Tuesday, December 22, 2015

හිතුවක්කාර ආදරය - 30 කොටස


"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."



අසම්මත වූ රිද්මයකට හා සමාජ මූලධර්ම වලින් මදකට එහා ගිය පදනමක් තුල මා ජීවිතය හැඩගැහැද්දී ඒ සියලුම දේ සම්මත තත්වයකට ගෙන ඒමට කොතරම් උත්සහ දැරූවද මා හට එය එතරම්ම පසසු නොවූයේ මා ඒ සියලු සම්මතයන් හා මූලධර්මයන් මේ වනවිටද බිඳතබා තිබූ නිසාවෙනි. එම නිසා ඉතා ලෙහෙසියෙන් කිසිවක් නොවූ ගානකට මට මගේ ජීවන ගමන ඉදිරියට ගෙනයාමට අපහසුය. වර්ණකුලසූරිය මහතා පැවසූ ආකාරයට මා හට අලුත් මාර්ගයක යාමට අපහසු වූයේ ඒ නිසාවෙනි. එමෙන්ම ඔහු පැවසූ පරිදි ඉතිරිව ඇත්තේ එකම එක දෙයකි, එනම් පියුමිට යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කිරීමය.

"මොකද දිනුක අයියා ඔයා අද නිහඬ.. අසනීපයක්වත් ද.. නැත්නම් මම කියවනව වැඩියිද"
"අනේ එහම දෙයක් නැහැ පියුමි. මම ඉතින් ඔයා කියවන දේ අහගෙන හිටියා."
"සමහර වෙලාවට මම මේ කියන දේවල් ඔයාට විකාර වගේ ඇති. ඒත් ඉතින් කරන්න දෙයක් නැහ්. ඔයාට අහගෙන ඉන්න වෙනවා. මොකද මට ඔයා විතරනෙ ඉන්නෙ මේව කියන්න. අනික මම ඔයා ගාවට වෙලා ඉන්නකොට මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා."
"මටත් එහෙම තමා පියුමි. ඒක නෙමේ මම පොඩි දෙයක් අහන්නද. මම මේ නිකමට වගේ අහන්නෙ. වැඩිය සීරියස් ගන්න එපා හරි"
"මොකද්ද අයියා.. අහන්නකො බලන්න"
"මම ඔයාගාවින් යන්නම යන්න ගියොත්...."
"මොකද අනේ ඔයාට මේ අද වෙලාතියෙන්නෙ. විකාර දොඩවන්නෙ. ඔයාට මගේ ගාව ඉන්න බැරිනම් යන්න. හැබැයි මේ කෙල්ලව රිද්දපු පව ඔයාට ආත්ම ගනනාවක් යනකම්වත් ගෙවල ඉවරකරන්න බැරිවෙයි හරි"

ඇය එසේ පවසා අවසන් වීමට කලියෙන්ම ඇගේ දෙනෙතින් කඳුලු කැට වැටුනේ මගේ හිත තව තවත් පාරමින්ය. මා කියූදේට ඇගෙන් සමාව ඉල්ලූ මා ඇයව මගේ තුරුලෙහි සඟවාගෙන නිහඬව සිටිය අතර මගෙ දෙනෙතින් ගිලීහී ගිය කඳුලු බිඳු කීපයක් මාගේ දෙකොපුල මත වැටුනද ඒ කඳුලු බිඳු කීපය ඇයගෙන් සැඟවීමට මට හැකිවිය. සෑම රජවරයෙකුගේ කාලය අවසන් වනවා සේ මගේ කාලයේද අවාසානයට ලඟාවී ඇති බව මා දැනුනද එයට හෙතුව මම නොදැන සිටියෙමි. නමුත් මා ආදරය කල මේ දඟකාරිය මා නිසා විනාසවනවා දැකීමට මා අකමැතිවූයේ මා මෙන් නොව ඇයට පැහැදිලි ගමනක් තිබූනිසාය. මා සිටිනා තත්වය තුල ඇගෙන් වෙන්වයාම හොඳම විසඳුම වූයේ ඇය ආදරයකරනුයේ ජාවාරම් ලෝකයේ කිරුල හිමි කුමරෙකුට බව ඇය දැනගැනීමට මා අකමැති වූ නිසාවෙනි. මක්නිසාද යත් එය එසේ සිදූඋවහොත් ඇය ඇගේ ජීවිතයට මෙන්ම මුළු පිරිමි ජාතියටම සාප කරනවා නොඅනුමානය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. කවදාවත්ම ඔයා මේ විදිහට නිහඬව ඉඳල නැහැ. අනේ මට බයත් හිතෙනවා. ඔයා මොකක් හරි ප්‍රස්නෙක නේද ඉන්නෙ"
"එහෙම දෙයක් නැහැ පියුමි."
"ඒ උනාට මගේ හිතට හරි අමුත්තක් දැනෙනෙවා අයියෙ. ඔයාගෙ නිහඬබව මෙගේ හිතට ආගන්තුක හැඟීමක් එකතු කරනවා. මොකක් හරි ප්‍රස්නයක්නම් කියන්න. මම පිට කෙනෙක් නෙමේනෙ දිනුක අයියා. ජීවිතේ අපට ලැබෙන හැම දෙයක්ම දැන්ම ඉඳලම බෙදා ගමු. මේ බලන්න, බලන්න මගේ ඇස් දිහා, මගෙ පපුවට අත තියල බලන්න. මේ කෙල්ලගෙ පණ ඔයාගෙ තාලයට ගැහේවි."
"පියුමි .. මම ... ම...ම.. හම්ම්ම්.. මම ඔයාට ආදරෙයි"
"ඉතින් ඒක මම දන්නවනෙ.. අනේ මේ මොකද මේ දිනුක අයියා. ඇයි මේ ඔයාගෙ ඇස්වල කඳුලු"

මටත් හොරා මගේ දෙනතට ආ කඳුලු බිඳු කීපය මෙවර මට සඟවාගත නොහැකි වූයේ ඇගේ දෙතොල් අතරින් පිටවූ එම වචන කීමය මගේ මුළු ආත්මයම සසල කල නිසාවෙනි. මගේ ඇස් කඳුලින් පිරීමට හේතුව ඇය කීපවතාවක්ම මගෙන් විමසා සිටියද මම නිහඬව සිටියේ ඇයට ලබාදීමට ඇයව සැනසීමට මා තුල පිළිතුරක් නොතිබූ නිසාය. එමන්ම මගේ දෙනෙතේ තිබූ කඳුලු බිඳු කීපය පිස දැමූ ඇය සමාව අයදමින් මා හට තවත් තුරුළුවූයේ ඇගෙන් වරදක් උනා යැයි ඇය සිතූ නිසාවිය යුතුය. අප ගෙවනා මේ සවස් යාමයේ කාලය හිමින් හිමින් ගෙවෙද්දීත්, පිළිතුරු නොරැඳි ගැටලුන් රැසක් ඇය තුල ඉතිරිවෙද්දී, අප මුව තුලට සිනහව රැගෙන ආවේ මිට හෝරාවකට පමණ පෙර අප අසල රැඳි අලන්කාර වූ පියාපත් යුගලක් හිමි ඒ සමනළයා නැවත අප අසලට පැමීනිම නිසාය. සම්මතයන්ට අභියෝග කල අයෙකු ලෙස මා හට සමනළයාගේ නැවත පැමීනීම විෂේශ නොවුනද, අප දෙදෙනාම දුකින් සිටි නිසා හා දෙදෙනාගේම ඇස් කඳුලින් පිරී තිබූ නිසා අප සිත් සැනසීමට දේවදූතියක් විසින් එවන ලද සමනළයෙකු බව පියුමිගේ මතය විය.

නොයෙකුත් දේ සිදුවූ හා කියාගත නොහැකි ගොඩක් දේ සිතතුල හිරවී තිබූ සවස් යාමයක අවසානයේ පියුමිට සමුදුන් මා කලපුව දෙසට ගියේ අමිලටද එම ස්ථානයට ඒමට ආරාධනාවක් දෙමින්ය. මා එම ස්තානයට ලඟාවන විටද අමිල එහි සිටියේ මා දුරකථන ඇමතුම දෙන මොහොතේ ඔහු කලපුව අසල රැඳි සිටි නිසාය. නවතාතිබූ දිරාපත් වූ බෝට්ටුවකට හේත්තු වී පරිප්පු වඩ කීපයකද රස බලමින් මම අද හවස් යාමය පිලිබඳව හා මගේ හිත තුල තිබූ ප්‍රස්න රැසක් අමිලට කීවෙමි.

"ඒ කියන්නෙ යාළුවා, ඔයා පියුමිත් එක්ක තියන සම්බන්දය නවත්වන්නද හදන්නෙ"
"එහෙම නැතිව මට වෙන කරන්න දෙයක් නැහැ අමිල. මම කැමති නැහැ මම නිසා මොනව හරි අනතුරක් වෙනවට එයාගෙ ජීවිතේට"
"ඒත් යාළුවා, මම හිතන්නෙ නැහැ ඒක හොඳ විසඳුමක් කියලා"
"මම දන්නවා අමිල. ඒත් ආදරේ කියන එක මට ගැලපෙන්නෙ නැහැ අමිල. මට ආදරේ කරන අයට ඉතිරිවෙන්නෙ දුක විතරයි. ඉතින් ඒ නිසා තමා මම හිතුවෙ මේ තීරනේ ගන්න. ඊට පස්සෙ රටින් ටික කාලයකට ඈත් වෙලා ඉන්න"
"ඉතින් එහෙම උනා කියල මේ දේවල් වල වෙනසක් වෙයිද, අනික් යාළුවා, උඹ මෙච්චර දවසක් හිටියා මේ රටේ. අවුලක් උනේ නැහැනෙ. ඉතින් ඒ විදිහටම අපි මේක විසඳන්න බලමු"
"වර්ණකුලසූරිය කියන්නෙ පොළඟෙක් අමිල. මගෙ පවුලෙ අයවයි පියුමිවයි කොයි වෙලේ හරි මගෙන් ඈත් කරනවා. මම කැමති නැහැ ඒකට."
"ඉතින් දැන් උඹ ගියා කියලා, යාළුවා හිතන්නෙ වර්ණකුලසූරිය ගහන තුරුම්පුව නොගහ ඉඳියි කියලද"
"මිනිහව මම මෙල්ල කරනවා අමිල. හැබෙයි මේ රටේදි නෙමේ. රටින් පිටදි"
"මට තේරුනේ නැහැ යාළුවා. ඒත් මේ අහපන්, උඹ ඔය කරන්න හදන වැඩෙන් උඹට ගොඩක් දේවල් නැතිවෙනවා."
"කිසිම දෙයක් නැතිවෙන් නැහැ අමිල. නැති උනොත් ඒ පියුමිව විතරයි. මම ඒ චැලෙන්ජ් එකත් බාරගන්න ලෑස්තියි"
"මට උඹව තේරෙන්නෙ නැහැ යාළුවා. කරන දෙයක් පරිස්සමට."

දවසක් දෙකක් පියුමි අසල ගැවසුනද මා සිත තුල තිබූ දේ මාහට පවසා ගැනීමට නොහැකි වූයේ ඇගේ දඟකාරකම් නිසාය. මේ ආදරේ නැතිව ජීවිතයක් නැති තරම්ය. ඒ තරමටම ඇය මගේ මුලු හදවතම සොරගෙන තිබුනි. නමුත් මට මේ ආදරයේ හිමිකාරයා වීමට සුදුසුකම් මදි වූයේ මා කර ඇති පාප කර්මයන් වැඩි වූ නිසා අතර ඇය මා සමග නොමැති හෙට දිනයක් සිතනා හැම මොහතකදීම මගේ හුස්ම මදකට නැවතුන වාර ගනන අනන්තය, අප්‍රමානය. නමුත් ඇය අසලින් යාමට මට සිදුවී ඇත. නැතිනම මා මෙතුවක් කාලයකට කල සියලළුම දේ ගඟට ඉනි කැපුවා වැනිය. එමෙන්ම මට ආදර කල මා විස්වාෂ කල ගොඩක් දෙනා මට අහිමිවනවා නොඅනුමානය.

කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මොහොමඩ් මට ලන්කාවෙන් පිටවීමට සියලුම දේ සූදානම් කලේ අප දෙදෙනාගේ සැලසුමට අනුවය. ජීවිත රක්ෂන සමාගමේ වැඩකරන කාල සීමාවේදී අඳුන ගත් යාලුවෙක් විසින් මට ලබා දුන් රැකියා අවස්තාවකට මා රටින් පිටවෙන බව මම අම්මාට කියු නමුත් ඇය එයට අකමැති වූයේ නන්නාදුනක රටක මා තනිවන නිසාත් මා තවමත් ඇගේ පොඩි පුතාත් නිසාවෙනි. නමුත් නන්ගීගේ හා තාත්තාගෙන් ලැබුනු සහයෝගය නිසා අම්මාගේ කැමැත්ත ලැබුනු අතර මා යනකම් කාටවත්ම නොපවසන ලෙස අම්මාගේ මුවින්ම පිට වූ නිසා මගේ වැඩකටයුතු තවත් සරල විය.

"පොඩි මහත්තයා, ඔයාව ඩුබායි වලදි අසීස් ගනීවි. ඔයාගෙ ජොබ් වීස එකත් තව සතියකින් දෙකකින් ලැබේවි."
"මට යන්න හිතෙන්නෙ නැහැ මොහොමඩ්.."
"මම දන්නවා පොඩි මහත්තයා. ඒ ගෑණු ළමය පොඩි මහත්තයව ගොඩක් වෙනස් කලා."
"හම්ම්ම්.. මොහොමඩ් අපේ ප්ලෑන් එකට අනුව වැඩේ කෙරෙයි නේද"
"එහෙම හිතමු පොඩි මහත්තයා. බය වෙන්න එපා. අසීස් ඉන්නවා ඔයා එක්ක එහෙදි. මම මෙහෙන් මගෙ වැඩ ටික කරන්නම් ගානට. බ්‍රයන් අද පොඩි මහත්ත්ය එක්ක හිටියනම් ..."
"ඒ ගැන මතක් කරල මගේ හිත පාරගන්න කැමති නැහැ මොහොමඩ්. වර්ණකුලසූරියවත් අයින්ම කරල දැම්මට පස්සෙ අපි හැමදාටම වෙන්වෙමු මොහොමඩ්. අපේම කියල ලස්සන හීනයක් එක්ක ජීවත් වෙමු. ජීවිතේ සමහර හීන වලට යන්න අපි කැමතිම හීනයක් අමතක කරන්න වෙනවා මොහොමඩ්"
"ඒ උනාට පොඩි මහත්තයා ඒ ගෑණු ළමය වෙනුවෙන් ආපහු එන්න. පොඩි මහත්තය යන්න කලින් ඒ ළමයගෙ හිත පුලුවන්තරම් හදන්න බලන්න. මම හිතන්නෙ නැහැ ඒක ලේසි වෙයි කියල. පොඩිම හරි බලාපොරොත්තුවක් ඒ ගෑණු ළමයට දීල යන්න. පොඩි මහත්තයට ඒ තරම් ආදරේ කරල නැතුව ඇති කවුරුවත්ම"
"හැඟීම්බර කරන්න එපා මොහොමඩ් මාව. මටත් එයා නැති දවසක් ගැන හිතන්න බැරි තරම් මොහොමඩ්. ඒත් මට ඒකට හුරු වෙන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට හිතාගන්න බැරිවෙන ප්‍රස්න රැසකට මූනදෙන්න වෙනවා, ඒ ගැන ඉතින් මොහොමඩ්ට අමුතුවෙන් පැහැදිලිකරන්න ඔන නැහැනෙ. හම්ම්ම්ම්ම්.. මම එයාට යන්න දෙන්න පුළුවන් තරමට ආදරේ කරන්නම්, මොහොමඩ්"
"යන්න දෙන්න පුළුන් තරමට .. හොඩක් ලොකු දෙයක් කියවෙන වචන ටිකක් පොඩිමහත්තයා"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..

Monday, December 14, 2015

හිතුවක්කාර ආදරය - 29 කොටස


නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි.

"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි"



මා සිතුවා සේම මාගේ හැසිරීම පිළිබඳව සතුටක් අමිලතුල තිබුනේ නැත. ඔහුට අනුව මා වර්ණකුලසූරිය මහතාට ඔහුගේ සැකය සාර්තක කර ගැනිමට කොනක් අල්ලා දී ඇත. අමිලගේ මතයේද මා වැරැද්දක් නොදුටුවේ එවැනිම හැඟීමක් මා සිත තුලද ඇතිවූ නිසාය.

සතිඅන්තය නිහඬව ගෙවී ගියද මාගේ සිත තරමක් කලබලකාරී ගතියකින් පසු වූයේ මට දැනුනා වූ ඒ නිහඬතාවය තුලම කිසියම් හෝ නපුරක ඉවක් මට දැනුන නිසා විය යුතුය. මගේ සිත මෙතරම්ම සැක සහිත වී කලබලකාරී ගතියකින් පසු වන්නේ පියුමි වෙනුවෙන් විතරක්ම බව මට වැටහුනද මා ඇය පිළිබඳවද සැක සහිතව සිතුවේ කෙලෙසද යන්න මම මෙගේ සිතින්ම ප්‍රස්න නැගුවෙමි. හදිසියේම පැමිනි හිරුනි නැමති චරිතය හා වර්නකුලසූරිය මහතා නිසා මාගේ අතීතය එලිවුවහොත් මාගේ ජීවිත කතාවම කණපිට පෙරෙලනවා නොඅනුමානය. ජාවාරම් කරුවෙකු මෙලොවට බිහි කලායැයි මෙගේ අම්මා තාත්තා සමාජයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුන දෙනවා ඇත. නන්ගීට හොඳ තැනකින් විවාහයක්වත් කරගැනීමට නොහැකිවනවා සේම මගේ යාළුවන්ටද මා ජාවාරම් කාරයෙක්, මිනීමරුවෙක් වනවා නොඅනුමානය.

මාගේ දින චරියාව දෙස කවුරුන් හෝඉ බලා සිටීදැයි මා සිතට සිතුනද මා යන එන තැන් කවුරුන්හෝ බලා සිටීදැයි සිතුනද මා මදකට ඒ සිතුවිල්ල වසන්කර මොහොමඩ්ව හමුවීමට ඔහුගේ නිවසට ගියේ කෙවින් පිළිබඳව තීරනයක් ගැනීමටය. මක් නිසාදයත් ගෙවීගිය සති අන්තයේ එක දිනයක ඔහු ඔහුගේ මිතුරන් සමග පියුමිගේ නිවස අසල ගැවසෙනවා ඇය දැක ඇති අතර පියුමි ඇය්ගේ මව හා වෙළඳපොලටද ගිය අවස්තාවේද ඔවුන් ගැවසූ බව ඇය මට කීවා මතකය. මොහොමඩ්ටද කුමක් කල යුතුද යන්න සුපැහැදිලි දසුනක් නොතිබූ අතර ඔවුන්ද දේෂපාලන ආරක්ෂාව ඇතිව මත්ද්‍රවය බෙදාහැරීම පටන් ගෙන ඇති බව මොහොමඩ් මා හට පැවසුවේ මෙතෙක් වෙලා අප දෙදෙනා අතර දෝලනය වූ ප්‍රශ්න කීපයකට පිළිතුරක් ලෙසය. අප පරනම මිතුරෙකු වූ ප්‍රසන්න මාර්ගයෙන් මෙමෙ තොරතුර ඔහුට දැනගැනීමට ලැබී තිබූනිසා එහි නිරවද්‍යය බාවය පිළිබඳව අප දෙදෙනාටම සැකයක් නොතිබූ තරම්ය. කෙවින්ව මගේ ජීවිත කතාවෙන් සැලකියයුතු කාලයකට ඈත්කර තිබීමට අපට හමුවූ හොඳම අවස්තාව මෙය විය. අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ අප දෙදෙනා සැලසුම් කලේ කෙවින්ව මත්ද්‍රවයය සමගම පොලීසියට කොටුකර දීමය.

"එහෙනම් අපි කතාකරගත්ත විදිහට කරමු මොහොමඩ්. අපේ පාර්සලේ මිනිහට දෙන්න. මිනිහ ගනුදෙනු කරන වෙලාව දින ප්‍රසන්නගෙන් දැනගන්න. ඊට පස්සෙ අපේ මිනිහව යවන්න. ගනුදෙනුව කරන්න. "
"මම හිතන්නෙ නැහැ පොඩි මහත්තයා කෙවින් අපේ මිනිහ එක්ක ගනුදෙනු කරාවි කියලා. අලුත් සෙලර් කෙනෙක් එක්ක ගනුදෙනුව කරයිද මිනිහා"
"බයවෙන්න එපා මොහොමඩ් මිනිහ ගනුදෙනුව කරනවා. මොකද මේ ටිකේ බඩු අඩුයි. අනික අපි ගාව තියෙන්නෙ එදා ජර්මන් කාරයට යැව්ව ඒවලින් කොටසක්. ඉතින් අපේ බඩු හොඳයි. අනික ටිකක් වැඩිපුර තියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙවින් මේ ගනුදෙනුව කරනවා. මොකද මිනිහට බඩු ඕන"

අප නොසිතූ ලෙස ටික කාලයක් ගෙවීගියද අප දෙදෙනා සැලසුම්කල ආකාරයටම ඉතා ලෙහෙසියෙන් කෙවින් සමග අප යැවූ පුද්ගලයා ගනුදෙනුව කර තිබූ අතර මොහොමඩ් මේ සඳහා යොදාගෙන තිබුනේ හලාවත ප්‍රදේෂයේ පදින්චි කසුන් නැමති අයකුය. ඔහු එන්ගලන්තයේ ඉගනීමට යාමට ආසාවෙන් හිටි අතර නිවසේ වූ ආර්ථික අපහසුතා නිසා ඔහුට එම අවස්තාව මගහැරී ඇත. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් මගේ සගයා බලලුන්ලවා කොස් ඇට බා ඇත්තේ හරි අපූරුවටය.

