Sunday, December 16, 2012

PHP මුල සිට සරලව- පාඩම 04

හුග දවසකට පස්සේ නිවාඩුවක් ලැබුනේ කමක් නෑ එකට
මම අද ඔයාලට කියන්න යන්නේ අමුතුම දෙයක් ගැන ඒ තමයි මගේ PHP ම් සෙට් එකේ වැදගත් කොටස මොකද තියටිම කියද්දිත් කම්මැලිනෙ මම අද ඔයලාට දෙනවා මම දැකපු හොදම PHP ටියුටෝරියල්  ටික ඔයාලත් බලලා හොදයි නම් යමක් ගන්න පුලුවන් දෙයක් තියෙන්නවා නම් ගන්න අරගෙන බලලා සතුටුඉ නම් කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න් එපා හොදේ

වැඩි කතා ඕනේ නෑ මෙන්න බඩු ටික


පී එච් පී බේසික් වෙබ් ඩිවෙලොප්මන්ට් ටූටෝරියල් වලින් දැකපු හොදම පාඩම් තුන
මේක මම බලපු බේසික් පීඑච් පී පාඩම් වලින් හොදටම තේරෙන විදියට කියල දෙන හොදම පාඩම් තුනක් වටිනව කියල හිතුන නිසා ශෙයාර් කොරනව ඉන්ටොරෙස්ට් කෙනෙක් ඉන්නවනම් බලන්ඩ වට්නව

 http://www.youtube.com/watch?feature=player_embedded&v=mnf0zemQpEI#!

 http://www.youtube.com/watch?v=0uSQv-oO7GM&feature=player_embedded

http://www.youtube.com/watch?v=3oCUXvzIK54&feature=player_embedded

http://www.youtube.com/watch?v=_BmxU93jLG0&feature=player_embedded

 ඔය උඩ තියෙන ලින්ක් ටික ක්ලික් කොරලා බලන්නකෝ කොහොමද වැඩේ පට්ට නෙද?


Friday, November 9, 2012

PHP මුල සිට සරලව- පාඩම 03

Phpmyadmin කියන්නේ මොකක්ද?
*************************************************************
මම කලින් පඩමේ කිවුවා වගේ ඔන්න ඔයාලට මතු වන ප්‍රදාන ගැටලුව විසදන්න
*************************************************************
Phpmyadmin කියන්නේ PHP වලින් කරපු software එකක්.ඒක පාවිච්චි කරන්නේ MySql එක්ක වැඩ කරන්නයි.WAMP install කරනකොට Phpmyadmin එකත් ඉබේම install වෙනවා.පහල තිබෙන පින්තූරය බලන්න.



 
 Mysql සමඟ වැඩ කරන්න Phpmyadmin අවශ්‍ය වීමට හේතුව මොකක්ද?

අපි හිතමු පාසලක ඉන්න ළමයින්ගේ තොරතුරු තියා ගන්න software එකක් හදනවා කියල.එතකොට ඒ තොරතුරු ගබඩා කරන්න යොදා ගන්නේ Mysql කියන මෘදුකාංගය තමයි.අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා Mysql වලින් වැඩ ගන්න.ඒත් Mysql අපිට දීල නෑ ඒ සඳහා සුදුසු පරිසරයක්.ඒ කියන්නේ අපිට දීල තියෙන්නේ Mysql Consol එකක්.පහත තියෙන පින්තූර බලන්න.මේ Mysql Consol එකේ වැඩ කරන්න නම් හොඳ වැඩ කාරයෙක් වෙන්න ඕනි ( Mysql Commands හොඳට දැන ගන්න ඕනි ).අන්න ඒ නිසා අපිට ඕනි වෙනවා අමතර මෘදුකාංගයක සේවය ලබාගන්න.ඒ සඳහා තමයි අපිට Phpmyadmin අවශ්‍ය වෙන්නේ.

















Mysql එකට Password එකක් දැමිය යුතුයි.ඒත් ඇයි එහෙම කරන්නේ?

  1. Mysql Consol එකට ගියාම password එකක් අහනවා අපිට දකින්න පුලුවන්.Password එකට මොකුත් type නොකරම Enter button එක එබුවාම Mysql Consol එකට යනවා දැක ගන්න පුලුවන්.ඒ කියන්නෙ Mysql වල Pasword එක දැන් හිස්.මෙහෙම වෙන්න හේතුව තමයි WAMP install කරනකොට Mysql password එක හිස්ව තබා ගැනීමයි.ඒ කියන්නේ සමන්‍ය විදියට WAMP එකේ Mysql password එකක් අන්තර්ගත වෙලා නෑ.ඕනිම කෙනෙකුට Mysql Consol එක ඇතුලට යන්න පුලුවන්.එහෙම උනොත් අපි නිර්මානය කරන්න යන මෘදුකාංගයට අරක්ෂාවක් නැතිවෙනවා.ඒ නිසා අපිට සිදුවෙනවා Mysql එකට Password එකක් දාන්න.

Phpmyadmin එක උපයෝගී කරගෙන mysql password එක වෙනස් කරමු.
අපි දැන් කරන්න යන්නේ හිස් Password එක වෙනුවට අලුතින් Password එකක් දාන්නයි.අලුත් Password එක pass123.දැන් පහත පියවර අනුගමනය කිරීමෙන් අපිට වැඩේ කර ගන්න පුලුවන්.





Phpmyadmin එකට ගියාම මෙන්න මේ විඩියට දැක ගන්න පුලුවන්.මෙහි අංක 1 න් දැක්වෙන්නේ run වෙන MySql Version එක.අංක 2 න් දැක්වෙන්නේ Phpmyadmin Version එක.අංක 3 තමයි අපිට වැදගත්ම එක වෙන්නේ (Privileges).මෙතනින් තමයි අපි MySql users හා passwords හදන්නේ.ඒ ඒ user ලට කරන්න පුලුවන් රාජකාරි අපිට මෙතනින් පවරන්න පුලුවන්.ඒ කියන්නේ Data Delete කරන්න,Insert කරන්න, Update කරන්න.ඒවා දෙන්නේ කාටද කියන එක තීරනය කරන්නේ මෙතනින් තමයි.පහත පින්තූරය බලන්න.Privileges click කරාම මේ විදියට දැක ගන්න පුලුවන්.




