Sunday, November 30, 2014

ඔයාගෙ වෙබ් සයිට් එකේ URL එක හංහමු - How to hide url using .htaccess file?



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .

ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,

http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17

මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.

අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .
How to hide url using .htaccess file?




ගොඩාක් වෙලාවට .htaccess මෙන්න මෙයත් එක්ක වැඩ කරද්දි ටිකක් විතර අමාරුයි මිනිහා ටිකක් විතර කියන දේ අහන්නේම නෑ.මෙයා තමයි මුලු සයිට් එකම පාලනය කරන්නේ
අපි පොඩි හරි වරදක් කලොත් මුලු වෙබ් සයිට් එකම වැඩ කරන්නේ නෑ.
උදාහරණයක් විදිහට :- අපි විසින් වචනයක එක අකුරක් වැරදුවෝතින් මුලු වෙබ් සයිට් එකම පේන්නේ නෑ අයියෝ.
වැල් බයිලා ඇති දැන් අපි වැඩේට බහිමු නේහ්,
එහෙනම් ඔයාලගේ වෑම්ප් සර්වර් එක ඔන් කොරාලා ,IDE එකත්ඔන් කොරා ගන්නලකෝ .

මුලින්ම අපි මෙහෙම පටන් ගමු,
අපි මොනවා හරි  දෙයක් අපේ වෙබ් සයිට් එකේ වෙනස් කම් කරද්දී URL එක වෙනස් වෙනවා මෙන්න මේ වගේ


Ex:-http://localhost/PHP/update_view.php?uid=2

අපි විසින් කරන්න හදන වෙනස් කම අපිට මුලදිම හදුනා ගන්න පුලුවන්  අන්න ඒ නිසා අපි මේ ක්‍රමය භාවිතා කරනවා.අපිට ඔය URL එක මෙන්න මේ විදිහට වෙනස් කර ගන්න පුලුවන්නම් මරු නෙහ් .

http://localhost/PHP/View-User-Data/2

පට්ට නේද?

පලමුව අපි අපේ URL ටික හදා ගන්න ඔනේ ඒකට වෙනම .php ෆයිල් එකක් අරගෙන මෙන්න මේ විදිහට පහත code එක ඔබා ගන්නකෝ,

========================================================================
define('HTTP_SERVER', 'http://localhost/PHP');

define('HTTP_SERVER_PATH', HTTP_SERVER.'/');
define('HTTP_SERVER_IMAGES', HTTP_SERVER_PATH.'images/');
define('HTTP_SERVER_JS', HTTP_SERVER_PATH.'js/');
define('HTTP_SERVER_CSS', HTTP_SERVER_PATH.'css/');

define('HTTP_SERVER_HOME', HTTP_SERVER_PATH.'Home');
define('HTTP_SERVER_VIEW_USERS', HTTP_SERVER_PATH.'View-All-Users');
define('HTTP_SERVER_VIEW_USER_DATA', HTTP_SERVER_PATH.'View-User-Data');

=========================================================================



මීලගට කරන්න තියෙන්නේ අපේ .htaccess ෆයිල් එක හදා ගන්න තමායි.
අලුත් ෆයිල් එකක් හදා ගන්න ඒකේ ෆයිල් නේම් එක .htaccess ඕකේ,
දැන් ඒෆයිල් එකට මෙන්න මේ කෝඩ් එක දමා ගන්න කෝ .

========================================================================
RewriteEngine On

#identify location
#RewriteBase /

RewriteRule ^Home$ index.php

RewriteRule ^View-All-Users$ db_view.php

RewriteRule ^View-User-Data/(.*) update_view.php?uid=$1

========================================================================

බැලූ බැල්මට දල අවබෝධයක් එන්න ඔනේ ආවේ නැතත් අවුලක් නෑ .
මම කරලා තියෙනේ මම අලුතෙන් සාදා ගත් අලුත් .php ෆයිල් එකේ පාවිච්චි කරපුන නේම් තමා .htaccess එකේ පාවිච්චියට අරගෙන තියෙන්නේ ..
මම රතු පාටින් පාට කරලා තියෙන්නේ ඒ වචන තමා.

මේකේ සරල සිද්දිය මේකයි අපේ URL එකේ  Home කියන වචනය ආවොත් මෙන්න මේ ෆයිල් එක වීව් කරන්න කියන එක තමා කරලා තියෙනේ සරලම දේ .

තව ගොඩාක් දේ කරන්න පුලුවන් .htaccess එකෙන් ඒ දේවල් තව හිමිහිට පැහැදිලි කර්ලා දෙන්නම්..htaccessගොඩාක් වෙලාවට පාවිච්චි කරනේ ආරක්ෂක හේතුන් වලට හොදේ ඒකත් හොදින් මතක තියා ගන්න.

දැන් ඔයාලට ප්‍රශ්ණ ගොඩාරියක් ඇති ඒ සියලුම දේවල් අහන්න මම දන්න හැම දේම කියන්නම්.
මේ සමග මම හදපු කෝඩ් එක දෙනවා ඒක බලලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න.තව දෙයක් මම අමතක කලා කලින් කියලා දීපු දෙයක් ඒ දේ ගැන මම මේ පෝස්ට් එකේදි සදහන් කලේ නෑ ඒක හොයා ගන්න.පුංචි සහයෝගයක් දෙන්නම් මෙන්න මේ විදිහට .
"කාමරේක තියෙන දෙයක් ගන්න ඔනේ නම් ඒ කාමරේ අයිති කාරයව දැලේ දා ගන්න ඔනේ නේද ?පස්සේ හිමිහිට ගන්න ඔනේ දේ ගන්න පුලුවන් "

අනිත් දේ තමා ඔයා මේ කොඩ් සාම්පල් එක බාගෙන රන් කරත් රන් වෙන්නේ නෑ ඒ සදහා වෑම්ප් සර්වර් එකේ කකොන්ෆිගරේෂන් වල (httpd.conf) පුංචි වෙනස් කමක් කරන්න ඔනේ ඒ දේ  පොඩ්ඩක් හොයාලා කරන්න එතකොට ඔයාටත් තව දැනීමක් එනවා.
Google අයියාගෙන් අහන්න මිනිහා ඔනේම දෙයක් දන්නවා,

තේරුම් ගැනීමට අපහසු තැනක් ඇත්නම් කොමෙන්ටුවක් මගින් අහන්න නැති නම් මා මුහුණු පොතේ සිටින බැවින් ඒ මගින් අසා දැන ගන්න .

මෙය කියවූවාට ඔබට තුති

හැකියාවක් තිබේ නම් මේ පොත හොයලා බා ගෙන කියවන්න 


සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 

මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න


Monday, November 24, 2014

මමත් එක්ක.. වසරක් පුරා,දින,සති,මාස ඔබ පසු කලා....