"පුතේ .. පුතේ .."
"මොකද තාතේතෙ.. මොකද අවුල"
"මේ අර එපාම කරපු එකෙක් ඉන්නෙ ටවුන් එකේ හැම වෙලේම. කෙවින්. මිනිහ එක්ක ඔයාගෙ ගනුදෙනු එහෙම නෑ නේද"
"කෙවින්ව මම දන්නවා. ඒත් ඉතින් ඔය තාත්ත කියන ගනුදෙනු කරන්න තරම් මිනිහ එක්ක මම සම්බන්දකම් නැහැ. ඔයා දන්නවනෙ මට ඒ දවස්වල ඉඳලම මිනිහව දිරවන් නැහැ කියල. මොකෝ මේ හදිසියෙම කෙවින්ව අල්ලගෙන"
"කෙවින්ව ඊයෙ පොලිසියෙන් අල්ලල, ගන්ජ පාර්සලයක් එක්ක"
"නෑ ... තාත්ත කොහොමද දන්නෙ"
"මේ නිවුස් වලට කිව්වෙ. නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිල තමා පොලීසිය ඉවකරන් ගිහින් තියෙන්නෙ. බඩුත් එක්කම අල්ලල තියෙන්නෙ. හොඳම වර්ගයේ ඒවලු. සමහරවිට මිනිහ පිටරටකින් ගේන්න ඇති. එලියට එන්න වෙන්නෙ නැතිවෙයි කාලෙකට"
"කෙවියත් මාර වැඩනෙ තාත්තෙ කරන්නෙ"
"මම මේ බයේ හිටියෙ තමුසෙත් එක්කත් යාළුකම් පවත්වනව ඇති කියලා. ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් ටවුන් එකේ රස්තියාදුකාරයො එක්කමනෙ ඉන්නෙ."

අප සැලසුම් කල ආකාරයටම සියලුදේ සිදුවී තිබුනද මට එක හිසරදයක් වූ කෙවින්ගේ කරදරයෙන් මිදීමට හැකි උවද මා තාත්තා ඉදිරියේ රඟපෑ අහින්සක බොරු චරිතය මසිත රිද්දන්නට විය. නමුත් මේ ජීවන ගමනේ තවෙකුව සතුටු කිරීමට නැතිනම් තම්න් සතුටුවීඅට එසේත් නැතිනම් ජීවිතය ජීවත් කරවීමට ජීවිතය නැමති රඟ මඩලේ අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොයෙකුත් චරිත රඟපෑ යුතුබව මා විස්වාසකල නිසාද මා ඒ දෙය අද්විඳ ඇති නිසාද තාත්තා ඉදිරියේ මගේ සිතට ආ විස්තරාත්මකව ඉදිරිපත් කල නොහැකි ඒ වේදනාකාරී සිතුවිල්ල මට යටපත් කරගැනීමට හැකි විය.

සිතට නැගුනු නොයෙකුත් සිතිවිලි අතරේ මා මගේ ස්කූටියට ගොඩ වූයේ පියුමිව හමුවීමට යාමටය. තාවකාලිකව හෝ පියුමිට කෙවින්ගෙන් කරදරයක් නොවන බව හැඟීම සිතට සැනසිල්ලක් ගෙනදෙන්නා වූ කරුනක් විය. වෙනදා මෙන් නොව මගේ සිතට තරමක සැහල්ලු බවක් දැනුනද හදිසියේම අප ප්‍රදේෂයේ නමගිය රෙදි සාප්පුවකට ඇතුලු වූ හිරුනිව දැකීම නිසා මගේ සිතට නැවතත් හිතුවක්කාර සිතුවිලි ගලා ආවේ මට නොදැනිවමය.

"හායි හිරුණි.."
"දිනුක .. "
"කොහොමද ඉතින් ඔයාට.."
"මොකද මේ කවදාවත් නැති සොෆ්ට් මූඩ් එකක්. කියන්න දෙයක් තියනවනම් කෙලින්ම කියන්න. අනික ඔයා මොකද මේ ලේඩිස් සෙක්ෂන් එකේ කරන්නෙ"
"තහනම් නැහැනෙ ඉතින් අපිට මේ සෙක්ෂන් එකට එන්න.. ආ තව ටිකෙන් අමතක වෙනවා. ඔයාගෙ බාප්පට පනිවිඩයක් තියනවා මගේ ළඟ"
"මගේ බාප්පට.. ඒ මොකක්ද"
"ඉමාෂ තාමත් මගේ හිතේ කොනක ඉන්නවා කියන්න. ඒ වගේම ඉමාෂා එයාගෙ තාත්තට වඩා මට ආදරේ කලා කියල කියන්න"

මා හිරුණිට පැවසීම්ට සූදානම්ව සිටියේ කෙවින් පිළිබඳ උවද අවසාන මොහොතේ මා මගේ අදහස වෙනස් කර වෙනස්ම දෙබස් කීපයක් ඈ හා දෙඩුවේ මගේ හිතුවක්කාර සිතුවිලි මදකට පාලනය කරමින්ය. කෙසේ නමුත් මා එම ස්තානයෙන් ඈත්ව යන තුරුම හිරුනිගේ දෙනෙත් මා වෙතම යොමු වී තිබූ අතර කුතුහලයෙන් පිරි ඇගේ දෙනෙත් කී කතාව මා හටද තේරුම් ගැනීමට අපහසු විය.

"මොනාද දිනුක අයියා. මම් ඇවිල්ල විනාඩි විස්සක් විතර වෙනවා. මාව මෙහෙම මෙතන තනිවම තියන්න ඔයාට පව් නැද්ද අනේ"
"හරි හරි කෙල්ලෙ. විනාඩි විස්සනෙ. ඔයාගෙ යාළුවා හිරුණිව මීට් උනා ෆැෂන් බග් එක ගාවදි. ඒකයි පරක්කු උනේ"
"ම්ම්ම් .. මේ ඒක නෙමේ කෙවින්ව පොලිසියෙන් අල්ලල නේද. බලන්න අනේ කොල්ලො කරන ඒව. මොකටද අනේ ඔය ජරා බිස්නස් කරන්නෙ. අනික ඒ කොල්ලට මොනවගෙන්ද අඩු"

පියුමි සමග ගතකිරිමට ලැබූ එම විනාඩි කීපය තුලත් කෙවින් කතානායක බවට පත් වීම මගේ හිතට වාවන් නැති උවද ඇගේ හිත රිද්දීමට අකමැති වූ නිසා ඇගේ තුබුනා වූ සියලුම ප්‍රස්න මම හැකි අයුරින් නිරාකරණය කර දුන්නෙමි. පියුමිට තිබූ ප්‍රස්න සියල්ලම කෙවින්ට තිබුනානම් කෙවින් අද මේ වන විට ස්වාමින් වහන්සේ නමක් හෝ පූජකයෙක් වනවා නොඅනුමානය. වෙනදා මෙන් නොව අද පියිමිගේ තොර තෝන්චියන් නැතිව කියවීම මට හිස රදයක් වූයේ එහි වැඩි හරියක්ම කෙවින් පිළිබඳද මත්ද්‍රවය වලින් මිනිස් ජීවිත වලට වන හානිය පිළිබඳවද අඩන්ගු වූ නිසාය. එම නිසා බොරු හිසේ කැක්කුමක් මවා ගත් මා ඇයව නිවසට ඇරලවා මම ද නිවසට ගියේ සුවනින්දක් බලාපොරොත්තුවෙනි. නමුත් මා නිවස අසලට පැමිනෙනවාත් සමගම පොලිස් නිල රථය අප නිවස අසල නවතා තිබීම නිසා මා විමතියට පත් වූ අතර එය වර්ණකුලසූරිය මහතාගේ නිල රථය බව හඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවුනි.

"අම්මෙ.. මොකද මේ පොලීසියෙන්. ඇයි මේ ඔයාලගෙ ඇස් වල කඳුලු. මොකද උනේ මෙතන"
"බය වෙන්න එපා පුතේ. මොකුත් උනේ නැහැ. මේ වර්ණකුලසූරිය මහත්ත්ය ඇවිල්ලා ඔයාව බලන්න. ඉතින් අපිට ඉමාෂව මතක් උනා."
"ඒකද මේ කඳුළු.. ඉතින් කොහොමද අන්කල්... කොහොමද වැඩකටයුතු"
"මම හොඳින් ඉන්නවා පුතා. ඔයාට කොහොමද"

නොසිතූ මොහොතක වර්ණකුලසූරිය මහතා අප නිවසට පැමිනීම මගේ හිතට එතරම්ම දිරවූයේ නැතත් ඔහු ඉබේම මෙහි නොපැනි බව මම හොඳාකාරවම දැන සිටියෙමි. මක්නිසාද යත් ගෙවුනු අවුරුදු කීපයටම ඔහු අම්මා සමග දුරකථනයෙන් කීපවරක් කතා කලා මට මතකය. ඒ හැම මොහොතකදීම අම්මාගේ දෙනෙත් කන්දුලු වලින් පිරී ගියේ ඉමාෂාගේ මතකයන් නිසාය. මා හැරුනුකොට ඉමාෂාට මටත් වඩා ආදරය දැක්වූ අයෙකු සිටීනම් ඒ අපේ අම්මාය.

"ඉතින් පුතා. මොනවද තොරතුරු.. ඔයාගෙ පණිවිඩය මට ලැබුනා. ඒකයි ටිකක් ඇවිල්ල යන්න හිතුවෙ"
"මම දන්නවා අන්කල්. නැතිනම් ඉතින් ඔයා හදිසියේම එන්නෙ නැහැනෙ අපේ ගෙවල් පැත්තෙ"
"ම්ම්ම්ම්.. සමහර විට පුතා මාත් එක්ක තරහ ඇති. ඔයා මගෙ දුවට ආදරේ කරපු බව ඇත්ත. ඒත් මට ඔයා ගැන තියන සැකය නැතිවෙන්නෙ නැහැ. මම දන්නවා ඔයා අපි මේ සේරටම වඩා ඉස්සරහින් ඉන්න චරිතයක් කියලා. හැබැයි සමහර විට මගේ සැකය වරදින්නත් පුලුවන්"
"මම දන්නෙ නැහැ අන්කල් ඔයා මේ මොනවා කියනවද කියලා. හැබයි එකක් ඇත්ත අන්කල් කිව්ව ඒවලින්. මම ආදරය කරුණාව මනුස්සකම අතින් ඔයාල හැමදේකටම වඩා ඉස්සරහින් ඉන්නවා"
"මමමොකක්ද කියන්නෙ කියල දිනුකගෙ හිත දන්නවා ඇතිනෙ. මට තාමත් හිතා ගන්න බැහැ ඇයි මම ඔයාව අත් .... ඕන නැහැ ඒ කතා. මම අද පියුමි දුවව දැක්කා. "
"පියුමි.. ඒ කොහෙදිද"
"මම අද තමා එයාව හරියට දැක්කෙත්. එයා ඉමාෂා වගේමයි නේද. මම එයාගෙන් ඉමාෂව දැක්කා. මම හිතනවා ඔයා ඒ නිසා වෙන්න ඇති කියලා ඒ කෙල්ලට ඔච්චරම ආදරේ. ඉතින් ඒ නිසා තමා මම ආවෙ ඔයාට පණිවිඩයක් දීල යන්න"
"ඒ මොකක්ද අන්කල් .."
"මගේ මේ යුනිෆොම් එකේ මේ එල්ලෙන කෑලි ලැබුනෙ අකාලෙට නෙමේ දිනුක. ඒ නිසා මම දන්නවා මම මේ දුවන්නෙ මිරිඟුවක් පස්සෙ නෙමේ කියලා."
"මට තේරෙන් නැහැ අන්කල් ඔයා මේ මොනවද කියන්නෙ කියලා"
"මම අද ඒ පියුමි දුවගෙන් මගේ දුව ඉමාෂව දැක්ක් නිසා කියන්නෙ, දිනුක ඔයා මේ යන්න හදන ගමනට ආයුෂ අඩුයි. ඒ නිසා අලුත් මාර්ගෙක යන්න. නැතිනම් පියුමිට යන්න දෙන්න"

මා හට එසේ පැවසු ඔහු සුළුමොහොතකදී අප නිවසේ සියලු දෙනාටද සමු දී ඔහුගේ නිල රථයට නැගී න්පෙනී ගියේ මා හට නැවතත් හිතන්නට යමක් ඉතිරි කරමින්ය. සුපුරුදු ලෙස මා මාගේ ඇඳ මතට වී නිදා ගැනීමට උත්සහ කලද මට එය තරමක් අපහසු කාර්යයක් වූයේ 'මම පියුමි දුවගෙන් ඉමාෂව දකිනවා, ඔයා අලුත් මාර්ගයයක යන්න නැතිනම් පියුමිට යන්න දෙන්න' ඔහු පැවසූ මෙම වචන කීපය මගේ සිතතුල රැව් දුන් නිසාය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Thursday, November 26, 2015

හිතුවක්කාර ආදරය - 28 කොටස


ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.

"පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
"කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
"මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත් ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද මේ හදිසියේම"
"කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න ඕන ඉක්මනටම."
"මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."



මොහොමඩ් සමග මේ ප්‍රස්නය පිළිබඳව කතාකලද සාදාරණව මෙය විසඳීමට යෝජනාවක් දෙදෙනාගෙන්ම ඉදිරිපත් නොවිනි. මොහොමඩ්ගේ අදහස වූයේ ඉක්මන් තීරනයකට නොගොස් ත්ව ටිකක් කෙවින් පිළිබඳව විස්තර ලබාගමු යන්නය. මක්නිසාද්යත් තවමත් ඔහුගෙන් අපට කරදරක් නොවුනු නිසා හා ඔහුගේ ඇති නිහඬබව නිසාය. විනාඩි හතළිහකින් පමන මොහොමඩ් මා හට සමු දී ගියේ ඔහුට පැවරී තිබූ වැඩ කටයුක්තක් නිසාය. නමුත් මා සිටි තැනටම වී ඉඟුරු තේ කෝප්පයක රස බලමින් කල්පනා කලේ මෙතන කුමක් හෝ වැරදීමක් වී ඇතිබවය. එසේත් නැතිනම් කුමක් හෝ පටලවිල්ලක් ඇතිබවය. හදිසියේම අමිලගෙන් ලැබුනු දුරකතන ඇමතුම නිසා මා කල්පනා ලොවෙන් මිදුනු අතර එම දුරකථන ඇමතුම මා තව තවත් අවුල් ජාලයකට ඇද දාන්න විය.

"මොකෝ අමිල.. මොකක්ද මේ හදිසියෙම"
"යාළුවා, මම මේ ප්‍රස්නය කලිනුත් ඔයාගෙන් අහල තියනවා. මම ඒක ආයෙමත් අහන්න යන්නෙ. මම හිතනවා මට ඒ ප්‍රස්නෙට අවන්ක පිළිතුරක් මට අදවත් ලැබේවි කියලා. මොකද මම හිතනවා මට ඒකට උරුමයක් තියනවා කියලා."
"හරි හරි.. අටුවා ටිකා ඕනනැහැ. අහපන්කො ඔය අහන්න තියන දේ"
"යාළුවා, ඔයා කව්ද? පතාලය එක්ක තියන උඹට තියන ගනුදෙනුව මොකක්ද?"

අමිල එසේ ආසනවාත් සමග මාගේ හුස්ම මොහොතකට නැවතුනි. නමුත් මම මගේ කිසිදු වෙනසක් නොපෙන්වා ඔහු දෙස තප්පර කීපයක් නිහඬව බලා සිටියේ අමිල බාවිතා කල ඒ පාතාලය යන වචනය නිසාය. ඔහුගේ ප්‍රස්නයට පැහැදිලිව පිළිතුරක් ලබා දීමට මම නොදැන සිටියෙමි.

"මොකද යාළුවා නිහඬ.."
"ඇයි අමිල ඒ වගේ දෙයක් මගෙන් ඇහුවෙ. අනික පාතාලය වගේ වචනයක් බාවිතා කලේ"
"හරි මම අවන්ක වෙන්නම්. උඹත් එක්ක ගනුදෙනු කරන සමහර චරිත නිසා තමා මම එහෙම ඇහුවෙ. දැන් බලපන් එදා රෑ අපි බෝතලේ ගෙනාව සිද්දිය. ඒ මිනිහා බොහොම බැගෑපත්ව උඹ එක්ක කතා කලේ. මම ඒ මිනිහගෙ පොෆයිල් එක ටිකක් හොයල බලද්දි මිනිහ දහ පාරකට වැඩිය හිරේ ඉඳල තියනවා. අනික කෙවින්, දේෂපාලනය බලය සල්ලි බලය තියාගෙන එලිපිට සෙල්ලම් දාන එකෙක්. ඒත් මිනිහ උඹ ඉස්සරහ ටිකක් ඇඹරෙනව"
"හරි හරි අමිල.."
"හිටපන් තව තියනවා.. එතකොට මොහොමඩ්.. මිනිහ ගැනැ කිසිම තොරතුරක් නැහැ. කිසිම ඩේට බේස් එකකවත් නැහැ."
"උඹ ඒ කියන්නෙ මම ගැන ඔත්තු බැලුවා මෙච්චර දවස්"
"එහෙමම කියන්නත් බැහැ. නෑ කියන්නත් බැහැ. මම එහෙම කලේ උඹට තියන ආදරේ හින්දයි. උඹ මගේ යාළුවා නිසයි. අනික උඹ දන්නවද ලොකුම දේ. මම මේක කිව්වට පස්සෙ උඹ කලබල වෙන්න බැහැ හරි. මම උඹේ යාළුකම වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්. හැබැයිමට ඇත්තදැනගන්න ඕන"
"හරි.. මොකද්ද ඒ දේ.. ඒකත් කියමුකො බලන්න"
"කවුරු හරි කට්ටියක් උඹව මොනිටර් කරනවා. උඹගෙ ගෙදර අය පවා. අනික ගෙදර ෆොන් ලයින් එක, උඹේ ෆොන් ලයින් එක ටැප් කරල තියෙන්නෙ"
"මොනවා ... උඹ කොහොමද එහෙම කියන්න"
"උඹ දන්නවනෙ මම හැකින් කරනවා කියලා. ඉතින් මට හිතුනා උඹ ගැන ටිකක් හොයන්න. ඉතින් මම උඹව මොනිටර් කලා. මට තාක්ෂනේ තිබුනට මට මොකුත් ස්පෙෂල් දෙයක් හොයා ගත්තෙ නැහැ."

අමිලගේ සමහර තාක්ෂනික වදන් මට නොතේරුනද කොට්ටෝරුව කෙසෙල් ගසට කොටන දවස වැඩි ඈතක නොවන බව මම තේරුම් ගත්තෙමි. අමිලගෙන් ප්‍රස්න රැසක් මට අසා විසඳා ගැනීමට තිබුනද ඊට මත්තෙන් මම අමිලගේ ඉල්ලීම ඉටුකෙරුවෙමි. අමිල මා හට විස්වාසය තැබිය හැකි පුද්ගලයෙක් නිසා මම මගේ සැඟවුනු ජීවිත කතාව ඔහුට කෙටියෙන් කීවේ ඔහුද පුදුමයකට පත්කරමින්ය. මා කියූදේ පිළිබඳව අමිල සාවදානව අසා සිටියා මිසක ඔහු කිසිදු ප්‍රශ්නයක් මතු නොකලේය. එමෙන්ම පියුමිගේ මිතුරිය වන හිරුණි ඉමාෂාගේ අම්මාගේ නන්ගිගෙ දුව බව අමිල කල ප්‍රකාෂය නිසා මම මොහොතකට මියදුනෙමි.

පසුගිය දවස් කීපය තුලදී සිදුවූ සිදුවීම් සියල්ල මා එකිනෙක පිළිවෙලකට නැවතත් මෙනෙහි කලේ අමිල ඉදිරිපත් කල තර්ක ද සමගය. ඔහුට අනුව පියුමි යනු මිරිඟුවකි. මා එහි පසුපස දුවන මුවෙක් බඳු විය. මා එය පිළිගැනීමට සූදානම්ව නොසිටියේ පියුමිගේ ආදරය නිසාය. ඒ ආදරේ අවන්ක නිසාය. නමුත් පියුමිගේ යාළුවා වන හිරුණිගේ රඟපෑම මගේ හිත සසල කරන්නට වූ අතර ඇය එදා මා සල්ලාලයෙකු යැයි මට නම් පට බැන්දේ ඈ ඇත්තම විස්තරය දැගගෙන බව මගේ මේ සිතට දැනෙද්දී මගේ පළිගැනීමේ සිතුවිලි දළු ලන්නට විය. නමුත් ඒ සියලුම සිතිවිලි මා යටපත් කර සිටියේ අමිල මා හට කරුනු කාරනා එකිනෙක පැහැදිලිකර දුන් නිසාය.

"යාළුවා, පියුමිට යන්න දීපන් උඹේ ජීවිතෙන්."
"මට ඒක කරන්න බැහැ අමිල. ඒ කෙල්ල ලඟ නැතිඋනොත් මට මොනවා වෙයිද දන්නෙ නැහැ. අනික මගේ හිත කියනවා මේ කිසිම දෙයකට පියුමිගේ සම්බන්දයක් නැහැ කියල අමිල"
"හිතුවක්කාර වෙන්න හදන්න එපා යාළුවා. ජීවිතේ ඔට්ටු අල්ලන්න එපා බන් කෙල්ලෙක් හින්දා"

අමිල කොතරම් කීවද මම ඔහුගේ කීමට එකඟ නොවුනේ මම පියුමිට ආදරය කල නිසාවෙනි. අමිලගේ තාක්ෂනයත්, මගේ මොළයත් සමග මොහොමඩ්ගේ කැපවීමත් එකතු කර මේ සටන ගෙනියමුයැයි අප අවසානයේ තීරනය කලද අප තුල කිසිදු සැලැස්මක් නොතිබුනේ මා කෙසෙල් ගසට නොකෙටුවාට එහි වසා සිටින කොට්ටෙරුවෙකු බඳු වූ නිසාය.

අමිල හා ගත කරපු පැය කීපය අවසානයේ මා නිවසට පැමිනියේ ප්‍රශ්න රැසකට පිළිතුරු සොයමින්ය. පියුමි වෙනුවෙන් කොතරන්නම් දේවල් මා කරන්න ඇත්ද. මගේ සමහර ජීවන පුරුදු පවා ඇය වෙනුවෙන් වෙනස්කලේ මා ඇයට ආදරය කල නිසාවෙනි. එනමුත් අමිලට අනුව ඇය මා ප්‍රයෝජනයට ගත්තාදෝ යන්න මගේ සිතට නැගෙද්දී මගේ මේ ආදරය කල හිතට සැනසීමක් නොතිබුනු තරම්ය. සැනසීමක් නොතිබුනු තරම්ය.