රතු පාටින් රවුම් කරලා තියෙන තියෙන පේලිය තමයි අපිට වැදගත් වෙන්නේ.අපේUser ගෙ නම "root".Password "No".ඒ පේලිය කෙරවලේ මේවගේ icon එකක් දැක ගන්න පුලුවන්.ඒක click කරන්න.ඊට පසුව පැමිනෙන වෙබ් පිටුවේ මෙන්න මේ කොටස දැක ගන්න පුලුවන්.






දැන් මේ පේන්න තියෙන Text Box දෙකේම නිවැරදිව Password එක type කරන්න."Go" button එක click කරන්න.



හරි නේද? අපේ වැඩෙ කරලා ඉවරයි.ඒත් මම කොටසක් රවුම් කරල තියෙනවා.එකේ තියෙන්නේ මෙන්න මේ විදියටයි.


Code:
SET PASSWORD FOR 'root'@'localhost' = PASSWORD( '******' ).

මේ තරු පේලිය වෙනුවට අපිට වෙනස් කරන්න අවශ්‍ය Password එක දාල MySql Consol එකේ run කලාම වෙන්නේත් මේ දේම තමයි.මෙන්න මේ විදියට


Code:
SET PASSWORD FOR 'root'@'localhost' = PASSWORD('pass123');

ඒ කියන්නේ Phpmyadmin වලින් කරන්න ඕනිම නෑ.පොඩි command එකක් run කරන්න විතරයි තියෙන්නේ.අපරාදේ නේද ගොඩක් මහන්සි උනේ.මට මේ command එක එක පරටම දෙන්නත් තිබුනා.කමක් නෑ. දැන් ක්‍රම දෙකම දන්නවනේ.හරි දැන් ගිහින් බලන්න MySql Consol එකට.අපි වෙනස් කරපු Password එක නැතුව අපිට යන්න දෙන්නේ නෑ නේද.ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි.

Phpmyadmin එක වැඩ කරන්නේ නෑ.මෙහෙම "#1045 - Access denied for user 'root'@'localhost' (using password: NO) " error එකක් එනවා.ඇයි ඒ?පහත පින්තූරය බලන්න...

[Image: padminwnw.jpg]

Phpmyadmin එක හරහා MySql එකට යන්න හදනකොට තමයි මේ error එක එන්නේ.ඒකට හේතුව තමයි අපි වෙනස් කරපු Password එක Phpmyadmin දන්නේ නැති වීම.අපි password එක Phpmyadmin එකට ලබා දුන්නොත් මෙ ප්‍රශ්නය විසඳෙනවා.ඒක කරන්න නම් අපිට සිදුවෙනවා පොඩි PHP file එකක් වෙනස් කරන්න.එක තියෙන්නෙ මෙන්න මෙතන. C:\wamp\apps\phpmyadmin2.11.6 මෙතනට ගියාම PHP files ගොඩාක් දකින්න ලබෙයි.config.inc.php කියන file එක wordpad එකෙන් open කර ගන්න.මේ වැඩේට notepad එක පාවිච්චි කරන්න එපා.ඒ ඇයි කියලා බලන්න ඕනි නම් open කරලම බලන්න.ඊට පස්සේ මෙන්න මේ පේලිය හොයා ගන්න.


Code:
$cfg['Servers'][$i]['password']      = '';      // MySQL password (only needed

ඒක මේ විදියට වෙනස් කර ගන්න.

$cfg['Servers'][$i]['password']      = 'pass123';      // MySQL password (only needed

දැන් save කරල phpmyadmin refresh කරල බලන්න.වැඩේ හරි.ඔන්න අපි phpmyadmin configure කරලා ඉවරයි.

Friday, November 2, 2012

PHP මුල සිට සරලව- පාඩම 02

PHP වැඩ කරන්න ඔනේ නම් ,අනිවාර්යෙන් Wamp හෝ Xampp  පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි.

*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්


*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න     ඉඩ තියෙනවා

********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා
********************************************************************************

1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.

[Image: howtoinsta.jpg]

2) දැන් "Next" Button එක click කරන්න.

[Image: howtoikqk.jpg]





3) එක "I Accept the agreement: තෝරන්න. "Next" click කරන්න

[Image: howtoifpf.jpg]

4) අපිට කැමති Folder එකක install කරන්නත් පුලුවන් මේ තියෙන විදියටම තියන්නත් පුලුවන්."Next" click කරන්න.

[Image: howtoibib.jpg]

5) Quick Lunch එකටයි Desktop එකටයි WAMP icon eka දාගන්න ඔනි නම් මේ check box click කරන්න. "Next" click කරන්න.

[Image: howtoiepe.jpg]

6) දැන් Install click කරන්න.එතකොට එක ඔයාගේ computer එකේ WAMP install වෙන්න පටන් ගනීවි.

[Image: howtoizdz.jpg]

7) Installation එක ඉවර උනාට පස්සේ අපෙන් අහනවා email address එක.email එක type කරන්න."Next" click කරන්න.

[Image: howtoinen.jpg]

8) "Finish" එක click කරන්න.දැන් අපි WAMP Server එක install කරල අවසානයි.

 මේ දාලා තියෙන්නේ OS එක XP, ගොඩාක් අය දැන් පාවිච්චි කරන්නේ Win 7 නිසා User Interface වෙනස් වෙනවා. 

ඉගෙන ගත්තේ ජනක ස්ර් ගෙන් 

ඔයාලට මතු වුන් ගැටලු විමසන්න මමත් ඒවාට ප්‍රතිපිළිතුරු සපයන්නම් තව දන්න අය ගොඩක් ඉන්නවා එයාලත් උදවු කරයි කියලා මම හිතනවා

Wednesday, October 31, 2012

PHP මුල සිට සරලව පාඩම 01

PHP ඉගෙන ගන්නකොට අපිට Editor එක ඉතා වැදගත් වෙනවා.සමහර අයට ප්‍රශ්නයක් වෙයි මොකක්ද මේ Editor එක කියන්නේ කියලා.Editor එක කියන එකෙන් අදහස් කරන්නේ අපි PHP Coding කරන පරිසරයි.
උදා:- හරියට අපි දැල් බොංචි වගේ [Net Beans,Eclipse]  ඒවා පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ.
කලින් පාඩමේ අපි මේ කාර්ය සඳහා පවිච්චි කලේ Note Pad එක.Note Pad එකෙන් වැඩ කරන්න අමාරුයි.ඒ නිසා දැන් අපි අලුත් Editor එකකට යමු.මේකේ නම Crimson Editor.බොහෝම සරළ Editor එකක්.නොමිලේ download කර ගන්නත් පුලුවන්.මෙන්න ලින්ක් එක.



http://www.crimsoneditor.com/download/cedt370r.exe

මොකක්ද Crimson Editor එකේ තියෙන මහා ලොකු වෙනස?

