Sunday, November 30, 2014

ඔයාගෙ වෙබ් සයිට් එකේ URL එක හංහමු - How to hide url using .htaccess file?



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .

ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,

http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17

මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.

අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .
How to hide url using .htaccess file?




ගොඩාක් වෙලාවට .htaccess මෙන්න මෙයත් එක්ක වැඩ කරද්දි ටිකක් විතර අමාරුයි මිනිහා ටිකක් විතර කියන දේ අහන්නේම නෑ.මෙයා තමයි මුලු සයිට් එකම පාලනය කරන්නේ
අපි පොඩි හරි වරදක් කලොත් මුලු වෙබ් සයිට් එකම වැඩ කරන්නේ නෑ.
උදාහරණයක් විදිහට :- අපි විසින් වචනයක එක අකුරක් වැරදුවෝතින් මුලු වෙබ් සයිට් එකම පේන්නේ නෑ අයියෝ.
වැල් බයිලා ඇති දැන් අපි වැඩේට බහිමු නේහ්,
එහෙනම් ඔයාලගේ වෑම්ප් සර්වර් එක ඔන් කොරාලා ,IDE එකත්ඔන් කොරා ගන්නලකෝ .

මුලින්ම අපි මෙහෙම පටන් ගමු,
අපි මොනවා හරි  දෙයක් අපේ වෙබ් සයිට් එකේ වෙනස් කම් කරද්දී URL එක වෙනස් වෙනවා මෙන්න මේ වගේ


Ex:-http://localhost/PHP/update_view.php?uid=2

අපි විසින් කරන්න හදන වෙනස් කම අපිට මුලදිම හදුනා ගන්න පුලුවන්  අන්න ඒ නිසා අපි මේ ක්‍රමය භාවිතා කරනවා.අපිට ඔය URL එක මෙන්න මේ විදිහට වෙනස් කර ගන්න පුලුවන්නම් මරු නෙහ් .

http://localhost/PHP/View-User-Data/2

පට්ට නේද?

පලමුව අපි අපේ URL ටික හදා ගන්න ඔනේ ඒකට වෙනම .php ෆයිල් එකක් අරගෙන මෙන්න මේ විදිහට පහත code එක ඔබා ගන්නකෝ,

========================================================================
define('HTTP_SERVER', 'http://localhost/PHP');

define('HTTP_SERVER_PATH', HTTP_SERVER.'/');
define('HTTP_SERVER_IMAGES', HTTP_SERVER_PATH.'images/');
define('HTTP_SERVER_JS', HTTP_SERVER_PATH.'js/');
define('HTTP_SERVER_CSS', HTTP_SERVER_PATH.'css/');

define('HTTP_SERVER_HOME', HTTP_SERVER_PATH.'Home');
define('HTTP_SERVER_VIEW_USERS', HTTP_SERVER_PATH.'View-All-Users');
define('HTTP_SERVER_VIEW_USER_DATA', HTTP_SERVER_PATH.'View-User-Data');

=========================================================================



මීලගට කරන්න තියෙන්නේ අපේ .htaccess ෆයිල් එක හදා ගන්න තමායි.
අලුත් ෆයිල් එකක් හදා ගන්න ඒකේ ෆයිල් නේම් එක .htaccess ඕකේ,
දැන් ඒෆයිල් එකට මෙන්න මේ කෝඩ් එක දමා ගන්න කෝ .

========================================================================
RewriteEngine On

#identify location
#RewriteBase /

RewriteRule ^Home$ index.php

RewriteRule ^View-All-Users$ db_view.php

RewriteRule ^View-User-Data/(.*) update_view.php?uid=$1

========================================================================

බැලූ බැල්මට දල අවබෝධයක් එන්න ඔනේ ආවේ නැතත් අවුලක් නෑ .
මම කරලා තියෙනේ මම අලුතෙන් සාදා ගත් අලුත් .php ෆයිල් එකේ පාවිච්චි කරපුන නේම් තමා .htaccess එකේ පාවිච්චියට අරගෙන තියෙන්නේ ..
මම රතු පාටින් පාට කරලා තියෙන්නේ ඒ වචන තමා.