"දිනුක අයියා.. මම මේ දවස් දෙකක ඉඳන් නෝට් කලේ. ඔයා හොඳින් නේද. මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නෙ ඔයා"
"අනේ එහෙම එකක් නැහැ පියුමි. ඇයි"
"නෑ. මට තේරුනා. ඒකයි ඇහුවෙ. ඔයාට ප්‍රස්නයක් තියනවනම් කියන්න අයියා. මම පිට කෙනෙක් නෙමේනෙ. ඔයාගෙ ජිවිතේ බෙදාගන්න ඉන්නෙ මමනෙ. ඉතින් ප්‍රස්නයක් තියනවනම් මටත් කියන්න හරි. අපි එකතු වෙලා විසඳමු"
"හරි හරි කෙල්ලෙ. මම හොඳින් ඉන්න්. මේ ටිකේ ටිකක් නින්ද මදි උනා. පාඩම් කලානෙ එක්සෑම් එකට. ඒක නිසා එහෙම තේරෙනව ඇති ඔයාට"
"ඒක තමා. මම දන්නවා ඔයා ගැන. එදා හිරුණි මට ඔයාගැන එහෙම කියනකොට මම විස්වාස කලේම නැහැ දිනුක අයියා. මම දන්නවා ඔච්චර ආදරේ කරන ඔය හිතින් මට දුකක් දෙන්න බැහැ කියල මම දැනන් හිටියා. මම හරි නේද"
"හම්ම්ම්.."
"ඒක නෙමේ අපේ ස්කූල් එකේ බ්ලඩ් ඩොනේෂන් එකක් තියනවා. අනේ එන්න හරි ඔයා. ඔය ඇඟෙන් ලේ ටිකක් දුන්නට මැරෙන් නැහැනෙ."
"අහ්.. ඒ කවද්ද.. තාඅ ස්කූල් පටන් අරන් සතියක්වත් නැහැ නේද."
"ඔව් අනේ. මේ අපේ සීනියර්ස් කොමර්ස් කට්ටිය තමා ඔර්ගනයිස් කරන්නෙ. අපි තමා ඉතින් මැරෙන්නෙ. ඔයා එන්නකො. මෙතකොට මට මගේ යාළුවන්ටත් ඔයාව පෙන්නන්න පුළුවන්. ඊලඟ සතියෙ බදාදා. එනව නේද"
"ඔයා එන්න කිව්වහම නෑවිත් ඉන්න බැහැබෙ මට"

ඇය සමග කාලා ගතකරනා විට මට කාලය පිළිබඳව හැඟීමක් නොතිබුනද ගෙවුනු දවස් කීපයේ ඈ හා කාලය ගත කිරීම මට තරමක් අපහසු වූයේ මා ඇය ඉදිරියේ දෙබිඩි චරිතයක් රඟදැක්වූ නිසාවෙනි. මක්නිසාද යත් හිරුණි පිළිබඳව තොරතුරු ලබාගැනීමට පහසුම මාර්ගය ඈ වූ නිසා හා කවුරුන් හෝ මා හා කරන මේ හැන්ගිමුත්තමට පියුමිගේ සම්බඳයක් තියනවාද නැද්ද යන්න හරි ආකාරව දැන ගැනීමටය. නමුත් මා ඇය ගැන එසේ සිතනා සෑම අවස්ථාවකදීම මගේ හිතින් මට ලැබුන පිළිතුර වූයේ ඇය නිවරැදි බවය. සෑම විටම එය එසේ වන්නේ මගේ ආදර හැඟීම් නිසාදෝ යන්නද මට නොතේරූ කරුනක් විය.

ලේ දන්දීමේ වැඩසටහනට සහබාහි වීමට මා අමිලටද ආරාධනා කලේ මෙය මාගේ පළමු ලේදන්දීම නිසාත් අපේ අම්මාගේ කතා නිසා මගේ සිත තරමක් නොසන්සූ වී තිබූ නිසාවෙනි. අමිල පැමිනි විගසම අප දෙදෙනා නියමිත ස්තානයට යාඅට පිටත් වූ අතර අමිලගේ ඔත්තු බැලීමේ වැඩකටයුතු පිළිබඳව අපි දෙදෙනා සාකච්චා කලේ මෝටර් සයිකලයේ යන ගමන්මය. අමිලගේ අදහස වූයේ පියුමිගෙන් ඈත් වෙන ලෙසය. ඔහු එසේ පැවසුවේ මා නිසා පියුමිගේ ජී විතයට හනියක් වීමට ඉඩ ඇති නිසාය. නමුත් මා එයට අකමැති වූ නිසා අප දෙදෙනාම අප කතාව නැවතූ අතර ලේ දන්දීමේ ස්ථානයට ඇතුලුවෙත්ම දුටු දසුනින් මා මදක් තිගැස්සුනි.

"මොකද යාළුවා බය වෙලා වගේ. මම කිව්වෙ මේක හරියන වැඩක් නෙමේ කියලා. ලේ දන් දීඅ පැත්තකට දාල යමු බන්"
"අමිල.. අර ඉන්නෙ ඉමාෂගෙ තාත්ත හිරුණිත් එක්ක"
"එහෙමද, තාම අපිව දැක්කෙ නැහැ. මොකද කියන්නෙ. මොකුත් නොදන්නා ගානට ඉන්නවද. නැතිනම්..."
"අපි පටන්ගමු එහෙනම් සෙල්ලම් කරන්න. යමු එහෙනම්. "

මා පැමින ඇති බව දැනගත් විගසම පියුමි මා දෙසට දිව්විත් ආදරයෙන් පිළි ගත්තේ ඈ සිටින්නේ පාසලේ යන්නද අමතක කරමිනි. ඇය හා කතා කලද මගේ ඇස් රැඳී තුබුනේ හිරුනි හා වර්ණකුලසූරිය මහතා දෙසටය. ඔවුන් දෙදෙනා මා නොදුටු නිසා මා ඔවුන් වෙත ගියේ පියුමිට හා අමිලට මදකට සමු දෙමින්ය. මා ඔවුන් අසලට ලන්වෙත්ම ඔවුන් දෙදෙනා මුහුනට මුහුන බලාගත් අතර ඔවුන් මා බලාපොරොත්තුවෙන් සිටියාද නැද්ද යන්න පිළිබඳව මා තුල අදහසක් නොතිබුනි.

"දිනුක පුතා.. හුඟ කාලෙකින් නේද. කොහොමද ඉතින්"
"මම හොඳින් ඉන්නවා අන්කල්. ඔයාලට කොහොමද"
"හොඳින් ඉන්නවා. අහ් මේ ඉන්නෙ මගේ කසින් දුවක්. හිරුණි "
"දන්නවා අන්කල්.. මම අන්කල්ගෙන් දෙයක් අහන්නද. ඇත්තම කියන්වනම් මේක ඉල්ලීමක්"
"මොකක්ද පුතා.. "
"මටයි පියුමිටයි නිදහසේ ඉන්න දෙන්න අන්කල්... ඉමාෂා මගේ ගාවින් යන්නම ගියා. පියුටත් ඒ දේම කරන්න හදන්න එපා. අනික මේ හිරුනියි අන්කලුයි එකතුවෙලා කරන්න හදන දේ මොකක් උනත් ඒ දේ කරන්න අන්කල්ට ටිකක් මහන්සි වෙන්න වෙයි. මම මගේ ජීවිතේ ගොඩක් ඔයාට ගරු කලා අන්කල්. අන්කල් මම ගැන දන්නවා ඇතිනෙ. මම මේ පාර සටන් කරන්නෙ පියුමි වෙනුවෙන්. ඒ නිසා මම ලෑස්තියි මගේ ජීවිතේ ඔට්ටු අල්ලන්න. හොඳින් ඉන්න අන්කල්. තව තවත් තරු ඔය යුනිෆොම් එකට එන්න කියලා පතනවා, හදවතින්ම මම"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...



Monday, November 16, 2015

හිතුවක්කාර ආදරය - 27 කොටස


"කව්ද ඉමාෂා කියන්නෙ"

එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය. මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක් නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු දෙම්දයැයි සිතමින්ය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර දෙන් නැත්තෙ ඇයි"
"පියුමි, මේ .."
"නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ විඳවපන් දැන් ඉතින්"
"ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
"හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
"හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා. කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න ඕනි"



මාගේ හා පියුමිගේ සම්බඳයට අකමැති කවුරු හෝ හරි අපූරු කතාවක් නිර්මාණය කර පියුමිට හා ඇගේ මිතුරියට පවසා ඇති බව මම ඔවුන්ගේ කතා විලාශයෙන් තේරුම් ගත්තෙමි. එවැනි දෙයක් කීරීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු පිළිබඳව මේ මොහොතේ මාගේ මතකයට නාවද මොවුන් දෙදෙනාටම ඇත්තම කතාව පහදා දීමට මම තීරණය කලෙමි. ඔවුන් මා ඇමතූ සමහර වචනයන්ගෙන් නැතිනම් මා සල්ලාලයෙකුයැයි සිතා මාගේ චරිතය නිර්වචනය කල සමහර වචන මාගේ සිත තුලටම කා වැදුනද ඒ සියල්ලම ඉවසා මා සිටියේ මා වැරැද්දක් නොකල නිසාවෙනි. එමෙන්ම මොවුන්ගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු ඉමාෂාගේ සොහොන් කොතෙන් ලැබීවියැයි ස්තූ නිසා මා මොවුන්ව එම ස්තානයට රැගෙන යාමට සිතූවද එය ඉතා අසීරු කරුනක් වූයේ පියුමිගේ මිතුරිය වූ හිරුණි නිසාවෙනි. නමුත් අවසානයේ මා සමග ඒමට ඔවුන් කැමැත්ත ඵල කලේ මාගේ උත්සහය සාර්ථක වී මිස නොව පියුමිට මා පැවසීමට හදානා දෙය දැනගැනීමට තිබූ කුතුහලය නිසාය. තවමත් ඇගේ ඇස් කඳුලින් තෙත් වී තිබූ අතර ඔවුන් දෙදෙනා මා පිටුපසින් පැමිනියේ මා කොහේ යනවාදැයි හරි අදහසක්ද නොමැතිවය.

"දිනුක අයියා, ඇයි මේ ඔයා අපිව සොහොන් පිට්ටනියක් ළඟට එක්කන් ආවෙ"
"මෙයාගෙ වල කපන තැන කලින්ම තීරනය කරන්න වගේ.. කියනව බලන්න තමු.."
"හිරුණි. ටිකක් කලබල නොවී ඉන්න. මට තේරෙනව ඔයාගෙ තරහව සාදාරණයි. ඔයාල ගොඩක් දේවල් මට කීව. දැන් මට අවස්තාවක් දෙන්න කතා කරන්න. ඒ හින්දා ටිකක් නිහඬව එන්න මන් එක්ක"

මා ටිකක් සැර වූ නිසාදෝ ගැහැණු ළමුන් දෙදෙනාම නිහඬ වූයේ එකිනෙකා දෙස බලමින්ය. ඔවුනට මා කිරීමට යන දේ පිළිබඳව තේරුමක් නොතිබුනත් ඔවුන් බියක් සැකක් නොමැතිව මා සමහ මේ පාළු සොහොන් පිටියට පැමිනීම පිළිබඳව මම සිතින් ඔවුනට ගෞරව කෙරුවෙමි. ඉමාෂාගේ සොහොන ඉදිරියට පැමින මා නිහඬව මද වෙලාවක් එම සොහොන දෙස බලා සිටියේ මෙතුවක් කල් පියුමිට මේ ගැන නොපැවසුවාට සමාව යදිමින්ය. එමෙන්ම මා සමග පැමිනි පියුමි හා ඇගේ මිතුරියද මා අනුගමනය කරමින් නිහඬව සිටියේ පුදුම වූ දෙනෙතකින් යුක්තවය.

"ඉමාෂා පෙරේරා... කවුද මේ දිනුක අයියා. ඇයි ඔයා මේක අපිට පෙන්නන්නෙ"
"මේ තමා ඔයාල කිව්ව ඒ ඉමාෂා. හිරුණි මේ තමා ඒ ඔයා කිව්ව සැප ගන්න මම හොයාගත්තු කෙනා. එතකොට පියුමේ මේ ඉන්නෙ ඔයාට මීට් වෙන්න ඕන කිව්ව ඒ කෙල්ල. ඉමාෂා. ඔන්න මම එක්කන් ආවා. ඔයා කැමති දෙයක් එයාගෙන් අහන්න. එයා කියාවි. මම වැරද්දක් කලානම් ඔයාට එයා කියාවි."
"අ ... නේ ... "

මා එසේ පවසනාවාත් සමගම ඔවුන් දෙදෙනාම මා දෙස බලා සිටියේ අසරණ වූවන් ලෙසය. පියුමි හා ඇගේ මිතුරුය මාරුවෙන් මාරුවට ඇසූ ප්‍රස්න සියල්ලටම මම පිලිතුරු ලබා දුන්නෙමි. ඔවුන් ඇසූ සමහරක් ප්‍රස්න වලට මා හට පිළිතුරු ලබා දීමට තරමක් අපහසු උවද මා මට හැකි අයුරින් ඔවුනට පැහැදිලිකර දුන් අතර මාගේ ලඟින් සිටි මිතුරා වූ බ්‍රයන්ගේ කතාවද මම ඔවුනට පැවසුවේ ඒ අසලම ඇති ඔහුගේද සොහොන ඔවුනට පෙන්වමින්ය. ඔවුන් දෙදෙනා අතින් වැරැද්දක් වූ බව ඔවුනගෙන් වෙන්වී ගිය එම කඳුලු කැට වලින් කියවූ අතරම මගෙන් සමාව අයදිමින් මා දෙපතුල ලඟ වැඳ පියුමි වැඳ වැටුනේ මා නොසිතූ වෙලාවක ඇගේ මිතුරියවද පුදුමයට පත් කරවමින්ය. මා එය වලකාලීමට තැත් නොකලේ ඔවුන් ඉමාෂාට පහත් කොට කතා කල නිසාද නැතහොත් වෙනත් කාරනාවක් නිසාද යන්න මම නොදැන සිටියෙමි. එමෙන්ම මා බදා ඇගෙන් සිදුවූ වරදට සමාව අයැදමින් පියුමි අඬන්නට වූයේ පොඩි ළමයෙකු ලෙසිනි. පියුමිගේ මිතුරිය වූ හිරුණිද නොසිත ඇගෙන් සිදුවූ වරදට හා ඇය පැවසූ සමහර දේ වලට ඈ මගෙන් සමාව අයැද සිටි අතර ඇගේ සමාව නොපිලිගන්න තරම් මා කුරිරු නොවීය.



"අපිට සමාවෙන්න අයියා. කරුණු කාරනා හරියට නොදැන අපි හැසිරුන විදිහ ගැන අපි ලැජ්ජ වෙනවා"
"කොහොමද දිනුක අයියා මේ වගේ දෙයක් ඔයා දරාගෙන හිටියෙ. මට නම් හිතාගන්නවත් බැහැ. ඔයාගෙ කතාව ඇහුවහම ඒ වගේ දෙයක් මට උනානම් එහෙම මම එතනම මැරෙනවා. අනික ඇයි ඔයා මට මේ ගැන නොකිව්වෙ"
"ඉමාෂා මගේ මතකයක් විතරයි පියුමි. ඔයා මගේ ජීවිතේ. අපි මේ ගැන පස්සෙ දවසක කතා කරමු. දැන් ඔයාල යන්න. කළුවර වැටෙයි තව ටිකකින්. ඒ නිසා යන්න. මම තව ටිකක් වෙලා ඉඳල එන්නම්"

මගේ යෝජනාවට එකඟ වූ ඔවුන් දෙදෙනා මට සමු දී එම ස්ථානයෙන් නොපෙනී ගිය නමුත් මේ ගැන ඔවුනට පැවසුවේ කවුරුන්ද යන්න මා සිත තුල රැඳි නොවිසඳුනු ප්‍රස්නයක් විය. මම ද ඒ පිළිබඳව ඔවුනගෙන් ඒ වෙලාවේ නොඇසුවේ එය එම ප්‍රස්නය ඇසීමට නුසුදුසු වේලාවක් වූ නිසාය. විනාඩි කීපයක් සොහොන් පිටියේ ගතකිරීමෙන් පසුව මා අමිලව හමු වීමට ඔහුගේ නිවසට ගියේ හවස් යාමයේ සිදුවූ දේ ඔහුට පැවසීමටය.

"යාළුවා, කොහොමද ඉතින් පියුමි ඉමාෂා ගැන දන්නෙ"
"ඒක මම දන්නෙත් නැහැ අමිල. මට හිතාගන්න බැහැ. මම ඒ වෙලාවෙ කොහොමද දැනගත්තෙ කියල අහන්න ගියෙත් නැහැ"
"ම්ම්ම්.. ඒ වෙලාවෙ ඇහුවෙ නැති එකනම් හොඳයි. ඒත් උඹ පියුමිගෙන් අහල දැන ගනින් ඔය නිවුස් එක දැන ගත්තෙ කොහොමද කියලා. ඊට පස්සෙ අපි තීරණය කරමු අපි කරන්නෙ මොකක්ද කියලා"
"ඔව් ඔව් අමිල. මම ඒක පියුම්ගෙන් දැනගන්නම්. මන් ගැන මේ විදිහට ප්‍රචාරයක් යවපු එකා ගැන මටත් හොයාගන්න ඕන ඉක්මනටම"

ගැහැණු ළමයෙකුගෙන් ප්‍රථම වතාවට මා සල්ලාලයෙකු ලෙස නම් පට බැඳීම නිසාදෝ මගේ සිත පිරී තුබුනේ විස්තරාත්මකව ඉදිරිපත්කල නොහැකි හැඟුම් වලින්ය. මා තරමක් සංවේදීව සිටි නිසාදෝ මම පියුමි ගැන සියලුම විස්තර අම්මා ඉදිරියේ වැමැරුවේ ඇයගේ ඇකයේ හිසතබා සිටිනා අතර තුරය. මාගේ සම්පූර්ණ කතාව අවසානය තෙක්ම ඇය නිහඬව අසා සිටි අතර කල්පනාවෙන් මාගේ ඉදිරි ගමන සැලසුම් කරන ලෙස කියා සිටියේ මා එක වරක් යොවුන් ආදරය නිසා දුක් විඳි නිසා විය යුතුය. මා විතරක් නොව මාගේ එම කාලයේ මටත් වඩා මා ගැන අම්මා දුක් වූ නිසා විය යුතුය.

"ගැහැණු ළමයි ඔහොම තමා පුතේ. ඔයාට එහෙම කතා කලාට එයාල පසු තැවෙනවා ඇති. ඔයා ඒ ගැන හිතන්න එපා. ඔයා ඒ ළමයි නොදැන කල වරදට සමාව දුන්නනෙ. අනික පුතේ හෑ වෙලේම ඔය හිත දැඩිව තියාගන්න. කඳුළු එක්ක යාලු වෙන්න හදන්න එපා. එහෙම උනොත් ඒවටත් අගයක් නැති වෙනවා"

දවසක් දෙකක් පියුමිව හමු උවද ඇය මා දකිනා සෑම විටම ඇය අතින් සිදු වෙච්ච වරදට සමාව අයදිනවා මිස ඇය ඉමාෂා ගැන දැන ගත්තේ කෙලෙසදැයි මට නොපැවසීය. මා ඇයගෙන් එය වරක් දෙවරක් ඇසූවද ඇය කුමක් හෝ පවසමින් ඇය එය මග හැරියේය.ඇගේ මිතුරිය වන හිරුණිගෙනුත් මා එය නොවිසුවේ ඇය මා හා එතරම්ම සම්බන්දයක් නොතිබූ නිසාත් ඇයට මා එතරම්ම නොරුස්සන චරිතයක් නොවූ නිසාත්ය. පියුමිගේ මිතුරියන්ද පියුමි මා හා පවත්නා සම්බන්දයට එතරම්ම කැමැත්තක් නැති බව මම එදා ඇයගේ මිතුරිය වූ හිරුණිගේ මුවින් පිට්වූ සමහර වචන වලින් තේරුම් ගත්තෙමි. මගේ මිතුරන්ද එවැනි අදහසක් මා හිස තුල බොහොම මෑතකදී තැම්පත් කල අයුරුද මට මතකය. නමුත් ඒ ඇයිද යන්න මම නොදැන සිටියෙමි.

"ඔයා මට මෙච්චර ආදරේ කරලත් මම ඔයාව සැක කලා. මම එහෙම කලේ කොහොමද කියල මතක් වෙනකොට මට මාවම වාවන්නෙ නැහැ දිනුක අයියා"
"අයියෝ කෙල්ලෙ දැන් ඕක ඉවරයිනෙ. ඒක අමතක කරල දාන්න."
"හම්.. මට කියන්නකො ඒ අක්කි ගැන ටිකක්. එයා මොන වගේද. කොහොමද ඔයාල දෙන්න ආදරවන්තොයො උනේ"
"ඒක ලස්සන අතීතයක් පියුමි. ඒ අතීතෙට පණ දෙන්න මම ආයෙමත් කැමති නැහැ. ඒ මම ඔයාට ආදරේ කරන හින්දා. ඒ හා සමාන ආදරයකින්ම මට පිළිතුරු ලබෙන හින්දා"

මා එසේ පවසනවාත් සමගම ඇය ඇගේ ඇස් කඳුලින් පිරීගියේ ඇයිද යන්න මට නොතේරුනි. නිහන්ඩව මා දෙස ආදර බැල්මක් හෙලූ ඇය මට ආදරේයැයි පවසමින් මා දෙතොල් සිප ගත්තේ මා නොසිතූ මොහොතකය.

