ ආදරේ අහිමි උන කෙල්ලෙක් දිනුක. ඔය හුරතලේට හිටියය ඔය කෙල්ලට තියෙන්නෙ පුදුමාකාර එඩිතර හිතක්. මට ඔයා ගැන කිව්වාම පුදුමත් හිතුනා"
"ඒ ඇයි අන්කල්"
"නෑ ඉතින්, මම ප්‍රොපෝසල් කීයක්නම් ගෙනාවද ඔය කෙල්ලට. එකකටවත් කැමැති උනේ නැහැනෙ. ඔයාටම තමා කැමති උනේ. දැන් ඔයා තමා එයාගෙ හැම දේම. මගේ දුවගෙ තේරිමනම් වැරදි නැහැ වගේ. මට ඔයා ගැන කිසිම සැකයක් නැහැ."
"ගොඩක් තෑන්ක්ස් අන්කල් ඒ වචන ටිකට. ඒක මට ගොඩක් වටිනවා. එයා මගෙ ජීවිතෙත් ගොඩක් වෙනස් කලා අන්කල්. එයා හරිම පුදුම කෙල්ලෙක්"
"ඔයාගෙ ගෙදරට කිව්වද ඉමාෂ ගැන දිනුක ?"
"තාම නම් නැහැ අන්කල්. මේ හැම දේම සිදුවුනේ හරිම ඉක්මනටමනෙ. මම කියන්නම් ගෙදරට ඉක්මනටම ඉමාෂා ගැන. මොන දේ මොන විදිහට සිදු උනත් ඉමාෂ මා කෙරෙහි තිබුනු විස්වාසය කඩකරන් නැහැ අන්කල්. ඒ වගේම අන්කල් මම ගැන තියපු විස්වාසෙත් එහෙම තමා"
"මම දන්නවා පුතා ඔයා ගැන. මම සරත්ගෙනුත් ඔයා ගැන ඇහුවා. ඒ විදිහට ගුන කියල නැතිව ඇති සරත්, එයාගෙ වයිෆ්ටවත්"
" ආ මොකද දෙන්නම හිනා වෙන්නෙ. මේ ආඩම්බරකාරයගෙ මූනෙ හිනාවක් දකින්න පින් කරල තියෙන්නෙ ඕන තාත්ති."
"ඔයා හෙව්වෙත් ඉතින් මේ වගේ ආඩම්බරකාරයෙක්වනෙ. දැන් ඉතින් හම්බුනානෙ. ඔයාලගෙ අනාගතේ ඔයාලට බාරයි දැන්. මොනා හරි දෙයක් තියනවනම් මට කියන්න ඕන හරි"
"තෑන්ක්ස් අන්කල් .."
"අද ඉඳන් දිනුක ඔයාට මේ දොරවල් ඇරල තියෙන්නෙ. ඕන වෙලාවක ඇවිල්ල ඉමාෂව මීට් වෙන්න පුළුවන්. දන්නවනෙ මේ කාලෙ කොල්ලො කෙල්ලො, පඳුරු අස්සෙයි හෝල් වලයි රූම්වලයි .."
"ඊය තාත්ති මොනවද මේ කියන්නෙ. දිනුක එහෙම කොල්ලෙක් නෙමේ ආදරේ සේල් කරන්න තරම්. එයා දියුණු කොල්ලෙක්."
"හරි හරි දුවේ, මම නිකමට කිව්වෙ.. එහෙනම් ඔයාල කතා කර කර ඉන්නකො. මට වැඩක් තියනවා කරන්න"
"බලන්න දිනුක, තාත්ති කියන කතා. එයානම් .."

විනාඩි විස්සකින් පමන ඉමාෂාට හා ඇගේ පියාට සමුදුන් මම නිව්සට පැමිනියෙමි. කාර්යාලයේ මම බ්‍රයන්ට පැවරූ වැඩ පිළිබඳ විමසා බැලූ අතර අද හවස සිදුවූ වියල්ල මම ඔහුට පැවසුවෙමි. දිනෙන් දින ගෙවී යත්ම ඇයව නොමැතිව කාලය ගත කිරිමට බැරි තරමටම ඇය මගේ ලෝකය හොරාගෙන තිබුනි. ආගන්තුක හිතකට මෙතරම්ම ලෙන්ගතු වේවියැයි මම කිසිමදිනෙක නොසිතුවෙමි. පාසල් කාල්යේ සිටම පේමය ප්‍රතික්ෂේප කල මා අද ආදරවන්තයෙක් වී ඇත. ආදරය විඳිමින් ඇත. ආදරයෙන් වල්මත් වී ඇත.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Monday, May 18, 2015

“I Was Rejected From Harvard 10 Times”, Alibaba CEO On Persistence


Jack Ma, the wealthiest man in China spoke with Charlie Rose early this year at the Davos World Economic Forum about his journey founding Alibaba, a Chinese E-Commerce website that today handles more traffic than Ebay and Amazon combined.
Last year, Alibaba raised the largest Initial Public Offering on the New York Stock Exchange, at the tune of Rs3,370.03 Billion, valuing the company at approximately Rs26,960.28 Billion and Jack Ma’s net worth at Rs2,696.03+ Billion.
In his interview (video above), he gave a few interesting tips on his success:

1. Make it a daily habit.
In order to learn English, a teenage Jack Ma with limited resources decided to go to the Shangri-La Hotel every morning and pick up Western tourists to give them free tours of his home town HangZhou, in return for English lessons and some practise. He did this every morning for 9 years, rain or snow.

2. Do not give up.
Rejection is something Jack Ma is extremely familiar with and it does not seem to faze him one bit. He failed his university entrance exam 3 times. He applied to 30 jobs when he was looking for work and was rejected from all of them, including a job at KFC where 24 people applied and they hired everyone but him. He wrote to Harvard for a total of 10 times and was knocked back every single time.
When asked about his failed applications to Harvard during the interview, he replied: “Someday I should go teach there maybe”.

3. Take initiative and make it happen.
The first word that Jack Ma searched on the internet in the early 90s was ‘beer’. Upon seeing all different types of beer on the net, the second word he searched was ‘China’ and it returned no results. This gave him the idea to begin his first internet business.

4. Have no fear. 
That internet business was called ‘China Pages’, in which he and his wife borrowed Rs269,602.75 to set up the company. When asked about this venture, he replied:
“I knew nothing about personal computers or e-mails. I had never touched a keyboard before that. That’s why I call myself a blind man riding on the back of a blind tiger“.

5. Trust yourself.
When he first had the idea of starting Alibaba, he gathered 17 of his friends in his apartment and spoke for hours about the vision that he had. When he finished speaking, all but one of his friends present told him it was a stupid idea. Jack thought about his idea for that entire night and the next day, he decided to start his company.

6. Make no enemies.
His main philosophy when it comes to dealing with his competitors is that, he doesn’t see them as enemies but people that he can learn from. “A real businessman or entrepreneur has no enemies. Once he understands this, then sky’s the limit”.

 7. Take responsibility. 
In order to start an e-commerce website with a payment system in China at the time, Jack Ma needed a license from the Chinese government. Obtaining a license proved difficult and doing so without one would be illegal. After listening to a leadership panel, he phoned his staff back at his apartment and told them: “Do it, now, immediately. If something’s wrong and the government isn’t happy about that (Alibaba), if one body has to go to prison, Jack Ma goes to prison”.
-www.bosshunting.com.au

Wednesday, May 13, 2015

හිතුවක්කාර ආදරය - 5 කොටස



අපට හදිසියේම මුහුණපෑමට වූ අවස්තාව පිළිබඳව කතාබහකරිමින් අපි දෙදෙනාම අපගේ සුපුරුදු මේසයට වී පැයක් පමණ කාලය ගතකෙරුවෙමු. නමුත් ඩිමන්තව නැවත එලියට ගනුයේ කෙසිදැයි අප දෙදනා තුලම හරි අදහසක් නොතිබූ අතර බ්‍රයන් ගේ මතය වූයේ ඔහුගේ කතාව ලොවටම අභිරහසක් කරමු යන්නය. මොහොමඩ්ගෙන් බ්‍රයන් ට ලැබුන ඇමුතුමෙහි සිනාඩි විස්සක් පමණ එල්ලී සිට බ්‍රයන් නැවතත් කතාව ඇරඹියේ බලාපොරොත්තු කඩ වූ හඬකිනි. 