Crimson Editor එක මගින් PHP codings පාට කරලා පෙන්වනවා.අපි කල් යනකොට මේ පාට වලට හුරු වෙනවා.අනික තමයි මේ Editor එකේ තියෙන keyboard Shortcuts.

මමත් ඉගෙන ගත්තේ තිළාන් අයියගෙන්
PHP ඉගෙන ගන්න ආස අය ඉන්නවානම් මටත් ඉතින් සළකලා යන්න.

Tuesday, October 30, 2012

අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

 කියවලා බලන්න කොහොමද කියලා
ආදරය කියන්නෙත් මහ පුදුම දෙයක් තමයි. කොයි වෙලාවේ, කවුරු වෙනුවෙන් ඇතිවෙනවද කියලා හිතාගන්න බෑ. මම ඔයාව දැකපු පලවෙනි දවසේ, මම කොහොමවත් ම හිතුවේ නෑ, මේ කෙල්ල මගේ හිත මෙච්චර දුර අරන් යාවි කියලා. එදා මම දැක්කේ, තමන්ගේම ලෝකයක තනිවුනු, එක අරමුණක් හිතේ හිරකරගෙන, එතනට යන්න මහන්සිවෙන ධෛර්‍යවන්ත කෙල්ලෙක් විතරයි. ඒත් එදා මම ඒ දැක්ක දේ, මීට කලින් මම කවදාවත්ම දැකලා නැති, අමුතු බවක් තිබුනු බව නොකියා ඉන්න බෑ. ඒක නිසාම වෙන්න ඇති, ඔයාට හුරු පුරුදු, මට නුපුරුදු ඒ තැනට ආපු පලවෙනු දවසේ මතකයන් වල, ඔයාගේ රුපයත් ඇදිලා තිවුනේ.

අනිත් හැම කෙනෙක්ම එකම විදිහේ ජීවිතයක් අත්විදිනකොට, ඔයා විතරක් ඒ හැම කෙනාටම වෙනස්ව, ඔයාටම අවේණික විදිහකට ජීවත් වෙන්න හදන එක ගැන මට මුලින්ම තිබුනේ කුතුහලයක්. මුල් දවස් වල, ඔයාගේ මුන දිහා කෙලින් බලන්නවත් මම බය උනේ සමහරවිට ඒ නිසාම වෙන්න ඇති.මොකද, ඔයා වගේ කෙනෙක් මම මීට කලින් දැකලා තිබුනේ නෑ. අනිත් අය තමන් ගැන හිතන්නේ කොහොමද, ඒ අයගේ ආකල්ප මොනවගේ ඇතිද, මේ කිසිම දෙයක් ගැන ඔයාගේ තැකිමක් තිබුනේ නෑ. හුදකලා මාර්ගයක ඔයා තෘප්තිමත් නිදහස් ගමනක් ගියා. මට ඒ දවස් වල නොතේරුනාට ඔයාගේ මම දැකපු ඒ දේවල්, මගේ හිත මටත් හොරෙන් ඔයා ලගට යන්න හේතු වෙන්නත් ඇති.

සැරයක් දෙසරයක් හිනා වෙලා තිබුනට, මට ඔයත් එක්ක ඉස්සෙල්ලම කතා කරන්න මාස 6ක් විතර ගතවෙන්න ඇති මට මතක විදිහට. ඒ දවස වෙනකොට මගේ හිතේ, මට තේරුම් ගන්න බැරි ඔයා ගැන කියවෙන හැගීම හුගක් තිබුනත්, ඒ මොනවද දන්නේ නැති නිසා, මම ඒවාට ඉස්මතු වෙන්න දුන්නේ නෑ. හැබැයි වැඩි කාලයක් යන්න කලින්ම මට ඒ හැගීම් වලට අරුතක් දෙන්න පුලුවන් උනා. ඔයා දවස ගත කරන හැටි බලාගෙන ඉන්න, ඔයා කතාකරනකොට එක අහගෙන ඉන්න, තියෙන උවමනාව වැඩිවෙනකොට, ඔයාගේ මතකයන් මුලු දවස තිස්සෙම මගේ හිතට කරදර කරනකොට, ඒ හැගීම් වලට නමක් දෙන්න මට අපහසු උනේ නෑ.
කොහොම කොහොම හරි මගේ හිත ඒ තැනට යනකොට, මට මම කවුද, ඔයා කවුද කියන එකත් ඇත්තට ම අමතක වෙලා තිබුනේ. ඔයා ජීවිතයේ පරිණතව ඉස්සරහට ගිහින් යථාර්තයේ ජීවත් උනා. මම කිසිම අරමුණක් නැතුව ලැබෙන දේ විතරක් අරගෙන, කිසිම දෙයකට මහන්සි නොවී හුගක් සැහැල්ලුවෙන් ජීවත් උනා. හැබැයි මේ ආදරය අසම්මත එකක් වෙන්නේ ඒක නිසා නෙවෙයි. ඔයා වෙනුවෙන් මට මම ජීවත් වෙන විදිහ වෙනස් කරන්න, මගේ ජීවිතයට අරමුණක් දීලා, ඔයා වෙනුවෙන්ම විතරක් ජීවත් වෙන්න පුලුවන් කම තිබුනත්, අපි දෙන්නගේම පාලනයෙන් තොර, වෙනස් කරන්න බැරි දෙයක් තිබුනා. ඒක අපේ දෛවයෙන්ම අපිට ලැබුනු දෙයක් නිසා, ඒක වෙනස් කරන්න ඔයාටවත් මටවත් හැකියාවක් තිබුනේ නෑ. ඒ අසම්මතත්වය නොතිබුනා නම්, ඔයාගේ ඉස්සරහට ඇවිදන් ගිහින් මගේ ආදරය ගැන ඔයාට කියන්න ඕන සම්පුර්න ශක්තිය මගේ ලග තිබුනු බව මට විශ්වාසයි.