මේකේ සරල සිද්දිය මේකයි අපේ URL එකේ  Home කියන වචනය ආවොත් මෙන්න මේ ෆයිල් එක වීව් කරන්න කියන එක තමා කරලා තියෙනේ සරලම දේ .

තව ගොඩාක් දේ කරන්න පුලුවන් .htaccess එකෙන් ඒ දේවල් තව හිමිහිට පැහැදිලි කර්ලා දෙන්නම්..htaccessගොඩාක් වෙලාවට පාවිච්චි කරනේ ආරක්ෂක හේතුන් වලට හොදේ ඒකත් හොදින් මතක තියා ගන්න.

දැන් ඔයාලට ප්‍රශ්ණ ගොඩාරියක් ඇති ඒ සියලුම දේවල් අහන්න මම දන්න හැම දේම කියන්නම්.
මේ සමග මම හදපු කෝඩ් එක දෙනවා ඒක බලලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න.තව දෙයක් මම අමතක කලා කලින් කියලා දීපු දෙයක් ඒ දේ ගැන මම මේ පෝස්ට් එකේදි සදහන් කලේ නෑ ඒක හොයා ගන්න.පුංචි සහයෝගයක් දෙන්නම් මෙන්න මේ විදිහට .
"කාමරේක තියෙන දෙයක් ගන්න ඔනේ නම් ඒ කාමරේ අයිති කාරයව දැලේ දා ගන්න ඔනේ නේද ?පස්සේ හිමිහිට ගන්න ඔනේ දේ ගන්න පුලුවන් "

අනිත් දේ තමා ඔයා මේ කොඩ් සාම්පල් එක බාගෙන රන් කරත් රන් වෙන්නේ නෑ ඒ සදහා වෑම්ප් සර්වර් එකේ කකොන්ෆිගරේෂන් වල (httpd.conf) පුංචි වෙනස් කමක් කරන්න ඔනේ ඒ දේ  පොඩ්ඩක් හොයාලා කරන්න එතකොට ඔයාටත් තව දැනීමක් එනවා.
Google අයියාගෙන් අහන්න මිනිහා ඔනේම දෙයක් දන්නවා,

තේරුම් ගැනීමට අපහසු තැනක් ඇත්නම් කොමෙන්ටුවක් මගින් අහන්න නැති නම් මා මුහුණු පොතේ සිටින බැවින් ඒ මගින් අසා දැන ගන්න .

මෙය කියවූවාට ඔබට තුති

හැකියාවක් තිබේ නම් මේ පොත හොයලා බා ගෙන කියවන්න 


සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 

මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න


Monday, November 24, 2014

මමත් එක්ක.. වසරක් පුරා,දින,සති,මාස ඔබ පසු කලා....


රාත්‍රී 12 පසුවී මිනිත්තු කිහිපයක් ගෙවි ගොස් අවසන් වී හමාරය.මමත් සිත් සේ මගේ හීන ලෝකේ රවුමක් ගහන ගමන් ඉන්න වෙලාවක ,
මගේ සල්ලි කන මැසිම කෑ ගැසීමට පටන් ගත්තේ හීන ලෝකේ ජනාධිපති හමු වීමට යොදා ගත් වෙලාවට මොහොතකට පෙර,
ලොක්කා හමු වෙන එක පැත්තකින් තියලා නිදි මර ගාතෙම ගත්තා සල්ලි කන මැසිම් අතට.