"ඩිමන්තව එලියට ගන්න විදිහක් නැහැළු බන්"
"ඒකත් එහෙමද, අපි යමු ඩිමාගෙ ගෑනිව මීට් වෙන්න"
"මටත් හිතුනා, ඒත් වැඩක්වෙයිද?"
"යන්කො.. ඒක නෙමේ උඹ දන්නවද ඩිමාගෙ ගෑනිව. මමනම් දැකලවත් නැහැ"
"මමත් එහෙම තමා. මොකද්ද උඹෙ පොයින්ට් එක"
"බ්‍රයන්, මුන් කොහොම කිව්වත් ඩිමා කොටු උනා කියන එක මට හිතන්න බැහැ. මොකද ඩිමා කියන්නෙ අපි දෙන්නටත් වඩා මොළකාරයෙක්. අනික බන් අපි දෙන්නට වඩා මිනිහට මේ වැඩගැන හොඳ පලපුරුද්දක් තියනවා."
"හරි දැන් උඹ කියන්නෙ මේක උගුලක් කියලද, හබැයි දිනුක මටත් ඔය ඩිමාව කොටු උනා කියන එක හිතන්න බැහැ. දිනුක අපි මෙහෙම වැඩක් කරමු, අපි යන් ගෑනීව මීට් වෙන්න පොලිසිය්න් වගේ. ගිහින් ගෑනි එක්ක ටිකක් කතා කරමු"
"හොඳ අදහසක් .. යමු"



අපි දෙදෙනාම පළමුව නැවතත් අපගේ කාර්යාලය වෙත ගියෙමු. මුරට සිටිනා අන්කල්ට බ්‍රයන් ඇඹරූ බොරුව නිසා අප දෙදෙනාටම ලෙහෙසියෙන්ම ඇතුලුවීමට හැකිවිය. අපගේ කාර්යාලයෙ අප තබා තිබූ කබා දෙකක්ද දමාගත් අප දෙදෙනා ඩිමන්තගේ ගෙදරට ගියේ මොහොමඩ්ගේ මගපෙන්වීම මතය. අප ගෙට ඇතුළුවෙනවාත් සමගම ඔහුගේ බිරිඳ අපව දැක අප ඉදිරියට ආවේය. 

"සර්ල වේලාසනම ඇවිත්නෙ. ඔන්න ඔයලා කිව්ව විදිහට මන් බඩු ලෑස්තිකලා. මහත්තය බාත් රූම් එකේ" 

ඇයගේ කතාවත් සමගම අප දෙදෙනාම නිහඬවිය. ඈ ඉයූ ඒ හතරබීරි කතාවේ තේරුම මොකක්දැයි අපි කල්පනාකෙරුවෙමි. නමුත් ඩිමන්ත මුද්ලට අපව පාවා දී ඇති බව අපට වැටහීමට එතරම්ම කාලයක් ගත නොවීය. මදකට නිහඬ වූ වේදිකාවමත පළමුව රඟ දැක්වූයේ බ්‍රයන්ය.

"ඔව් මිස් අපි ටිකක් වේලාසනින් අවා, මොකද ඩිමන්තගෙ ජීවිතේ අනතුරේ නිසා, මිස්ට අතපත්තු මේ මිස්ගෙ බෑග් ටික හරිද බලන්න"
"ඔකේ සර්.. සර් මේ බෑග් බර වැඩි වගේ නැද්ද"
"මටත් එහෙම හිතුනා. මිස් ඔයාට කිලෝ තිහකට වඩා එක බෑග් එකකට දාන්න බැහැ. ඔය අනවෂයය දේවල් අයින් කරන්න"
"අනේ සර්, මගේ මිනිහට කරදරයක් වෙන්නෙ නැහැ නේද. එයා මොනවත් දන්නෙ නැහැ සර්."
"හරි හරි අපේ කට්ටිය ඒ ගැනැ කතා කලානෙ. එයා කා එක්කද සම්බ්න්ද කියල තාම තොරතුරක් නැහැ නේද"
"අනේ සර්, එයාට කෝල් එනව විතරයි. නම්ගම් දන්නෙ නැහැ. සල්ලි හම්බෙන නිසා ඉතින් කරනවා. සර්ල දුන්න කෝටි දෙකහමාරෙන් අපි අළුත් ජීවිතයක් පටන් ගන්නවා සර්, සින්ගප්පූරු ගිහිල්ලා."
"හරි හරි, බය වෙන්න එපා අපි ඉන්නවනෙ. මිස්ට අතපත්තු මම අපේ මොබයිල් එකට එන්න කිව්වා. පොඩ්ඩක් බලන්න ඒක ඇවිත්ද කියලා"

මේ සියළුම කතා ඇසුනායින් පසුව මා හට මිනිසුන් ගැන ඇතිවූයේ කලකිරීමකි. මුදල් නිසා තම ආත්මයත් පවාදෙන තරමටම මිනිසා පත්වී ඇත. බ්‍රයන්ගේ මේ නාඩගමේ පිටපත මම නොදැන සිටියෙමි. නමුත් ඔහු මට එළියට යාමටයැයි පැවසූවේ කවුරුන් හෝ එනවාදැයි ඔත්තු බැලීමට විය යුතුය. මා එළියට පැමින තප්පර කීපයකට පසු ඩිමන්ත්ගේ කෑගැසීමක් ඇහින. මම ඉක්මනින්ම නිවස ඇතුලට දිව ආවෙමි. මා දුටු දසුන මට අදහා ගත නොහැකිවිය. බ්‍රයන්ට අමතරව මොහොමඩ්ද එතන සිටි අතරම රතු පැහැ වූ ගෙබිම තුල ඩිමන්ත හා ඔහුගේ බිරිඳ වැටී සිටියේය. මොහොමඩ් අත තිබූ පිහි තලයෙන් තවමත් ලේ බිඳු වැටෙන්නට විය. බ්‍රයන් නිහඩය. 

"මොහොමඩ්.. ඔයා කොහොමද ආවෙ.. මොකද්ද මේ කලේ මිනිහො"
"පොඩි මහත්තයල දෙන්න මට කොල් කලාම මමත් ආවා. මම කලින්ම ඇවිල්ල හැන්ගිලා හිටියෙ ගෙදර. මූ මහ තිරිසනෙක් පොඩි මහත්තයා. සල්ලි වලට අපිව පාවල දුන්නා. මේ වගේ උන් මොකටද. පොඩි මහත්තයල යන්න. ඉක්මනට යන්න. මම මෙතන ගැන බලා ගන්නම්. අසීස්ට දැනුම් දෙන්න."

ඔහුගේ අණට කීකරු වූ අපි දෙදෙනාම එම ස්තානයෙන් පිටව ගියේය. රාත්‍රී නමය පමණ වී තිබූ නිසා අප දෙදෙනාව කවුරුත් නොදැක්කායයි අප සිතුවෙමු. බයන්ව ඔහුගේ නිවස අසලින් දමා මම ගෙදර ආවෙමි. අම්මාගේ බැනුම් චැනලය ක්‍රියාත්මක වන්නට විය. පැයක පමණ කාලයක් වතුර මල යටට වී අද අදවස පිළිබඳව මම කල්පනා කෙරුවෙමි. හෝරා කීපයකට පෙර හුරතල් දඟකාරියකගේ කටකාර ආදර වදනින් වල්මත් වී සිටි මම මේ වනවිට මීනීමැරුමක ඇසින්දුටු සාක්ෂි කාරයෙක් වෙමි. මේ සියලු වැඩ කටයුතු වලට තිත තැබීමට කාලය එළඹ ඇතැයි මම සිතුවද මාගේ තනි තීරන්යකට මා එසේ කලොතින් ඩිමන්තගේ ඉරණම මටද අත්වනවා නොඅනු මානය. 

පෙරදින සිදුවූ සිද්දිය නිසා මා හට නියමාකාරව නින්දක් නොලැබුනි. බ්‍රයන්ටද එසෙම වූ අතර ඔහුද විවේකාගාරයට වී මේසය මත හිස තබාගෙන සිටියේය. මා තුල තිබූ ඒ නිදිබර ගතිය නිසා මගේ ඇස් පියවුනේ මා නොදැනුවමය. නමුත් ඇස් පියවී විනාඩි කීප්යකට පසු ඇසුනු හඬ නිසා මම නැවතත් අවදි වුනෙමි. 

"අහ් .. මාව බලන්න පඩි නොගෙව්වට ආඩම්බරකාරයට නිදියන්න පඩි ගෙවනවා වගේ නේද"
"අනේ නෑ ඉමාෂ.. ඊයෙ බ්‍රයනුයි .."
"දන්නවා දන්නවා.. දෙන්න රෑ එළි වෙනකම් බියර් බිබී ෆිල්ම් බලල ඔෆිස් ඇවිල්ල දෙන්නම නිදි. ඒ උනාට බොස්ලනම් කියන්නෙ මේ දෙන්න තරම් දෙන්නෙක් නෑ කියලා"
"හරි හරි ඉතින් ඕකට කෑගහන්න ඕන නැහැනෙ"
"ආ මේ එන්නෙ අනික් කෙනත්, ඇහැරල වගේ.. හම්ම්.. අද හවස බීච් යන් හරිද ආඩම්බරකාරයො"

ඇය එසේ කියමින් පිටව ගියේ බ්‍රයන් ඇතුලුවෙනවාත් සමගමය. ඔහු අතේ පත්තරයක්ද විය. බ්‍රයන් හඬ අවදි කිරීමට සැරසෙනවාත් සමගම සරත් සර් මා අසලට ආවේ කලබලකාරී ගතියකිනි.