මේක අසම්මත ප්‍රේමයක් උනත්,මගේ මෘදු හිතට ඒක තේරුම් ගන්න බෑ.මගේ හිත දැනගෙන හිටියේ, ඒකට දැනුනු ඒ හැගීමේ අපුර්‍රත්වයත්, ඒ හැගීම ජීවිතයේ ඉතුරු කාලයටත් සමීප කරගන්න පුලුවන්ම් ඒකෙන් දැනෙන සුවයත් ගැන විතරයි. ඒක නිසා තමයි, මගේ හිත මට දිගින් දිගටම ඔයාට ලං වෙන්න බල කලේ. ඔයාගේ ඇස් දෙකට හසු නොවෙන චරිතක් උනු මම, ඔයාගේ අවදානයට ලක්වෙන්න හුගක් පෙරුම් පිරුවා. පැය ගනන් එක තැන වාඩි වෙලා, ඇස් දෙක එක තැනක, ඒත් හිත ඔයාගේ දෙසට යොමාගෙන කල් ගෙව්වා. මට ඒ එක මොහොතක්වත් එපා නොවුනේ ඇයි කියලා දන්නවා ද ? ඒ ඔයත් මගේ අහල පහලම හිටපු නිසයි. ඔයා, කරන වැඩෙන් පිට අවදානයක් යොමු නොකලත් මම අහල පහල ඉන්නවා කියලා වගක්වත් නොතිබුනත්, මට ඒ හැම මොහොතක් ම අගය කරන්නට, ඒ හැම මොහොතකට ම වටිනාකමක් දෙන්නට මට පුලුවන් උනා. ඔයා ජීවිතයේ ඉස්සරහට ගිහින් තිබුනු විදිහට, මම වගේ කෙනෙක්ව ගනන් ගන්න ඔයාට කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඔයාගෙන් විහිදුනු ඒ අලෝකය ඉස්සරහ, මට හැරෙන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ. මුල් දවස් වල, මම ගැන අවධානයක් දෙනවා තියා, මම කියලා කෙනෙක් ඉන්නවද කියලාවත්, ඔයා දැනගෙන නොසිටපු බව මට විශ්වාසයි. ඔයාගේ ඒ සාර්ථකත්වය,තමන් ගැන තිබුනු විශ්වාසය, ඒ ආකර්ශනය ඉදිරියේ, මට දුවිලි අංශුවක තරම්වත් වටිනාකමක් නොතිබුන බව මම පිලිගන්නවා. ඒක නිසා තමයි, මගේ පැවැත්ම ගැන දැනගන්නත් ඔයාට හුගාක් කල් ගත උනේ. එහෙම වෙලත්, මම දිගින් දිගටම ඔයාගේ අවධානයට ලක්වෙන්න උත්සහ කලේ, ඔයාගේ දැකපු ඒ වෙනස් බවට ආදරය කරන්නේ නැතුව ඉන්න බැරි උනු නිසා වෙන්න ඇති. මම මීට කලින් දැකලා නොතිබුනු ඒ පරිපුර්න බව, විශ්වාසනීය බව, පරිනත බව, මම බෙහෙවින්ම මගේ ජීවිතයට ලං කරගන්න ආස කලා. ඒ වගේම මම දැනගෙන හිටියා, ඒ පරිනත බවම, මගේ ආදරය ප්‍රතික්ෂේප කරන්න හේතු වෙන බව. මගේ නිහඩ බවට ඒකත් එක හේතුවක්. හැම දවසකම ඔයා මගේ ඇස් දෙක ඉස්සරහින් ඇවිදන් යනකොට මම ඔයාගේ හැම ඉරියව්වක් දිහාම බලන් හිටියා. කිසිම කෙනෙක්ට මම එහෙම කරන බව නොදැනෙන්න මම වග බලා ගත්ත.ඔයා ඉස්සරහට ඇවිත් මට දැනෙන දේ ගැන කියන්න මට උවමනාව තිබුනත්, දෙදෙනාගේම යහපත ගැන හිතලා, මගේ හිත මම පාලනය කරගත්ත වාර ගාන අනන්තයි. ඔයා ඔයාගේ ම ලෝකයක, එක අරමුනක ඒ සිහිනය පසුපස හඹායද්දි, මගේ ආදරයට කිසිම වටිනාකමක් දෙන්න පුලුවන් කමක් ඔයාට නොතිබුනු බව මම දැනගෙන හිටියා.ඒත් මගේ හිතේ ඔයාට තිබුනු ආදරය නම් කිසිම මොහොතක අඩු උනේ නෑ.