රාත්‍රී 12 පසුවී මිනිත්තු කිහිපයක් ගෙවි ගොස් අවසන් වී හමාරය.මමත් සිත් සේ මගේ හීන ලෝකේ රවුමක් ගහන ගමන් ඉන්න වෙලාවක ,
මගේ සල්ලි කන මැසිම කෑ ගැසීමට පටන් ගත්තේ හීන ලෝකේ ජනාධිපති හමු වීමට යොදා ගත් වෙලාවට මොහොතකට පෙර,
ලොක්කා හමු වෙන එක පැත්තකින් තියලා නිදි මර ගාතෙම ගත්තා සල්ලි කන මැසිම් අතට.



+හෙලෝ.......හෙලෝ කවුද මේ කතා කරන්නේ ?
-හෙලෝ මේ මම බන්
+මම කියන්නේ කවුද බන් නම කියපන්කෝ ඔබේ නොම්බරේ මගේ ලග නෑ
-මම බන්
+මේ උබලා මළගෙදරක නිදි මරනවා නම් බයිට් කරන්න වෙන එකෙක් හොයා ගනිව් යකෝ දැන් දෙයියනේ කියලා ඔක පැත්තකින් තියලා මට ඉන්න දීපිය
-අඩෝ එහෙම කතා කරන්න එප බන්
+හරි එහෙනම් කියපන් බලන්න ඔබ කවුද කියලා,කාටද කතා කරන්න ඔනේ,මම රංගන
-කතා කරන්නේ මම මට කතා කරන්න ඔනේ රංගනට තමයි
+ඔන්න දැන් උබ මගේ %^^&*%$!@ හදන්නේ
-තරහා ගන්න එපා බන් මම බන් මේ
+යකෝ උබ මාව පිස්සෙක් කරන්නද හදන්නේ ඔක තියපන් මට ලොක්කව හම්බෙන්න යන්න තියෙනවා
-හා උබ යන දිහාක පලයන් මම උබට කතා කලේ ඔබ තව අවුරුද්දකින් වයසට ගියා කියලා කියන්න
+ඒ කිවුවේ ?
-ඒ කිවුවේ අද තොගේ උපන් දිනේ මම කතා කලෙ උබට සුභ පතන්න "සුභ උපන් දිනයක් රංගන" .
+අහ්..... ඒක අමතක වුනා බන් බොහෝම ස්තුතියි උබට මතක් වුනාට.ඇත්තටම උබ කවුද බන්
-මේ මම බන් "මම උබේ හිත".
+තැන්කූ මචන් සුභ පැතුවට අනික මාත් එක්ක මේ වෙනකල් හැමදාම මාත් එක්ක හිටියට ස්තුතියි.
-එල බන් දැන් නිදා ගනින්.ගුඩ් මොර්නින් ආ .....

දැන් මම තවත් වයට ගිහින් යළුවන්ට රාජකාරී අධික නිසා අමතක වෙන්න ඇති.අවුලක් නෑ මට තාම මගේ එකම එක යාළුවෙක් මාත් එක්ක ඉන්නවානේ ඒ ඇති ඒ තමයි "මගේ හිත".

පෙර දවස, මම  මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයකට උරුම කම් කීවද,
අද වන විට මම හුදෙකලා වී සිටියට,
ඔවුනට ඉතා විශාල භාරදූර වගකීම් සහිත 'ව' ජීවිතය ගෙවයි එම නිසා ඔවුනට වරදක් කිව නොහැක,
වරද ඇත්තේ මගේ අතේ.
"ඉදින් මේ තනිකම සුන්දරව විඳින්න හිතා ගත්තා... බොහෝ වෙලාවට මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ තමන්  ආසම කරන දේවල් පිටුපස්සෙ හඹා යන්න පටන් ගත්තාම .. ඒ දේ මමත් අත් විඳල තියෙනව ..!!
                                                                                     උපුටා ගැනීම :-සංකල්පනා කුරුලුත් එක්ක ආදරෙන්  "


මේ ලොකේ දන්න දේට වඩා නොදන්න දේ ගොඩාක් තියෙනවා ඒවා අතරින් වටහා ගැනීමට අපහසුම දේ තමා , මිනිසා නම් අරුම පුදුම නිර්මාණය.



මමත් එක්ක..
වසරක් පුරා,
දින,සති,මාස ඔබ පසු කලා,
නැවතීමට බැරි නිසා
ගියත් නුබ දුකක් නෑ " විසි තුන ".
" විසි හතර " මග එන නිසා .


Thursday, November 13, 2014

ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?


ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්‍රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.

ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.



කාර්යලයේ වුනත් දකින එකම පරිසරය නිසා අපිට නොදැනුවත්වම හිතට අලසකමක් දැනෙනවා නේද?ඉතින් අපි ඒ පරසරය ටිකක් වෙනස් කරගමුකෝ.අපිට පුලුවන්නේ අපි ඉන්න මේසයේ තියෙන දේවල් ටිකක් අලුත් කරගන්න.පරිගනකයක් භාවිතා කරනවනේ එකේ “Wallpaper”,”Screensaver””color scheme” කලෙන් කාලෙට අලුත් කරගන්න.ඒවගේම පාවිච්චි කරන ජංගම දුරකථනයේ “Ring tone””wallpaper”,”theme””Ringing tone” කාලෙන් කාලෙට වෙනස් කරන්න.මේවා බොහොම පහසුවෙන්ම අපිට කරන්න පුලුවන් දේවල්.ඒවුනාට අපිට නොදනුවත්වම මෙහෙම වෙනස් කම් වලිනුත් අපේ හිතේ තෙහෙට්ටුව පහවෙලා යනවා.නිවසෙදි වුනත් අපිට මේ වගේ පොඩි වෙනස්කම් කරන්න පුලුවන්.තමන්ගේ කාමරේ භාණ්ඩ තියෙන තැන් අපිට වෙනස්කරන්න පුලුවන්.ඇඳේ ඇතිරිලි කාලෙන් කාලෙට මාරුකර කර පාවිච්චි කරන්න පුලුවන්.අහන්න පුරුදුවෙලා ඉන්න ගුවන් විදුලි නාලිකාව මාරුකරන්න පුලුවන්. උදේ,හවස කාර්යයන් කියලා අපිම වෙන්කරගෙන බෙදාගෙන ඉන්න කාර්යයන් වෙනස් කරගෙන කරන්න.උදාහරනයක් විදිහට අපි හවස් වරුවෙම ස්නානය කරන්න පුරුදු වෙලා ඉන්නවනම් වෙනසකටත් එක්ක උදේ ස්නානය කරලා බලන්න.හිතටයි,ගතටයි දෙකටම වෙනසක් දැනේවි.එකම විදිහේ ච්ත්‍රපට බලන්න පුරුදුවෙලා ඉන්නවනම් වෙන තේමාවන්ගෙන් යුක්ත,වෙන භාෂාවන්ගෙන් යුතු ච්ත්‍රපටයක් බලමු.කෑමක් වුනත්,බීමක් වුනත් වෙනස් විදිහකට හදාගමු.හැමදාම පුරුදු වෙලා ඉන්න විදිහටම ජීවත්වෙන්න හදන්නේ නැතුව එදිනෙදා කරන කාර්යයන් වුනත් පුංචි වෙනසක් ඇතුවම කරන්න උත්සාහ කරමු.නිවාඩු දවසට දවල් වෙනකම් නිදාගන්න පුරුදුවෙලානම් ටිකක් කලින් නැගිටලා බලමු ඒ දවසත් වෙනදා වගේම ඒකාකාරී වෙයිද කියලා.