" මේ ඉන්නෙ දෙන්නම.. ඒක නෙමේ තමුසෙල දන්නවද වැඩක්"
"මොකක්ද සර්"
"ඊයෙ රෑ මර්ඩර් සීන් එකක් වෙලාලුනෙ මේ ළඟ"
"ඒක තමා සර් මම මේ පත්තරේ දැක්කා. මම මේ පත්තරෙත් අරන් ආවෙ දිනුකට පෙන්නන්න කියලා"
"මැරිල ඉන්න මිනිහ පාතාල කල්ලියකට සම්බන්ද එක්කෙනෙක්ලු. මිනිහව හිර කරගෙන ඉඳල තියෙන්නෙ. මිනිහව පොලීසියට ඕන නිසා මිනිහට පොලිසිය සල්ලි දීල රටින් පිට කරන්න හදල තියෙන්නෙ"
"ඉතින් සර් එහෙමනම් කොහොමද මැරිල තියෙන්නෙ"
"ඒක තමා දිනුක, පොලිසිය ඇතුලෙ කවුරු හරි විස්තර පිට කරල කියන්නෙ. මොකද මිනිහ ගෙදර ගිය විනාඩි ගානට මෙ වැඩේ වෙලා තියෙන්නෙ. මොනා උනත් මේ සිද්දිය පිටි පස්සෙ ඉන්නෙ හොඳම මොළකාරයෙක් කියල තමා කියන්නෙ. මොකද පොලිස් ආරක්ෂාව් තිබිල් තියනව ඒ වෙලේ. නමුත් ඔය සිද්දිය වෙන මොහොතෙ ඒ පොලිස් කාරයො දෙන්නම ඉඳල තියෙන්නෙ වාහනේ ඇතුලෙ. "
"නැහැ .. ඉතින්.. සර් කොහොමද ඔය විස්තර දන්නෙ. පතරේ නැහැනෙ"
"ඉමාෂලගෙ තාත්තගෙ මල්ලි තමා ඔය සිද්දිය හැඩල් කරන්නෙ. මට උදේ එයා කිව්වෙ ඉමාෂව දාන්න එනකොට හම්බෙලා."
"අහ් එහෙමත් එකක්ද, එතකොට අර හිටියයි කියන පොලිස් කාර්යඔ දෙන්නට මොකද උනේ"
"ඒ වෙලාවෙම බී ගත්තු මිනිස්සු ටිකක් ගහගෙන. පොලිස් වාහනේටත් ගහල, වාහනේ තල්ලු කරන්න හදල. ඔය මඩර් සීන් එක වෙන වෙලාවෙ අර පොලිස් කාරයො දෙන්නා ඒ වලිය බේර බේර ඉඳල තියෙන්නෙ"
"අනේ මන්දා සර්.. මොකට මිනිස්සු මරා ගන්නවද මන්දා"
"ඒක තමා කොල්ලනේ.. හරි හරි දැන් වැඩ ටික ඉවර කරපල්ලා.. ඉමාෂාලාගේ තාත්තා වැඩි විස්තරයක් දැන්නුවොත් දන්වන්නම්. අහ් ඉතින් මම මොකටද මේ ඉන්නෙ බෑන. කොල්ල ඉඳල ඉඳල ඇල්ලුව නේද ඉහලම අත්තක්.. "
"එහෙම එකක් නැහැ සර්, නැද්ද බ්‍රයන්"
"නැත්තෙ මොකද, අද හැන්දෑවට බීච් යමු කිව්වා නේද"
"හා හා හා .. අපි ඔය ගැන පස්සෙ කතා කරමු. දිනුක අර ප්‍රසන්ටේෂනෙක මරු. ඔන්න රීජනල් මැනේජර්ටත් ඒ විදිහට හදල දෙන්නලු. බ්‍රයන්ට මම් කිව්වා විස්තර දාලා ස්ලයිඩ් හදල ඔයාට දෙන්නෙ කියලා. ඔයා හැඩ වැඩ දාල ගන්න. හෙට වෙද්දි ඕන හරි. එහෙනම් මම ගියා"

"මොකද්ද බන් උඹ කිව්වෙ"
"උඹ අද හවසට බීච් යනව කියලා.. ඒක නෙමේ උබට ඇහුනනෙ බොසා කිව්ව එක"
"හම්ම්ම්.. ඉමාෂගෙ තාත්තගෙ මල්ලි ගැන නේද"
"ඔව්. උඹ අවුලක් ගන්න එපා. මම ඉන්නවනෙ. උඹටයි මටයි කියල ලයිෆ් එකක් තියනවනෙ බන්, ඒක් නෙමේ අසීස් එනවලු ලංකාවට, ඊයෙ සිද්දිය නිසා. මිනිහට හරි අප්සෙට් අපි දෙන්න ගෑවුන නිසා වැඩේට"

බ්‍රයන්ගේ කතාවෙන් ඔහුටද මෙයින් මිදීමට උවමාවී ඇති බව මට වැටහීගියේය. අසීස් පැමිනි විට මේ පිළිබඳව තීරනයක් ගන්නවායැයි සිතමින් මම ඉමාෂා වෙත ගියේ කලබලකාරී වූ හිතට සහනයක් බලාපොරොත්තුවෙනි. ඇය සමග ඇගේ අතින් අල්ලාගෙන මුහුදු වෙරළෙහි ඇවිදගෙන යනවිට මගේ සිත නැවතත් පෙර තත්වයටම පත්විය.

"මොකද කටකාරි අද නිහඬ"
"මට හරි අප්සෙට් අනේ"
"ඒ මොකෝ එක පාරටම"
"ඊයෙ මම ඔයාව දාල එකපාරටම ගියානෙ. මට ඊට වඩා ඔයා ගැන හිතන්න තිබුනා. මමයි ඔයාව එක්කන් ආවෙ. තරහ නැහැ නේද ආඩම්බරකාරයො"
"අයියෝ ඒකද මේ.. මම තරහ නැහැ අනේ. ඔයා ගිය ගමන්ම වගේ බ්‍රයන් ආවා, ඒක නෙමේ අර ඊයෙ කිව්වෙ මන් එක්ක දිග ගමනක් යන්න ඕනි කියලා. ඇත්තටමද. එදාටත් මාව ඊයෙ වගේ දාල යයිද දන්නෙ නැහැ කටකාරි"
"ඔය ඉතින් ඔයානම් හරි නරකයි අනේ. ඊයෙ වෙච්චදේට සොරි කිව්වනෙ. නපුර.. නපුර .."

ඇය එසේ කියනවාත් සමගම මම ඇගේ සිනිදු ඉඟවටා අතදමා ඇයව තවත් මා වෙතට ලන්කරගත්තෙමි. ඇයද මා වෙත තවත් ලන් වී නිහඩව මුහුදු රැලි දෙස බලාසිටියේය. 