ඔයාගේ ජීවිතය ගැන තීරනයක් ගන්න අයිතිය තියෙන්නේ ඔයාට විතරයි. ඒකට බලාපෑමක් කරන්න කිසිම කෙනෙක්ට බෑ. 'මට ආදරය නොකලොත් මම මැරෙනවා' කියලා පැනඩෝල් බොන්න තරම් මගේ ආදරය සිල්ලර එකක් නෙවෙයි. මොකද මම දන්නවා ආදරය කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් එකක් නෙවෙයි කියලා.ඒක නිසා ඔයා ගන්න ඕනම තීරනයකට මම එකග වෙනවා. ඒ ඕනම තීරනයක්, හැමදාම දකින මගේ සුපුරුදු හිනාවත් එක්ක බාරගන්නවා. මට විශ්වාසයි, මට ඒ ශක්තිය තියෙන බව... ඒත් ඔයා මගේ අතින් අල්ලගෙන, මේ අසම්මත ප්‍රේමය ඉස්සරහට ගෙනියන්න සුදානම් නම්, සමාජයෙන් පනවලා තියෙන නීති බිද දාලා අපේම ලෝකයක් හොයාගෙන මුලු ලෝකයත් එක්කම සටන් කරන්න සුදානම් නම්, ඔයත් එක්ක ඒ කටුක ගමන යන්න, මට ඕනම දෙයක් කරන්න පුලුවන්. ඔයාගේ ආදරය මට ශක්තියක් වෙනවා නම්, ලෝකයට නොනැවැත්විය හැකි බලවේගයක් ගොඩනැගීමේ හැකියාව මා සතුව තියෙන බව ඔයා හොදටම දන්නවා. ඒ බලවේගය නවත්වන්න ලෝකයට කිසිම ශක්තියක් නැතිවේවි. ඒ අයට අපේ ආදරය පිලිගන්නම වේවි
හැමදාටම ඔයාව මගේ ම කරගන්න පුලුවන්නම්, ඔයාට කොච්චර ආදරය කරන්න පුලුවන්ද කියලා මම සිහින මැව්වේ, අපි දෙන්නාට කවදාවත් ම එකතු වෙන්න බැරි බව දැනගෙන තමයි. ඒත් මගේ හිතේ ඔයා වෙනුවෙන් පැලපදියන් උනු ඒ සිතුවිලි, මරලා දාන්න විදිහක් මම දන්නේ නෑ. ඒක නිසාම තමයි කවදාවත් සැබෑ නොවෙන බව දැනගෙනත්, අපි දෙන්න එකතු උනහම ජීවත් වෙන හැටි හීන මවන්න තරම් මගේ හදවත අසරන උනේ.ඔයාට කියන්න දේවල් මම කොච්චරක් නම් එකතු කරගත්ත ද ? ඔයාව මගේ පපුවට තුරුලු කරගෙන, ඔය ඇස් දෙක දිහා බලාගෙන, පැය ගානක් කතාකරන්න දේවල් මම කොච්චර නම් එකතු කරගත්ත ද ? මම ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගත්ත දවසේ ඉදලා එකතු කරගත්ත දේවල් ඔයාට කියන්න, ඔයා කැමති ඕනම දෙයක් ගැන පැය ගානක් කතා කරන්න, ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක දිහා බලලා හිතේ තියෙන හැම දුකක්ම අමතක කරන්න පුලුවන් ඒ කෙනා,, මම මුලු ජීවිත කාලයම හොයපු කෙනා ඔයා බව දැනගෙනත්, ඔයා ලගට ඇවිත් ඒ ගැන ඔයාට කියන්න බැරි කම කොහොම වේදවනාක්ද කියලා විස්තර කරන්න මගේ වචන මදි.
ඒත් මම දන්නවා. මම ඔයාට ආදරය කරපු එකට ඔයාගේ කිසිම වැරැද්දක් නෑ කියලා. ඒක නිසාම තමයි, මගේ හිතේ තියෙන මේ හැගීම ගැන වචනයක් වත් ඔයාට නොකිය ඉන්න මම තීරනය කලේ. ඔයාගේ ඒ වෙනස් බවට මම ආදරය කලාට, ඒකට ඔයා වගකියන්න ඕන නෑ. මේ අසම්මත ආදරය නිසා ඔයාගේ හිතට පුංචිම රිදීමක් වත් ඇතිවෙන්න ඕන නෑ. මගේ ගැන විතරක් හිතලා මගේ ආදරය ගැන කියලා ඔයාගේ හිතට ප්‍රශ්නයක් දෙන්න මට බෑ.ඔයා ඔය ගෙවන ජීවිතේ වෙනස් කරලා, ඒක ප්‍රශ්න ගොඩක් බවට පත්කරන්න තරම් මට හයියක් නෑ. මම දන්නවා කවදා හරි දවසක, ඔයා වෙන කෙනෙක්ගේ උනහම මට හුගාක් දුක හිතේවි. වෙන කෙනෙක් ඔයා ලගට ඇවිත් ඔයාගේ ජීවිතය බෙදා ගන්නකොට, සමහර විට මට ඒක දරාගන්න බැරි වේවි. මගේ ඇස් දෙකට එන කදුලු නවත්තන්න තරම් හයියක් මට නැතිවේවි.ඒත් ඒ කිසිම දෙයක් ගැන ඔයා දැනගන්නේ නෑනේ, අන්න ඒක විතරයි මට වැදගත්. ඔයා ඔයාගේ ලෝකය සතුටින් පුරවගන්නවා නම්, මගේ කදුලු පුංචි සිනාහවක් පසුපස සගවගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඔයා මම ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ. මම පැරදුනු පෙම්වතා විදිහට මුලු ජීවිතය ම විනාස කරගන්නේ නෑ. මම එහෙම කරලා කවදහරි දවසක ඔයාව හමු උනොත්, මට ඔයාට දෙන්න උත්තරයක් නැති වෙන නිසා. මම මේ ජීවත් වෙන විදිහ එක දශමෙකින්වත් වෙනස් කරන්නේ නෑ. මට ඔයාව මගේ ජීවිතය විනාස කරගන්න හේතුවක් කරගන්න ඕන නෑ. මගේ ආදරය එච්චර දුර්වල නෑ.මම මේ ජීවත් වෙන විදිහටම ජීවත් වෙනවා, මගේ සිනහව ගැන විශ්වාස කරලා. මට ඔයාව නොලැබුනත්, මම ඔයා ගැන හිතන්න ඒ ගතකරපු වෙලාව ගැන මට පුංචිම දුකක්වත් නෑ. ඒ හැම මොහොතකම ජීවිතය මම හුගක් වින්දා. සිහිනෙන් හරි, මම ආදරය කරන කෙනත් එක්ක, ජීවිතේ හුගාක් දුර ගමන් කලා. මට ඒ හැම මතකයක්ම හුගක් වටිනවා. ඒ හැම දේකටම ඔයාට හුගක් ස්තුතියි. මිරිගුවක් වගේ මගේ ජීවිතයට ඇවිත්, අසම්මත උනත් සුන්දරත්වයෙන් පරිපුර්න ආදරයක්, දුර ඉදගෙන හරි මට දැනෙන්න දුන්නට, ඔයාට හුගක් ස්තුතියි.