"මාව දාල යන්න එපා. මොනදේ උනත් මගේ ලඟින්ම ඉන්න. මේ කෙල්ල ඔයාගෙම තමා. ඔයාව පළවෙනියෙන්ම දකිනකොට මම කවදාවත්ම තිතුවෙ නැහැ ඔයාට මෙච්චර ආදරෙයි කියලා. ඇත්තමයි මේ ජීවිතේ එකම උරුමක්කාරයා ඔයාම තමා."
"හම්ම්ම්..."
"මොනාද අනේ හම්ම් ගාන්නෙ."
"නැහැ මම ඔය ලස්සන දෙතොල් දිහා බලාගෙන හිටියෙ"
"ආ... ඇයි ආයෙමත් ඕනිද .. ඉවසල ඉන්න හිතුවක්කාරයා, මේ සේරම ඔයගෙම තමා. ඒක නෙමේ ඔයා ඉමාෂ අක්කිටත් මේ වගේම ආදෙරේ කරන්න ඇති නේද. මේ විදිහටම එයාව තුරුල් කරන් ඉන්න ඇති නේද. මේ වාගේම ඔයා එයාව සිප ගන්න ඇති නේද. වෙලාවකට ඉතින් මට ඊරිසියත් හිතෙනවා. මොකද ඉතින් මට කලින් මේ තුරුලෙ වෙන කෙල්ලෙක් හිටියනෙ."
"මම කිව්ව වගේ.. ඒක ලස්සන අතීතයක් පියුමි. මම ඒ .."
"හරි හරි මම දන්නවා.. මට ඉමාෂ ගැන කිව්වෙ හිරුණි අක්කි. එයාට කව්ද කෙවින් කියල කොල්ලෙක් තමා කියල තියෙන්නෙ එයාලගෙ ගෙදර ඩිනර් එකකට ආව වෙලාවකදි."
"හිරුණි අක්කි... එයා ඔයාගෙ වයසෙ නෙමේද"
"අයියෝ නැහැ අනේ. එයා පොඩි වගේ පෙනුනට මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්."

පියුමිට අනුව හිරුණි හා කෙවින් ගේ පවුල් අතර තිබුනේ සමීපතම බැඳීමකි. හිරුණිගෙන් මා මේ දේ නොඇසීමට ඇය මා පොරොන්දු කරගත් නිසා පියුමි වුන් ගැන දන්නා සියලුම දේ මට පැවසුවේය. ඇය විස්තරකල ආකාරයට කෙවින් නරක චරිතයක් වූ අතර ඇයගේ මිතුරිය වූ පියුමි මීගමුවෙහි පදින්චියට පැමින තිබුනේ බොහොම මෑතකදීය.මා සිතූ ආකාරයට නොව ඔවුන් දෙදෙනා හමුවී තිබුනේ පර්ඝනක ඉගෙන ගැනීමට අප ආයතනයට පැමින විටය. හිරුණිගේ පවුලේ තොරතුරු පිළිබඳව විස්තරයක් කිරීමට තරම් පියුමි නොදැන සිටි අතර ඔවුන්ගේ බාප්පා කෙනෙකු රටේ බලවත් පුද්ගලයෙකු බව පැවසුවේ හිරුණි සමහර අවස්තාවලදී ඔහු ගැන තම මිතුරන්ට පුරසාරම් දෙඩවීම නිසාය.

කරුනු කාරනා කෙසේ වෙතත් මේ සිද්දියටත් කෙවින්ගේ සම්බන්දයක් ඇති නිසා ඔහුව මාගේ ඉදිරි ගමනට බාධාවක් වනවා නොඅනුමානය. එදා ඒ සිදුවූ දෙයට ඔහු මෙතරම්ම මගෙන් ප්ලි ගන්නේ ඇයිදැයි මට සිතාගතනොහැකි විය. නමුත් ඔහු මාගේ ජීවිතයට නොව පියුමිගේ ජීවිතයට අනතුරක් යැයි මගේ සිත පිළිගත් නිසා කෙවින්ව මගේ කතාවෙන් ඉවත් කර දැමීමට මම සිතුවෙමි. නමුත් එය මා තනිව කරන්නෙ කෙසේ ද යැයි එකවරම අදහසක් මට නොතිබුනු නිසා මම මගේ පරන මිතුරා වූ මොහොමඩ්ව ඇමතුවෙමි. මගෙන් ලද දුරකථන ඇමතුම ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකක් බම මට ඔහුගේ කතාවෙන් තේරුම් ගියේය. මා නැවතත් ඔහුට කතා කල එක පිළිබඳව ඔහු සතුටු වූයේ රටක ජනාධිපතිකම බාර දුන්නා සේය. සුපුරුදු පරිදි අප දෙදෙනා හමු වීමට වෙලාවක් වෙන් කර ගත්තේ අප සුපුරුදු ස්ථානයේදීමය.

"හිරුණි දුව කොහොමද අපේ වැඩේ.. දියුණුවක් තියනවද"
"මම හිතන්නෙ නැහැ බාප්පෙ"
"ඒ මොකෝ ඒ.. මොක්ද අවුල"
"මම හිතන්නෙ නැහැ ඒ කොල්ල බාප්ප කියන තරම් දරුණු චරිතයක් කියලා. දුක්බර අතිතයක් තියන ජීවිතේ එක්ක ලොකු සටනක් කරන පොඩි කොල්ලෙක්. මම හිතන් නැහැ බාප්ප මේ පාර ඇල්ලුවෙ හරි මිනිහ කියලා. අනික තාම පොඩි වයසක් තියන කොල්ලෙක්. මම හිතන් නැහැ ඒ කොල්ලා මේ රටේ කුඩු ජාවාරමේ ලොකු මොළ කාරයෙක් කියලා"
"දුව දන්නෙ නැහැ දිනුක ගැන. මට හොඳටම විස්වාසයි මිනිහ මේ ළඟදි උන සිද්දි සේරගෙම පිටිපස්සෙ ඉන්නවා කියලා. ඒත් ඒක ඔප්පු කරන්න තරම් සක්ෂියක් තාම අපිට නැහැ. අනික දිනුක කියන්නෙ මට මේ රටේ හම්බුන මිනිසුන්ගෙන් සුපිරිම මොළයකට හිමිකම් කියන කොල්ලෙක්"
"අනික බාප්පෙ, පියුමිත් ඒ කොල්ලට ඇත්තටම ආදරේ කරන්න පටන් අරගෙන. අනික බාප්පෙ ඒ කොල්ල ආදරේ කලේ ඔයාගෙ දුවට. නැතිනම් මගේ නංගිට. ඉමාෂට ඒ තරම් ඔයයි මායිවත් ආදරේ කරල නැතිව ඇති."
"මම ඒක දන්නවා දුව. ඒත් දිනුක කියන්නෙ ගුප්ත චරිතයක්. මොළකාරයෙක්. මට මිනිහ ගැන ඉව වැටුනෙ ගොඩක් කාලෙකට කලින්. මම හිතුවෙ නැහැ මගේම දුවට මිනිහ ආදරේ කරාවි කියලා. ඒ වගේම පිස්සුවෙන් වගේ මගේ දුවත් ඒ කොල්ලට ආදරේ කරාවි කියලා"
"හම්ම්ම්.. ඒත් ඒ අහින්සක කෙල්ල වරදක් නොකරම අපි අතරින් යන්න ගියා බාප්පෙ."
"අපි තව ටිකක් මේ විදිහට යන්න අරිමු. මේ වර්ණකුලසූරියට ඉවක් වැටුනොත් ඒ ගැන සැකයක් නැහැ කියල දුව දන්නවනෙ. මගේ මේ කෙස් සුදු උනේ අකාලෙට නෙමේ කියලත් දුව දන්නවනෙ."
"හම්ම්ම්.. මට පියුමි ගැන ඊරිසියත් හිතුනා බාප්පෙ. ඒ කෙල්ල එදා ඒ කොල්ලගෙ කකුල් ළඟ වැටුන විදිහට මට හිතුනා ඒ ආදරේ තියන ගැඹුර. ඒ වගේ ආදරයක් මට කවදා හිමිවේදෝ කියල මට හිතුන බාප්පෙ"



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, November 3, 2015

හිතුවක්කාර ආදරය - 26 කොටස


ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රව‍ය්‍ය අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම් තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක් පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප විදේශිකයාගේ තැනට සුදුසු නුවණ නිසා එම අවස්ථාවද කරදරයකින් තොරව ගොඩදාගැනීමට ඔහුට හැකි වී තිබුනි. මේ අතරම මේ වෙළඳාම් ක්‍රමය දිගටම පවත්වාගෙන යමුයැයි මොහොමඩ් විසින් කල යෝජනාවෙන් මා ඉවත් වූයේ මා නිසා පියුමිගේ ආදරය විනාස කල නොහැකි නිසාය. එමෙන්ම ඉමෂා මෙන්ම මට මැයවද නැති කර ගැනීම්ට නොහැකි වූ නිසාය. එහෙත් මෙගේ මේ තීරනය කෙරෙහි මොහොමඩ් ගේ එතරම්ම කැමැත්තක් නොතිබුනද ඔහුට මෙමෙ ව්‍යාපාර කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට මට හැකි වෙලාවක උදව් දීමට මම පොරොන්දු වූ නිසා අපට හිත් අමනාපයකින් තොරව සමුගෙන යාමට හැකි විය.

ජීවිතයේ කොතරන්නම් නොහොබිනා වැඩ කර ඇත්දැයි මම තනිව කල්පනා කලේ අම්මාගේ රස තේ කෝපයද අතැතිවය. මම මාගේ ජීවිත ගමන වෙනස් කල යුතුව ඇත. මාගේ මිතුරන් දෙදෙනා නැතිවීමත් සමගද මා එලසම සිතුවා මට මතක ඇත. එනමුත් කාලයාගේ ඇවෑමෙන් මා නැවතත් පරන දාවන පථයටම පැමිණ ඇත. වෙනස් වීමට මා සිතන තරම් පහසු කාර්යයක් නොවුනද පියුමිගේ ආදරේ වෙනුවෙන්වත් මා එලෙස කල යුතුයැයි මම දැඩිවම සිතුවෙමි.



"දිනුක, මට ස්කූල් යන්න බැහැ"
"ඒ මොකද ඒ"
"ඒ ලෙවල්ස් පටන් ගත්තහම ඉතින් මේ වගේ ඔයාව දකින්න හම්බෙන්නෙ නැහැනෙ. අනික කොහොමද මම යුනිෆෝම් එක ඇඳන් ඔයාව මීට් වෙන්නෙ මේ විදිහට"
"ආ ඒකද මේ.. තාම ස්කූල් පටන් ගන්න කල් තියනවනෙ. තාම රිසල්ට් ආවෙත් නැහැනෙ ඔයාගෙ. ඒ ගැන අපි පස්සෙ බලමුකො"
"හම්ම්.. ඔයා ආස නැද්ද ඔස්ටේලියා වගේ යන්න"
"එහෙම කියා ලොකු ආසාවක් නැහැ ඉතින්.. ඇයි"
"ඔයා හොඳට ඉගෙන ගන්න. ඉන්ගිලිෂ් ටිකක් පොලිෂ්කර ගන්න. ඔයා හොඳ තැනක ඉන්නවනම් මට තමා ඒකෙ සතුට. අනික මට හිතෙනවා දිනුක අපේ මේ ආදරේට ගොඩක් ප්‍රස්න ඒවි කියලා. මම කතොලික, ඔයා බුදුසාදුගෙ. ඉතින් මම නැති උනොත් ඔයා හොඳින් ඉන්නවා නේද"
"මොනාද පියුමි මේ කියවන්නෙ. මම නැතිව ඉන්න බැහැලු. මාව නැතිවෙයිලු. මොකද්ද මේ වැනෙන කතා. එක තීරනයක ඉන්න. යනවනම් යන්න මගේ ළඟින් නැතිනම් ඉන්න."

මා එසේ පවසනවාත් සාමගම ඇයගේ දෙනෙත් කන්දුලින් පිරී ගියේය. මා සැරවූවාට සමාව අ‍යැද හිටියද ඇය එය ද පිළිගත්තේ නැත. අපි මේ සම්බන්දය නවත්වමු යැයි ඇය මා හට පැවසුවේ ඇගේ කඳුලු අතරින් යාන්තම් ගලපගත් වචන කීපයකිනි. මෙවැනි තත්වයක් අප දෙදෙනා අතර ඇතිවීමට මුල්ගල තැබුවේ ඇයමය. වෙන්ව යාම පිළිබඳව අනාවැකි ඵල කලේ ඇයය. නමුත් සාම්ප්‍රදායික ලෙස අවසානයේ වැරදිකරු වූයේ මාය.

පියුමි හා ඇති වූ ආරවුල නිසා මාගේ හවස් යාමය මා හිතපු තරම් සුන්දර හා පහසු එකක් නොවීය. සිතේ ඇති වී තිබූ දැඩි වේදනාව නිසාදෝ මා මාගේ නැගනිය සමගද රන්ඩුකරන්නට විය. මා නිසා මාගේ නැගනියද කඳුලින් ඇගේ දෙනෙත් පුරවාගෙන සිටි හෙයින් තවත් නිවසේ රැඳී සිටීමට මා හට ශක්තියන් නොවීය. අමිලගේ නිවසට යාමට සැලසුම් කලද මම එම අදහසද ඉවතට දමා සොහොන් පිටියට ගියෙමි. වෙනදා මෙන්ම අදත් මා එනතුරු මගේ පරන මිතුරා හා ඒ දඟකාරිය නිහඬව බලාගෙන සිටියේය. ඇගේ සොහොන ළඟ දනින්වැටී පොඩි ළමයෙකු මෙන් මා ඇඩීම ආරම්භ කලේ මෙතුවක් වෙලා නිහඬව සිටි පරිසරද අවදිකරමින්ය. මා සිත තුල තිබූ ඒ වේදනාව මාගේ කඳුලුවලින් සේදී යාම්ට මිනිත්තු කීපයක් ගත වූ අතර අදරයකට මා උරුමක්කාරයෙක් නොවේදෝ යැයි මම කල්පනා කෙරුවෙමි.

"යාළුවා මොකෝ මේ .. "
"අමිල, උඹ කොහොමද ..."
"මම උඹලගෙ ගෙදර ගියා. නන්ගි මට කිව්වා උඹ අපේ දිහා යනවා කියලා ගියා කියලා. අපේ දිහා ආවෙ නැති නිසා මම හිතුවා උඹ මෙතන ඇති කියලා. මොකෝ මේ. පිස්සෙක් වගේ අඩාගෙන යාළුවා"
"ඒක ... හම්ම්ම්"

සිදු වූ සියල්ලම අමිලට මම පැහැදිලි කෙරුවෙමි. ඔහුද කිසිදු පැනැයකින් තොරව මා පැවසූ දේ අසා සිටි අතරම මගේ හිතටද යම්තාක් දුරකට සහනයක් ගෙනදෙන්නට විය. අප දෙදෙනා සොහොන් පිටයට වී මගේ ආදර කතාව පිළිබඳව බොහෝ දේ කතාබහ කල අතර අමිලගේ මතය වූයේ ඊළන්ග දිනයේදී ඇයට සියලුම දේ අමතක වී යනබවත් හා ඇය මා අසලට පැමින සිදුවූ දෙයට සමාව අයැද සිටින බවත්ය.

පසුදා රාතියේ ඇගෙන් පනිවිඩයක් නොලැබුන නිසාත් මෙගේ සිතට සැනසිල්ලක් නොතිබුන නිසාත් මා මේ හිමිදිරි උදයේ මග බලා සිටියේ ඇයව හමු වී කතාබහ කිරීමටය. වෙනදා මෙන්ම ඇය ඇගේ මිතුරියන් හා පැමිනි අතර මා හට සුභ උදෑසනක්වත් නොපවසා ඇගේ මිතුරියන්වත් පුදුමයකට පත් කරමින් මා අසලින් නොපෙනී ගියේ මා දෙස තප්පරයකටවත් නොබලාය. මා ඒ පැවසූ වචන කීපයට මෙතරම්ම මා රිදවන්නේ ඇයිදැයි මට සිතා ගත නොහැකිව මා නැවතත් ඇය මා දෙසවට පැමිනේවි යැයි හැන්ගීමෙන් මා සිටි තැනටම වී සිටියේ බොඳවූ දෑසක්ද සමගය. ගෙවුනු හෝරා කීපය ඇතුලත දී ඇයට පණමෙන් ආදරය කල මේ හිත අමතක කර ඒ හිතම ඇය මෙතරම්ම රිදවන්නේ කෙලෙසදැයි මසිත මගෙන් විමසුවද මගේ හිත සැනසීමට තරම් ප්‍රමානවත් වූ පිළිතුරක් මා ළඟ නොතිබුනි.

සිත නොසන්සුන් තත්වයක තිබූ නිසාදෝ දේශන සඳහා සහබාගි වීමට මා තුල කැමැත්තක් නොවීය. නමුත් අමිලගේ හා ඩිල්ෂාන්ගේ දැඩි ඉල්ලීම මත මම ඔවුන් හා පන්තියට ගියෙමි. නමුත් මා තුල කිසීම හැන්ගීමක් දැනීමක් නොතුබුනි. මළමිනියක මෙන් මම මගේ මිතුරන් දෙදෙනා අතර ඉඳගෙන සිටියෙමි. සුපුරුදුලෙස අද දිනයට නියමිතව තිබූ දේශනය ආරම්භ කලද මට ඒ කිසිම දෙයක් පැහැදිව ඇසුනේ නැත. මා ඉදිරියේ සිටි කිසිවෙකු පිළිබඳවද මා හට හැඟීමක් නොවීය. පියුමි හා ඇගේ මිතුරියන් මා හට සමච්චලය හිනා වෙන්නාක් මෙන් මට දැනුනි.

"දිනුක ... ඕයි මම තමුසෙට කතා කරන්නෙ. මම ආව වෙලේ ඉඳන් නෝට් කරන් හිටියෙ. තමුසෙ හිටියෙ වෙන ලෝකෙක. බලන්න කියනවා මේ ෆොලෝ චාට් එකේ තියන වැරැද්ද මොකක්ද කියල"
"සර් .. මේ .. සර් .."
"සර් .. මේ .. සර්.. තමුසෙට මෙතන ඉන්න බැරිනම් නැගිටල යනව යන්න. මට පව් පුරවන්නෙ නැතිව. තමුසෙට විතරක් නෙමේනෙ මම මේ උගන්වන්නෙ"

ඔහු එසේ පවසනවාත් සමගම මා නැගිට එම ශාලාවෙන් ඉවතට ගියේ මගේ මිතුරන් දෙදෙනා මෙන්ම අනෙක් සියලුම දෙනාව පුදුමයකට පත්කරවමින්ය. මා ඒසේ කරාවියැයි මගේ සගයන් හා දේශකයාද නොසිතුවා විය යුතු බව ඔවුන්ගේ විස්මය පිරි දෑස් තුලින් මට සිතුනි. මගේ මේ හැසිරීම මටම අදහාගත නොහැකි විය. ආදරයක් නිසා මගේ මුලු ජීවන රටාවම අවුල් ජාලයක් බවට පත් වී ඇතැයි මොහොතකට සිතමින් මා අපගේ සුපුරුදු ස්ථානය වූ ඔඩීලියා වෙත ඇදුනේ ඔවුන්ගේ රසබර වූ ඉඟුරු තේ කෝප්පයක රස විඳීමටය. නොසන්සුන් වූ මගේ සිතට මේ මොහොතේ මදක් හෝ සැනසීම ගෙන දීමට හැකි එකම දේ එය යැයි සිතූවද මා එහි යන විට පියුමි ද එම ස්ථානයේ සිටීම නිසා මට දැනුනා වූ ඒ හැඟීම් තවත් සන්කීර්ණ වන්නට විය. ඇගේ දෙනෙත්ද ලා රෝස පැහැ වී තුබුනි.

"පියුමි.. ඔයා මොකද මෙතන.."
"ඔයා ඒවි කියල හිතල හිටියෙ. අනේ මට සමාවෙන්න. උදේ ඔයා දිහා බලන්නෙවත් නැතිව මම ගියා නේද. ඔය හිත ගොඩක් රිදෙන්න ඇති නේද. අනේ මම නපුරු නැහැ එච්චරටම මට පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔය හිත රිද්දවන්න තරම්.."
"හරි හරි පියුමි. අඬන්න එපා. ඒ දේවල් සිදුවෙලා ඉවරයිනෙ."
"ඊයෙ මන් හැසිරුන විදිහ වැරදියි තමා. ඔයා සැර උනේ මන් නිසා. මට ඔයා නැතිව ඉන්න බැහැ දිනුක අයියා. ඊයෙ දවසෙම මම කෑවෙ නැහැ. ඔයාට කොච්චර ගනන්කාරකම් පෙන්නනව කියල හිතුවත් මට එහෙම කරන්න බැහැ. ඒ තරම්ම මම ..."
"ඒ තරම්ම මම ... "
"ඒ තරම්ම මම .. ඔයාට ආදරෙයි දිනුක අයියා"

ඇය එසේ කියමින් මා වැලඳ ගත්තේ අප සිටිනා ස්ථානය පිළිබඳවද මොහොතකට අමතක කරමින්ය. අප දෙදෙනාගේ වාසනවාකටදෝ කවුරුවත්ම මෙමෙ ස්ථානයේ නොසිටි අතර මම ද නිහඬව සිටියේ සිදුවන දේ පිළිබඳව මට කිසිදු තේරුමක් නොතිබූ නිසාවෙනි.

එදිනෙදා වැඩකටයුතු සමග දිනෙන් දින ගෙවී යද්දී අප දෙදෙනා අතර තිබූ බැඳීම තව තවත් ශක්තිමත් වූයේ අප දෙදෙනාටම වෙන් වූ ලොවක් මවමින්ය. එමෙන්ම ගෙවී ගිය දිනන්හි මාගේද වෙනසක් සිදුවී ඇති බව මා හට වැටහුනද මට ඒ පිළිබඳව එතරම්ම වැටහීමක් නොතිබුනි. නමුත් මම ඒ මා තුල ඇති වි තිබෙන වෙනසට ඇලුම් කලේ පියුමිගේ ආදරය පිරී තිබූ නිසාය. ඇය එහි ජීවත්ව සිටි නිසාය.