" අපි යමුකො අර ගල උඩට, මට හරි ආසයි"
"හරි යමු"
" ඊයෙ මම කිව්වෙ ඇත්තටම තමා ආඩම්බරකාරයො. මේ මන් ඔයාට ආඩම්බරකාරයා කියල කතාකරන එක හරි නෑ නේද. මම ඔයාට දිනුක කියල කතා කරන්නද"
"ඔයාට ඕන එකක් කියන්න"
"මට අම්ම නැහැ දිනුක. එයා මන් පොඩි කාලෙම දාල ගිහිල්ලා. තාත්ති තමා මාව හදා ගත්තෙ. එයාට ඇරුනාම මන් මේ වගේ කාටවත්ම තුරුළුවෙලා නැහැ ආඩම්බරකාරයො. තාත්තට ඇරුනාම මම කාටවත් මෙච්චර ආදරේ කරලත් නැහැ, ලන්වෙලා ඉඳලත් නැහැ"
"හම්"
"මොකද හම් ගාන්නෙ. මෙයානම් එක එක කෙල්ලන්ව තුරුල් කරන් හුරතල් කරල ඇති"
"ඔයාට පිස්සුද අනේ, මොනාද මේ කියන්නෙ"
"මම දන්නෙ නැද්ද කොල්ලන්ගෙ හැටි. ඒකට කමක් නැහැ. මේ මොහොතෙ ඉඳන් ඒව බැහැ හරි. කෙල්ලො බලෙන් ආවත් ඔන්න යනව එහෙම නෙමෙයි හරි. දැන් මම ඉන්නවනෙ ඔයාට. හැබැයි මාව අඬවල මට බොරු කලොත් එහෙම මන් තාත්තිට කියල එල්ලුම්ගස් යවනවා හරි"
"හරි හරි ඒක බලමුකො, ඒක නෙමේ ඔයාගෙ තාත්තගෙ නම මොකද්ද"
"ඩී.වර්ණකුලසූරිය"
"ඔහ් ඔයා එයාගෙ දුවද"
"ඔව් ඇයි"
"ලංකාවෙ ඉන්න ලොකුම බලවතෙක් නේද"
"ඒ උනාට එයා හරි සරලයි දිනුක. කොච්චර දේවල් තිබුනත් එයාට මම විතරයි. මට මේ ඔයා එක්ක එන්න අවසර දුන්නෙ ඔයා ගැන සේරම හොයල. ෆැමිලි විස්තර, යාළුවො"
"ඒකත් එහෙමද"
"ඔයාව දැකපු මුල් දවසෙම හිතුවා ඔයාව මගේම කරගන්නවා කියලා ආඩම්බරකාරයො. මට මොකට හිත ගියාද මන්දා මෙයාට"
"මම යාළුවෙලා හිටියනම් මොකද කරන්නෙ"
"එහම හිට්යනම් .."
"ඔව් හිටියනම්"
"ඒක මම ඒ වෙලාවට බලාගන්නම්කො.."



අප ගෙවන මේ ජීවිතය පුදුමාකාරයැයි ඇය හා සිටින මෙමෙ විනාඩි කීපය තුල මම නිහඬව කල්පනා කෙරුවෙමි. මක්නිසාද යත් ඇයව මුනගැසෙනා තෙක්ම මුහුදු වෙරළක මෙලෙස ගැහැණු ළමයෙක් සමග පෙම්බස් දෙඩීමට මා හීනෙකින්වත් නොසිතූ නිසාය. ඇගේ දෙතොල් මත තැබූ හාදුවත් සමගම වෙරළ තීරයෙන් අප ආවේ ඉර බැසගෙන යන නිසාය. අපි අත්වැල් පටලාගෙන එකිනෙකට ලන්වී ඇවිදගෙන ගියෙමු. හිටි හැටියේම සිහින් වැහි පොද කීපයක් පතිත වූයේ මාගේ ආදරයට ආෂිර්වාද කරන්නාක් මෙනි.



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Monday, May 11, 2015

හිතුවක්කාර ආදරය - 4 කොටස


"ගුඩ් මෝර්නිං දිනුක.."
"ගුඩ් මෝර්නිං නිවන්ති:
"බලන්නකො බ්‍රයන් කොල්ලගෙ තියන පිං පාට. රැවුල කපලා.. ආව් ආව් හැන්ඩ්සම් ආ.. "
"එක බැල්මෙන්ම කොල්ලට කෙල්ලව බොකු ඇතුලටම තැම්පත් වෙලා වගේ. මුගෙ අම්මටවත් කප්පවන්න බැරිඋන මේ රැවුල් ගස්ටික, අහෝ දෙවියනි අද කැපුන ලස්සන. කෙල්ලෙක්ගෙ එක බැල්මකින්"
"අනේ මේ උඹල දෙන්නගෙ අම්මලට පිං අනුමෝදන් කරවන් නැතිව ඉන්නවද උදෙන්ම"
"හරි හරි ලොක්කා ඔහොම තමා .. අපි අද ඒ කෙල්ලව උඹගාවට එවන්නම්කො"

බ්‍රයන්ට මම මොකුත්ම නොකිව්වේ ඔහුගේ යෝජනාවට මගේ යටි සිත් එක හෙලාම කැමැත්ත දැක්වූ නිසා විය යුතුය. නමුත් කිසිම දෙයකට ඉක්මන් නොවී කටයුතු කිරීමට මම සිතා ගත්තෙමි. මක්නිසාද යත් අප ආයතනය තුල මා ගොඩනැගූ නාමය කෙල්ලෙක් නිසා විනාස නොවිය යුතු නිසාය. කෙසේ නමුත් මම පුහුනුව මුවාවෙන් ඇයව බැලීමට යාමට සිතනවාත් සමගම මගේ දුරකථනය වෙනදා මෙන්ම නාදවන්නට විය. අසීස් නාමය දිස් වූ නිසා මම මදක් කල්පනා කෙරුවෙමි. මක්නිසාදයත් ඔහු පනිවිඩ දෙන්නේ බ්‍රයන්ට නිසාය.


" දිනුක, මොකද බ්රයන් ආන්සර් කරන් නැත්තෙ? මොකක් හරි කරදරයවත්ද? "
" නැහැ නැහැ එහෙම දෙයක් නැහැ.. මිනිහ ලොකු වැඩක ඉන්නෙ ඒකයි. මොකෝ මේ හදිසියේම, ඩුබායි යනවා කිව්වා නේද?"
"මන් ඩුබායි ඉඳල තමා දිනුක කතා කරන්නෙ. පොඩි අවුලක් තියනවා. ඔයාට කතාකරන්න පුලුවන්ද දැන්"
" අවුලක් නැහැ කියන්න,"
"දිනුක අපේ ඩිමන්ත පොලිසියට මාට්ටුවෙලා. අපේ ඊළඟ ප්ලෑන් එක අවුලක් වෙලා තියෙන්නෙ."
"මොනව කරන්න ගිහින්ද? මිනිහ මොනවද කියල තියෙන්නෙ?"
"තවමනම් මොනවත් නැහැ. ඒත් මිනිහව හන්ගල තියෙන්නෙ. හොඳටම ගහනවලු. අපේ ඊළඟ වැඩේ කල්දාන්න වෙයි වගේ. අනික මිනිහ කට ඇරියොත් බ්රයන්ට අවුලක් වෙනවා. මොකද මිනිහ බ්රයන්ව දන්නවා. මම හෙට රෑ ෆ්ලයිට් ඒකේ එන්නම්. අද රෑ මට එන්න ෆ්ලයිට් නැහැ"
" නැහැ නැහැ ඔයා එන්න එපා. අපේ වැඩේ ප්ලෑන් එකේ විදිහටම කරමු. කල්දාන්න එපා. එහෙම කලොත් දන්නවනෙ ඉතින්. මමයි බ්රයනුයි මේක හැඬල් කරන්නම්. ඔයා ඩිමන්තව තියන් ඉන්න තැන, විස්තර මේල් එකක් දාන්න"
"දැන් ඔයාල මොකද කරන්න යන්නෙ? "
" මිනිහව ඉවරයක් කරමු. ඉවරනෙ වැඩේ"
"හම් .. පරිස්සමට එහෙනම්. මොහොමඩ්ව කෝකටත් සම්බන්ද කරගන්න."
" ඔව් ඔව්. මම මේ ගැන ඉසෙල්ලම බ්රයන් එක්ක කතා කරල මොහොමඩ්ට කතා කරන්නම්. ඔයා සේරම විස්තර ටික කොහොම හරි තවපැය බාගයක් ඇතුලත එවන්න අපිට"
" හරි මම එවන්නම්. අනික දිනුක විස්වාසවන්ත ආරන්චියක් තියනවා අළුත් මෙහෙයුමක් පටන් අරන් කියලා අපි ගැන හොයන්න. ඒත් ඒ කව්ද කොහෙද ඉන්නෙ කියන්න විස්තරයක් නැහැ. සිවිල් ඉන්නෙ කියල තමා ආරන්චිය තියෙන්නෙ. ඔයාල දෙන්නා කෝකටත් පරිස්ස්මට ඉන්න. මම මෙහෙ ඉඳන් කරන්න පුළුවන් හැමදේම කරන්නම්. මම ඊළඟ බදාදා ලංකාවට එනවා. එතකොට අපි මීට් වෙමු"




අසීස්ගෙන් ලැබුන දුරකථන ඇමතුම නිසා මම මදක් සලිත වී සිටියෙමි. ඩිමන්ත යනු අප අතර සිටි හොඳම මොළකාරයෙකි. ඔහුගේ උදව් උපකාර නොමැතිව අපගේ ඉදිරි රොබින්හුඩ් මෙහෙයුම දියත් කිරීමට තරමක් අපහසු වනවා ඇත. ඔහුව කොටූඋනේ කෙසේදැයි මට අදහාගත නොහැකිය. කෙසේ වෙතත් අපි දෙදෙනාද පරිස්සම්විය යුතුය. නැතිනම් මේ සියළු වැඩවලින් ඉවත් විය යුතුය. එසේ නොඋනොත් අපදෙදෙනාගේද කතාව කෙටි කතාවක් වනවා නොඅනුමානය. 