ලස්සන කතාවක් එකයි මම මෙක දැම්මේ මෙක අයියා කෙනෙක් ලියපු එකක් සෝස් එකේ ලින්ක් එක

Sunday, October 28, 2012

ගෙදර යන්න

දවස් කිහිපයකට පස්සේ අපේ ගමේ බස් එකේ නැගලා කිලෝමිටර දහයක් දොළහක් යන්න ලැබුනා. හිමිදිරි උදේ පාන්දර 4.30 කොළබ එන බස් එක මම වැඩ කරන තැනට එනකොට උදේ 8.45 විතර වෙනවා
ගෙදර යන දවස තත්පර , පැය , දවස් , මාස වලින් ඈතට යනකොට මට පුංචි අස්වැසිල්ලක් වනු ලබන්නේ මෙ හිත්පිත් නැති යකඩ ගොඩෙනි .
අදත් අපේ අම්මා නැගිටින්න ඇත්තේ මෙ බස් එකේ සද්දෙට අපේ ගෙවල් යට තාර පාරේ හැරුනු මඩ වලෙන් අදත් මෙකේ රෝද තෙමෙන්න ඇති. මගේ යාලු මිත්‍රයෝ මගේම ගුරුවරුන් නැන්දලා මාමලා
මෙකේ නැගලා ටවුමට එන්න ඇති මට මෙක අපේ ගමේම කොටසක් වගෙයි දැනෙන්නේ බස් එකට නැගපු වේලේ ඉදලා හැම ආසනයක්ම සිසාරා බැල්මක් හෙලුවෙ ගමේ ඉදන් ආපු අදුරන මුහුනක් තියෙනවද කියලා හොයන්න් .
එත් දන්න කියන කවුරුවත් හිටියේ නෑ. ඩ්‍රැයිවර් කොන්දොස්තර දෙන්නාත් ආගන්තුක පාටයි . ඒ වුනත් මම මෙ බස් එකේ ඉදහිට හරි යන්න එන්න ආසයි . සමහර වෙලාවට වෙන කොච්චර බස් තිබුනත් ගමේ ඉදලා කොළබ එන බස් එකේ ගව්වක් දුර යන්න හිතාගේන මම හෝල්ට් එකේ ඉන්නවා මම මෙ බස් එක දැක්කහම අපේ ගම සිහිවෙනවා . එදා මම දුව පැන ඇවිදපු පාර සිපගෙන දිය කඩිති උඩින් පැනලා අපේ ගමේ නෑදෑයන්ගේ යාලුවන්ගේ වගේම ගහ කොළ වලින් සුවද විදගෙනයි බස් එක කොළබ එන්නේ.
හිත්පිත් නැති යකඩ ගොඩාක් උනාට මෙයා කොච්චර වාසනාවන්තද? මටත් මෙයා වගේම හැමදාම ගෙදර යන්න තියේනවානම් කොච්චර හොදද? එත් අපට කොහින්ද අපට එහෙම නිදහසක් අපි දවසින්
දවසම ගෙදරින් ඈත් වෙනවා. නෑදෑයන්ගෙන් ඈත් වෙනවා අන්තිමට ජීවිතයට අපි එකතු කර ගන්නේ මොනවාද ? රස්සාවක් කරන්න කියලා කොළබ ඇවිත් ගත කරන ජීවිතය ආයේ කවදාවත් සම්පුර්ණ වෙන එකක් නැද්ද කියලත් හිතෙනවා .
මාත් සමග කොළබ ජීවිතය ගත කරන බොහෝ සහෝදරනුත් මෙ වගේ ගෙදර යන්නේ අවාරෙට පොල් වැටෙන්නා සේය ඔබ නොදන්නවා වූවාට ඔවුනුත් ගෙදර යන්න ආශාවෙන් පෙළෙන්නන් වේ . 

මෙ සේයාරුව නම් මගේ නෙමේ Google අයියාගෙන් ඉල්ල ගත්තේ

Friday, October 19, 2012

J2EE App එකකට reCAPTCHA එකක් දා ගන්න කොහොමද කියලා බලමු.

How to reCAPTCHA your Java application

reCAPTCHA is a novel CAPTCHA system developed by the School of Computer Science at my alma mater, Carnegie Mellon University. I won’t explain its coolness here since they do a good job of explaining that coolness themselves. What I will do here, though, is explain how to get your Java app reCAPTCHAed very quickly. Note however that reCAPTCHA is not tied specifically to Java.
In this tutorial I’m using Spring 2.5 MVC with annotations, and Commons Validator, but you’ll be able to follow this whether or not you’re using Spring and Validator.
These instructions are based on the instructions from the reCAPTCHA site, but I’m focusing specifically on Java integration whereas the site makes you dig around a bit to get the information. Not too bad, but enough that there’s value in my writing a Java-specific tutorial.

 Step 1. Get your account and key pair

First, go to the reCAPTCHA web site and create an account. As part of that account creation process you’ll have to specify the domain your reCAPTCHA will be protecting. The reCAPTCHA site will will give you a key pair for that domain. The key pair allows you to authenticate your reCAPTCHA requests to the reCAPTCHA servers, as we’ll see.

Step 2. Put the reCAPTCHA JavaScript in your app’s form

Here’s the JavaScript you need to put in your form, meaning in between the <form> and </form> tags. Put it wherever you would have normally put a CAPTCHA text box. This JavaScript will generate the reCAPTCHA box when users request the page:

================================================================
<script type="text/javascript"
src="http://api.recaptcha.net/challenge?k=<your_public_key>">
</script>
<noscript>
<iframe src="http://api.recaptcha.net/noscript?k=<your_public_key>"
height="300" width="500" frameborder="0"></iframe><br>
<textarea name="recaptcha_challenge_field" rows="3" cols="40">
</textarea>
<input type="hidden" name="recaptcha_response_field"
value="manual_challenge">
</noscript>
================================================================
 
It probably goes without saying, but I’ll say it anyway: you need to replace the two instances of <your_public_key> with the public key that you received during the account creation process. Be careful that you don’t use your private key by mistake. If you do that then everybody will be able to see your private key and act like they’re you.

Step 3. Run your app and make sure the reCAPTCHA is showing up

 

You should see it there in your form. It’s OK if you are coming from localhost or 127.0.0.1 instead of the domain that you specified in the account creation step; reCAPTCHA will allow that. You should be able to click the buttons on the reCAPTCHA box and they should work.
After you goof around with that a bit, you’ll need to update your app itself so that it actually uses the reCAPTCHA box to validate the form submission.
Let’s turn now to the Java piece, where we validate the form and reCAPTCHA.


Step 4: Validate the form, including the reCAPTCHA


You’ll find it convenient to download the recaptcha4j library. It provides a simple API for submitting user responses to the reCAPTCHA server and finding out whether a user’s response is valid.
At this point I’m just going to lay some code on you. As mentioned above I’m using Spring 2.5 MVC with annotations and Commons Validator, but the main thing is for you to look at how I’m using the ReCaptchaImpl class and just copy that.

================================================================
import net.tanesha.recaptcha.ReCaptchaImpl;
import net.tanesha.recaptcha.ReCaptchaResponse;
import org.springframework.validation.BindingResult;
import org.springframework.validation.FieldError;
import org.springframework.validation.Validator;
import org.springframework.web.bind.annotation.ModelAttribute;
import org.springframework.web.bind.annotation.RequestMapping;
import org.springframework.web.bind.annotation.RequestMethod;
import org.springframework.web.bind.annotation.RequestParam;

...