මේ වගේ එදිනෙදා කරන දේවල් වගේම ඉදහිට කරන දේවල් වුනත් පුරුද්දට කරන්නේ නැතුව වෙනසක් ඇතිව කරනවනම් අපිම හදාගත්ත මේ කොටුවුන ජීවිතයෙන් මිදෙන්න අපිට පුලුවන්.උදාහරනයක් විදිහට නිවසට ආලේප කරන තීන්ත වල පාට වුනත් අපි ගොඩක් වෙලාවට තෝරගන්නේ එකම විදිහටනේ.ලා පාට නම් හැමදාම ලා පාටමයි.එහෙම නැතුව අපිට පුලුවන්නේ වෙනසක් කරලා තද පාටක් තෝරගන්න.අපි පොඩි වෙනසක්වත් කරන්න කැමති නැති නිසාමයි අපි මේ සීමාවන් තුල කොටුවෙලා ඉන්නේ.ඉතින් අපි ඒ සීමාවන් ටිකෙන් ටික හරි බිඳහෙලමු ජීවිතය විදින්න.




Dinuka Rukshan

Wednesday, September 24, 2014

හෙටත් ඔයා මගෙ සුදු මැණික....

ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද. 
අවුරුදු හතක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං තාමත් මෙතනට එන්නෙ ආදරණීය අතීතය දිහා ආයෙත් හැරිලා බලලා හිතට බොරුවක් කරලා මූනිච්චාවට සතුටු වෙන්න. දන්නවා මං මටම කර ගන්නෙ බොරුවක් වංචාවක් කියලා. 
ඒත්... 
හැමදාම පිස්සෙක් වගේ ඔයා ගැන කිය කිය ඔයා ගැන හිත හිත මටම දුකක් දී ගන්නවට වඩා.... ඒ පුංචි බොරුව කරන්න මං ආසයි.. .


දන්නෙ නෑ ඇයි මේ වගේ දෙයක් ලියන්න හිතුනෙ කියලා. ‍මං වෙනදට මෙතනට එන්නෙ මොබයිල් එකවත් අරගෙන නෙවෙයි. ඒත් අද මං ආවෙ ලැප් එකත් අරගෙන. වාඩි උනෙත් ඉස්සර අපි වාඩි වෙලා ඉන්න බංකුවක මයි. 

මතකද.. කොහෙන්ද ඇහිදගත්ත යකඩ කෑල්ලක් අරං අපි මේ බංකුවේ අපේ නම් වල මුලකුරු කෙටුවා.? ඒ අකුරු දෙක මේ බංකුවේ තාමත් තියෙනවා. ඒත් අද එක අකුරක් විතරයි මෙතන තියෙන්නෙ. එහා පැත්තෙ අකුර මැද තිබ්බ + ලකුණත් අරං වෙන අකුරක් ලගට ගිහිං. 

ජීවිතේ ගැන කිසිම වගකීමක් තිබුනෙ නැති කාලෙකයි ඔයා මගෙ ජීවිතේට ඉස්සෙල්ලම ආවෙ. ගෙදරින් දෙන දෙයක් කාලා...වෙන දෙයක් බලාගෙන බයික් එක අරං ඔහේ රස්තියාදු ගහ ගහ හිටිය මට, ජීවිතේට වගකීමක් දුන්නෙ ඔයා. ඒක හරිම ආදරබර වගකීමක්. මං කරන දේවල් තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න... මම මං ගැන හිතනවට වඩා වෙන කෙනෙක් ගැන හිතන්න පුරුදු කලේ ඔයා. යෝගට් එක්ක අයිස් ක්‍රීම් එකක් දෙකට බෙදාගෙන කන තැන ඉදං ජීවිතේ මහා වෙනස්කමක් කරන්න පුලුවං තීරණ වෙනකං.. අපි අපේ ජීවිත බෙදා ගත්තා. 
සමාවෙන්න... 
අපි බෙදාගත්තා නෙවේ.. මමත් මුලින් හිතුවේ අපි බෙදා ගත්තා කියලා. ඒත්.. ආයෙ හැරිලා බලද්දි... මට තේරෙනවා... ඔයා මට පෙන්නපු හීන ලෝකෙ තරම. 