" දිනුක, උඹ බිසීද?"
"බිසී තමා. වරෙන්කො ඇතුලට. මන් දන්නවා උඹ ආව කාරනය. ඔය දොරත් වහන් වරෙන්"
"මම අසීස්ට කතා කලා මිස් කොල් හතරක් විතර තිබ්බ නිසා. උඹට් කතා කලා කියල කිව්වා."
" මොකෝ කරන්නෙ බ්‍රයන් දැන් මේ සිද්දියට. ඩිමන්තව නැතුවත් බැහැ. ඒත් මිනිහ කට ඇරියොත් තවත් අවුල්"
"හරි හරි. උඹ අවුලක් ගන්න එපා. උඹ දන්නවනෙ මේ බ්‍රයන් ගැන. මම ඒක බලා ග්න්නම්. අපි ඒ ගැන අද හවසට කතා කරමු. උඹ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන යම්න්කො. අහ් ඒක නෙමේ බොසා තව ටිකකින් එයි මේ පැත්තට. මොක්ද්ද ප්‍රසන්ටේෂන් එකක් එඩිට් කරන්න දුන්නද උඹට, ඒක ලෑස්ති කරල තියන්න කිව්වා. මිහිහ විනාඩි විස්සෙන් එනව කිව්වා. මන් යන්නම්, අතන වැඩ ගොඩ ගැහිල බන්. හවස කතා කරමු"
"හරි මචෝ, මේ පාර ගැම්බිට් එකක් ප්ලේ කරමු"

බ්‍රයන් ප්‍රසන්ටේෂන් එක ගැන මතක් කරනකම් මට ඒ ගැන කිසිම කල්පනාවක් නොතිබුනි. බ්‍රයන් කියූ දේ ගැන කල්පනා කරන ගමන්ම මා ප්‍රසන්ටේෂන් එකෙහි වැරදි නිවරැදි කෙරුවෙමි. බ්‍රයන් එසේ පැවසුවේ ඔහු දැනටමත් මෙම ගැටළුවට විසඳුමක් සොයාගෙන ඇති නිසා විය යුතුය. නැතිනම් එතරම්ම සැහැල්ලුවෙන් ඔහු එවැනි ප්‍රකාෂයක් නොකරන නවද මම හොඳාකාරව දැන සිටියෙමි. 

"එක්ස්කියුස් මී"

කල්පනාකාරී මනසකින් යුතු සිටි මොහොතක ඇසුනා ආන්තුක හඬ නිසා මම හිස ඔසවා බැලුවෙමි. නොසිතූ වෙලාවක නොසිතූ මොහොතක ඉමාෂා මා ඉදිරියේ සිටගෙන සිටියේය. කහ පැහැති සාරියකින් සැරසී සිටි ඇය දෙස බලාගෙන මම මදක් නිහඬව සිටියේ මා ඇගේ හැඩැති සිරුරේ සුන්දරත්වය විඳමින්ය. ඇයව මා අසලට ගෙන ඒ දෙතොල් සිප ගැනීමට සිතුනද මම මගේ හැඟීම් පාලනය කරගත්තෙමි. 

" හරි ආඩම්බරයි වගේ නේද මෙයා.. මම මෙතනින් වාඩිවෙන්නද?"
"කමක් නැහැ ඉමාෂා වාඩි වෙන්න"
"මගේ නමත් මතක්යි එහෙනම්. ඒ උනාට තියන ආඩම්බරකම.. මොකද පහුගිය දවස් දෙකේ මාව බලන්න ආවෙ නැත්තෙ. මට බ්‍රයන් අයියා කිව්වා මන් ගැන සිහින මව මව ඉන්නවා කියලා. අඩුම තරමෙ එක වචනයක්වත් මන් එක්ක කතා කලාද. ටයි පොල්ලකුත් දාගෙන ලොක්ක වගේ එහට යනවා මෙහෙට යනවා."
"ආ ඇත්තද, බ්‍රයන් කිව්වද එහෙම. මම අහන්නම්කො එයාගෙන්. අනික මම මෙතන වැඩට ආවෙ ඔයාව බලන්න නෙමේනෙ. මට මෙතන පඩි ගෙවන්නෙ ඔයාව බලන්න නෙමේනෙ"
" මම කිව්වෙ නිකමටද, ආඩම්බරකාරයා"

ඉමාෂා නිසා අපේ ලොක්කාගේ ප්‍රසන්ටේෂන් එක ගැන අමත වී තිබුනු නිසා නොසිතූ වෙලාවක බොස් මා සිටිනා තැනට පැමිනියේය. 

" ආ මේ ඉමාෂත් ඉන්නෙ.මම බැලුව ප්‍රසන්ටේෂන් එක හදල දිනුක මට කෝල් කලේවත් නැත්තෙ ඇයි කියලා"
" අනේ සොරි සර්.. මට අමත...."
"හරි හරි කොල්ලො, වැඩේ නියමෙට කලා නේද"
"ඔව් සර්. මම ස්ලඩ් වල ටයිමින් හැදුවා. සර්ට ප්‍රසන්ට් කරගෙන යන්න පුළුවන්. මේන් ස්ලයිඩ් වලට යනකොට පොඩි ක්ලික් එකක් දෙන්න. ප්‍රසන්ට් කරද්දි සමහර ඒව ඕනි නෑ කියල හිතුනොත් ක්ලික් කරන්න. එතකොට නෙක්ස්ට් එකට යයි"
"ගුව් වර්ක් පුතා. මම් එහෙනම් ගිහින් එන්නම්. මේ කෙල්ල ටිකක් දඟයි හරිද දිනුක. මෙයා මගෙ යාළුවෙක්ගෙ දුවක්. මන් මෙයා ගැන විස්තර කියන්නම්කො පස්සෙ. එහෙනම් මම ගියා"

සරත් සර් එසේ කියමින් අප අසලින් පිටව ගියේ ඔහුට අප සමග කා දැමීමට කාලයක් ඉතුරු වී නොතිබූ නිසාය. නමුත් ඔහු සිටිනා වෙලාවෙ ඉමාෂා සීල උපාසිකාවක් වැනිය. කටකාරකම් නැත. මාගේ විහිළුවකට ලැජ්ජාවෙන් ඇඹෙරෙමින් ඈ නැවතත් මා ඉදිරියෙන් වාඩිවූයේය.

" සීල උපාසිකාවක් තමා .. ඔයාට වැඩක් නැහැහෙ.."
" අනේ ඔයාගෙ සීලෙ ගැන මොනාට කියන්වද"
"ඒක නෙමේ, අද හවස එන්නකො මම එක්ක යන්න. මම තාත්තිට කියල ඔයාව ගිහින් දාන්නම්. මොකෝ මේ බයවෙලා වගේ. එයා ගිලින් නැහැ ඔයාව. මම තාත්තිට ඔයාව හඳුන්වල දෙන්නම්කො. අහ් තව එකක්, ඔයාගෙ නම ලස්සනයි. අනික මම ආසයි ඔයාගෙ ස්ටයිල් එකට. එහෙනම් මම ගියා. නිවන්ති අක්කි මාව හොයනවා ඇති. හවසට හම්බවෙමු, ආඩම්බරකාරයෝ .."

ඇය ඒසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මගේ හිතට තදින්ම දැනෙන්නට වූ පාළුවක් සමගමය. ඇයනම් පුදුමාකාර චරිතයකි. ඇයට මම සිතින් පෙම් කෙරුවෙමි. ඇයද මම ගැන සැලකිල්ලක් දක්වා ඇති බව ඇගේ කතාවෙන් මා හට පැහැදිලි වූයේය. මාත් එසේ වූ නමුත් ඇය මා ඉදිරියට පැමින එය ප්‍රකාෂ කිරීමට තරම් ඇය නිර්බීත විය. මගේ ආදර කතාවෙ ඇය කොල්ලා ලෙසද මා කෙල්ල ලෙසද රඟදක්වනවායැයි සිතුන විට මට ඇතිවූයේ පොළව පලා යමලෝකෙට යනවා වැනි හැඟීමක්ය. කෙසේ නමුත් ඇයගේ ආරාධනාව නොසලකාහැරීමට නොහැකි නිසා මා බ්‍රයන්ට සියළු කාරනා පැහැදිලිකර හවස මා එක්ක යාමට මාගේ නිවසට පැමිනෙන ලෙස අවසර ලබාගත්තේ අද දින අප දෙදෙනාට කතාකිරීමට වැදගත් දෙයක් තිබූ නිසාවෙනි. 