"දිනුක, මම උඹට දෙයක් කිව්වොත් මන් එක්ක අමනාප වෙනවද"
"මොකද්ද රොෂෙන්.. උඹ එක්ක මන් තරහ වෙන්නෙ මොකටද. කියහන්කො බලන්න හිතේ තියන දේ"
"අමිලයත් ඉන්න එක හොඳයි. මොකද මායි අපිලයි මේ ගැනැ කතා කලා"
"අහ් .. උඹල දෙන්න මොක්ක්ද මේ කියන්න හදන්නෙ."
"රොෂෙන් උඹම කියහන්කො"
"හරි.. මම මේක කියන්න කලින් මේ කොලේ බලහන්කො උඹ"
"ම්ම්ම්.. මේ මගෙ රිසල්ට් ෂීට් එකේ කොපියක්නෙ."
"ඔව්.. බලහන් උඹේ රිසල්ට්"
"මේ තියෙන්නෙ හොඳට, ඩවුන් නැහැනෙ එකක්වත්"
"ඒක අපිට පේනවා. ඒත් බලහන් සේරම පාස් විතරයි තියෙන්නෙ. වෙනද උඹ ඔහොම නෙමේනෙ සබ්ජෙට් ගොඩ දාන්නෙ. උඹට මොකද වෙලා තියෙන්නෙ කියහන්"
"දැන් උඹල කියන්නෙ පියුමි හින්දා ..."
"උඹ ආදරේ කරනවට මම තරහක් නැහැ බන්. ඒත් උඹ ටිකක් උඹ ගැන හිතපන්. දිනුක උඹ දැන් ගොඩක් වෙනස් වෙලා"
"ඔව් යාළුවා. මට මේක උඹට කියාගන්න බැරිව හිටියෙ. ඒකයි මම රොෂෙන් එක්ක මේ ගැන උඹට කියන්න කතා කලේ. දිනුක කියන චරිතය අපේ වීරයෙක් විදිහට හිටියෙ. ඒත් දැන්"
"අමිලය කියන්න හදන්නෙ අපිට උඹව ගැලපෙන්නෙ නැහැ කියල නෙමේ. දැන් බ්ලපන් උඹ එදා පන්තියෙන් නැගිටල ගිය හැටි. ඒ වගේ දෙයක් උඹේ චරිතයෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ මචන්. මොකද උඹ දිහා බලාගෙන ඉඳල ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා යාළුවෙක් විදිහට. උඹේ තිබ්බ ආඩම්බරකම ඒ අභිමානය දැන් උඹේ ළඟින් ටිකක් ඈත් වෙලා කියලා අපිට හිතුනා. ඒකයි මේව කිව්වෙ. මොකද උඹ අනෙක් උන් වගේ නෙමේ, උඹට වැරැද්දක් පෙන්නල දෙන්න කියල දෙන්න පුලුවන්."
"මගෙන් වරදක් උනානම් සමාවෙයල්ල බන්. මටත් මගේ වෙනස් කම නොතේරෙනව නෙමේ බන්. ගොඩාක් ස්තූතියි උඹල දෙන්නටම මගේ වැරදි පෙන්නල දුන්නට. ඒ වගේම හොඳ යාළුවෙක්ගෙ යුතුකම් ඉටුකලාට"
"අනික යාළුවා තව දෙයක් තියනවා, කියන්න උඹට"
"ඒ මොකක්ද.."
"උඹ හිතනවද පියුමි උඹේ ජීවිතයේ නවාතැන කියලා, නැතිනම් පියුමි තමා උඹට ගැලපෙන එකම කෙල්ල කියලා"
"ඇයි උඹල මේ වගේ දෙයක් මගෙන් අහන්නෙ"
"උඹේ ජීවිටයෙ තීරන ගන්න අපිට අයිතියක් නැහැ මචන්. ඒත් අපිට හිතුනා එහෙම. මොන දේ උනත් අපි උඹ එක්ක ඉන්නවා බන්. හැමදේම හොඳින් සිද්දවෙයි මචෝ. මොකද උඹ හොඳ එකෙක්."
"අහිතක් හිතන්න එපා අපි ගැන යාලුවා, අපිට හිතුන දේ ගැන උඹල කිව්වෙ කෙලින්ම තැන තැන කතා වෙන්නෙ නැතිව"
"ඒක අවුලක් නැහැ අමිල. තැන්ක්ස් රොෂෙන්"

අමිල හා රොෂෙන් පැවසූ දේ පිළිබඳව මම කල්පනා කෙරුවෙමි. ඔවුන් පවසනා දේ පිළිබඳ යම්තාක් දුරට සත්‍යක් තිබුනද ඔවුන් පියුමි පිළිබඳව එවැනි අදහසක් දැක්වූයේ ඇයිදැයි යන්න මට පිළිතුරු නොලැබුනු ප්‍රෂ්නයක් විය. මා වෙනස් වූයේ මගේ ආදරේ නිසාය. මීට වසර කීපයකට කලින් මා ගෙවූ ජීවිතයට ආපසු හැරී බලනා කල මා අද සිටිනා තත්වය පිළිබඳව මා සතුටු වූ නමුත් එකම එක තැනක යම් කිසි වරදක් සිදු වී ඇති බව මාද සිතූ අවස්ථා අනන්තය, අප්‍රමානය. නමුත් ඒ කොතනැදැයි ඒ කුමක්දැයි පිළිබඳවනම් මා තුල හැඟීමක් නොමැති වීම පිළිබඳව මම සිතින් පසු තැවුනෙමි. ගැහැණු ළමයෙක් නිසා මා ජීවිතයේ ගත් සමහර තීරන මට නිවැරදි තීරන වූවා මෙන්ම තවකෙකුට එය ඒසේ නොවනවා ඇත. නමුත් මා තවකෙනෙකු මත යැපෙමින් තවකෙකු විස්වාස කරමින් මම මගේ ජීවිත කතාවේ අත්තිවාරම බැන්දාදෝදැයි, මේ සිත තුල පැහැදිළි පිළිතුරක් නොරැඳි තවත් එක් ප්‍රස්නයක් විය.

මම මගේ වෙනසට ආසා කලත් නොකලත් මගේ මිතුරන් පැවසූ ආකාරයට මා තු වූ ඒ එඩිතරකම, ගාම්බීරත්වය තිබුනත් නැතහ් වර්තමාන මම යන චරිතයට මා නිහඬව පෙම් කලේ මා පැතූ ඒ ආදරය මා ලඟ තිබූ නිසාය. මා මැවූ ඒ සිහිනය සිහිනයක්ම නොවූ නිසාය. මා වෙනස් වූයේ ඇය වෙනුවෙනි. ඇගේ ආදරය වෙනුවෙනි. අප දෙදෙනාම මැවූ ඒ ලෝකය වෙනුවෙනි. එම නිසා මම මේ වෙනසේම ජීවත්වීමට තීරනය කෙරුවෙමි. මක් නිසාද යත් මේ වෙනස මා තවමත් ජීවමානව තබනා නිසාය. මීට අවූදු කීපයකට කලින් මෙන් චන්ඩිකම් නොකලාට, පාතාලයේ ඇසුර නොතිබුනාට, ආඩම්බරකම් නොතිබුනාට, ගාම්භීරකම් අඩු උනාට, අද මා ළඟ පියුමි සිටීම පිළිබඳව මම සතුටු උනෙමි.

"හෙලෝ .. දිනුක අයියා .."
"පියුමි.. කොහෙද ඉන්නෙ. කාගෙද මේ නම්බර් එක"
"යාළුවෙක්ගෙ ෆොන් එකක්. ඔයාව මට දැන්මම මීට් වෙන්න ඕන"
"මොකද පියුමි හදිසියෙම. මොකක්ද අවුල"
"බීච් එකට එන්නකො ඉක්මනින්ම. මීට් වෙලා කතා කරමු"

හදිසියේම පියුමිගෙන් ලැබුන ඇමතුම නිසා මම මගේ කල්පන්නා ලෝකයෙන් මිදුනු අතර ඇය පැවසූ ලෙස මා ඇයව හමුවීමට ගියේ අසරණ අමිලව ඇපයට තබමින්ය. මා එහි යන විටද ඇය ඇගේ මිතුරියෙකු වූ හිරුණි සමග පැමින සිටියේය. වෙනදා ආදරවන්තයින්ට රිද්මයක් එක් කල මුහුදු රළ අද කලබලෙන්ය. වෙනදා මෙන් ආදරණීය බවක් අපට එක් නොකලද මම ඇය ඉදිරියට ගියෙමි. ඇයගෙන් මෙන්ම ඇගේ මිතුරියගෙන්ද මට එතරම්ම ආදරණීය පිළිගැනීමක් නොතිබූ නිසා ම නොදන්නා කිසියම් හෝ දෙයක් සිදුවී ඇති බව මා හට පැහැදිළි විය,

"පියුමි.. මොකද මේ. හදිසියෙම මට එන්න කිව්වෙ"
"පියුමි . මොකෝ උඹ ගල් ගැහිල වගේ ඉන්නෙ. ඔන්න ආව උඹේ කුමාරයා."
"මොකද පියුමි වෙලා තියෙන්නෙ මෙතන."
"ඉමා...ෂා .. කව්ද ඉමාෂා කියන්නෙ"



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, October 20, 2015

හිතුවක්කාර ආදරය - 25 කොටස


"මොකද පුතේ අද උදෙන්ම"
"ඉවරකරන්න බැරි උන වැඩ වගයක් තියනවා අම්මෙ. අද උදේ නමයට කලින් දෙන්න ඕන. ඒකයි මේ උදෙන්ම යන්න කියල බැලුවෙ"
"අහ් අයියෙ.. ගුඩ්මොර්නිං. මොකද මේ අද කුකුලත් අතේ අරන්ම යන්න හදන්න්නෙ. අනේ මේ ඒක නෙමේ මට ඇඳුම් වගයක් ගන්න තියනවා. කීයක් හරි දෙන්නකො. ඔයා ඉතින් මගෙ සුදු අයියනෙ."
"ඔයාගෙ බටර් ඕන නැහැ. මගෙ මේසෙ උඩ ඇති පන්දාහක්. ඒක එහෙම්මම් තියල ලාච්චුවේ තියන එක්දහස් පන්සීය අරන් යනවා"
"ඒක්දහස් පන්සීයෙන් මොනා ගන්නද අනේ. ඔනේ නෑ ඔයාගෙ සල්ලි. මම තාත්තගෙන් ඉල්ල ගන්නම්"

අම්මා සාදා දුන් තේ කෝප්පය උගුරට දෙකට ගිල දැමූ මම පුළුවන් තරම් ඉක්මනින් අපගේ සුපුරුදු ස්ථානටට පැමිනියෙමි. මා එන විටද මොහොමඩ් එම ස්තානයට පැමින සිටියේය. ඔහුද තරමක් නොසන්සුන්තත්වයේ සිටියේ ඊයේ රාත්‍රියේ පුවත නිසා විය යුතුය.



"කොහොමද වැඩේ ලීක් උනේ පොඩි මහත්තයා. මට හිතාගන්න බැහැ"
"අපේ කස්ටමර්ගෙ පැත්තෙන් අවුලක් නැහැනෙ."
"එහෙම කිසිම දෙයක්නම් නැහැ"
"එහෙනම් මොහොමඩ් මේ නිවුස් එකට අපේ සම්බන්දයක් නැතිව ඇති. සමහර විට මොකක් හරි හෝඩුවාවක් ලැබුනද දන්නෙ නැහැ"
"මට තේරුන්නැහැ පොඩි මහත්තය"
"මෙකයි ඔය කියන විදිහට හෝඩුවාවක් ලැබුනන්ම් මම් හිත්න් නැහැ ඔය විදිහට මාද්‍රයට දේවි කියලා."
"ඒත් පොඩි මහත්තය, මොනව හරි හෝඩුවාවක් ලැබුනෙ නැතිනම් ඔහොම එකක් කියාවිද"
"ඔව්.. සමහර විට එයාලගෙ උපායක් වෙන්න ඇති. කලබල වෙන්න ඕන නැහැ ඔහොමඩ්. අපි ප්ලෑන් කරපු විදිහට වැඩේ කරමු. ටිකක් සැලකිල්ලෙන් ඉමු. "

අප දෙදෙනාගේ කතබහ හදිසියේම නැවතුනේ අප සිටිනා ස්ථානයට නොසිතූ ලෙස පියුමිගේ පැමිනීම නිසාය. ඇය මා හට අද උදෙන්ම පැමිනෙන්නයැයි කෙටි පනිවිඩයක් එවා ඇතිබව ම තේරුම් ගත්තේ ඇය්ගේ කතාවෙනි. නමුත් මම එය මේ මොහොත වනතුරුම නොදැක්කෙමි.

"ගුඩ්මෝර්නිං දිනුක අයියා. ළමය වෙලාවට වැඩ නේද. මගෙ මැසේජ් එක ලැබුනනෙ.. ඒක නෙමේ කව්ද අනේ මම එනකොට ඔයා එක්ක කතා කර කර ඉඳල මාව දැක්ක ගමන් බය වෙලා වගේ ගියෙ"
"ගුඩ් මොර්නිං.. ප්‍රස්න ගොඩක් එකපාරම.. හරි දැන් කියන්නකො මට මේ උදෙන්ම එන්න කිව්වෙ ඇයි කියලා"
"දිනුක අයියා.. ඊයෙ හවස කිව්ව එකට මට ගොඩාක් සොරි. අනේ මන් ගැන වැරදියට හිතන්න එපා. මන් ඉතින් තාම පොඩි කෙල්ලනෙ"
"ම්ම්ම්. මම හිතුවෙ ඔයාව මට නැති උනා කියල"
"එහෙම වෙන්නෙ නැහැ. මම යන්නම් දැන්. පස්සෙ මීට් වෙමු අපි"

හවස් වරුවේ මාගේ වෙබ් ඩිවලොපින් සම්ත්‍රන්යන්ට සහභාගී නොවූයේ පියුමි සමග මුහුදු රළ පෑගීමට යාම සඳහා යොදාගත් නිසාය. ගැහැණු ළමයෙකු නිසා මාගේ අධා‍ය්‍යාපන වැඩ කටයුතු මා අතපසු කරගන්නවායැයි මගේ මිතුරන්ගේ නොයෙකුත් බැනුම් ඇසීමට සිදු උනද අවසානයේ ඔවුන් මා හා එකඟ වූයේ දහසක් කරුනු පහදා දිමෙන් අනතුරුවය. එක අවස්තාවක ජීවිතයේ තනිවී අන්ත අසර්ණ වී සිටි මා හට මා ගැන සොයලා බලන මම ගැන කැක්කුමක් ඇති යහළුවන් පිරිසක් මාගේ ජීවිතයට එක් කරදුන්නාට දෙවියන් වහන්සේට ප්‍රථම වතාවට තුති පුදකරමින් මම මගේ සිහිනයද රැගෙන මුහුදු වෙරලට පැමිනියෙමි.

ආදරය කරන හදවත්වලට ආදරය දැනෙනෙ හිතකට ගැලපෙන ආකාරයට වෙරළ සකසා තිබූ අයුරුනම් පුදුමාකාරය. නිහඬව තාලයකට නැලවුන රැලි ද සැන්දෑ යාමයේ වෙරළට එකතු කලේ ආදරණීය හැඟුමන්ය. ඇගේ අතින් අල්ලා මම වෙරල දිගේ ඉදිරියට ඇවිද ගියේ කිසිවක් නොපවසාය. ඇයද නිහඬව මා අතින් අල්ලා මා සමග ආවේ පුන්චි දැරියක මෙන්ය. ඇය හා පැමින මගේ පරණ මතකයන්ට මකාලන්න මා උත්සහ දැරුවද ඒ සෑම අවස්තාවකම මම අසමත් උනෙමි. මීට අවුරුදු කීපයකට පෙර මා ඉමාෂා සමග මෙලස අත්වැල් පටලා ඇවිද ගිය හැටි මතකය. ඉස්සර වගේඅ තවමත් වඩ කඩ පේලිය හා අයිස්ක්‍රීම් කඩ කීපය එලෙසමය. මූදු වැලි වලින් රටා මවා තිබූ මුහුදු වෙරළ තවමත් එලෙසමය. වෙනස් වී තිබේ නම් ඒ පියුමි මා අසලින් සිටීමය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. ඔයා කැමති නැතිද මම එක්ක මෙහෙම අත අල්ලාගෙන ඇවිද යන්න"
"එහෙම එකක් නැහැ පියුමි. ඔයත් නිහඬ නිසා මම ඉතින් ටිකක් මේ වෙරලෙ සුන්දරත්වය වින්දා"
"ඊයෙ මම කිව්ව එකට ඔයා තරහ නැහැ නේද අයියා"
"ඒක ඉවරයිනෙ. ඒ ඊයෙනෙ. දැන් ඔයා මගේ ලඟ ඉන්නවනෙ"
"මගෙ හිත එකතැනක නැහැ අයියා. වෙලාවකට හිතෙනවා මම ආදරය කරන්න තාම සූදානම් නැහැ කියලා. ඒත් ඔයාව දකිනකොට මට ඉන්න බැහැ. ඔයාව මගේම කරගන්න හිතෙනවා. අනික මටත් පුදුමයි මේ ගමන මම ඔයා එක්ක ආව එක ගැන"
"ඒ මොකද"
"මම එහෙම ගෙදරට බොරු කියල කොහෙවත් ගිහින්ම නැහැ. අනික කොල්ලෙක් එක්ක. "
"මමත් කවදාවත් ආදරේ කරන්න හිතුවෙ නැහැ පියුමි. ඒත් ඔයාව දැක්කහම .. හම්ම්"
"ඇයි හම්ම්ම්ම්ම්... "
"ඔයා මට ගොඩක් විෂේෂ කෙනෙක් පියුමි. ඔයාගෙ හැම හුස්මත් එක්කම මගේ මුළු ජීවිතයම බැඳිල තියෙන්නෙ මාර විදිහකට. මගේ අතීතය අනාගත අතර තියන පාලම ඔයා. මම හිතන්වා ඔයා මම වෙනුවෙන්ම මේ ලෝකෙට ආව පුන්චි කෙල්ලෙක් කියලා පියුමි. ඔයා ඔයාගෙ ඉගනීම ඉවර කරන්න ඉස්සෙල්ලම. මම ඒ වෙනකම් ඉන්නම්. ඔයා වෙනුවෙන්ම"
"අනේ .. දිනුක අයියා .. මෙච්චර ලොකු දෙයක් මේ කෙල්ලට දෙන්න එපා. තාම පොඩි වැඩිනෙ මම. අනික .."
"මොකද්ද අනික ..."
"අනේ මන්දා. හම්ම්ම්.. ආසයි හැමදාම ඔයා ගාවට වෙලා ඉන්න. ඔයාගෙ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න. ඔයා එක්ක එහෙ මෙහෙ යන්න. මගේ කොල්ල කියලා මුලු ලොකෙටම කෑ ගහල කියන්න. මගෙඔ පළමු ආදරේ ඔයා. ආගන්තුක හිතකට මෙච්චර ලන් උනේ කොහොමද කියන්න මම දන්නෙ නැහැ. මගේ තාත්තාට මන් තුරුල් වෙලා හිටියට පස්සෙ මම ඔයා එක්ක තමා මෙහෙම අත් අල්ලගෙන ළඟට වෙලා ඉන්නෙ දිනුක අයියා. ඔයා මගේ ළඟ ඉන්නකොට මට, මගේ මේ හිතට පුදුම හයියක් තියෙන්නෙ. පුදුම එඩිතරකමක් එන්නෙ. මට දන්නෙ නැහැ ඒ ඇයි කියන්න. අනේ මම එක්ක තරහ වෙන්න එපා ඔයා. මම කියන ඒවට හිතරිද්ද ගන්නත් එපා. මේ පුන්ච් කෙල්ලට හිතෙන ඒව තමා කියන්නෙ. ඒත් දිනුක අයියා මම දන්නෙ නැහැ මේකද ආදරේ කියන්නෙ කියලා. මට තේරෙන්නෙ නැහැ ..."
"ඔයා ඕව ගැන හිතන්න එපා පියුමි. කාලයට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න. ඒක මම ප්‍රැක්ටිකලි අත් විඳල තියන දෙයක්. මේ විදිහට අපි අපේ හැන්ගුමන් එක්ක අපේ ජීවිත ගලාගෙන යන්න දෙමු."
"අපිට් කවදාවත් අපේම වෙන්න බැරි උනොත්.. "
"එහෙම නොවෙන්න අපි පතමු. ඒත් එහෙම උනොත් ඔයාට ආදරේ කරපු මේ හිත, ඔයාට ලෙන්ගතු වුන මේ හිත යන්නම යාවි ගොඩාක් ඈතකට ආයෙමත් නො එන්නම"
"එහෙම වෙන්නෙ නැහැ දිනුක අයියා. මේ පියුමිගෙ ආදරේ ඔයා ගාව තියේවි හැමදාම"

පියුමි ගෙදරයාමට හදිසි කල නිසා අපගේ සොඳුරුබර සැන්දා වරුවට මම සමු දුන්නෙමි. ඉමාෂා ගැන පැවසීමට මා අදිටන් කර ගත්තද මා එසේ නොකලේ ඒ සඳහා තවමත් ගැලපෙන කාලය එලඹ නොමැති බව මට වැටහී ගිය නිසාය. පියුමිගේ ඉල්ලීම මත මා ඇයව නැවතත් පන්තිය අසලින්ම ගෙනැරලුවේ ඇයව රැගෙන යාමට ඇගේ අම්මා පැමිනෙන නිසාය. එමන්ම මමද අමිල ඩිල්ෂාන් හා ගයාන් සමග අපගේ සොඳුරු තානායමට ගොඩ වූයේ බියරයකින් මේ සැඳෑ යාමය තවත් හැඩ කරමුයැයි ඩිල්ෂාන්ගෙන් පැමිනි ආරාධනාවත් සමගය. එමෙන්ම මම අද පියුමි හා යෙදුනු සන්වාදය වුනට කෙටියෙන් පැවසූයේ ගයාන්ගෙන් මතුවූ ප්‍රස්නයක් සමගමය. මගේ කතාව ඇසීමෙන් පසු සියලු දෙනාම නිහඬ වූ අතරම පළම බෝතලයද හිස්ව ගියේ ඒ නිහැන්ඩියාව අතර තුරදීමය.

