Friday, November 9, 2012

PHP මුල සිට සරලව- පාඩම 03

Phpmyadmin කියන්නේ මොකක්ද?
*************************************************************
මම කලින් පඩමේ කිවුවා වගේ ඔන්න ඔයාලට මතු වන ප්‍රදාන ගැටලුව විසදන්න
*************************************************************
Phpmyadmin කියන්නේ PHP වලින් කරපු software එකක්.ඒක පාවිච්චි කරන්නේ MySql එක්ක වැඩ කරන්නයි.WAMP install කරනකොට Phpmyadmin එකත් ඉබේම install වෙනවා.පහල තිබෙන පින්තූරය බලන්න.



 
 Mysql සමඟ වැඩ කරන්න Phpmyadmin අවශ්‍ය වීමට හේතුව මොකක්ද?

අපි හිතමු පාසලක ඉන්න ළමයින්ගේ තොරතුරු තියා ගන්න software එකක් හදනවා කියල.එතකොට ඒ තොරතුරු ගබඩා කරන්න යොදා ගන්නේ Mysql කියන මෘදුකාංගය තමයි.අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා Mysql වලින් වැඩ ගන්න.ඒත් Mysql අපිට දීල නෑ ඒ සඳහා සුදුසු පරිසරයක්.ඒ කියන්නේ අපිට දීල තියෙන්නේ Mysql Consol එකක්.පහත තියෙන පින්තූර බලන්න.මේ Mysql Consol එකේ වැඩ කරන්න නම් හොඳ වැඩ කාරයෙක් වෙන්න ඕනි ( Mysql Commands හොඳට දැන ගන්න ඕනි ).අන්න ඒ නිසා අපිට ඕනි වෙනවා අමතර මෘදුකාංගයක සේවය ලබාගන්න.ඒ සඳහා තමයි අපිට Phpmyadmin අවශ්‍ය වෙන්නේ.

















Mysql එකට Password එකක් දැමිය යුතුයි.ඒත් ඇයි එහෙම කරන්නේ?

  1. Mysql Consol එකට ගියාම password එකක් අහනවා අපිට දකින්න පුලුවන්.Password එකට මොකුත් type නොකරම Enter button එක එබුවාම Mysql Consol එකට යනවා දැක ගන්න පුලුවන්.ඒ කියන්නෙ Mysql වල Pasword එක දැන් හිස්.මෙහෙම වෙන්න හේතුව තමයි WAMP install කරනකොට Mysql password එක හිස්ව තබා ගැනීමයි.ඒ කියන්නේ සමන්‍ය විදියට WAMP එකේ Mysql password එකක් අන්තර්ගත වෙලා නෑ.ඕනිම කෙනෙකුට Mysql Consol එක ඇතුලට යන්න පුලුවන්.එහෙම උනොත් අපි නිර්මානය කරන්න යන මෘදුකාංගයට අරක්ෂාවක් නැතිවෙනවා.ඒ නිසා අපිට සිදුවෙනවා Mysql එකට Password එකක් දාන්න.

Phpmyadmin එක උපයෝගී කරගෙන mysql password එක වෙනස් කරමු.
අපි දැන් කරන්න යන්නේ හිස් Password එක වෙනුවට අලුතින් Password එකක් දාන්නයි.අලුත් Password එක pass123.දැන් පහත පියවර අනුගමනය කිරීමෙන් අපිට වැඩේ කර ගන්න පුලුවන්.





Phpmyadmin එකට ගියාම මෙන්න මේ විඩියට දැක ගන්න පුලුවන්.මෙහි අංක 1 න් දැක්වෙන්නේ run වෙන MySql Version එක.අංක 2 න් දැක්වෙන්නේ Phpmyadmin Version එක.අංක 3 තමයි අපිට වැදගත්ම එක වෙන්නේ (Privileges).මෙතනින් තමයි අපි MySql users හා passwords හදන්නේ.ඒ ඒ user ලට කරන්න පුලුවන් රාජකාරි අපිට මෙතනින් පවරන්න පුලුවන්.ඒ කියන්නේ Data Delete කරන්න,Insert කරන්න, Update කරන්න.ඒවා දෙන්නේ කාටද කියන එක තීරනය කරන්නේ මෙතනින් තමයි.පහත පින්තූරය බලන්න.Privileges click කරාම මේ විදියට දැක ගන්න පුලුවන්.




රතු පාටින් රවුම් කරලා තියෙන තියෙන පේලිය තමයි අපිට වැදගත් වෙන්නේ.අපේUser ගෙ නම "root".Password "No".ඒ පේලිය කෙරවලේ මේවගේ icon එකක් දැක ගන්න පුලුවන්.ඒක click කරන්න.ඊට පසුව පැමිනෙන වෙබ් පිටුවේ මෙන්න මේ කොටස දැක ගන්න පුලුවන්.






දැන් මේ පේන්න තියෙන Text Box දෙකේම නිවැරදිව Password එක type කරන්න."Go" button එක click කරන්න.