+හෙලෝ.......හෙලෝ කවුද මේ කතා කරන්නේ ?
-හෙලෝ මේ මම බන්
+මම කියන්නේ කවුද බන් නම කියපන්කෝ ඔබේ නොම්බරේ මගේ ලග නෑ
-මම බන්
+මේ උබලා මළගෙදරක නිදි මරනවා නම් බයිට් කරන්න වෙන එකෙක් හොයා ගනිව් යකෝ දැන් දෙයියනේ කියලා ඔක පැත්තකින් තියලා මට ඉන්න දීපිය
-අඩෝ එහෙම කතා කරන්න එප බන්
+හරි එහෙනම් කියපන් බලන්න ඔබ කවුද කියලා,කාටද කතා කරන්න ඔනේ,මම රංගන
-කතා කරන්නේ මම මට කතා කරන්න ඔනේ රංගනට තමයි
+ඔන්න දැන් උබ මගේ %^^&*%$!@ හදන්නේ
-තරහා ගන්න එපා බන් මම බන් මේ
+යකෝ උබ මාව පිස්සෙක් කරන්නද හදන්නේ ඔක තියපන් මට ලොක්කව හම්බෙන්න යන්න තියෙනවා
-හා උබ යන දිහාක පලයන් මම උබට කතා කලේ ඔබ තව අවුරුද්දකින් වයසට ගියා කියලා කියන්න
+ඒ කිවුවේ ?
-ඒ කිවුවේ අද තොගේ උපන් දිනේ මම කතා කලෙ උබට සුභ පතන්න "සුභ උපන් දිනයක් රංගන" .
+අහ්..... ඒක අමතක වුනා බන් බොහෝම ස්තුතියි උබට මතක් වුනාට.ඇත්තටම උබ කවුද බන්
-මේ මම බන් "මම උබේ හිත".
+තැන්කූ මචන් සුභ පැතුවට අනික මාත් එක්ක මේ වෙනකල් හැමදාම මාත් එක්ක හිටියට ස්තුතියි.
-එල බන් දැන් නිදා ගනින්.ගුඩ් මොර්නින් ආ .....

දැන් මම තවත් වයට ගිහින් යළුවන්ට රාජකාරී අධික නිසා අමතක වෙන්න ඇති.අවුලක් නෑ මට තාම මගේ එකම එක යාළුවෙක් මාත් එක්ක ඉන්නවානේ ඒ ඇති ඒ තමයි "මගේ හිත".

පෙර දවස, මම  මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයකට උරුම කම් කීවද,
අද වන විට මම හුදෙකලා වී සිටියට,
ඔවුනට ඉතා විශාල භාරදූර වගකීම් සහිත 'ව' ජීවිතය ගෙවයි එම නිසා ඔවුනට වරදක් කිව නොහැක,
වරද ඇත්තේ මගේ අතේ.
"ඉදින් මේ තනිකම සුන්දරව විඳින්න හිතා ගත්තා... බොහෝ වෙලාවට මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ තමන්  ආසම කරන දේවල් පිටුපස්සෙ හඹා යන්න පටන් ගත්තාම .. ඒ දේ මමත් අත් විඳල තියෙනව ..!!
                                                                                     උපුටා ගැනීම :-සංකල්පනා කුරුලුත් එක්ක ආදරෙන්  "


මේ ලොකේ දන්න දේට වඩා නොදන්න දේ ගොඩාක් තියෙනවා ඒවා අතරින් වටහා ගැනීමට අපහසුම දේ තමා , මිනිසා නම් අරුම පුදුම නිර්මාණය.



මමත් එක්ක..
වසරක් පුරා,
දින,සති,මාස ඔබ පසු කලා,
නැවතීමට බැරි නිසා
ගියත් නුබ දුකක් නෑ " විසි තුන ".
" විසි හතර " මග එන නිසා .


Thursday, November 13, 2014

ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?


ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්‍රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.

ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.