"මචන්.. අපිට තව බියර් බෝත හතරක් ගේන්න. ස්ට්‍රෝන් හරි"
"යාළුවා .. මොකක්ද බන් ඒ කෙල්ලගෙ කතාවෙ තේරුම."
"ඒක තමා අමිල මමත් මේ කල්පනා කලේ. මම හිතන්නෙ ඒකිට තියෙන්නෙ ආදරේ නෙමේ. ආකර්ෂනය. ආසාව."
"යකෝ ගයියා උඹට වෙරිද.. මොනාද උඹ ඔය කියවන්නෙ"
"යාළුවා ගයාන් කිව්ව එක හරි මමත් හිතන්නෙ. ආසාව, ආදරය, කැමැත්ත කියන්නෙ තුනක්."
"මට නොතේරෙනව නෙමේ අමිල. තාම ඒකි පොඩි කෙල්ලනෙ බන්"
"ඒ උනාට යාළුවා උඹට විනාස වෙන්න දෙන්න අපිට බැහැ. මොකද උඹ ගැන අපි හොඳට දන්නවා"
"අමිල හරි දිනුක. අමිල කිව්ව එක ගැන අපි තව ටිකක් බැලුවොත් දිනුක, ආසාව තියන තැන ආදරයක් නැහැ. ඒත් කැමැත්තයි ආසාවයි තියනවනම් ඒක ආදර්යක් ඇති වෙන්න පුලුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්. ඒත් ඔය තුනම තිබිලත් සමහර විට ආදරය නොලැබෙන්න පුලුවන්"
"ඔය තුනම එකට එන අවස්තාවක් තියනවා ගයියා. කෙල්ල වෙන එකෙක්ගෙනම් අගේට ඔය තුනම පිහිටනවා. නැද්ද මම කියන්නෙ"
"උඹ හරි ඩිලා. හරියට හරි"
"ඒකනේ.. අයියෙ තව බෝතල් හතරක් ගේන්න. උඹලගෙ ඔය බහු භූත කතා අමතක වෙන්න ගහමු තව බෝතලයක්"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...


Thursday, October 15, 2015

හිතුවක්කාර ආදරය - 24 කොටස



රොෂෙන්ගේ තේ පැන් සංග්‍රහයෙන් පසුව අපි සියලු දෙනාම අපගේ පන්ති කාමරය වෙත යාමට සූදානම් උනෙමු. අද දින අප හට උගන්වනුයේ නැති උවත් පසුගිය ප්‍රස්න පත්‍ර කරමුයැයි ගයාන්ගේ යෝජනාවට මා හා අමිලද කැමැත්ත ප්‍රකාෂ කලේ අප හටද පසුගිය සතියේ පන්තීන් කීපයක්ම මග හැරුනු නිසාය. නමුත් අප මිතුරන් සමග යාම මට මදක් ප්‍රමාද කිරීමට සිදු වූයේ පියුමිගේ පැමිනීම නිසාය. ඇය මදක් කලබල ගතියකින් සිටි නමුත් වෙනාදාට වඩා ඇයගෙන් දිස් වූයේ අමුතුම දසුනකි. ඇගේ මුළු වතම වෙනදාට වඩා එලිය වැටී තිබූ අතර ඇය දෙතුන් පාරක්ම පසු පස හැරී බැලුවේ කවුරුන් හෝ ඇය දෙස බලා සිටිනවාද යන හැඟීමකිනි. ඇගේ ඉරියව් වලින් ඇගේ හිත කියවිමට මට හැකිවූ අතරම අමිලටඩ එසේ හැකිවූයායැයි මා සිතුවේ කන කොනට කර මට සුහ පතා ඔහු එතනින් වෙන්ව ගිය නිසාය.



"මොකෝ පියුමි.. මොකක්ද මේ ලැජ්ජාව අද"
"යමු අපි උඩට ගිහින් කතා කරමුකො, මොනව හරි බොන ගමන්ම"

කෑමට බීමට කිසිම ප්‍රියක් නොතිබුනද ඇගේ යෝජනාව මට නොසලකාහැරිය නොහැකි නිසා මා ඇය සමග මීට මොහොතකින් මා මගේ මිතුරන් සිටි තැනම වාවි වූ නමුත් ඇගේ නිහඬ බව මා හට තුල ප්‍රස්න රැසක් ඉතිරිකරමින්ය. නමුත් ඒ ප්‍රස්න සියල්ලම ඇගේ පළමු වචන කීපයෙන්ම බොල් වී යනු ඇතැයි මම නොසිතිවෙමි.

"ඔයා කිව්වා වගේ දිනුක අයියා, අපේ කතාවෙ පළමු අඩිය මම තියන්න කැමතියි. ඔන්න දැන් ඉඳන් ඉතුරු ටික ඔයාට බාරයි. මේ පුන්ච් කෙල්ලව බලා ගන්න එක ඔයාට බාරයි.... මොකද අනේ ගල් ගැහිල වගේ මගේ දිහා බලාගෙන ඉන්නෙ"
"මට .. ම... ට.. කියන්න දේවල් එන්නෙ නැහැ පියුමි"
"මොකෝ ඒ පාර මට කැමති නැතිවද"
"එහෙම දෙයක් නැහැ පියුමි. මගේ කටින් මොකක් හරි වැරදි දෙයක් නැතිනම් මෙතන්ට ගැලපෙන් නැති දෙයක් පිටවෙයි කියල හිතල තමා නිහඬව හිටියෙ. මොකද මම ආසනැහැ මේ ලස්සන මොහොත විනාස කරගන්න"
"ම්ම්ම් ... ඔයාව දැක්ක දවසෙ ඉඳන්ම මගෙ හිතට මොකක්දෝ අමුත්තක් දැනුනා දිනුක අයියා. අනේ මන්දා මට ඒක ඔයාට කියන්න තේරෙන් නැහැ. කාලට ගෙවොල යනකොට මට ඔයා නැති තනිකම දැනුනා. ඔයාව මේ ඇස් දෙකට හැම වෙලේම බලන්න ඕන උනා. හරියට ඔයාගෙන් තොර ලෝකයක් තිබුනේම නැති තරම් වගේ.. මොකද අනේ ඔයා මගේ මූණ දිහා බලාගෙන ඉන්නෙ මම මෙච්චර කියලත්.. මොනව හරි කියන්නකො"
"මොනවත් නොකිය, අපි ඇවිදගෙන යමුද අර පේන පාර දිගේ.."
"ඔයාට පිස්සුද අනේ.. කුනුකාණුව තියන පාර නේද ඒ.. කිසිම රොමැන්ටික් ගතියක් එන්නෙ නැහැනෙ.. ඔයානම්.. ආ ඔන්න දැන් ඒ පාරෙවත් යන්න හම්බෙන් නැහැ. වැස්සක් එන්න නේද යන්නෙ. දිනුක අයියා අපි වැස්සෙ ඇවිදිමුද. වැස්සෙ අයිස්ක්‍රීම් කමුද"

ඇය එසේ පවසනවාත් සමගම මම මගේ ඇගේ ස්පර්ෂයෙන් මුදවා ගත්තේ ඇහිපිල්ලමක වේගයකිනි. ඇයට එය ප්‍රස්නයක් නොවුනේ තාලයකට වැටෙනා වැහි බිඳු දෙස ඇය බලා සිටි නිසාය. වැස්සේ අයිස්ක්‍රීම් කෑමට ඉමාෂාද ඇලුම් කල හැටි මට සිහි විය. මේ ඉමාෂාමයැයි මම නැවතත් කල්පනා කෙරුවෙමි. ඇරඹුමට පෙරම අවසාන වූ ආදරයක මතකයක් සමග වර්තමානානයේ මා විඳිනා ආදරයක් සමග මා මැදි වී ඇත.

"දිනුක අයියා.. මොකෝ මේ.."
"මුකුත් නැහැ පියුමි"
"හම්ම්ම්.. මම දන්නෙ නැහැ මේකද ආදරය කියන්නෙ කියලා. මේ ආදරේනම් ඉස්සෙල්ලම මන් ඒක විඳින්නෙ ඔයාගෙන්."
"ඒ කියන්නෙ ඔය ලස්සන දිලිසෙන ඇස්වල පළමු අයිතිකාරයා මමයි එහෙනම්"
"පළමු... පළමු නෙමේ එකම අයිතිකාරයා ඔයා තමා"

ආදරනීය මොහොතක අපඉ දෙදෙනාම මදකට තනී වී සිටියද මාගේ සිත පියුමි වෙතම නොරැඳුනේ ඉමාෂාගේ මතකය්න් නිසාය. ඇගේ සමහර වචන මා හට ඉමාෂාව මතකෙට ගෙනාවේය. නමුත් ඉමාෂා මගේ අතීතයය. පියුමි මගේ අනාගතයය. මම මගේ හිතුවක්කාර සිතට එය තදින ඒත්තුගන්වමින් අපගේ ආදරණීය මොහොතට සමු දුන්නේ ඇයට පන්තියට යාම සඳහාය. ඇගේ පන්ති නිමවී මෙම ස්ථානයේම නැවත අප හමුවෙමු යැයි පොරොන්දුව පිට අප දෙදෙනාම වෙන්වගියේ අලුත් හීනයකට අලුත් කතාවකට මුලපුරන ගමන්ය.

මගේ මිතුරන් හා එකට සිට වැඩකටයුතු කලද මගේ හිත බරව තිබුනේ ඇයිද යන්න මට නොතේරුනි. මගේ නිහඬබව නිසා කීපවතාවක්ම අමිල මා අසලට පැමින නොයෙකුත් දේ මගෙන් ඇසුවද ඔහුටද ලැබුනේ කෙටි පිළිතුරු නිසා නැවතත් ඔහු මගෙන් කිසිවක් නොඇසුවේය.

"යාළුවා, මොකද නිහඬ.. මොකක් හරි අවුලක්ද"
"එහෙම එක්ක නෑ අමිල. ඒත්.."
"ආ .... මේ ඉන්නේ ආදර වන්තයා. රොෂෙන්, ගයාන් . ලක්ෂිත වරෙන් තවත් පාටියක්. ඔන්න පුතේ ඔඩීලියා පටි නම් බෑ හරි"
"ඒක තමයි ඩිලා. උඹ හරි.. දාමු ගින්දර පාටියක්. බ්ලැක් ලේබල් එකක් එහෙම් ගෙනල්ල"
"ඔය තියෙන්නෙ අයිඩියාස්.. ලක්ෂිත උඹ නම් දෙවියෙක්. දිනුක මේ වීක් එන්ඩ් එකේ සමරමු අපි"
"මොනාද අනේ.. ඔයාල හැම දාම පාටි දානවා. අපි නැහැ."
"හරි හරි අම කෙල්ලො ටිකට මොනා හරි අරන් දෙන්නම්කො. ලක්ෂිතය උඹ කිව්ව එක ඔර්ඩර් කරපන්. ගහමු වැටෙන්නම"

යාලුවන්ගේ පාර්ටි ගැටලුව විසඳමින් මම ඇයව හමු වීමට පොරොන්දු වූ පරිදිම නියමිත ස්තානයට ගියේ මා එනතුරු අමිලට සීටීමට ආරාධනා කරනමිනි. උදය වරුවේ දුටුවාට පසු ඇයව දුටුවේ දැන්ය. නමුති කලින් ඇගේ තිබූ ඒ උද්යෝගය තරමක් අඩුවී තිබුනි. එමෙන්ම ඇය කල්පනාලොවක අතරම්න් වී සිටියේය.

"මොකෝ මේ බැට්‍රි බැහැල වගේ.."
"දිනුක අයියා.. මම දෙයක් කිව්වොත් තරහ වෙන් නැහ් නේද මන් එක්ක"
"කියන්නකො බලන්න ඉතින්."
"අපි ආදරේ නොකර ඉමු. යාළුවෝ වගේ ඉමු"
"මොකද පියුමි මේ එකපාරටම.. උදේ හොඳට හිටියනෙ"
"මේකයි.. මම ඔයා ගැන හරියට දන්නෙත් නැහැනෙ. අනික මම තාම පොඩියි. ආදරයකට මුලපුරන්න තරම් මම තාම සූදානම් නැහැ කියල මට හිතෙනවා. ඒකයි ඔයාට මම කිව්වෙ යාළුවො වගේ ඉමු කියලා. අනේ ඔයා තරහ නැහැ නේද"
"මම තරහ නැහැ පියුමි"
"චුට්ටක්වත්"
"නැහැ.. යාළුවෝ වෙමු අපි"
"වාව්.. ඔයා තමා හොඳම කොල්ල මේ ලෝකෙ ඉන්න. තෑන්ක්ස් අයියා. එහෙනම් මම යනවා. අම්මි එනවා කිව්වා අද ගන්න මාව. හෙට මීට් වෙමු"
"ඕකේ.. සීයූ"

ඇය එසේ පවසමින් මා අසලින් වෙන්වී ගියේය. ඇය ඇගේ මව සමග නොපෙනී යන තෙක්ම මම ඔඩීලියා එකේ උඩ සිට බලා සිටියෙමි. සිහින රැසක අතරමන් වෙමින් මම සිදුවූ සියල්ලම අමිලට පැවසුවෙමි. ඔහුටද සිදුවූ දේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වී සිටි බව අප දෙදෙනා අතර තිබූ දැඩි නිහඬතාවයෙන් පැහැදිලි විය.

"උඹ ඕක ගැන හිතන්න එපා යාළුවා.. කෙල්ල උඹට කැමතියි. තාම පොඩි කෙල්ලෙක්නෙ බන්. ඔන්න බලහන් හෙට උදෙන්ම ඇවිල්ල උඹට ආයෙත් කැමතියි කියන් නැද්ද කියලා"
"හම්ම්.. ඒක නෙමේ අමිල පියුමි හැම වෙලේම මට ඉමාෂව මතක් කරවනවා බන්"
"උඹ පිස්සෙක්නෙ. මොකද ඉමාෂා ගැනැ කියන්න ගියෙ පියුමිට"
"මම කිව්වෙ නැහැ බන්. එයාගෙ හැසිරීමෙන්, එයාගෙ කතා බහින්"
"හරි හරි යාළුවා.. මම දන්නවා උඹ ඔය කෙල්ලට ලන් උනේ ඉමාෂ නිසා කියලා. ඒත් මතක තියාගනින්. ඉමාෂ කියන්නෙ උඹේ මතකයක් විතරයි. උඹේ අතීතයක් විතරයි. ඒත් මේ කෙල්ල උඹ ගාව දැන් ඉන්නවා. ඉමාෂා නිසා උඹ ඒකිට ආදරේ කරනවනම් උඹ දැන්ම පියුමිවත් හිතින් අත ඇරපන්. මොකද කවදා හරි උඹේ ඔය ඉමාෂා නිසා පියුමිව අතඇරියොත් ඒ පොඩි කෙල්ලට ඒක දරාගන්න බැරිවෙයි බන්"
"එහෙම වෙන්නෙ නැහැ අමිල. පියුමි මට දවසක ආදෙරේ කරාවි. ඒ දවස එනකම් ඉවසල ඉන්නව මම. ඒ ආදරේ වෙනුවෙන් ඉන්නව මම අමිල"
"හරි පුදුමයි බන් මේ ආදරේ.. වරෙන් යමු ගෙදර. "

පියුමි ගැන කතා කරමින් අපි දෙදෙනාම ගියේ සොහොන් පිටියටය. වෙනදා මෙන් මාගේ මිතුරන් දෙදෙනාගේ සොහොන් අසල පිරිසිදු කර ඉටිපන්දම් දල්වා මල් වලින් සැරසූයේ අමිලගේ උදව්වද සමගය. සොහොන් පිටියේ වැඩකටයුතු වලින් අනතුරුව අමිලට සමුදුන් මම නිවසට ගියේ පියුමි ගැන අම්මාට පවසනවායැයි සිතමින්ය. නමුත් මා නිවසට ඇතුළුවෙත්ම අප නිවසේ සියලු දෙනාම රූපවාහිනිය අසල සිටියේ නිහඬවය. මෙම දසුන මට වෙනදාට වඩා වෙනස් දසුනක් වූයේ තාත්තාද එහි සිටි නිසාය. මක්නිසාදයත් තාත්තා අම්මා හා නන්ගීගේ කතා ලයිස්තුව නොබලන නිසාය.

"තාත්තෙ .. මොකද මේ කවදාවත් නැතිව මේ දෙන්න එක්ක ටීවි එක ඉස්සරහ ඉඳගෙන ඉන්නෙ"
"මොකක්ද මේ විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්න කියලා දැම්මා. ඒකයි පුතේ"
"ආ ඒකත් එහෙමද.. මොකක්ද"
"අනේ මේ අයියෙ.. සද්ද නැතිව ඉඳගෙන බලාගෙන ඉන්නකො. නැතිනම් යන්න කාමරේට. මම බලල කියන්නම්"



මෙන්න විෂේෂ පුවතක් ..
එළඹෙන දින කීපය තුල මහා පරිමානයේ මත්කුඩු ජාවාරමක් මීගමුව හා කොළඹ ආසන්නයේ සිදුවීමට ඇති බව තොරතුරු හෙලිවී ඇත. ලැබෙනා තවත් තොරතුරු අනුව විදේෂිකයන්ගේද සහ ඇතිව සිදුවන ගනුදෙනුවක් බවද වාර්තා වේ. මෙම ගනුදෙනුවේ කුඩු ජාවාරමේ මහා මොළකරුවන් සැඟවී ඇතිබව පොලීසිය සැක කරන නිසා ඔවුන් කොටුකර ගැනීමට මහජනතාවගේද සහය පොලීසිය බලාපොරොත්තු වනු ඇත. තම ප්‍රදේෂයන්හි සැකකටයුතු පුද්ගලයෙක් දුටු විට හෝ සැක කටයුතු දෙයක් පිළිබඳව තොරතුරු ලද වාහාම පහත තිරයේ දැක්වෙන දුරකථන අන්කයන්ට දැනුම් දෙන බව පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරඇත....."

එම පුවත ඇසීමත් සමගම මම පුදුමයකට පත් උවද මා එය අප නිවසේ සිටි අයට නොපෙන්වා එම පුවත අවසාන වනතෙක්ම සාවදානව සවන්දුන්නෙමි. මට ඇති වූ එකම ගැටලුව වූයේ මෙය එලිවූයේ කෙසේද යන්නය. ගම් නගර පිළිබඳව නම් වෂයෙන් එලිකීරීමට තරම්ම කුමක් හෝ බරපතල හෝඩුවාවක් ඔවුනට ලැබී ඇති බව පැහැදිලිය. නමුත් එය සිදුවූයේ කෙසේද යන්න පැහැදිලි පිලිතුරක් මා තුල නොවීය. එමෙන්ම මොහොමඩ්ගෙන් දුරකථන ඇමතුමක් නොලැබීමද මා හිත කලබල කෙරූ තවත් එක කරුනක් විය. මාද ඔහුට දුරකථන ඇමතුමක් නොදුන්නේ අප සියලුදෙනාගේම ආරක්ෂාවට හා අප අනුගමනය කල නීති රීතීන් නිසාවෙනි.

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, October 6, 2015

හිතුවක්කාර ආදරය - 23 කොටස


කාර්යය බහුල වූ දින කීපයක් ගත කෙරුවද කාර්යය බහුල බව නොදැනුනේ පියුමි නිසා වියයුතුයැයි මම කල්පනා කෙරුවෙමි. දිනෙන් දින ඈ මාහට ලෙන්ගතූවද මා අසල දැවටුනද යොවුන් ආදරයකට මුල පීරීමට ඇය තවමත් කෝඩුකාරියකැයි යන සිතුවිල්ල මාගේ සිත තුල තිබුනි. තවද කෙවින්ගේ බැල්මද ඇය කෙරෙහි තිබූ නිසාදෝ මගේ එදිනෙදා ජීවන රටාව මදක් සන්කීර්න වී තිබුනි. කරුනු කාරනා මසේ සිදුවෙද්දී අප සියලුදෙනාටම සතුට ගෙනදන්නා වූ කරුනක් වූයේ මෘදුකාන්ග තරඟාවලියේ ජය අපට හිමිවී තිබීමය. නැතිනම් අපේ නිර්මානයක් වූ පාර සොයන්නා නොහොත් පාත් ෆයින්ඩර් අනෙක් සියළුම තරඟකරුවන් පරදා ජයගෙන තිබීමය. ජයග්‍රාහී සතියක ආදරය පිරුණු මාවත් ඔස්සේ මාගේ ජීවිතය ගෙවී යද්දී මගේ මනසට හිසරදයක් වූ තවත් එක කරුනක් විය. එනම් මොහොමඩ් සමග මා අතගසා තිබූ මත්ද්‍රව‍ය්‍ය ව‍ය්‍යාපෘතියය.

අපගේ ගැනුම්කරුගේ අවෂයයතාව වූ මත්ද්‍රවයය කිලෝග්‍රෑම් හතරට අමතරව තවත් ගෑම් අටසීයක් වැඩිපුර මොහොමඩ් රැගෙනවිත් තිබුනේ අප දෙදෙනාගේම සැලසුමට අනුව හා ගනනය කිරීම් වලට අනුකූලවය. මෙය ක්‍රමානුකූලව ඇසිරීමට අලුත් අදහසක් නොතිබූ නිසාත් ආරක්ෂාකාරී පිළිවෙලක් අවශයය වූ නිසාත් අපගේ සාම්ප්‍රදායික තේ පැකට් ක්‍රමය යොදා ගැනීමට මම සැලසුම් කෙරුවෙමි. එමනිසා අපට අවෂයය බ්ලැක් ටී වර්ගයේ තේකොල සැලකියයුතු ප්‍රමානයක්ද රැගෙන ඒමට අපට සිදුවිය.