මට මතකයි අපි මේ බංකුවේම ඉදං කතා කරපු දේවල්. එක එක ආදර කතා ගැන ඔයා කතා කරද්දි මං අහං හිටියෙ හරිම ආසාවෙං. මොකද මෙච්චර කාලෙකට විදලා තිබ්බ දෙයක් නෙවෙයි මේ ආදරේ කියන්නෙ. "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..."
ඔයාට මගෙ තියෙන බැදීම දැකපු සමහර අය එහෙම කියද්දි... මං කලේ ඒ අයව ඈත් කරලා ඔයාව ලං කර ගත්ත එක. 
අපි අතර නොගැලපීම් නොතිබුනා නෙවෙයි. ගොඩක් වෙලාවට එක දෙයක් ගැන ගොඩක් තරක කර ගන්න වෙන වෙලාවට කතා කරන්න ඕන තරං පොයින්ට් තිබුනත්.. මං කලේ ඔයාට තැන දීලා සද්ද නැතුව හිටිය එක. ඒත් කවදාවත් මං ඔයා එක්ක තරහා උනේ නෑ.
කොල්ලො කෙල්ලෝ චිත්‍රපටි බලන්න යනවා, රූම්ස් යනවා, වැටකෙයියා පදුරු ගානෙ යනවා.. 
ඒත් අපි ගියෙ ගෝල්ෆේස්, වෝටර් වර්ල්ඩ්, සූ වගේ තැන් වලට. යන දවස් වලට ගෙවෙනක ජීවිතේ හරිම සුන්දරයි. ඔයාගෙන් ලැබෙන පුංචි හාදුව පවා මට මහ මෙරක් වගේ දැනුනු වාර අනන්තයි. දන්නෑ ඇයි මේ තරම් ඔයාට ආදරේ කලේ කියලා. කලින් ආත්මෙක පතාගෙන ආපු කෙනා ඔයා වෙන්න ඇති කියලා මට හිතුනා. 
සාම්ප්‍රධායික ආදර කථාවක් වගේ... අපි ගෙවල් වලට කියන්න කලිං ‍ග‍මේ ඉන්න අය අපි ගැන ගෙදරට අපි දන්න දේවල් වලටත් වඩා වැඩියෙං කියලා තිබුනා. මට හොදට මතකයි ඔයාගෙ අම්මා අපේ ගෙදරට කෝල් කරලා බැනපු දවස. අපේ ගෙදරින් මං අහපු බැනුම්, අපි හොරෙන් හොරෙන් කතා කරපු කාලෙ. 
කෝල් එක්ක ගන්න ඕන නිසා පයින්ම කිලෝ මීටර් ගනං ඇවිද්ද කාලෙ. ඔයාව ගෙදරට හිර උනාට පස්සෙ ඔයාගේ ෆෝන් එකටත් මංම රීලෝඩ් දාලා අපි කතා කරපු තරං. 
අන්තිමට ඔයාගෙ ෆෝන් එක අම්මට අහු වෙලා ඒක කුඩු කරපු දවස. 
ඔයාගෙ කඩහඩ වත් අහගන්න නැතුව මං අතරමං වෙලා ගිය දවස. රස්සාව පවා කර ගන්න බැරි තරමට මං මානසිකව වැටුනා. 

කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මං ගෙවල් වලට සාප කලා. අපේ ආදරේ ආයෙ දෙන්න කියලා දෙයියන්ට කිව්වා. නොකා නොබී හිටියා. මං හිතුවෙම ගෙවල් වල මිනිස්සු තමයි මේකට වගකියන් නඕනෙ කියලා. 
ඒත් මීට හරියටම සති දෙකකට කලිං ඔයා කැන්ඩි එකේ කාගෙද අතේ වෙලිලා ඇදුම් තෝර තෝර ඉන්නකොට....
මට තේරුණා හැම දෙයක්ම. 
ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ. 
ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න නං ඒ ආදරේ නැති වෙලාම බලන් නඒනෙ කියලා මට තේරුණා. 
එදා ඔයා මාත් එක්ක කියපු දේවල් ඔයාගෙ හිතේ තවමත් ඇති. ඔයා මේ අළුත් කෙනා එක්ක මොන හිතකින් කොහොම ඇවිදිනවද කියලා මට තාම හිතා ගන්න බෑ. 
ඔයාගෙන් මං ගත්ත දෙයක් නෑ. හැමදෙයක්ම දුන්නෙ ඔයාට. 
මං තරහා නෑ මැණික. මේ ආදරේට දුකක් දීලා හරි ඔයා සතුටින් නම් මට ඇති. 
ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගැන්නුවට ඔයාට ගොඩක් ස්තූතියි . 


වෙලා ඇවිත් සුලි සුලග...
පාරවයි සිත සුවද....
තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ සුදු නෝනා ....









නම් ගම් මන:කල්පිත වේ.
උපුටා ගැනීමකි @ elakiri.com


Monday, August 4, 2014

PHP ගෙදර -- වැඩි යමක් දැන ගැනීමට

අද අපි කරන්න යන්නේ,
PHP ගෙදර වැඩ ටික කරගෙන යද්දි ගැටලු මතු වෙන්න ඇති මම ඒ ගැටලු ඉදිරි පත් කරපු අයට පිළිතුරු ලබා දුන්නා.දැන් මම කියන්න් යන්නේ අපි අපේ PHP ගෙදර වැඩ ටික කරගෙන යද්දි එකම දේ නිතර නිතර බාවිතා කරන්න වුනා නේද ?



උදා :- Database Connection එක අපි නිතර් නිතර භාවිතා කලා.අපි භාවිතා කරන හැම තැනකදිම ඒක නැවත Type කරන්න සිදු වුනා නේද ?
හිතන්න ඔයාලා ලොකු Project එකක් කරගෙන් යන විට අතපසු වීමක් වෙලා Database Connection එකේ වෙනස් කිරීමක් කරන්න වුනා කියලා .දැන් ඉතින් කොනක් ඉදලා හොය හොයා වෙනස් කරගෙන එන්න වෙනවා නේද ?

නෑ එහෙම කරන්න ඔනේ නෑ අපිට පුලුවන් අපි අපේ Connection එක වෙනම File එකක දා ගෙන හැම තැනදිම ඒක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේ හොදයි නේද ?
කොහොමද ඒක කරන්න්නේ අපි හරිම් ලේසියි ඔයාට කරන්න තියෙන්නේ අලුත් PHP ෆයිල් එකක් අරගෙන අපි හැම තැනදිම් හදන Connection එක ඒකට දා ගන්න විතරයි

මම හදා ගත්තා "connection.php" කියලා ෆයිල් එකක් ඒකට දා ගත්තා මෙන්න මේ ටික

=================================================================
<?php

                $username = "user_name";
                $password = "your_password";
                $hostname = "localhost";
                $dbname="db_name"

$connection = mysql_connect("$hostname", "$username", "$password");
if (!$con) {
    die('Could not connect: ' . mysql_error());
    echo 'Cant Access';
}
mysql_select_db("$dbname", $connection);
?>
                =================================================================

දැන් වැඩේ හරි වැඩෙන් 70% ගොඩ.දැන් වැඩේ කරගෙන යද්දි අපිට Connection එක පාවිච්චි කරන්න යන තැන් වලදි අපිට පුලුවන් අපි හදා ගත්තු File එක භාවිතා කරන්න පුලුවන්.
මෙන්න මේ විදිහට ,

=================================================================
<?php 
include 'connection.php'; 
?>
=================================================================

හරිම ලේසියි දැන් අපිට අපේ ඉතිරි වැඩ ටික අරගෙන් යන්න පුලුවන්.අපිට Database Connection එක ඔනේ වෙන වෙලාවට අපි හදා ගත්තු ෆයිල් එක භාවිතා කරන්න පුලුවන්.



වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න 

Thursday, July 24, 2014

මට දැනුනා මම ඉක්මනට මේ ලෝකේ දාලා යනවා කියලා

සල්ලි කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි.
අපි හැමෝම සල්ලි පස්සේ දුවනවා මමත් ඇතුලුව එත් සල්ලි වලට ජීවිතේ ගන්න බෑනේ ඒක ඔයත් මමත් දන්නවා.සල්ලි වලට බේත් ගන්න පුලුවන් ඒත් ජීවිතේ සල්ලි වලට ගන්න බෑ ඒක තේරුම් ගන්නේ අපි අපිට මොකක් හරිම දෙයක් වුනහම.



මට මතකයි එක පුද්ගලයෙක් කිවුවා සල්ලි පස්සේ අපි යන්න ඔනේ නෑ සල්ලි අපි ලගට ගෙන්න ගන්න පුලුවන් කියලා ඒ කිවුව ඔයත් මාත් ඔයා අර එදා අපි ලගට ගෙන්න ගන්න හදපු දේ පස්සේ හති දා ගෙන දුවනවා නෙද ?



මගේ වැරැද්ද කාටවත් දෙන්නේ නැතිව මම ම තියා ගන්නවා.මොකද මම් කරපු දේ වලට කවුරුවත් වග නොකිව යුතු නිසා.

එදා හැම දේම මට නැති වුනා මම ඔයා වෙනුවෙන් ගොඩාක් දේ හීන මැවුවත් ඒ හීන බොද වුනා ඒ හීන හීන විතරක්ම වුනා ඒකට කමක් නෑ.ඔයාට හොදක් වෙනවනම් මම යන්නම්.ඒත් මට අද ඒක හොදක් කියලා හිතෙනවා මැඩම් මොකද අද ඔයා මම ලග හිටියා නම් මගේ මේ දුක ඔයාගේ කරගෙන ඔයත් දුක් විදිනවා නේද ?

" ආදරෙට කදුළු තරම් වෙන කිසි දෙයක් කිට්ටු නෑ "

මේ හැම දේම වෙලා ඉවර වෙලා ඔයා අද සතුටින් ඉන්නවා ඒ සතුට නිකන් විහිලුවටවත් නැති කරන්න ඔනේ නෑ කවදාවත් මොකද් මම ඔයාට ඒ තරමට ම ඔයාට මම ආදරය කල නිසා මැඩම්.අනික මතක තියා ගන්න කොල්ලෙක් කියල කියන එකාටත් හැගීම් දැනීම් දුක කියන එක තියෙනවා ඉවසන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා.

ඔය හැම දේම ඉවර වෙලත් මම ජීවත් වුනා මොකද ඔයා ලස්සනට ඉන්නවා දකින්න මම හැමදාම ඉන්න ඔනේ කියලා හිතුන නිසා,
ඒත් අද ඒ හැම් දේම වෙනස් වෙලා මොකද කාටත් හොරෙන් මට යන්න වෙන නිසා.

එදා මට ඇති වුන තද ඔලුව කැක්කුම ඉවසා ගන්න බැරි තැන ගියා දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න. ඒ දොස්තර මාමා මට දෙන්න පුලුවන් උපරිම දස වද දුන්නා අරෙහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා පස්සේ ගුහාවක් වගේ එකක් අස්සටත් දාලා පුදුම වදයක් දුන්නේ.ඔක්කොටම පස්සේ මට තව දවසක් එන්න කියලා කිවුවා රිපොට් ගන්න.
කොහොමෙන් කොහොමෙන් හරි දින ටික ගෙවිලා ගියා දොස්තර මාමා හමුවෙන්න වෙන් කර ගත්තු වෙලාවට ගියා මම අනේ දෙයියනේ කියලා දොස්තර මාමා කියපු වෙලාවට විනාඩි 15 විතර පරක්කු වෙලා ආවා .
-සොරි පුතා පොඩ්ඩක් ලේට් වුනා ,අද ගොඩාක් ට්‍රැෆික් එකයි.
පුතා මම ඔයාගේ රිපොට් ටික අපේ ටීම් එකත් එක්ක (තව දොස්තරලා ටිකක් එක්ක ) බැලුවා පුතා ඔයාගේ රිපොට් ටිකක් අප්සට් ඒත් අපිට ඒක හදා ගන්න පුලුවන් බය වෙන්න එපා.
මට ටික දවසක ඉදලා තේරුන දේ අද මම මගේ කන් දෙකෙන්ම අහ ගත්තා.
මේ දේවල් මම මහ ලොකු මිනිහා වගේ තනියම කර ගත්තා එකට කාපු බීපු බෝඩිමේ හිටපු වුන් තුන් දෙනා දන්නෙත් නෑ.
ගෙදරට කියන්න කොහොමත් බෑ මොකද අම්මාත් ලොකු අසනීප තත්වෙක ඉන්න නිසා.මේ හැම දේම වෙන අතරේ මම හේතුවක් නැතිවම බෝඩිම් ජීවිතෙන් මිදෙන්න තීරනය කලා කාටවත් මුකුත් නොකියා යන්න ගියා.
යාළුවන්ගෙන් හිමින් සැරේ ඈත් වුනා.තනියම් ඉන්න එකත් මහා අමාරු දෙයක් කරන්න දෙයක් නෑ.
ඔය දේවල් අතරේ කාළයත් ගෙවිලා ගියා පස්සේ අන්තිම තැනටත් අවා .එදා මාත් එක්ක කතා කරපු දොස්තර මාමාලා මාත් එක්ක කතා කරලා මගේ ඔලුව අත ගාලා යද්දි දැනුන දේ වචනෙන් කියන්න බෑ.
ඒකමහා දුකක් කරන්න දෙයක් නෑ මම අරගෙන ආපු කාලේ ඉවර ඇති නෙහ්.

පස්සේ පස්සේ දොසතර මාමලා අන්තිම තීරනෙත් අරගෙන කියන්නේ අන්තිමට කිවුව පුතා ඔයා දිගටම බේත් බොන්න.

මට ඒ දේ ඇහෙද්දි මට වෙන කාවවත් නෙමෙ අතක් වුනේ ඒ ඔයාව.මට දාලා යන්න් බැරි දෙයක් තියෙනවා නම් ඒ ඔයා විතරයි මැඩම් .

ජීවිතේ සමහර දේවල් වලදි අපි ගොඩාක් බොලදයි කියලා කියන කතාව් ඇත්ත.
"ආදරේ කියන්නේ මහ අමුතු දෙයක් අනේ මන්දා ඇයි බන් මට ආදරේ දැනුනේ ඇයි ඒක දැනිලත් දුක වැඩි බන් "

ප:ලි :- මමත්වය ආරූඩ කර ගෙන ලියන ලද්දක්



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

රිදවන්න ආයේ හමු වෙන්නෙපා..
හිනහෙන්න පෙර සේ යලි ඔබ එපා..
ආදරය මාගේ හිත යට තියා..
නවතින්න ලෝකේ ඔහුගේ වෙලා...