කාර්යලයේ වුනත් දකින එකම පරිසරය නිසා අපිට නොදැනුවත්වම හිතට අලසකමක් දැනෙනවා නේද?ඉතින් අපි ඒ පරසරය ටිකක් වෙනස් කරගමුකෝ.අපිට පුලුවන්නේ අපි ඉන්න මේසයේ තියෙන දේවල් ටිකක් අලුත් කරගන්න.පරිගනකයක් භාවිතා කරනවනේ එකේ “Wallpaper”,”Screensaver””color scheme” කලෙන් කාලෙට අලුත් කරගන්න.ඒවගේම පාවිච්චි කරන ජංගම දුරකථනයේ “Ring tone””wallpaper”,”theme””Ringing tone” කාලෙන් කාලෙට වෙනස් කරන්න.මේවා බොහොම පහසුවෙන්ම අපිට කරන්න පුලුවන් දේවල්.ඒවුනාට අපිට නොදනුවත්වම මෙහෙම වෙනස් කම් වලිනුත් අපේ හිතේ තෙහෙට්ටුව පහවෙලා යනවා.නිවසෙදි වුනත් අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරන්න පුලුවන්.තමන්ගේ කාමරේ භාණ්ඩ තියෙන තැන් අපිට වෙනස්කරන්න පුලුවන්.ඇඳේ ඇතිරිලි කාලෙන් කාලෙට මාරුකර කර පාවිච්චි කරන්න පුලුවන්.අහන්න පුරුදුවෙලා ඉන්න ගුවන් විදුලි නාලිකාව මාරුකරන්න පුලුවන්. උදේ,හවස කාර්යයන් කියලා අපිම වෙන්කරගෙන බෙදාගෙන ඉන්න කාර්යයන් වෙනස් කරගෙන කරන්න.උදාහරනයක් විදිහට අපි හවස් වරුවෙම ස්නානය කරන්න පුරුදු වෙලා ඉන්නවනම් වෙනසකටත් එක්ක උදේ ස්නානය කරලා බලන්න.හිතටයි,ගතටයි දෙකටම වෙනසක් දැනේවි.එකම විදිහේ ච්ත්‍රපට බලන්න පුරුදුවෙලා ඉන්නවනම් වෙන තේමාවන්ගෙන් යුක්ත,වෙන භාෂාවන්ගෙන් යුතු ච්ත්‍රපටයක් බලමු.කෑමක් වුනත්,බීමක් වුනත් වෙනස් විදිහකට හදාගමු.හැමදාම පුරුදු වෙලා ඉන්න විදිහටම ජීවත්වෙන්න හදන්නේ නැතුව එදිනෙදා කරන කාර්යයන් වුනත් පුංචි වෙනසක් ඇතුවම කරන්න උත්සාහ කරමු.නිවාඩු දවසට දවල් වෙනකම් නිදාගන්න පුරුදුවෙලානම් ටිකක් කලින් නැගිටලා බලමු ඒ දවසත් වෙනදා වගේම ඒකාකාරී වෙයිද කියලා.


මේ වගේ එදිනෙදා කරන දේවල් වගේම ඉදහිට කරන දේවල් වුනත් පුරුද්දට කරන්නේ නැතුව වෙනසක් ඇතිව කරනවනම් අපිම හදාගත්ත මේ කොටුවුන ජීවිතයෙන් මිදෙන්න අපිට පුලුවන්.උදාහරනයක් විදිහට නිවසට ආලේප කරන තීන්ත වල පාට වුනත් අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ එකම විදිහටනේ.ලා පාට නම් හැමදාම ලා පාටමයි.එහෙම නැතුව අපිට පුලුවන්නේ වෙනසක් කරලා තද පාටක් තෝරගන්න.අපි පොඩි වෙනසක්වත් කරන්න කැමති නැති නිසාමයි අපි මේ සීමාවන් තුල කොටුවෙලා ඉන්නේ.ඉතින් අපි ඒ සීමාවන් ටිකෙන් ටික හරි බිඳහෙලමු ජීවිතය විදින්න.




Dinuka Rukshan