"මොහොමඩ් සේරම හරි නේද. ඉතුරු තේකොල ටික ඔයා ගෙදර ගෙනියන්න. මටත් ඔය පොඩි පෙට්ටියක් තියන්නකො"
"වැඩේ හිතුවට වඩා අමරු උනා නේද පොඩි මහත්තයා. ඒක නෙමේ ඇයි මට තේකොල පැකට් ගේද්දි තැන් හතරකින් විතර ගේන්න කිව්වෙ"
"අපි මේ ටික දෙන්නෙ ෆොරින කෙනෙක්ටනෙ මොහොමඩ්. අනික තේ කොල පැකට් මෙච්චර ගොඩක් එකම තැනින් ගන්නකොට කාට හරි සැක හිතෙන්න පුලුවන්නෙ. ඒකයි මම් එහෙම කිව්වෙ"
"හරි අපි දැන් කොහොමද මේ ටික ගෙනියන්නෙ. ට්‍රැවලින් බෑග් එකක දාමු නේද"
"ඔව් එහෙම කරමු. මම තේකොල පැකට් එකිනෙක අඩුක්කරල තියෙන්නෙ රටාවකට. ඒ නිසා ඇත්ත තේකොල පැකට් එක්ක වෙන්කරල අදුනගන්න පුළුවන්. අනික මොහොමඩ් ඔයා ඔය ටික බෑග් වලට අසුරද්දි කල්පනාවෙන්. යටම තට්ටුවයි උඩම එකයි ඔරිජිනල් තේ කොල දාන්න හරි. එතකොට පැත්තට පේන පෙට්ටි වලටත් සේරම ඔරිජිනල් දාන්න. මැද්ද අඩුක්කරද්දි මම ඇඳල ඇති රටාවක්. අන්න ඒ රටාව බලාගෙන අඩුක් කරන්න. මොකද මේච්චර තේ කොලගොඩක් ෆොරිනකෙනෙක් ගෙනියනකොට අනිවාර්යයෙන්ම චෙක් කරනවා. ඔය මගේ රටාවට අඩුක් කලාම අහුවෙන්න තියන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා."
"වැඩේට ටිකක් වෙලායාවි නේද පොඩි මහත්තයා. ඔයා යන්න ගෙදර දැන් රෑ වෙලානෙ. පොඩි මහත්තයට ගෙදරට උත්තර බඳින්නත් වෙයිනෙ තවත් වෙලා ගියොත්. මම මේ ටික පරිස්සමට කරල තියන්නම්."
"ඔව් ඔව් ඒක ඇත්ත. මොහොමඩ් එහෙනම් ඔය ටික පරිස්සමෙන් තියන්න. මේ කාමරේට කාටවත් එන්න දෙන්න එපා. තව දවස් දෙකයිනෙ තියෙන්නෙ ඩිලිව කරන්න. මම ඒ ගැන හෙට කල්පනා කරන්නම්. අනික බ්ලැක් ටී කොහෙන්ද කියල කවුරු හරි ඇහුවොත් අපේ නුවර එළියෙ අමරෙ දුන්න කියන්න."
"ඒ ගැන බය වෙන්න එපා. මේ ගෙදරට කවුරුත් එන්නෙ නැහැ. එහෙනම් ඉක්මනටම ආයේත් හමුවෙමු පොඩි මහත්තයා"

මෙම බෑගයන් ප්‍රවාහනය කිරීමට පහසු උවද එය තරමක් සන්කීර්න කටයුක්තක් බවට පත්වූයේ අප සියලුදෙනාම ආරක්ෂාවිය යුතු නිසාත් ප්‍රමානය මදක් වැඩිවූ නිසාත්ය. තේ කොල සුවඳ තිබූ මාගේ ඩෙනිම හා බැනියම සේදීමට දමා මාද පිරීදුවූයේ මෙහි තිබෙනාවූ බරපතලකම ගැන නැවතත් සිතන අතරතුරදීය. මා අසලින් හැමූ තේකොල සුවඳ නිසා අම්මාගේ හා නන්ගීගේ නොයෙකුත් ප්‍රස්නවලට සාර්තකව පිළිතුරුලබා දුන් මම සුපුරුදු පරිදි කොට්ටය මත හිස සඟවාගත්තේ පියුමි ඇයගේ අම්මාගේ දුරකථනයෙන් සුභ රාත්‍රියක්යැයි එවා තිබූ කෙටි පනිවිඩයට පිළිතුරු දෙන ගමන්මය.

"කෝ ඩිලා මේ අමිලයයි දිනුකයි"
"අනේ මන්දා ගයාන්. මග කියලනම් කිව්වා. ඒත් ..."
"හරි අපි එයාල එනකම් වැඩේ පටන් ගනිමුකො. මම අද කට්ටියට එන්න කිව්වෙ අපේ පාත්ෆයින්ඩර් නිසා අපට සැලකිය යුතුමුදලක් ලැබෙන්න තියනවා. ඒක අපු කට්ටිය බෙදාගමුද නැතිනම් අපේ ඊළඟ සෙමෙස්ටර් එකෙන් අඩු කරන්න කියමුද"
"ඔන්න ඕක අපි පස් දෙනා බෙදා ගමු රොෂෙන්"
"මොකද්ද කසුව ඒ කතාවෙ තේරුම. පහක් නෙමේහතක් ඉන්නවා. ඇයි අරුන් දෙන්නා. උන් දෙන්න මේකට මහන්සි උනා අපිට වඩා."
"හරි හරි ලක්ෂිත ඕකට තරහ ගන්න එපා. කසුවට වැරදිලා කිවවෙන්න ඇති"
"වරදින්න.. අනේ මේ."
"ගුඩ්මෝර්නින් සෙට් එකටම. මොකද මෙතන වෙන්නෙ. උණුසුම් තත්වයක්ද"
"ඔය ආවෙ දෙන්නම. මොකෝ බන් පරක්කු උනේ"
"කොහෙද මම දිනුකල දිහා යනකොටත් යාළුවා නිදි. ඇහැරවල දත් මද්දවල තමා අරන් ආවෙ"
"අපි මේ කිය කිය හිටියෙ, පාත්ෆයින්ඩර් එකෙන් ලැබන සල්ලි අපි බෙදා ගනිමුද නැතිනම් ඊළඟ සෙමස්ටර් එකෙන් අඩු කරන්න කියමුද කියලා"
"අනේ රොෂෙන්, ඕක මටයි අමිලයටයි ඕන නැහැ. උඹල බෙදාගනිල්ලා"
"ඔව් බන්. අපි උඹලට හෙල්ප් කලාතමා. ඒත් උඹලනෙ මහන්සි උනේ ගොඩක්. "
"දෙන්නම කටවහගන්නවද, මම අපේ මැනේජර්ට කියන්නම් අපි හත් දෙනාගෙ ඊළඟ සෙමස්ටර් එකෙන් අඩු කරන්න කියලා."
"හරි හරි රොෂෙන්ට ඕන දෙයක් කරන්නකො. "

අපි මෘදුකාන්ග තරඟාවලිය ජය ගැනීම නිසා සතුටින් සිටි රොෂෙන් ඔහුගේ වියදමින්ම අප පන්තියේ සිටි සියලුම දෙනාට තේ පැන් සන්ග්‍රහයක් සූදානම් කර තිබුනේ අප කාගේත් හමුවීමේ තිප්පොල වු ඔඩීලියා උඩ ත්ට්ටුවේය. තේ කොල සුවඳ පවා අප්‍රසන්නව සිටි මම එවගක් නොපෙන්වා අමාරුවෙන් උගුරෙන් පහලට යවා ගත්තේ තරමක් අසීරු වූ වෑයමකිනි.

"මම අද දිනුක අයිටට කැමතියි කියනවා, උඹල මොකද කියන්නෙ"
"පියුමි.. උඹ සිරාද කියන්නෙ."
"ඔව් ඇයි.. "
"පියුමි උඹ ඔය ගත්ත තීරනයට මම සියයට සීයක්ම එකඟ වෙන්නෙ නැහැ. ආයෙමත් හිතපන් ටිකක්"
"මම ඒ කොල්ල ඉන්න එක්ක උඹල තියන අමාරුව මොකද්ද තිනුරි. ලිඟ මගේනම්, වතුරත් මගේනම්, ඇදගෙන නාන්නෙත් මම නම් උඹට තියන අමාරුව මොකක්ද"
"මම අකමැත්තකට නෙමේ බන් කියන්නෙ. ඒ කොල්ල උඹට ගැලපෙන්නෙ නැහැ. බලපන්කො උඹේ තත්වෙයි ඒ කොල්ලගෙ තත්වෙයි. අනික පියුමි උඹ අද මට බනීවි. ඒත් මතක තියාගනින් ඒ කොල්ල නිසා උඹට අඬන්න වෙනව පුදුම විදිහකට කවදා හරි"
"මොකද්ද තිනුරි. පියිමිය ඒ කොල්ලට කැමතිනම් ඉතින් අපිට මොකුත් කියන්න බැහැනෙ. අනික මේකි අපේ යාළුවා."
"ඇයි තිනුරි උඹ එහෙම කිව්වෙ"
"නැහැ පියුමි මට හිතුනා ඒකයි කිව්වෙ. මම හිතනව වැඩි නිසාද මන්දා"
"ඒ කොල්ලට මම ආසයි බන්. එයා මාර ගති."
"හරි හරි දැන් ඕව අමතක කරපල්ලා. කොහොම හරි පියුමි දැන් ආදරවන්තියක් වෙලා. අපේ සෙට් එකේ පළමු පෙම් කිරිල්ලිය. පාටි එකක් ඕන හරි"
"හරි හරි.. දෙන්නම් දෙන්නම්.. හැබැයි මම තාම පොඩි වැඩිද මන්දා බන් ඔය ලොකු වැඩ කරන්න. අනික තාම ඕලෙවල් ලිව්ව විතරනෙ"
"ඒ පාර මොකද උඹට උනේ පියුමි.."
"නෑ ඉතින් මම නිකමට කිව්වෙ .."
"ඕකනෙ ඉතින්. උඹෙත් එක වචනයක් නෑනෙ. වැනෙනවනෙ. උඹමනෙ ඒ කොල්ලව තෝරගත්තෙ. අනික උඹල දෙන්න මෙච්චර දවස් කතා බහ කලානෙ."
"ඒක තමා පියුමි මම කලින්ම කිව්වෙ උඹට. කොහෙද ඉතින් උඹ මා එක්ක කොක්කටමනෙ එන්නෙ. අනික පියුමි ආදරේ කියන්නෙ ලස්සන දෙයක්. ඒ වගේම වගකීමක්. උඹ තාම පොඩි කෙල්ල. ටිකක් මෝරල එනකොට උඹට තේරුනොත් ඒ කොල්ල නෙමේ උඹේ වීරය කියල , එතකොට මොකද කරන්නෙ."
"තිනුරි .. පියුමියගෙ කැමැත්තනෙ බන්. අනික කෙල්ලො අපිට ආදරේ තහනම් නැහැනෙ. උඹ බය වෙන්න එපා. තිනුරිය ඔය උඹට තියන ආදරේට හැමවෙලේම විපක්ෂෙවගේ ඇද කියන්නෙ. අපි ඉන්නවා බන් උඹ එක්ක"
"මට උඹල කියන ඒව නොතේරෙනව නෙමේ. ඒ උනාට ඒ කොල්ල මට විෂේෂයි බන්. හේතුවක් කියන්න දන්නෙ නැහැ. එයාව දකින හැම වෙලේම මට හිතෙන්නෙ එයාගාවටම වෙලා ඉන්න.. ඒ හැඟීම් පුදුමාකාරයි බන්. මට විස්තර කරන්න තේරෙන්නෙ නැහැ"
"උඹල ලඟට වෙලා ඉන්නම විතරමද හිතෙන්නෙ"
"හිරු...නි ... තාම අපි පොඩි කෙල්ලෝ හරි..ද ... ඒව පස්සෙ බලමුකො"
"ආ .. කෙල්ල ඒ ගැනත් හිතල ඉවරයි එහෙනම්. බලපල්ලකො මූන රතු වෙච්චහැටි ලැජ්ජාවට"
"ඒක තමා තිනුරි.. මොකෝ උඹ ඇඹරෙන්නෙ. හරි දැන් කියපන්කො බලන්න උඹ කැමතියි කියන්නෙ කොහොමද. අනික උඹ ඉස්සර වෙන එක හරිද"
"එයා කිව්වා බන් දවසක් මට පළවෙනි අඩිය තියන්න, එයා ඉතුරුව බලාගන්නම් කියලා"
"හම්ම්ම්.. දැන් මොකද්ද උඹේ ප්ලෑන් එක"
"ලස්සනට හිරු පායල තියන මේ උදෙයේ කුරුළු හඬ ඇහෙනකොට, ඇඟ කිලිපොලා යන සීතල සුළඟක් හමනකොට, මුලු පරිසරයම නිහඬ වූ වෙලාවක, මොහොතකකට එයා එක්ක තනි වෙලා ඒ ආඩම්භර ඇස් දිහා මොහොතක් බලාගෙන ඉඳල, රහසේම කනට කරල කියනවා මම ඔයාට කැමතියි දිනුක අයියා කියලා"
"ඔ ..හ් ... මයි ගෝ....ඩ්..... පියුමි උඹ හොන්දින් නේද, උඹේ ඔළුවවත් වැදුනද අද උදේන්ම කොහෙ හරි"
"ඉතින් ඕකනෙ උඹල එක්ක බැරි. කොහොමද මගෙ රොමැන්ටික් සීන් එක"
"ඔය සීන් එකට තව දාන්න තිබ්බනෙ මොකක් හරි උස තැනක උඹ අත් දෙක දෙපැත්තට දිගහැරන් ඉන්නකොට කොල්ල පිටිපස්සෙන් ඇවිත් උඹව බදාගන්න එකකුත්"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Friday, October 2, 2015

Godady Server+Domain $12.18

ඔබට අවශ්‍ය කරන ඩොමේන් $12.18 ලබා ගන්න,ඒ සමග Godaddy Server එක අවුරුද්දක් සදහා නොමිලේ මෙම දීමනාව සිමිත දින කිහිපයකට පමනයි.
මෙය මගේ දෙයක් නොව Godaddy ආයතනයෙන් ලබා දෙන සේවාවකි
මිලදී ගැනීමට පහත බැනරය Click කරන්න 
Tired of Waiting for your Website to Load? $1/ mo Hosting + Free domain!

Monday, September 28, 2015

හිතුවක්කාර ආදරය - 22 කොටස


"මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා, මොකද මේ අවේලාවෙ නිදි"
"අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන. ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද කාරනාව"
"ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ මොකද උනේ කියලා"
"ඒක අවුලක් නැහැ මොහොමඩ්. එයාල ගාව ඒ වීඩියෝ එක විතරනෙ තියෙන්නෙ. ඒකෙන් මහලොකු දෙයක් කර්න්න බැහැ. පුළුන්නම් ඉතින් දැන් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බනෙ. මොහොමඩ් බය වෙන්න එපා, මට අවුලක් වෙන් නැහැ. ඉතින් දැන් අපු ආව කාරනාව කිව්වනම්"
"මතකද අපි බ්‍රයන් මහත්තය නැති හින්දා අපට ආව වැඩක් නැවැත්තුවා"
"ඔව් ඔව්.. ඉතින් ඒක දැන් කරන්නද යන්නෙ."
"එහෙම දෙයක් නැහැ. ඒ ජර්මන් පොර ආයෙත් ඇවිත්. එයාට ඕනලු අපේ වැවෙන මල් එයාගෙ රටට ගෙනියන්න."
"ඉතින් මොහොමඩ් කිව්වෙ නැද්ද අපිට වෙච්ච කරදර. අපි දැන් ඩීල් කරන එක නවත්වල කිව්වෙ නැද්ද"
"කිව්වා. අසීසුත් කියල. ඒත් මිනිහ කියනව අපි තරම් කවුරුත් එයාට විස්වාස නැහැලු."
"ඉතින් ඒක අමාරු වැඩක් නෙමේනෙ. අපි වෙනද දාන තියරියම දාමු"
"ඒක නෙමේ තියන ප්‍රස්නෙ.. අපි පුත්තලමෙන් ඒ ටික ගේන්නත් ඕන. අනික ඒ ටික කොළඹට ගෙනියනත් ඕන පැකින් කරල. ලොකුම අවුල තමා එයා ඉල්ලන්නෙ කිලෝ 4ක්."
"කිලෝ 4ක් "



මා මෙය කිරීමට අදිමදි කෙරුවද මොහොමඩ්ගේ ඉල්ලීම මට අහක දැමීමට නොහැකි විය. අපට තිබූ විෂාලම ගැටලුව වූයේ කිලෝ හතරක පමන මත්ද්‍රව්‍ය ප්‍රමානයක් ලබා ගන්නේ කාගෙන්ද යන්නය. අවුරුදු තුනකට පමන ආසන්න කාලයක් මෙම ඩීල් වලින් වැලකී සිටිය නිසා මෙහි නිවරැදිතාවය පිළිබඳවද සීයට සීයක්ම වගකීමක් තැබීමටද මට නොහැකි විය. මෙය ඔළුවට බරක්වීමට තුඩු දුන් අනෙක් කරුන වූයේ අපට ලැබී තිබූ කාලයය. මන්ද අපට දවස් පහක පමන කාලයකින් නිමකීරීමට සිදුව තිබුනි.

"මොකද පුතේ ගෙදර ආව වෙලේ ඉඳන් කල්පනා කරන්නෙ. කොහෙද හැන්දෑවෙ ගියෙ හදිසියේම"
"අවුලක් නෑ අම්මෙ. පරණ යාළුවෙක් හම්බෙන්න ගියෙ. මිනිහට කැන්සර් එකක්ලු. ලඟදි දැනගෙන තියෙන්නෙ. ඉතින් මාව බලන්න ඇවිල්ලා"
"හම්ම්.. පුදුමයි මේ මිනිස්සුන්ගෙ ජීවිත. අපිටත් මොනවා වෙයිද දන්නෙ නැහැ"

අම්මාට බොරු කීමට අකමැති උවද සත‍ය්‍ය පැවසීමට නොහැකි නිසා සියුම් වූ සරල බොරුවකින් අම්මා සැනසූ මා මාගේ රාජධානිය නැතහොත් මාගේ නිදන් කාමරයට ගියේ නොයෙකුත් දෑ සිත තුල ප්‍රෂ්න නගමින් තිබියදීය. ජාවාරම් කලාවෙන් ඉවත්වීමට උත්සහ දැරූවද, එම සමාජයේ නමක් තැබූ පුද්ගලයන් නිසා අපට අප හිතන තරම් ලෙහෙසියෙන් ඉවත්වීමට නොහැකිය. පසුගිය අවුරුදු කීපය තුල මදක් ඈත් වී සිටියද අසීස්ට බොහෝ බලපෑම් තර්ජන එල්ලවුන බව මට මොහොමඩ් කීවා මතකය. එමෙන්ම මගේ පවුලේ උදවිය, යාළුවන්, පියුමිට මේ පිළිබඳව යන්තම් හෝ ඉවක් වැටුනොතින් මගේ ජීවිත කතාව මීටත් වඩා සන්කීර්නවන බව නොඅනුමානය. අලුතින් හිතන්න කාලය එළබ ඇතැයි සිතමින් සුපුරුදු ලෙස මම කොට්ටය තුල හිස සඟවා ගත්තෙමි.

"පියුමි, ඔයා වැඩකද"
"නැහැ නැහැ කියන්න"
"එනවද මන් එක්ක කොෆී එකක් බොන්න යන්න"
"ම්ම්ම්ම්.. කොහොමද මම ඉතින් බෑ කියන්නෙ"
"ඉතින් කොහොමද ස්ටඩීස් වැඩ එහෙම."
"හොඳින් කරනවා දිනුක අයියා.. ඒත් අර් කෙහෙල්මල් ජාවාද මොකද්ද කියල කරනවා, මටනම්"
"හා හා හා ... ඒ ඔයාලට උගන්වන්නෙ බේසික් ටික විතරයි. අනික මෝඩ ළමයින්ට බැහැ ඒක එකපාර තේරුම් ගන්න"
"ආ ඇත්තද නුවණක්කාරයා.. හැබැයි ඉතින් මෝඩ ළමයි එක්ක කොෆී බොන්නෙත් මෝඩ ළමයිම තමා."
"ඒකත් ඇත්ත තමා බලාගෙන යනකොට.. ඒක නෙමේ කාට හරි ආදරේ කරල තියනවද, නැතිනම් කරන්වද"
"කොල්ලෙක් ඉන්නවද කියල කෙලින්ම ඇහුවනම් නෑ කියල කියනවනෙ මම.. ඒක නෙමේ මාව හරියට නොදැක මම ගැන හරියට නොදැන කොහොමද එදා එක පාරටම ඇවිත් නම්බර් එක දීල ගියෙ"
"මම ඔයා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියෙ. ලැබ් එකේ කැමරාවෙන්"
"කැමරාවෙන්.. ඔයානම් ... ඉතින් ඔයා ඇයි මම දිහාම බැලුවෙ. ඔය ඕන තරම් වෙන කෙල්ලො හිටියෙ. ඉන්නකො මම ඔය කැමරාව ගලවනවා"
"මගේ ජීවිත කතාව ටිකක් සන්කීර්නයි. දවසක් කියන්න්ම්කො හිමිහිට. මට ඔයාව දකිනකොට මගේ ජීවිතේ මන් ගොඩක් අතීතෙට යනවා. ඒ අතීතෙ ලස්සන මතකයන් තියන ආදරය රැඳුනු තැනක් පුයුමි."
"ඒ කියන්නෙ තව ගැහැණු ළමයෙක් හා බැඳුනු කතාවක්. ඒ ගැහැණු ළමය මම වගේ නිසාද මගේ ළඟට ආවෙ"
"අවන්කවම කිව්වොත් ඔයා ළඟට ආවෙ ඒ නිසා තමා. ඒත් ඔයාට ලෙන්ගතු උනේ ඒ නිසා නෙමේ"
"ම්ම්ම්ම්.. බුද්ධිමත් උත්තරයක්. මමත් මෙහෙම කොල්ලෙක් එක්ක කොෆි එකක් හරි බොන්නෙ පළමු වතාවට තමා. ඔයාව මටත් හිතට අල්ලල ගියා. දන්නෙ නැහැ ඇයි කියන්න. දකිනකොට මම කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම ඔයා එක්ක එකට ඉඳගෙන ඉන්නවත්"
"ඒ කියන්නෙ ළමයට මට ආදරේවත් හිතිලද දන්නෙ නැහැ"
"ආදරේ ගැන නම් කියන්න මම දන්නෙ නැහැ. මොකද මම තාම චූටි කෙල්ලෙක්නෙ. තාම ස්කූල් යනවනෙ. ඒත් ඉතින් මටත් ඔයා එක්ක කතාකර කර ඉන්න ආසයි"
"එහෙනම් ඉතින් හැමදාම ඉන්න මගේ ලඟ"
"කපටිය.. ඒක ලොකු ආරාධනාවක් නේද දිනුක අයියා. ඒ වගේ දෙයකට මුල පුරන්න තරම් මම තාමත් ලැස්ති නැහැ කියල මට හිතෙනවා. කමක් නැහැ මෙහෙම ඉමුකො. කාලය එක්ක යනකොට අපිට නොතේරෙන තැන් විසඳෙයි. එතකොට බලමුකො"

මා හට ඇයගේ අකමැත්තක් නොතිබූ අතර ඇය තවමත් කෝඩුකාරියක වූ නිසාවෙන් යොවුන් ආදරයකට සූදානම්ව නොසිටියේය. ඇගේ අතින් ඇල්ලීමට ආසව තිබුනද මගේ සිතේ ඇතිවූ චකිතය නිසා ඇගේ වමතේ පොඩි ඇඟිල්ල මා සිනිදුව අල්ලන් සිටියේ අප කතාකරන අතරතුරය. කටකොනකින් සිහින් ලස්සන සිනහවකින් මා හට සන්ග්‍රහ කල ඈ ඇගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දෙස මදක් වෙලා නිහඬව බලා සිටියේ අප අතර සිහින රාශියකට මුලපුරමින්ය.