@RequestMapping(value = "/comments/postcomment.do",
 method = RequestMethod.POST)
public String doPost(
HttpServletRequest req,
@RequestParam("articleId") long articleId,
@RequestParam("recaptcha_challenge_field") String challenge,
@RequestParam("recaptcha_response_field") String response,
@ModelAttribute("comment") Comment comment,
BindingResult result) {

// Validate the form (other than the reCAPTCHA)
validator.validate(comment, result);

// Validate the reCAPTCHA
String remoteAddr = req.getRemoteAddr();
ReCaptchaImpl reCaptcha = new ReCaptchaImpl();

// Probably don't want to hardcode your private key here but
// just to get it working is OK...
reCaptcha.setPrivateKey("<your_private_key>");

ReCaptchaResponse reCaptchaResponse =
reCaptcha.checkAnswer(remoteAddr, challenge, response);

if (!reCaptchaResponse.isValid()) {
FieldError fieldError = new FieldError(
"comment",
"captcha",
response,
false,
new String[] { "errors.badCaptcha" },
null,
"Please try again.");
result.addError(fieldError);
}

// If there are errors, then validation fails.
if (result.hasErrors()) {
String path = comment.getPagePath();
log.debug("Form validation error; forwarding to " + path);
return "forward:" + path;
}

// Else validation succeeds.
log.debug("Form validation passed");
comment.setIpAddress(remoteAddr);
comment.setDate(new Date());

// Post the comment
log.debug("Posting the comment");
articleService.postComment(articleId, comment);
log.debug("Comment posted");

return "redirect:" + comment.getPagePath() + "#comments";
}
================================================================
 
Here’s the API for FieldError since I know that’s not clear from the code. Basically I’m using that to indicate that a validation error occurred and set up an error message for the user. If you’re not using Spring/Validator then you’ll do something else here.

 පළමුව කියන්න තිබු යමක් අමතක වුනා මෙ පෝස්ට් එක මගේ වගේ දැම්මට කරුනු හොයා ගත්තේ Google මට ගොඩාක් ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් වුනා.
තුති..
Mr.Thilan Pathirage


 

වැදගත් විස්තර ටිකක් [ Courier Services ]

 ලංකාවේ ජනප්‍රිය Courier Services
++++++++++++++++++++++++++++++++++++++++++++++

163/1A, Siri Dhamma Mawatha, Colombo 10, Sri Lanka
Telephone:
  • +94 11 523 5086
  • +94 11 523 4529
  • +94 11 523 4579
E-mail:
===============================================

ACX International (Pte) Ltd
151/6 Kirula Rd Colombo 05
Telephone + 94 11 4529529


Ace International Express (Pvt) Ltd
Branches-Kandy
Telephone + 94 08 14475061

Antron Express (Pvt) Ltd
No 16/5 Elliot Place Colombo 08
Telephone + 94 11 2691666

Aramex Lanka (Pvt) Ltd
307 Negombo Rd Peliyagoda
Telephone + 94 11 4728100

Capitol Overseas Courier Service (Pvt) Ltd
633 Sirimavo Bandaranaike Mw Colombo 14
Telephone + 94 11 5533433

Ceylinco Express
261 Highlevel Rd Kirulapone Colombo 05
Telephone + 94 11 5338391

City Link Courier International (Pvt) Limited
50 1st Floor, Colombo Plaza Galle Road Colombo 06, Sri lanka
Telephone + 94 11 2555560, 2555587, Fax 2303827

Citypak Courier Services
UPS House 209/2 Union Place Colombo 02
Telephone + 94 11 4703394, 4703900

Domestic Express (Pvt) Ltd
No 61 Robert Gunawardane Mw Colombo 06
Telephone: (00)94 - 11 4449418

Delmon Express (Pvt) Ltd
No 15 Mile Post Avenue Colombo 03
Telephone + 94 11 2370488

Dreamco Express (Pvt) Ltd
141/7 C Vauxhall St Colombo 02
Telephone + 94 11 2314541

drh Courier Express Lanka (Pvt) Ltd
7 Galle Face Terrace Colombo 03
Telephone + 94 11 5367700

Domestic Express (Pvt) Ltd
35/8 Polhengoda Rd Colombo 05
Telephone + 94 0714741474

D H L Keells (Pvt) Ltd
148 Vauxhall St Colombo 02
 Telephone + 94 11 2304304

Esdex Worldwide Express
A - 5 Adhikarana Mw Colombo 10
Telephone + 94 11 4737627

Fedex Express
3rd Floor 65 C Dharmapala Mw Colombo 07
 Telephone + 94 11 4522222

Hemas Holdings PLC
36, Bristol Street, Hemas Building, Colombo 01, Sri Lanka.
Telephone: (00)94 - 11 4731731 Fax 2332889, (+9411) 4731777

Institute of Policy Studies of Sri Lanka
99, St. Michael’s Road Colombo 03 Sri Lanka.
Telephone: (00)94 - 11 - 2431368, 2431378, 2431408 Facsimile: (00)94 - 11 - 2431395

Manoj Express Services
No 67/A Wolfendhal St Colombo 13
Telephone: (00)94 - 11 2390128

N D Express (Pvt) Ltd
No 339/1 Kotte Rd Nugegoda
Telephone: (00)94 - 11 5756647

Pronto Lanka (Pvt) Ltd
160/16 Kirimandala Mw Colombo 05
Telephone + 94 11 2369001

Skynet Worldwide Express
2nd Floor 135 Union Place Colombo 02
Telephone + 94 11 4798480

United Parcel Service
UPS House 209/2 Union Place Colombo 02
Telephone + 94 11 2337773

Utoexpress Pvt Ltd
20 A De Fonseka Rd Colombo 05
Telephone + 94 11 2585520

UPS
UPS House 209/2 Union Place Colombo 02
Telephone: (00)94 - 11 2337773

Vivid Express Courier Services (Pvt) Limited
13, De Fonseka Place Colombo 04
Telephone + 94 777 997996

Saturday, October 13, 2012

කොතරම් දැඩි හදක් වුවද........................