"ආවද ආඩම්බරකාරයා .."
"නෑවිත් බැහැනෙ ඉතිං"
"අපි ටිකක් ඇවිදින ගමන් කතාකරමුද ආඩම්බරකාරයො.මට උදේ ඉඳන් ඒ සී රූම් එකේ ඉඳල එපා වෙලා තියෙන්නෙ"
"ඒක හොඳයි තමා. ඒත් ඉතින් මේ වාහනවල සද්ද එක්ක මේ ටවුන් එකේ ඇවිද්ද කියල මහලොකු සහනයක් හිතට දැනේවිද මන්දා"
"අනේ මේ ආඩම්බරකාරයො, ඔයාගෙ මහලොකු සහනය, ඒක නෙමේ මොකද අර එදා මම තේ එක දෙනකොට මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියෙ. මාව දැකල වචන හිර උනාද. නැතිනම් ඉතින් .."
" නැතිනම් ඉතින් ... මොකද නැවැත්තුවෙ"
" නෑ මම මේ කියන්න හැදුවෙ මේ ලස්සන හුරතල් කෙල්ලව දැක්ක පළමුපාරම ආදරයක් ඇති උනාද දන්නෙ නැහැනෙ. ගොඩක් කොල්ලන්ට එහෙමනෙ වෙන්නෙ. ඒක නෙමේ ඔයාගෙ ඇසුත් හරි ආඩම්බරයි අනේ. ආසයි මම ඒවල තියන ආඩම්බරකමට. අනික ඔයත් හරි ගුප්ත චරිතයක්. ඒ වගේම නිහතමානී චරිතයක්. තව ගොඩක් නැතිබැරි අහින්සක අයට උදව් කරන්වළු නේද. මට ඔයාගෙ යාළුවො දෙන්නා සේරම විස්තර කිව්වා ඔයා ගැන. ඒකයි මම මේව දන්නෙ. එයාලට අනුව ඔයාගෙ හිත හොඳයිලු. ඉතින් මෙච්චර හොඳ ආඩම්බරකාරයෙක්ව කොහොමද මම.... මොකද අනේ කතා නැත්තෙ. මම කියෝනවා කට කැඩෙනකම්ම. මෙයා පාරදිහා බලාගෙන ඔහේ යනවා"

" නැහැ මම මේ කල්පනා කලේ මම කොහොමද ඔයාව යාළුවෙක් කරගන්නෙ කියලා"
"ඒ මොකෝ ඒ"
"මොකද මට බැහැ එහෙම ඉන්න. මට ඕන ඔයාට ආදරේ කරන්න. ඔයාව මැරි කරන්න. මැරි කරල අපි යාළුවෝ වෙමුද."
"අහ් ඒකත් එහෙමද, මම ඇහුව ලස්සනම යෝජනාව. ඇත්තම කියනම් ආඩම්බරකාරයෝ මම ඔයා එක්ක මගෙ ලයිෆ් එක ගෙනියන්න හිතුවෙ ඔයාව දැක්ක දවසෙමයි. මම තාත්තිටත් කිව්වා ඔයාව ඕනමයි කියලා. එයා අපේ සරත් සර්ටත් කියලා. මොකද දෙන්න හොඳ යාළුවො ඒ දවස්වල ඉඳන්ම."
"අහ් .. අපේ ලොක්කත් දන්නවද. හම්.. ඔයානම් ... හරි දැන් මම යාළුවෙලා හිටියනම්"
"යාළුව්ලා නැහැනෙ ඔයා ආඩම්බරකාරයෝ.. අන්න අපේ තාත්ති ඇවිත්. යමු මම ඔයාව හඳුන්වල දෙන්නම්"

ඇය එසේ කියමින් ඇයගේ තාත්තා වෙත දිවගියේය. ඇයනම් පුදුමාකාර චරිතයකි. කරුණු කාරනා කෙසේ වෙතත් මා දැන් මුහුන දීමට සැරසෙනුයේ ජීවිත්යේ කවමදාවත් සමතුලිත නොකෙරූ අවස්තාවකටය. 'දිනුක උඹ බයනොවි යමන්. හොඳට හිතල මූව් එක ප්ලේ කරපන්' යැයි මම මටම කියාගත්තෙමි.

"තාත්ති දිනුක, දිනුක මේ මගේ තාත්ති"
"නයිස් ටු මීට් යූ දිනුක"
"මී ටූ අන්කල්"
" මට ඔයා ගැන අහල එපා වෙලා තියෙන්නෙ. මෙයා ගෙදර ආව වෙලේ ඉඳන් ඔයා ගැනම තමා කියවන්නෙ. වෙලාවකට මට තරහත් යනවා ඔයා එක්ක. ඒක නෙමේ පුතා, එන්න වෙලාවක ගෙදර. අපි නිදසේ කතා කරමු. මට මේ වෙලේ වැදගත් වැඩකට යන්න තියනවා. පුතා තරහ නැහැනෙ"
"අනේ තාත්ති මම මේ ආඩම්බරකාරයට ප්‍රොමිස් උනා ඔයට කියල එයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම් කියලා"
"අනේ ඒකට කමක් නැහැ ඉමාෂා, මම බ්‍රයන්ට එන්න කියන්නම් මාව ගන්න. අනික අන්ක්ල් හදිසි ගමනක්නෙ යන්න හදන්නෙ. මම එන්නම් වෙලාවක ගෙදර අන්කල්."
"ඕකේ. එහනම් දැනට සමුගමු"
" සී යූ අන්කල්.. "
"සී යූ ආඩම්බරකාරයෝ.. හෙට හම්බවෙමු.. ටටා "

ඇය එසේ කියමින් ඇගේ තාත්තාගේ කාරයට ගොඩවූයේ නැවතත් මගේ සිතට පාළුවක් තනිකමක් එකතුකරමින්ය. ඇත්තටම ඇය මගෙ ජීවිතේ මට හමුවූ සිත්ගන්නා සුළු චරිතයක් විය. ඇගේ දඟකාරකම, කටකාරකම, හුරතලය ඇගේ චරිතයට එකතු කලේ වචන කීපයකින් විස්තර කල නොහැකි දෙයකි. මොහොතකට් ඇය ගැන සිහින ලෝකයක අතරමන් උන මා නැවතත් පියවි ලෝකයට පැමිනියේ බ්‍රයන්ගේ පැමිනීමත් සමගමය. අද සිදුවූ සියළුම දේ අකුරක්වත්නෑර මම බ්‍රයන්ට විස්තරකෙරුවේ අප දෙදෙනා ටවුම පැත්තට යන අතරතුරේදීය. 

"උඹ මාර ටෝක්ස්නෙ දීල තියෙන්නෙ. කෙල්ලත් උඹටම දෙවනි නැහැ"
"මටත් හිතෙනවා මම එහෙම කිව්ව එක අවුල් කියල බ්‍රයන්"
"පිස්සුද, කෙල්ල දුන්න වදන් හැටියට උඹ එකපාරම කියල දැම්ම එක හොඳයි.කෙල්ල මොක්ද කිව්වෙ"
"මුකුත් නැහැ. හෙට කතාකරමු කිව්වා. එයාගෙ තාත්තා ආවනෙ"
"හෙට එහනම් උඹ ඉමාෂව ගොඩ දාපන්. මොනා හරි වැඩක් වැටුනොත් මම බලාගන්නම්. උඹටත් කියල ලයිෆ් එකක් තියෙන්න ඕනිනෙ"
"අද කාලෙ කෙල්ලො හරි දියුණුයිනෙ බන්, මට හිතාගන්න බැරි උනා"
"ඔව් බන් ඒක ඇත්ත. අද උඹට ආන්දෝලනාත්මක ගතියක් දැනේවි. ගනන් ගන්න එපා. වරෙන් යන්න බියර් එකක් බොන ගමන් අපේ වැඩේ ගැන කතා කරමු"
"ඊට කලින් කියපන්කො උඹෙයි නිවන්තිගෙයි අළුත්ම තත්වය"
"සීයට පනහක් ගොඩ"
"අහ් .. සිරාද"
"ඔව්. මගෙ පැත්තෙන් පනහ"
"නෙදකින්.. උඹ නම්.."
"නෑ බන්, ඔහේ ගලාගෙන යනවා අපේ කතාවත් ඉතිං.මේ ටිකේ මට ගොඩක් ලන් උනා කෙල්ල. චෙක් මේට් එක පෙනී පෙනී තියනකොටනෙ බන් මේ ඩිමන්තය කේස් එකක් දා ගතිත්තෙ."
"ඔව්නෙ. දැන් මොකෝ කරන්නෙ බ්‍රයන් ඩිමාගෙ වැඩේට, ඩිමා නැතුවත් බැහැ"
" ඩිමා නැතුවනම් බැහැ තමා. නමුත් මිනිහ නිසා අපි සේරම අවදානමක් ගන්න බැහැ. අසීස් මට එව්වා මිනිහව තියන් ඉන්න තැන විස්තර. මන් මොහොමඩ්ටත් කතා කලා. උඹ ඉමාෂා එක්ක හිටිය නිසා මන් උඹව අප්ඩේට් කලේ නැත්තෙ. ප්ලෑන් එකක් තියනවා මන් ගාව. මිනිහව ගන්න එලියට. ඒත් ඉතින් මිනිහව අපිට ලංකාවෙන් පිටකරන්න වෙනවා."
"ඒක ඇත්ත බ්‍රයන්. මොක්ද මිනිහ එළියට ආවොත් මිනිහ ගැන ඇහැගහගෙන ඉඳීවි"
"උඹ හරි. බලමු මොහොමඩ් කතා කරනකම්. මිනිහ බලන්නම් කිව්වා කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා"
"මොහොමඩ් කිව්වොත් එළියටගන්න බැහැ කියලා ඩිමාව"
"මිනිහගෙ කතාවට තිත තියමු. උඹේ චෙස් බාසාවෙන්ම කියනවනම් ගැම්බිට් එකක් ගහමු මේ සැරේ"

හිතුවක්කාර ආදරය - ඊළඟ මොහොතට ...