"ඔය ඇස්වලින් කිවවෙන ඒ ආදරේ, තාම ඉකූල් යන මේ පුන්චි කෙල්ලට පිලිගන්න පුලුවන් වෙයිද දිනුක අයියා ....."
"ම්ම්ම්ම්... අපි අතරෙ නොගැලපෙන ගැලපෙන හේතු දහසක් තියේවි. ඔයා තියන්න පළවෙනි අඩිය පියුමි. ඉතිරි නවසිය අනූ නමයම මම තියන්නම් ඔයා වෙනුවෙන් ඔයා ලඟට එන්න"

ඇය හා ගත කල ඒ මිනිත්තු කීපය තුල මම සැහැල්ලුවෙන් සිටියෙමි. එතරම්ම සිතට සහනයක් ගෙන දෙන මෙම මනුස්ස දුවව මගේම කරගන්නවායැයි සිතමින් අපි දෙදෙනාම අප සිටි ස්ථානයෙන් නැගිට ගියෙමු. මා ඇහේ අතින් ඇල්ලුවද ඇය එය වලකාලීමට උත්සහ දැරූවේ නැත. එය මා ඇගේ අත ස්පර්ෂ කල පළමු අවස්තාව විය. සාම්ප්‍රදායික පෙම්වතෙක් ලෙස දැනුටු ඒ සතුට හා හැඟීම් මට වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම්ය. නමුත් නොසිතූ ලෙසම කෙවින් ඇතුලු පිරිස අපි දෙදෙනාගේ ඉදිරියට හමුවුනේ ගැහැණු ළමයෙකු මගේ ජීවිතයට පැමිනෙන්නේ තවත් කරදර රාෂියක් සමග යන මතය නැවතත් සනාත කරමින්ය. කෙවින් ඉදිරියේ වෙනදා මාගේ තිබූ තේජාන්විතය මදකට අඩුවූයේ මා අසල පියුමි සිටි නිසාත් ඇය ඉදිරියේ කෙවින් හා එකට එක යාමට තිබූ අකමැත්තත් නිසාය.

නමුත් සිදුවූයේ මා නොසිතූ දෙයකි. කෙවින් පියුමි දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඔහුගේ පිරිසද එක පියවරක් ආපස්සට ගැනීමෙන් ඔවුන්ගේ පසුබෑම පැහැදිලි විය. සිදුවූ දේ කුමක්දැයි මට එකවරම සිතාගත නොහැකි උවද එක වරම කෙවින් ඔහුගේ අත ඔහුගේ මුහුන මත තබා ගැනීමෙ නිසා ගෙවූ තප්ප්පර කිපය තුල සිදුවූ දෙය මට වැටහිනි. දුටු මුල් වරම කෙවින්ද, පියුමිට ඉමාෂා යැයි රැවටෙන්නට ඇත. ඔහු ඔහුගේ කම්මුල මත අත තබා ගැනීමෙන් එය මට තහවුරු විය. එදා ඉමාෂාගෙන් වැදුනු ඒ පහර ඔහුට තවමත් මතකයේ ඇත.

"කව්ද දිනුක ඒ කට්ටිය. ඇයි එයාල මගේ දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ. ඔයා එයාලව අඳුරනවද"
"මාත් එක්ක එයාල ටිකක් හිත හොඳ මදි"
"රස්තියාදු කාරයො එක්ක රන්ඩුවලට පැටලෙන්න එපා දිනුක අයියා. මම කැමති නැහැ"
"මම රන්ඩු කරන්න ගියෙ නැහැනෙ. ඒක නෙමේ මට දිනුක කියල කතා කරන්න. අයියා කෑල්ල ඕන නැහැ"
"එහෙනම් මම යනවා දැන් පන්තියට. පරක්කුත් උනා මට. හවස හම්බෙමු එහෙනම් .. දිනුක .."

සුන්දර වූ ඇයට සමුදුන්නද මාගේ සිත රැඳී තිබුනේ කෙවින් වෙතය. ඇය නොපෙනී ගිය විගසම මා නැවතත් පාරට පැමිනියේ ඔවුන් සීටීද බැලීමටය. මාගේ සිතුවිල්ල නිවරැදිය. කෙවින්ගේ සහෝදරයා වන නවීන් ද පැමින සිටියේය. පියුමිගේ ජීවිතයට අනතුරක් වේවිදෝ යන සැකය මුල්වරට මා සිත තුල බිහිවෙද්දී කෙවින්ගේ සහෝදරයා මා වෙතට ආවේ ඇහිපිල්ලක වේගයෙනි. අළුත්ම ජේඩ් වර්ගයේ මෝටර් බයිසිකලයකින් පැමින මා ඉදිරියේ නැවතු ඔහු හා මා අතර පැවදියේ නිහඬතාවයකි. නවීන් ඔහුගේ සහෝදරයා මෙන් මා හා තරහක් නොතිබූ අතර මගේ සටන ඇත්තේ ඔහු හා නොව ඔහුගේ සහෝදරයා හා සමග බවද නවීන් හොඳාකාරවම දැන සිටියේය.

"දිනුක.. මොකක්ද මේ අපේ අයිය කියන්නෙ. ඉමාෂ එක්ක ඔයා උන්න කියලා"
"ඒ ඉමාෂ නෙමේ නවීන්."
"ඒ කිව්වෙ"
"ඉමාෂාගෙ හැඩරුවට සමාන හැඩරුව තියන කෙනෙක්. මමත් මුල් දවසෙ රැවටුනා. අයියට කියන්න ඒ කෙල්ල කිසිම දේකට සම්බන්ද නැහැ කියලා. ගනුදෙනුවක් තියනවනම් එයාට මන් එක්ක බේරගන්න කියන්න"
"දිනුක මම උඹ ගැන දන්නවා. ඊට වඩා මම මගේ අයිය ගැන දන්නවා. මිනිහ හිතුවක්කාරයි තමා. ඒකයි මේ ගැන කෙලින්ම මම උඹෙන් ඇහුවෙ. කෙල්ල ගැන ටිකක් හොඳට බලාගනින්. දන්නවනෙ අයියගෙ හැටි"

ඔහු එසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ තවත් හිතීමට දෙයක් මා තුල ඉතිරිකරමින්ය. ඔහු පැවසුවා මෙන්ම කෙවින් යනු නරුමයෙකි. ඔහුගෙන් පියුමිට කරදරයක් සිදුවීමට ඇති අවස්ථාව වැඩිය. ඉමාෂා මෙන්ම පියුමිවද මා හට නැති කරගැනීමට නොහැකිය. ජීවිත ගමනේදී කලාතුරකින් ලැබෙන දෙවනි අවස්තාව මා හට මග හැරිය නොහැකිය. එහෙයින් කෙවින් පිළිබඳව ඉක්මන් තීරනයක් ගැනීමට කාලය එලඹ ඇත. නැතිනම් ඔහු මා නොමරා මරන බව නොඅනුමානය.



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, September 15, 2015

හිතුවක්කාර ආදරය - 21 කොටස


"අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො"
"කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ"
"හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල් ලෙවකන.."
"පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා"
"මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්. මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .."
"මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න කියලා"
"හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ."
"ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ"
"පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්"
"එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන් ආසයි. එයා මාරයි. ගති"
"හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු උඹේ කුමාරයව බලන්න"



අප සියලුදෙනාගේම උත්සහය හා කැපවීම නිසා අපගේ මෘදුකාන්ගය අප සිතුවා ලෙසම නිම කිරීමට හැකි විය. උදයේ හිරු එළිය වැටෙත්ම සියලුදෙනාගේම මුහුනුවල සතුට මෙන්ම නිදිමත ගතියද රැඳී තිබුනි. පෙරදා මෙන් නොව අද දිනයේ මාගේ හිසද බරව තිබුනේ රොෂෙන්ගේ සමහර සමීකරණ විසඳීමට උදව් වූ නිසා විය යුතුය. අප සියළු දෙනාටත් වඩා රොෂෙන් සතුටින් සිටියේ ඔහු මෙමෙ රාජකාරිය සාර්තක කර ගැනීමට අප සියළු දෙනාටම වඩා කැපවූ නිසාය.

"අමිල, දිනුක ගොඩක් තෑන්ක්ස් බන් උඹලගෙ උදව් වලට."
"ඕක මොකක්ද බන්. ඕන වෙලාවක ඕනෑම දේකට අපි දෙන්න ඇති"
"දිනුක ඒ වගේම උඹල ගොඩක් තෑන්ක්ස් මගෙ ඇල්ගොරිදම්ස් ටික ගොඩදාගන්න සප් එක දුන්නට"
"අනේ මන්දා බන්. උඹට කොහොම ඒ අදහස් එනවද කියන්න. උඹට කියන්න අමිලය, සමහර ඒවල අවුට්පුට් එක රොෂෙන දන්නෙත් නැහැ. "
"ඒ ගැන හිතන්න එපා බන්. ඕව ඉතින් මම ඔය නාද්දි එහෙම ඔළුවට එන අයිඩියාස් බන්"
"මොනවද මොනවද නාද්දි එන්නෙ.. දැන් කව්ද මෙතන නාන්නෙ"
"ඩිලා මේ උඹට කොහොමත් මේක තේරෙන් නැහැ. මොකද උඹ නාන්නෙ නැහැනෙ කොහොමත්. අනික දැන් මෙතන නාන්නෙත් උඹම තමා"
"ආ ඒකත් එහෙමද"
"ඒක නෙමේ දිනුක උඹ වරෙන් බන් මාත් එක්ක ප්‍රොග්‍රැමින් කරන්න. ඒක මටත් ලෙසියි. මම උඹට හෙල්ප් කරන්නම්"
"අනේ බැහැ බන්. උඹ දන්නවනෙ මගෙ ලයිෆ් ස්ටයිල් එක. ඒකට ඕක ගැලපෙන්නෙ නැහැ බන්."

අමිලට මෙන්ම මටද තදින්ම නිදිමත ගතිය දැනුනද රොෂෙන්ගේ ඉල්ලීම පරිදි අපි තවත් හෝරා කීපයක් රැඳීමට තීරනය කලෙමු. පියුමිව බලාගැනීමේ යටිසිතේ තිබුනු ආසාවද රොෂෙන්ගේ යෝජනාවට කැමති වීමට එක් හේතුවක් විය. රොෂෙන්ගේ හා ගයාන්ගේ ආරාධනාව මත අප දෙදෙනා නැවතත් ප්‍රදාන ලැබ් එකට පැමිනියේ අප කල මෘදුකාන්ගයේ ඉදිරිපත්කිරීම නැතහොත් ප්‍රසන්ටේෂන් එක කරනා අයුරු සාකච්චාකිරීමටය. අප එහි යනවිටද ඩිල්ෂාන් හා ලක්ෂිත එහි සිට් අතර සන්ජය හා කසුන් නිවස් බලා ගොස් තිබුනි. එය අප සියළුදෙනාගෙම අප්‍රසාදයට හේතුවක් උවත් අප අපගේ සාකච්චාව ආරම්භ කෙරුනු අතර එහෙදී නොයෙකුත් අදහස් ඉදිරිපත් විය. ලක්ෂිතගේ අදහස වූයේ වීඩියෝ පටයකින් අප මෙය ඉදිරිපත් කරමු යන්නය. නමුත් එහි ඇති වාසි අවාසි ගයාන් අප හට තේරුම්කර දුන්නේය. එමෙන්ම රොෂෙන්ට අවශ‍ය්‍ය වූයේ මෙම ඉදිරිපත්කිරීම වෙනස්ම ආකාරයකට කිරීමටය. එනම් සාම්ප්‍රදායික ප්‍රසන්ටේෂන් කලාවෙන් මිදී අළුත් දෙයක් කිරීමටය. ඒ සඳහා ඔහුගේ හිතේ තිබූ අත්භූත අදහස් ඉදිරිපත්කරමින් සිටියේ ඩිල්ෂාන්ගේද උදව්වෙන් වූ අතර හදිසියේම රොෂෙන් නිහඬ වූයේ අලන්කාව වූත් මනමාලවූත් සිනහවක් සමග අප මවිතකරමින්ය.

"දිනුක ..."
"එක්ස්කියුස්මී අයියා ඔයා බිසීද.. මම මේ .. "
"ම්ම්... දැන්නම් මේ අයියල එක්ක පොඩි වැඩක් පියුමි. මොකද මේ හදිසියේම.."
"අනේ සොරි .. මම හිතුවෙ ඔයාල ෆ්‍රීඑකේ ඉන්නෙ කියලා හිනාවෙවී හිටිය හින්දා.. මම පස්සෙ එන්නම්"
"නන්ගි ඉන්න ටිකක්. යාළුවා ඔයා බලන්න පියුමි ගැන. අපි මෙතන වැඩ ටික හැන්ඩ්ල් කරන්නම්. අවුලක් නැහැ"
"ඔව් ඔව් දිනුක අවුලක් නැහැ"

මගේ මිතුරන් එසේ පැවසුවද මා හට මම සිටිනා ස්ථානයෙන් නැගිට යාමට මදක් ලැජ්ජාවක් ඇතිඋනෙමි. නමුත් අමිලට සිතින් පින් දෙමින් මා ඇය සමග ලැබ් එකෙන් අලියට ආවේ අඩම්බර වූ සතුටකින් උවත් ඇයගේ මිතුරියන් පිරිසද සිටිනා දුටු විට මා තුල වී ඒ අහින්සක සතුට දියවී ගියේ මට නොදැනිවමය.

"දිනුක අයියෙ.. ඔයාව මෙතන්ට එක්කන් එන්න කියල මෙයාට කිව්වෙ ..."
"මේ තිනුරි ඔයා කටවහ ගන්නවද.."
"හරි හරි මම එහෙම කරන්නම්කො. එහෙනම් දෙන්න කතාකරන්නකො. ඔයාට මෙයා පිස්සු වැටිල අයියෙ"
"තිනු ...... රී ...."
"හරි හරි අපි ගියා. පැය භාගෙකින් වරෙන් පන්තියට හරි"

ඇගේ මිතුරියන් කියූ දේ මා හට සිතාගත නොහැකි වූ නිසා මා මාවම කොනිත්තා බැලුවේ මා මේ දකින්නේ සිහිනයක්දැයි මට සිතුනු නිසාය. ඇයව මෙතරම් ලන්ව දුටු පළමු දිනය අද විය. ඇයගේ සමද රෝස පෙතිමෙන් සිනිදු බව දැනුනේ අප දෙදෙනාටම හොරා අප අත් ස්පර්ෂ වූ නිසාය. රාතියම වෙහෙසට පත්ව සිටි නිසා මා අසලින් දහදිය ගඳක් එයිදෝ යැයි මගේ අහින්සක සිතට ප්‍රාතමික සිතුවිල්ලක් පහල වූයේ ඈ අසලින් ආ පිච්චමල් සුවඳ නිසාය. තවමත් අප දෙදෙනාම නිහඬය.



"දිනුක අයියා.. අනේ මගෙ යාළුවො කිව්ව ඒව ගැන හිතන්න එපා හරි"
"හරි හරි පියුමි.. මොකද මට මේ හදිසියේම එන්න කිව්වෙ"
"යාලුවො කිව්ව ඒව ගැන හිතන්න එපා කියල කිව්වට ඉතින්... මයා මාර ගති අනේ. ඒ නිසා මට ආස හිතුන ඔයා එක්ක කතා කරන්න. ඒකයි මේ හදිසියේම .."
"හම්ම්.. ඒකද මේ.. හරි එහෙනම් අපි ඔඩීලියා එකය ගිහින් මොනව හරි බොනගමන්ම කතා කරමුකො"
"මොකද අනේ මෙච්චර උදේ ඉඳන් ඔය ලැබ් එකට වෙලා කරන්නෙ"
"උදේ ඉඳන් නෙමේ කෙල්ලෙ.. ඊයෙ ඉඳන් ඉන්නෙ අපි"
"ඒ කිව්වෙ.. මොකෝ ගෙවල් වලින් එලවලද ඔයාලව"
"නැහැ එහෙම දෙයක් නෙමේ.. අපි මේ සොෆ්ට් වෙයර් එකක් හදනවා සොෆ්ට් වෙයර් කම්පිටිෂන් එකකට. ඊළඟ සඳුද ඒක අපි අපේ හෙඩ් ඔෆිස් එකට අරගෙන යන්න ඕන. ඉතින් ඒකෙ වැඩ තමා කරන්නෙ"
" හම්ම්ම්ම්.. මට ටිකක් ආස හිතුනා ඔයා එක්ක කතා කරන්න. අනේ මම ගැන වැරදියට හිතන්න එපා හරි"
"එහෙම වැරදියට හිතන්නෙ නැහැ. මොකද කොල්ලන්ට විතරක් නෙමේනෙ තමන් ආස කෙල්ලො එක්ක කතා කරන්න පුලුවන් පස්සෙන් ගිහින්"
"හරියට හරි.. ඉතින් දැන් ඔයාට නිදිමත නැද්ද අනේ"
"ම්ම්ම් නැතුවමත් නෙමේ.. ප්‍රසන්ටේෂන් එකේ වැඩේ නිසා තමා නැවතුනේ"
"ඒ වැඩේට විතරමද... නැතින ...ම් ..."
"නැතිනම් මොනවද"
"හරි හරි මන් විහිළුවක් කලේ. දැන් අපි යමු. ඔයාට මහන්සිත් ඇතිනෙ. ගෙදර ගිහින් හොඳට නිදාගන්න. අපි අයෙත් දවසක මීට් වෙලා කතා කරමුකො. අහ්.. බොහොම ස්තූතියි බීම එකට"

සාමාන‍ය්‍ය පෙල හදාරා අවසන් වී කර ඇති ඇය ප්‍රතිඵල බලා පොරොත්තුවෙන් සිටි අතරතුර පරිගනක හැදෑරීමට මෙහි පැමින ඇත. ඇගේ ලෝකයේ අතරමන් උවද, ඈවෙනුවෙන් සිහින මැවුවද මා සිත තුල ඇති කැමැත්ත පැවසීමට ඇය තවමත් කෝඩුකාරියක වූවාය. නමුත් ඇය මා ජීවිතයේ ඊළඟ බලාපොරොත්තුවය. නැතිනම් මම හොරාවට විඳිනා මගේ සිහිනයය.

ඇගේ ලෝකයෙන් අතරමන් වී සිටියද වල්මත් වී සිටියද තදින්ම දැනුන නිදිමත ගතිය නිසා අමිලද සමග මම මිතුරන්ටද සමුදුන්නෙමි. අම්මා සාදා තිබූ පොල්සම්බෝලය හා කැකුළු හාලේ බත පිඟන් දෙකක් පමන හිස් කර මම ඇඳට වැටුනෙමි. පියුමි පිළිබඳව මතකයන් සිහියට ගෙන ඒමට උත්සහ දැරුවද මා අසමත් වූයේ නිදිඅත ගතිය තදින්ම දැනුන නිසාවෙනි.

"අයියෙ .. නැගිට්න්න. ඔයාගෙ ෆොන් එක දැන් පැය භාගෙක විතර ඉඳන් රින් වෙන්නෙ. කවුරු හරි හදිසියක්ද දන්නෙ නැහැ"
"යනවා.. මෙතනින් .. මට නිදිමතයි.."

නන්ගිගේ බැනුම් වරුසාව මැද මා කොට්ටය තුල හිස සඟවා ගත්තේ ඇයගේ හඬ නොඇසීමටය. හීනෙන් වගේ දුරකතන තිරය දෙස බැලූ මා නැවත අවදි වූයේ එහි මිස් කෝල්ස් විසි තුනක් ලෙස සටහන් වී තිබීම නිසාය. දුරකථනය අතට ගෙන ඒ කවුරුන්දැයි බැලීමටත් මත්තෙන්ම නැවතත් එය නාද වන්නට විය.

"හලෝ .."
"පොඩි මහත්තයා, මම මොහොමඩ්. ඇයි ෆෝන් එක ආන්සර් කරන් නැත්තෙ"
"මම නිදියන් හිටියෙ මොහොමඩ්. මොකද මේ හදිසියෙම"
"මේක මෙහෙම කියන්න බැහැ. අපේ තැනට එනවද පොඩි මහත්තයා.පුලුවන්තරම් ඉක්මනට එන්න"

දුරකථනය විසන්දි විය. තදින්ම තිබූ නිදිමත නිසා නැවතත් කොට්ටය තුල ඔළුව සැඟවීමට සිතුවද නිදිමත සඟවාගෙන අමාරුවෙන් නැගිට ටවුමට යාමට සූදානම් වූයේ එම දුරකථන ඇමතුම නොසලකා හැරීමට නොහැකි නිසාය.


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

Tuesday, September 8, 2015

Top 5 Camera Apps For Android

Modern smartphone age has changed the way we take pictures. Camera technology in smartphones has developed a lot in last decade. Most smartphones are equipped top notch imaging hardware and software. Even though you cannot really change the camera hardware in your smartphone, you can always tinker with the software. Today we have listed top 5 camera apps for Android.


Camera 360


Camera 360 has been around for long time now. It is still one of the top downloaded camera app on Google Play Store. Camera 360 provides a great blend of manual control and automatic functions. The app has really intuitive user interface which is similar to Lumia camera app. The tool brings number of creative filters. 



Camera FV-5


Camera FV-5 is a paid camera app. The app is best for people who love manual settings. The interface lets you tweak each and every setting of lens. DSLR users love this app. There is no automatic mode in this app. You need to know what you are doing while clicking pictures. You can tweak ISO, Exposure, Shutter Speed, Metering, White Balance, Bracketing and much more with Camera FV-5.



A Better Camera



This app is very similar to Camera 360 except for filters and user interface. The manual controls in this app are extensive. You can make use of each and every setting to get the best snap. A Better Camera is best suited for people who know their way around with a camera. The app provides detailed control of camera on smartphone.



DSLR Camera



DSLR Camera is another best paid camera app. The app is meant for enthusiasts. It offers wide range of manual controls like exposure control, metering, white balance, bracketing, ISO and even timer. DSLR Camera is as good as Camera FV-5. 



Camera MX


This is a basic camera app. It is a great replacement for stock Google camera app though. Camera MX offers simple yet beautiful interface. There are some tweaks in the app that are missing in stock camera app. You can use this lightweight camera app to replace stock camera app.