හරි නේද? අපේ වැඩෙ කරලා ඉවරයි.ඒත් මම කොටසක් රවුම් කරල තියෙනවා.එකේ තියෙන්නේ මෙන්න මේ විදියටයි.


Code:
SET PASSWORD FOR 'root'@'localhost' = PASSWORD( '******' ).

මේ තරු පේලිය වෙනුවට අපිට වෙනස් කරන්න අවශ්‍ය Password එක දාල MySql Consol එකේ run කලාම වෙන්නේත් මේ දේම තමයි.මෙන්න මේ විදියට


Code:
SET PASSWORD FOR 'root'@'localhost' = PASSWORD('pass123');

ඒ කියන්නේ Phpmyadmin වලින් කරන්න ඕනිම නෑ.පොඩි command එකක් run කරන්න විතරයි තියෙන්නේ.අපරාදේ නේද ගොඩක් මහන්සි උනේ.මට මේ command එක එක පරටම දෙන්නත් තිබුනා.කමක් නෑ. දැන් ක්‍රම දෙකම දන්නවනේ.හරි දැන් ගිහින් බලන්න MySql Consol එකට.අපි වෙනස් කරපු Password එක නැතුව අපිට යන්න දෙන්නේ නෑ නේද.ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි.

Phpmyadmin එක වැඩ කරන්නේ නෑ.මෙහෙම "#1045 - Access denied for user 'root'@'localhost' (using password: NO) " error එකක් එනවා.ඇයි ඒ?පහත පින්තූරය බලන්න...

[Image: padminwnw.jpg]

Phpmyadmin එක හරහා MySql එකට යන්න හදනකොට තමයි මේ error එක එන්නේ.ඒකට හේතුව තමයි අපි වෙනස් කරපු Password එක Phpmyadmin දන්නේ නැති වීම.අපි password එක Phpmyadmin එකට ලබා දුන්නොත් මෙ ප්‍රශ්නය විසඳෙනවා.ඒක කරන්න නම් අපිට සිදුවෙනවා පොඩි PHP file එකක් වෙනස් කරන්න.එක තියෙන්නෙ මෙන්න මෙතන. C:\wamp\apps\phpmyadmin2.11.6 මෙතනට ගියාම PHP files ගොඩාක් දකින්න ලබෙයි.config.inc.php කියන file එක wordpad එකෙන් open කර ගන්න.මේ වැඩේට notepad එක පාවිච්චි කරන්න එපා.ඒ ඇයි කියලා බලන්න ඕනි නම් open කරලම බලන්න.ඊට පස්සේ මෙන්න මේ පේලිය හොයා ගන්න.


Code:
$cfg['Servers'][$i]['password']      = '';      // MySQL password (only needed

ඒක මේ විදියට වෙනස් කර ගන්න.

$cfg['Servers'][$i]['password']      = 'pass123';      // MySQL password (only needed

දැන් save කරල phpmyadmin refresh කරල බලන්න.වැඩේ හරි.ඔන්න අපි phpmyadmin configure කරලා ඉවරයි.

Friday, November 2, 2012

PHP මුල සිට සරලව- පාඩම 02

PHP වැඩ කරන්න ඔනේ නම් ,අනිවාර්යෙන් Wamp හෝ Xampp  පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි.

*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්


*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න     ඉඩ තියෙනවා

********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා
********************************************************************************

1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.

[Image: howtoinsta.jpg]

2) දැන් "Next" Button එක click කරන්න.

[Image: howtoikqk.jpg]





3) එක "I Accept the agreement: තෝරන්න. "Next" click කරන්න

[Image: howtoifpf.jpg]

4) අපිට කැමති Folder එකක install කරන්නත් පුලුවන් මේ තියෙන විදියටම තියන්නත් පුලුවන්."Next" click කරන්න.

[Image: howtoibib.jpg]

5) Quick Lunch එකටයි Desktop එකටයි WAMP icon eka දාගන්න ඔනි නම් මේ check box click කරන්න. "Next" click කරන්න.

[Image: howtoiepe.jpg]

6) දැන් Install click කරන්න.එතකොට එක ඔයාගේ computer එකේ WAMP install වෙන්න පටන් ගනීවි.

[Image: howtoizdz.jpg]

7) Installation එක ඉවර උනාට පස්සේ අපෙන් අහනවා email address එක.email එක type කරන්න."Next" click කරන්න.

[Image: howtoinen.jpg]

8) "Finish" එක click කරන්න.දැන් අපි WAMP Server එක install කරල අවසානයි.

 මේ දාලා තියෙන්නේ OS එක XP, ගොඩාක් අය දැන් පාවිච්චි කරන්නේ Win 7 නිසා User Interface වෙනස් වෙනවා. 

ඉගෙන ගත්තේ ජනක ස්ර් ගෙන් 

ඔයාලට මතු වුන් ගැටලු විමසන්න මමත් ඒවාට ප්‍රතිපිළිතුරු සපයන්නම් තව දන්න අය ගොඩක් ඉන්නවා එයාලත් උදවු කරයි කියලා මම හිතනවා