Thursday, May 7, 2015

හිතුවක්කාර ආදරය - 3 කොටස


දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන් පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි. 

"දිනුක, ඔයා බිසීද?"
"ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද වෙන්න ඕන මගෙන්"
"අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින් කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත් වෙන්න"
"හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ, මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"



අපගේ ලොක්කාට මා එසේ කීවත් දවස් දෙක තුනක්ක්ම ගෙවී අවසන් වන තෙක්ම මට ඔවුන් හමුවට යාමට නොහැකිවිය. ගෙවී ගිය දවස් දෙක තුලදීම කෙසේ හෝ වේලාවක් වෙන්කර ගත්තද ඒ හැම වෙලාවකම මාගේ දුරකථනය නාද වූයේය. විටෙක ඒ ටානියාය. ටානියාව මට ඇණයක් වී තිබුනත්, කොතරම් වැඩරාජකාරී තිබුනද ඇයව ක්‍රමානුකූලව කලමනාකරනය කිරීමට හැකිවීම මා ලද ලොකු ජයග්‍රහනයක් විය. මක්නිසාදයත් එසේ නොවුනානම් කාර්යබහුල වූ මේ කාලයේ මාගේ හවස් වරුවද බොඳ වී යනවා නොඅනුමානය. 

" ගුඩ් මෝර්නිං දිනුක, අනේ මේ අදවත් එන්නකො අර ළමයින්ට කතා කරන්න. තමුසෙ ටීම් ලීඩර් නේද? "
" ඒක තමා නිවන්ති, අද මම එන්නම්. බොසාගෙනුත් හරි බර බරේ."
"ඒක නෙමේ දිනුක, ලස්සන ගෑනුලමයෙක් ඉන්නවා. ඉටි රූපයක් වගේ අනේ. ඔයාටනම් නියමෙට ගැලපෙනවා. ඇවිල්ල බානවකො"
"අනේ මේ නිවන්ති, මගෙන් මොකුත් අහගන්න එපා. මේ ටිකේම මට උඹල දෙන්නගෙ වැඩත් ඇදල එපා වෙලා තියෙන්නෙ. ඒක නෙමේ කව්ද බන් අර උඹ ලයිෆ් එකක් දාල තියන සමරතුන්ග කියන එකා. අම්මෝ මට පුදුම ඇණයක් දුන්නෙ බන්. "
"ගුඩ් මෝර්නිං දෙන්නටම, එහෙම තමා බන් යාළුවො වෙනුවෙන් ඔය කටු කෑවට පව් නැහැ බන්"
"ඒක තමා. ඔය සමරතුන්ගව අමතකවෙයි ඔයා අර ලමයව දැක්කහම, නැද්ද බ්‍රයන්"
"අහ්.. මට අමතක උනානෙ උඹට ඒ ගැන කියන්න. අඩෝ ඇඬෙනව තනි ඇහැට. උඹටම කියල ඉපැද්දුව වගේ බන්."
"අනේ මේ බ්‍රයන්. ඒ පාර උඹත් පටන් ගත්තද?"
"යකෝ උඹේ ඔය ටානියට වඩා කෝටිගානක් වටින අහින්සක හුරතල් කෙල්ලෙක්. වරෙන්කො යන්න අද ට්‍රේනින් එක පැත්තෙ"
"ආ ඒකත් එහෙමද, එහෙනම් මම ඇවිල්ලම බලාගන්නම්කො."
"ඒක නෙමේ දිනුක, අපේ ලොක්කා දවස් දෙක තුනක්ම ඇවිල්ල ඔයා ගැන මාර වර්ණනාවක් දීල තියෙන්නෙ. ලොක්කගෙ ටෝක්ස් නිසාම අළුතින් ඉන්න සෙට් එක මේ දිනුක කියන චරිතය කව්ද කියල බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ"
" ඔව් දිනුක, නිවන්ති හරි. අපේ ලොක්කගෙ ටොක්ස් නිසා අළුත් සෙට් එක කොර වෙලා ඉන්නෙ. අපි දෙන්නගෙන් හැමදාම උන් අහනවා කෝ දිනුක කියන කෙනා කියලා"
"අපි බලමුකො බ්‍රයන් අර කෙල්ලව දැකලවත් මෙයාට ඇඩ්වන්ටේජස් තියන ඇන්ටිලව අමතක කරන්න පුළුවන් වෙයිද කියලා. "
"ඔයා හරියටම කිව්වා නිවන්ති, හැබැයි දිනුක මේ අහපන්, ඒ කෙල්ලට බැරි උනොත් උඹේ හිත ගස්සන්න උඹට හරි යන්නෙම ටානියාම තමයි. ඒකි තමා බන් උඹ වෙනුවෙන් ඇවිල්ල තියෙන්නෙ"
" අනේ මේ දෙන්නම ඕක නවත්ව ගන්නවද? උඹල දෙන්නගෙ ඔය කුමාරිකාව, මන් වෙනුවෙන්ම ආව කියන ඔය කෙල්ලව බලන්න මම එන්නම් තව ටිකකින්. පොඩි වැඩක් තියනවා ඉවර කරල"

ඔවුන්ගේ පුහුණුවට යාමට අදත් මට වේලාවක් නොතිබුනද බ්‍රයන් හා නිවන්ති වර්ණනාකල ඒ චරිතය මට බලා ගැනීමට මම සිතුවෙමි. මන්ද ඔවුන් දෙදෙනාම ලේසියෙන් කාවවත්ම එතරම්ම වර්නනා නොකරන නිසාය. නමුත් අපගේ ලොක්කා මම ගැන මොනවා පවසා ඇත්දැයි මම නිහඬව මදක් කල්පනා කලේ අපේ ලොක්කාගේද බොරු වර්ණනාව ඉතා ඉහලින්ම තිබූ නිසාය. ඔහුගේ වර්ණාවලින් කළු ගල් පවා උණුවී වැටෙනවා නොඅනුමානය. ඒ තරමටම වෙනකෙකුගේ සිත ඇදීඑන ලෙස කතා කිරීමේ හැකියාව ඔහුට තිබුනි. 

මාගේ වැඩ කටයුතු ඉක්මනින්ම නිම කර අළුතින් බඳවාගත් පිරිස සිටිනා තැනට යාමට මා සූදානම් වූයේ මා එතනට යායුතු නිසාද නැතිනම් මගේ සගයන් දෙදෙනා පැවසූ ඒ අපූරු රුව දැක ගැනීමට යටි සිතේ තිබූ හීන් ආසාවද කියා මම සිතුවෙමි.කෙසේ වෙතත් උදේ තේ පානයට ආ පිරිස සූදානම් වූ නිසාත් එය අළුත් පිරිස සමග සුහදව කතාකිරීම්ට හොඳම වෙලාවක් යැයි මා සිතූ නිසා මම ඔවුන් සිටිනා ස්තානයට ගියෙමි. මම ඔවුනට ආගන්තුකයේ වූ නිසාදෝ මා ඇතුළු වෙනවාත් සමගම සියළු දෙනාම එකවර නිහඬ වූයේය.