Tuesday, July 22, 2014

PHP ගෙදර හියෙන දෙයක් යාවත්කාල (UPDATE) කරමු

අද අපි කරන්න යන්නේ මොකක්ද කියලා මම කියල දෙන්නම් මෙන්න මේ විදිහට
අපි හිතමු අපිට වැරදිලා මොනවා හරි දෙයක් ගෙදර , තියන්න ඔනේ තැනින් නෙමේ වෙන තැනකින් තියලා කියලා පස්සේ අපිට පුලුවන් නේද ඒ වැරැද්ද නිවැරදි කර ගන්න අන්නෙ ඒ වගේ දෙයක් තම අද කරන්නේ
( සරල වැඩි ඇති දන්න අයට )





මම කලින් පෝස්ට් එකේ විදිහට අපි මුලින්ම Database එකේ තියෙන Data View කරගෙන ඉන්න ඔනේ.
මමඅදාල ටික විතරක් දාන්නම් දැන් ඔයාලා මුල ටික් දන්නවනේ ( මුලටික මතකයි නේද ? )

#################################################################
echo "<table border='1'>";
while ($row = mysql_fetch_array($result)) {
    echo "<tr>";
    echo "<td>" . $row['name'] . "</td>";
    echo "<td>" . $row['email'] . "</td>";
    echo "<td>" . $row['address'] . "</td>";
    echo "<td>" . $row['phone'] . "</td>";
    echo "<td><a href='db_view.php?did=".$row['id']."'>Delete</a></td>";
    echo "<td><a href='update_view.php?uid=".$row['id']."'>Update</a></td>";
    echo "</tr>";
}
echo "</table>";
#################################################################
දැන් මෙන්න මෙහෙම පෙනෙයි


අපි කලින් පාඩමේ හදා ගත්තු ටිකම තම හැබෙයි පොඩි දෙයක් මම එකතු කලා ඒක තමා ඔය පාට කරලා තියෙන්නේ

  • ඒ වගෙම මම තව PHP Page එකක් හදා ගත්තා update_view.php කියලා .
  • අපි මුලින්ම හැදුවා වගේ Form එකකුත් හදා ගන්න ඔනේ ඒකට අපිට හදපු Form එකම් ගන්නත් පුලුවන් අරගෙන පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් කරන්න තියෙන්නේ. 
  • වෙනක් කම් කියන්නේ අපි Update කරන්න යන Data ටික Text field වල View කර ගන්න ඔනේනේ .
අපි දන්නවා මේ හැම් දේම කරන්න Database Connection එකක් ඔනේ කියලා ඔයාලා දැන් දන්නවා Connection එක හදා ගන්න නෙද ?

ඔන්න දැන් අපි වැඩේ පටාන් ගන්නයි යන්නේ 
මතකද කොහොමද 
 " echo "<td><a href='update_view.php?id=".$row['id']."'>Update</a></td>"; " 
අපි uid එක ගන්නේ 
$id=$_REQUEST['uid']

#################################################################

<?php
$id=$_REQUEST['uid'];
$result = mysql_query("SELECT * FROM user_data where id='$id'");
while ($row = mysql_fetch_array($result)) {
?>
<form action="" method="post" name="uForm">

    <table>
        <tr>
            <th>Name :</th>
            <td><input type="text" value="<?php echo $row['name'] ?>" name="fname" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th>eMail :</th>
            <td><input type="text" value="<?php echo $row['email'] ?>" name="email" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th>Address :</th>
            <td><input type="text" value="<?php echo $row['address'] ?>" name="address" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th>Phone No :</th>
            <td><input type="text" value="<?php echo $row['phone'] ?>" name="phone" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th></th>
            <td><input type="submit" name="Update" value="Update"/></td>
        </tr>
    </table>

</form>
<?php } ?>
#################################################################

දැන් මෙන්න මෙහෙම පෙනෙයි 
දැන් අපිට තියෙන්නේ අපේ අලුත් යාවත්කාල කිරීම් කරලා ඔය පහල තියෙන Update බොත්තම ක්ලික් කරහම අපි Update කරපු Data ටික Database එකේ තියෙන්න ඔනේ එකත් මෙන්න මෙහෙම අපි කර ගමු නෙහ් .

අපි මේක කරන්නේත් කලින් විදිහමයි ඔයාලට මතකයි නේද අපි කොහොමද අපේ Value , Variable එකකට assign කර ගන්නේ කියලා අන්න ඒ විදිහටම අපි අපේ Data ටික ගන්න ඔනේ .

#################################################################
<?php
if (isset($_POST['update'])) {
    $FristName = $_POST['fname'];
    $Email = $_POST['email'];
    $Address = $_POST['address'];
    $Phone = $_POST['phone'];


    mysql_query("update user_data set name = '$FristName', email = '$Email', address = '$Address', phone = '$Phone' where id = '".$_REQUEST['uid']."'");
    echo 'Record Updated';

}
?>
#################################################################

දැන් අපේ වැඩේ හරි දුවන්න දුවලා ගිහින් බලන්න Database එකට වැඩේ ගොඩද කියලා 

Record Updated

නම් ඉතින් වැඩේ හරි හොදේ 

සැ : යු :- මම මේ කොටසේ Database Connection එක ගැන මටක් කලා පමනි මතක තබා ගන්න ඉහත කරපු ක්‍රියාකාරකම් සදහා අනිවාර්යෙන් Database Connection එක ඔනේ කියලා 


සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න 




Sunday, July 20, 2014

සුදු නෝනා , මගේ පොඩි යාළුවේ ...................


Rangana,
සුදු වලා මීදුමෙන් 
වැසීගත් ලෝකයක් 
බැලුව විට කවුලුවෙන් 
පෙනුනාද පැහැදිලිව 
ලෝකයම 
මගේ පොඩි යාළුවේ ...... 



සිතුනාද පෙනුනදේ 
එලෙසින්ම සිදුවේවි 
එහි තිබු අරුත් බව 
එලෙසින්ම නතුවේවි 
කියා මගේ පොඩි යාළුවේ ............ 

අමතකද කවුළුවෙන් 
ඔබ දුටුව ලෝකය 
සුදු වලා මීදුමෙන් 
සැගවීලා තිබූ බව 
මගේ පොඩි යාළුවේ ................... 
T.S.P.M (සුදු නෝනා) -- 2006

එදා ඔබ කිවු මී දුමෙන් වැසනු ලෝකය අද මම මනාව දකිමි එය මනාව විදිමි .
එදා මට මෙය තේරුම් ගැනිමට නොහැකි වුනා නමුත් අද මට එය වැටහුනා එවිට මම ප්‍රමාදයි.උරුම දේ මෙපමනයි.


Wednesday, July 2, 2014

PHP ගෙදර හියෙන දෙයක් මකලා දාමු

අපි මේකෙන් කරන්න යන්නේ මොකක්ද් කියලා මම සරල විදිහල කියලා දෙන්නම් මෙන්න මේ විදිහට
උදාහරණයක් විදිහට අපි හිතමු අපේ ගෙදර අපිට වැඩක් නැති මොනවා හරි දෙයක් තියෙනවානේ අපි ඒවා ගේ ඇතුලෙම තියා ගෙන ඉන්නේ නෑනේ අපි ඒවා අයින් කරලා දානවා නැත්නම් විනාශ කරලා දානවා ( පොලිතින් වගේ ඒවා පුච්චලා දානවනේ ) අන්න ඒ වගේ දෙයක් තමා මේ කරන්න යන්නේ .



සමහරවිට ගොඩාක් අය දන්නවා ත් ඇති කමක් නෑ දන්නේ නැති අයත් ඇතිනේ නෙද ?
" මතක තියා ගන්න Programming කියනේ Code කරන එක නෙමේ කියලා "


මම කලින් පෝස්ට් ඒකේ කියලා දුන්නානේ අපේ db එකේ තියෙන දේවල් View කරගන්න අන්න ඒ අපි Data View කර ගත්තු Table එකටම තව Row එකක් එකතු කර ගමු මෙන්න මේ විදිහට

############################################################
<?php
echo "<table border='1'>";
while ($row = mysql_fetch_array($result)) {
    echo "<tr>";
    echo "<td>" . $row['name'] . "</td>";
    echo "<td>" . $row['email'] . "</td>";
    echo "<td>" . $row['address'] . "</td>";
    echo "<td>" . $row['phone'] . "</td>";
    echo "<td><a href='db_view.php?did=".$row['id']."'>Delete</a></td>";
    echo "</tr>";
}
?>
###########################################################

ඔය මම රතු පාටින් දාලා තියෙන්නේ අලුතින් එක් කල කොටස :D 

මම කියන්නම් මම මෙතන මොකක්ද කරලා තියෙන්නේ කියලා db_view.php කියලා අරගෙන තියෙන්නේ මගේ දැනට පාවිච්චි කරන php ෆයිල් එකම තමයි "?" මෙන්න මේ මාර්ක් කට පස්සේ දාලා තියෙන්නේ අපි පාවිච්චි කරන Value එක Variable එකකට Assign කිරීමයි .

" db_view.php?did=6 "

අවසානයේ වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් ඔතන 6 [ ".$row['id']." ] කියලා ඇවිත් තියෙනේ අපි Database Table එකෙන් හොයලා ගන්න Data එකක්.

දැන් ඒ ටික තේරුම් ගන්න පුලුවන්නේ නොතේරුන තැනක් ඇත්නම් කොමෙන්ට් එකක් දාලා අහන්න අනිවාර්යෙන් උත්තර දෙනවා මම දන්නේ නැති දෙයක් වුනත් දන්න කෙනෙක්ගෙන් අහලා හරි කියන්නම්. 

අපි දැන් යමු මේක අපේ Database Table එකෙන් මකලා දාන්න. මෙන්න මේ Code කොටසින් ඒක කරන්න පුලුවන්.

###########################################################
<?php
if(isset($_REQUEST['did'])){
    $delete_query =  mysql_query("delete from user_data where id = '".$_REQUEST['did']."'");

    if($delete_query){
        echo "Data Delete Successfully ";
    }

}
?>
###########################################################

මම මෙතන කරලා තියෙනේ මම කලින්ම Check කරලා බලනවා did කියන Variable එකට Value සෙට් වෙලාද කියලා .මෙන්න මෙහෙම IF Condition එකක් දාලා බලන්නේ ඒක .

මම මේ කියන වචන ගැන මම ඉදිරියෙදි කියලා දෙන්නම් PHP OOP වලදි හොදේ එතකල් ඉවසලා ඉන්න 1 පංතියට යන්නේ නැතිව O/L කරන්න බෑනේ නේද ? 

If Condition එකකින් හැම වෙලාවෙම Return වෙන්නේ True හෝ False 

##########################################################
if(isset($_REQUEST['did'])){

මේක ඇතුලට එන්නේ අපි ලියලු Condition එක True වුනොත් විතරයි . අපි ඇතුලේ ලියලා තියෙන්නේ Condition එක හරි නම් ඇතුලේ තියෙන Mysql Query එක රන් වෙන්න කියලයි . 

}
#########################################################

ඔයාලගේ වැඩේ ගොඩද කියලා බලා ගන්න පුලුවන් 
Data Delete Successfully
කියලා echo වුනොත් 
ඔයාලට Sure නෑ වගේ නම් phpMyAdmin එකට ගිහින් dbTable එකේ බලන්න .
එහෙනම් අදට යනවා


සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න

Monday, June 23, 2014

PHP ගෙදර තියෙන දේවල් හොයමු

මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.

අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .

සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම් 

අපි දැන් වැඩේට බහිමු PhpStorm අරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒ Project එකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවා db_date_view කියලා අවුලක් නෑනේ :D


ඒවගෙම් තව File එකක් හදා ගන්න db_view කියලා . හරි දැන් File දෙකම හදා ගෙන ඉවරයි 
මුලින්ම db_date_view කියන File එක Open කර ගන්න .
මම හිතනවා ඔයාලා ට දැන් HTML පිලිබදව යම් කිසි දැනුමක් ඇති කියලා .