මාගේ සගයන් පැවසූ ඒ රුව මට එක් වරටම මාගේ නෙතු හමුවූයේ නොසීතූ වෙලාවකය. ඔවුන් පැවසූ දේ ඇත්තය. මොහොතකට මම මියැදුනෙමි. ඇය සැබවින්ම අපූරු නිමවුමකි. ගැහැණු ළමයෙක් ඉදිරියේ මා මෙතරම්ම අසරණ වූයේ පළමු වතාවටය. ඇගේ දිලිසෙන රුව දඟකාර ඇස් මාව එම ස්ථානයේ නොරැඳීමට තර්ම්ම අසරණ කලේය. නමුත් මට ආපසු හැරිය නොහැකි නිසා මම ඉදිරියට යාමට උත්සහ කලද එයද මම සිතූ තරම් පහසු නොවූයේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. සෑම විනාඩියකම මට අළුත් හැඟීම් ඇතිකරන දුරකථනයද අද නිහඬ වූ නිසා ඇගේ දඟකාර ඇස් වලින් මට මිදීමට අපහසු වූ අතරම මාගේ සිදුවූ වෙනස බ්‍රයන්ට වැටහූ නිසාදෝ තප්පර කීපයකට ඇතිවූ තිබූ නිහඬතාවට ඔහු බිඳ දැම්මේය. 

" ඔන්න අර අපේ සර් ඔයාලට දවස් දෙක තුනක්ම වර්නනා කල දිනුක අයිය තමා ඔය ඉන්නෙ. හරි අමාරුවෙන් තමා ඔයලට වචනයක් කතාකරල යන්න කියල මෙයාව ගෙන්න ගත්තෙ. මොකද අපි දෙන්න ඔයාල එක්ක මේ ට්‍රේනින් එකේ නිසා අපේ වැඩත් බලන්නෙ මෙයා තමා."
"ඔව් ඔව් ඒක ඇත්ත බ්‍රයන්. ඒ වගේම ඔයාලට නොතේරුන දේවල් තියනවනම් දිනුක අයියගෙන් අහගන්න පුළුවන්"
"අපි පැහැදිලි කරල දුන්න ඒවල තවත් ගැටළු තියනවනම්, ඒ වගේම කැල්කියුලේෂන් වල ගැටළු තියනවනම් ඔන්න අද ඔයාලට දිනුක අයිය ඉන්නවා අහගන්න. අහ් තවත් දෙයක්, මෙයා තමා ටීම් ලිඩර්. අපි හැමෝම රිපොර්ට් කරන්න ඔන මෙයාට තමා. ඉමාෂා ඔය තේ එකක් දිනුක අයියතත් හදල ගෙනල්ල දෙන්න"

ඇය නමින් ඉමාෂා විය. බ්‍රයන් ඇයට නමින් ඇමතුවේ මට ඇසෙන්නටය. මෙතනට ඒමට මම මෙතරම් දවසක් ගතකල එක පිලිබඳව මම මටම සිතින් දොස් නැගුවෙමි. බ්‍රයන් පැවසූ ලෙසම ඇය තේ කෝප්පය පීරිසිය මතතබා මා දෙසට තාලයකට පියමන් තැබුවේය. ඇය පියවර තබන තාලයටම ඇගේ ඉඟ නැලවෙන්නට විය. එයට නොදෙනිව තාලයකට නැලවුනු ඇගේ දඟකාර ඇස්ද ඇයට එක්කලේ පුදුමාකාර සුන්දරත්වයකි. මතෙක් මා දුටු ලස්සනම දසුන එය විය. මා නිහඬව විඳි එකම දසුනද එය විය.

" මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන එන්න. මගෙ මූනෙ පෙරහැරවල් නෑ අනේ. මෙන්න තේ එක"

ඇය එසේ පවසනවාත් සමගම මා මැවූ සිහින බොඳ වී ගොස් මම නැවතත් පියවි ලෝකයට පැමිනියෙමි. මගේ ආත්මාභිමානය ඇය ඉදිරියේ බොඳවී ගියේ මටත් හොරාවමය. පලමු විනාඩි කීපයේදීම මා චොර වූ වායැයි මට සිතුනි. නමුත් ඒ දඟකාර රුව මගේ සිතතුල තැම්පත්වූයේ මටද හොරාවමය. නිවන්තිගේ ආරාධනාවෙන් අළුතින් පැමිනි පිරිසට විනාඩි දහයක් පමන අමතා බොරු කාර්යයබහුල බවක් පෙන්වමින් මම එම ස්තානයෙන් පිටව ගියේ තවත් මට එම ස්තානයේ රැඳී සිටීමට අපසහු වූ නිසාය. 

"ආ මල්ලී .. මොකද අර කෙල්ලව දැක්ක ගමන් හිටි පිළිමයක් උනේ. හොඳ වෙලාවට මම හිටියෙ එතන. නැතිනම් ඉතින් පටි රෝල් සේරගෙම"
"අඩෝ පට්ට බන්.කොහෙද ඉන්නෙ එයා? කොහොම හරි එයාව අපි එකක එකතුකර ගමු. මම බොසාට කියන්නම්"
"ආ මේ මේ, බලන්නකො බ්‍රයන් මෙයාට වෙලා තියන දේ. මෙච්චර දවස් ඇඩ්වාන්ටේජස් හොය හොය නේද හිටියෙ. මොකෝ කියන්නෙ දිනුක, අපි දෙන්න කිව්ව ඒව හරි නේද. ඒ කෙල්ල ඉපදිලා තියෙන්නෙ ඔන්න ඔයා වෙනුවෙන්ම තමා. අපි දෙන්නගෙන් උපරිම සප් එක."
"හරි හරි නිවන්ති. ඕනෑම මිනිහෙක් වෙලාව ආවම වෙනස් වෙනවා"
"අම්මට සිරි මුගෙ ටෝක්ස්.. පළමු බැල්මම බොක්කෙ වගේ. ඒක නෙමේ මොනද අර තේ එක දෙන ගමන් කිව්වෙ?"
"එයාගෙ මූනෙ පෙර හැරවල් නැහැ කිව්වෙ"
"කෙල්ල ටිකක් කටකාරයි, දඟකාරයි. ඔයාට හරියන්නෙ එයාවම තමා. මන් ඔයාට එයාගෙ විස්තර අහල කියන්නම්කො. මමයි බ්‍රයනුයි ඔයා එක්ක. නැද්ද බ්‍රයන්"
"අනිවා කෙල්ලෙ. දිනුක මොකෝ කියන්නෙ චෙස් ගේම් එක අදින්න් පටන් ගමුද"
"අනිවාර්යයෙන්ම, දීපන් මට වයිට් මේ සැරේ. ඕපනින් එක දෙන්න්නම් තනි ඇහැට ඇඬෙන්නම"

මගේ සගයන් ඉදිරියේ මම ලොකුවට කතා කලද මගේ හිත කිසියම් වූ දෙයක් පැහැදිලිකරගැනීමට උත්සකරන බවක් මට දැනුනි. සමහරවිට ගැහැණු ළමයෙකු පිළිබඳව මා හට මෙවැනි හැඟීම් පහලවී නොතීබීම නිසා විය යුතුය. නමුත් පලමු දැක්මෙන්ම මට සිදුවූ දේ පිළිබඳව මට අදහාගත නොහැකිවූයේ නන්නාදුනන රුවකට නන්නාදුනන හිතකට මගේ හිත මෙතරම්ම වෙර දරන්නේ ඇයිදැයි යන්නය. ඇයනම් මායාකාරියක් යැයි මම මටම කියාගත්තෙමි. 

ඉමාෂා ගැන මවනා වූ සිහිනයන් නිසාත් හිසටත් උඩින්න් තිබූ රක්ෂන හිමියන්ගේ නොයෙකුත් ගැටළු නිසාත් අළුතින් ආරම්භ වූ සතියේ දවස් දෙකක්ම ගෙවී ගියේ මටත් හොරාවටමය. අළුතින් පැමිනිසිටි පිරිස සමග බ්‍රයන් හා න්වන්තිද කාර්යබහුල වූ නිසා ඔවුන්ගේද දුක සැප සොයාබැළුවේ දුරකථනයෙන්ය. ඉමාෂව හමුවූ මේ දවස් කීපය තුල කිසියම් වූ වෙනසක්ද මා තුල ඇති වී තිබුනි. මම වෙනදාට වඩා ඉක්මනින් ගෙදරට ගියෙමි. ඒ නිසාදෝ අම්මාගෙන් බැනුමක්වත් ඇසුවේ නැතිතරම්ය. එයද හිතට මදිපාඩුවක් විය. තවද වෙනදාට වඩා මම කොන්ඩය ඇඳුම ගැන සැලකිලිමත් වූයෙමි. ටානියාගෙන් පැමිනි දුරකථන ඇමතුම් වලටද පිළිතුරු නොදුන් තරම්ය.මා තුල මේ ඇති වී තිබූ මේ වෙනස මට තදින්ම දැනුනද ඒ වෙනසට මම පුදුමාකාරව ඇලුම් කෙරුවෙමි.




හිතුවක්කාර ආදරය - ඊළඟ මොහොතට ...