<a href="db_view.php">View My Data </a>

දැන් පොඩ්ඩක් ඔයාලගෙ Page එක Run කරලා බලන්න නිකන් කැතයි කැතයි වගේ නේ අපි මේක ටිකක් ලස්සන කර ගමු 
තාප්පයක් බැදලා පාට ගා ගමු . මෙන්න මේ CSS එක දා ගන්න ඔයාලා කැමති විදිහට මේක වෙනස් කර ගන්න පුලුවන් 

<style type="text/css">
    .pageLink{
        margin: auto;
        width: 100px;
    }
    .pageLink a{
        border: 1px solid #999;
        color: black;
        display: block;
        font: 12px arial;
        padding: 10px;
        text-align: center;
        text-decoration: none;
        border-radius: 5px;
    }

    .pageLink a:hover{
        background-color: #999;
        color: white;
        font-weight: bold;
    }
</style>
<div class="pageLink">
<a href="db_view.php">View My Data </a>
</div>

මතක තියා ගන්න CSS එක දා ගන්නේ <head> Tag එක ඇතුලේ හොදේ.
දැන් ගන්න අපි හදා ගත්තු අනෙක් File එක 
දැන් තමා භයානක කොටස පටන් ගන්නේ ඒත් ඔයාලා භය වෙන්න එපා අපි දැන් Database එක Connection එක හදා ගමු මෙන්න මේ විදිහට 

######### Start Database Connection ####################################
const HOST_NAME = "localhost"; //host name
const DATABASE_NAME = "blogspot"; //database name
const USER_NAME = "root"; // database user name
const PASSWORD = ""; //database password

$link = mysql_connect(HOST_NAME, USER_NAME, PASSWORD);
if (!$link) {
    die('Not connected : ' . mysql_error());
}

$db_selected = mysql_select_db(DATABASE_NAME, $link);
if (!$db_selected) {
    die ('Can\'t use ' . DATABASE_NAME . ' : ' . mysql_error());
}
########### End Database Connection ###################################

මේ Database Connection එක හැම වෙලාවෙම හදන එක අමාරුයිනේ එක නිසා තව ලෙසි ක්‍රමයක් තියෙනවා කත් කියලා දෙන්නම් ඊ ලග දවසේ හොදේ .

දැන් තියෙන්නේ Mysql Query පාවිචි කරලා අපේ දත්ත View කර ගමු .

SELECT * FROM user_data
**මෙතන user_data කියලා පාවිචි කරලා තියෙන්නේ අපේ Database Table එකේ නම **

$my_data = mysql_query("SELECT * FROM user_data");

දැන් අපේ දත්ත ටික අපි හදා ගත්තු $my_data කියන variable  එකට ඇවිත් තියෙන්නේ එහෙනම් අපේ වැඩේ ඉවරයි නෙද එහෙනම් echo කරලා බලන්න . 

අයියෝ අපේ දත්ත ටික වෙනුවට error එකක් ඇවිත් නේද .අපිට අපේ දත්ත ටික Print කරගන්න ඔනේ නම් return වෙන value, array එකකට දාගන්න ඕනි. 

හොදයි දැන් මෙන්න මෙහෙම කරමු 

$row = mysql_fetch_array($My_data);

**මම මෙතන $row කියලා හදා ගෙන් තියෙන Variable එක ඔයාලට කැමති නම්ක් දා ගන්න පුලුවන් හොදේ**

හරි දැන් echo කරලා බලන්න එත් error එක එනවා නෙද ? Array කියලා මේකා error එකක් නෙමෙ කියල කියන්න් පුලුවන් මොකද
Array එකක් කියන්නේ හරියට ලාච්චුවක් වගේ අපේ ලාච්චුවේ ගොඩක් අයිතමයන් තියෙනවානේ ඒවා අතරින් අපිට එක එක වෙලාවට ඕනේ අයිතමයන් විතරනේ ගන්නේ අන්න ඒ වගේ.Array එකෙන් අපිට ඔනේ ටික විතරක් ගන්න ඔනේ තේරුනාද ?

while ($row = mysql_fetch_array($result)) {
    echo $row['name'];
    echo $row['email'];
    echo $row['address'];
    echo $row['phone'];
    echo "</br>";
}

දැන් මෙන්න මේක දාගෙන බලන්නකෝ දැන් echo වෙනවා නේද ? දැන් සතුටුයි නේද ? මේක ටිකක් ලස්සන කර ගමු නෙද ?
<style>
table{
        background-color: transparent;
        font: 12px arial;
        margin: 50px auto;
        padding: 10px;
        width: 400px;
    }

    table tr:first-child{
        text-align: left;
    }
    table tr td{
        font:12px arial;
        text-align: center;

    }
</style>

echo "<table border='1'>";
while ($row = mysql_fetch_array($result)) {
    echo "<tr>";
    echo "<td>" . $row['name'] . "</td>";
    echo "<td>" . $row['email'] . "</td>";
    echo "<td>" . $row['address'] . "</td>";
    echo "<td>" . $row['phone'] . "</td>";
    echo "</tr>";
}


echo "</table>";

දැන් ඒකත් හරි නෙද ? 

මුලදි මුලදි නිකන් එපා වෙන ගතියක් එනවා ඒක හරි යනවා ටිකක් පුහුණු වීම් කරන්න

සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න


Sunday, June 22, 2014

PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාන්න වෙන කෙනෙක්ට දෙමු xampp

 PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාන්න වෙන construction firm එකකට දෙමු  - (xampp)

මම අද කියලා දෙන්න යන්නේ ගොඩාක් අයට wamp ස්තාපනය කර ගැනීමේ ගැටලු ඇති වෙලා තියෙනවලු
ඒක නිසා වැඩේ අතර මග නවත්තන්න බෑනේ නෙද ?
ඒක නිසා වෙන විදිහකට වැඩේ අටන් ගමු



මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහින් බා ගන්නකෝ
සැ:යු : = බා ගත්දි බලන්න් ඔයාලගේ මෙහෙයුම් පද්දතියට ගැලපෙන  එක තෝරා ගැනීමට් මටක තියා ගන්න 


අනිත් දේ තමයි ඔයාලගේ වයිරස් ගාඩ් එක මදකට ක්‍රියා විරහිත කරන්න මොකද විවිද ගැටලු පැන නැගීමට ඉඩ ඇති හෙයිනි .

දැන් ඔයාලා බා ගත්තු ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කර් ගන්න

01.
Start the installation process by double-clicking on the XAMPP installer. Click ‘Next’ after the splash screen.

02.මේ තියෙන settings  වෙනස් කරන්න එපා ( දැනට )
Here, you can select the components you want to install. Choose the default selection and click ‘Next’.

03. ස්තාපනය කල යුතු ස්තානය තෝරන්න
Choose the folder you want to install XAMPP in. This folder will hold all your web application files, so make sure to select a drive that has plenty of space. 



04. මද වේලාවකින් 


05.
  

06.  ඔයාලා උඩ රූපයේ පරිදි ටික් එකක් දැම්මානම් මෙන්න මෙහෙම window එකක් එයි 


07.ඔන්න ඔච්චරයි වෙනස  තව එක දෙයයි තියෙන්නේ ඒක තමයි අපි wamp වලදි www කියන Folder එක ඇතුලෙනේ අපේ PHP Project එක හැදුවේ xampp වලදි එහෙම නෙමේ htdocs කියලා Folder එකක් තියෙනවා ඒකේ තමා අපේ PHP එක හදා ගන්නේ



වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න

රාජ් අයියා මේ විදිහට උත්සහ කරලා බලන්න