කොතරම් දැඩි
හදක් වුවද
යම් දවසක
දයා දියෙන්
ආර්ද්‍ර වී
කදුලු සලන මොහොතක් ඇත.
ඒ මොහොතේදි
ඒ හදවත
අත්ලට ගෙන
බලනු මැනවි
මෙ ලොව ඇති
කිසිම දෙයක්
එ තරමට  ................
සුන්දර නැත  
-මහගමසේකර-

Thursday, October 11, 2012

"මටත් ලස්සන දවසක් තිබුනා"


අමතක උනාද රත්තරන්?
හිනා වෙවී ආව පාර දිගේ
අඩන්න ඕන තැන් වලදිත් මම වුනා ...
ඒ ඔයාට දුකක් දෙන්න බැරි නිසා කියලා......
තවත් මේ පාර දිගේ
හිනා වෙවී යන්න මට විතරක් ...
ඒ තරම්ම හිනා වෙච්ච ඇස් දෙකේම
කදුලු පුරෝ ගෙන
අද ඔයා මාව දාලා තනියම යන්නයි හදන්නේ ..

අද මම ආපහු හැරෙන්නයි හදන්නේ..........
හිනා වෙවී මං ඒ එකතු කරපු කදුලු
අදින් පස්සේ එක දිගට ඇද හැලෙයි
ඉමක් තෙරක් නැතිව.................
ඇස් දෙකට නිවනක් .................
සතුටින් ඉන්න හැමදාම ඔයා
එයයි එකම පැතුම මගේ...................................
***රංගන***

Saturday, October 6, 2012

මාත් ජිවිතය විදින්න ආසයි.........

එපා වෙන්න දෙන්න එපා
මට නුඹව
හිනා වෙන්න ආසයි මම
නුඹ ලඟම

පොළව අකීකරු උනාම
අහස වෙලා වැහි ඉහින්න
එපා දැවෙන ඉර වාගේ
රැස් විහිදවන්න

රළ පෙල යලි යලි හැපුනට
තරහ යන්නෙ නෑ වෙරළට
වෙරළට නෑවිත් ඒ රළ කොයිබද යන්නේ
නුඹටම හැර කාටද මේ හිත පෙන්නන්නේ.........
 එදා එ දවසේ මම හිටියේ ගොඩක් කලබලෙන් මොකක්ද මෙ අමුත්ත කියලා පස්සේ තවත් සති කිහිපයකට පස්සේ ඔයාගේ ජිවිතය වුනා නමුත් අද වනවිට නැවත මම එදා හිටපු තැනටම පත් වෙලා.මම පරාදයි ඔය දිණුම්.එත් මම ආසයි ජිවත් වෙන්න ජිවිතය විදින්න.පුලුවන්නම් ඔයගේ සුවදවත් මගේ ලග තියන්න.ඔයාට නොතේරුනාට මට එක ලොකු හයියක්,
මම යන්නම් ඔය යන්න එපා.ඔයා ඔයාගේ වැඩේ ඉවර කරන්න එදා වෙනකල් මම බලාගෙන ඉන්නම්,,.....
අඩන්න දැන් කදුලුත් නෑ.ඒත් මෙ තරම් දැනිලත් නෑ මට _ _ .........
ජිවිතය කියන්නේ මෙකයි.......
***රංගන***

Thursday, January 12, 2012

මොක්ද මේ Cloud Computing කියන්නේ?



බ සියලු දෙනාම Google Docs, Picasa, Sky Drive, Blogger,Facebook සහ application භාවිතා කරන බව. නමුත් කෙදිනකවත් ඔබ සිතුවාද මෙම application පිටුපස ඇති තාක්ෂණය ගැන. ඔයාලා අහලා ඇති Servers කියලා ජාතියක් ගැන ඔයා Servers කියන්නේ මොකක්ද කියලා හොයාලා බැලුවද?Servers ගැන සරලව කිවොත් අපේ Data Save කරලා තියෙන තැනක්.මේ ක්ලවුඩ් කොම්පියුටින් කියන තාක්ෂණය ඉහත කි දේවල් වලට වඩා ඉහළ තාක්ෂණයක්.

මම දැන් මුලින් කි කතාවට එන්නම්,
ඔයාලා සිතුවාද ඔයාලගෙ Google Doc,Piccasa වලට දාන Images,Document
ආදිය කොහෙද තියෙන්නේ දවසකට කි දාහක් දෙනා ඉහත කි දැ Upload කරනවද?මම කියපු Servers වල Space එක කොච්චර තියෙන්න ඕනෙද?අපි Upload කරන Data තියෙන්නේ එක Server එකක විතරක්ම නෙවෙ.2ක 3ක නැතහොත් 10ක 15ක 100ක 1000ක වෙන්න පුලුවන්.අපට එක Server එකකින් Service එක වෙන Server එකකින් ගන්න පුලුවන් මේ ගැන තව ගොඩාක් ගැඹුරුයි සරලව මුල් අවධිය පැහැදිලි කරන්නම් මෙසේ.

පරිගනක විද්‍වතුන්ට අනූව ක්ලවුඩ් කම්පියුටින් යනු, අන්තර්ජාලය පදනම් වූ අවශ්‍යතාවය අනූව පරිගනකයකින් පරිගනකයකට හෝ වෙනයම් විද්‍යුත් උපකරනයකට resources, software, information හුවමාරු වෙන electricity net 1කකට සමාන ජාලයකි.
1990 වර්ශයේදි Jhone McColins නම් විද්වතා විසින් අදහසක් ලෙස ප්‍රකාශ කල මෙම තාක්ෂණය 2009 වසරේදී මුල්වරට භාවිතයට ගැනිනි. සත්‍ය වශයෙන්ම මෙය Technology එකක් නොව service එකකි. එනම් මෙම Cloud Computing යනු Hosted Service යන කුලයේ සාමාජිකයෙකි. Cloud Computing අනු කොටස් 03කි.

01. IAAS - Infrastructure as a Service
02. PAAS - Platform as s Service
03. SAAS - Software as a Service

Infrastructure as a Service
අප කිසිවෙකුට Super Computer 1කක අත්දැකීම නිවසේදී ලබා ගත නොහැකිව තිබිනි. ඒ අත්දැකීම හා පහසුකම දැන් අපට නිවසේදීම ලබාගැනිමට අවස්ථා ලබෙමින් පවතී. Cloud Computing යනු virtual computers 1කක් ලෙස සරලව දැක්විය හැකි අතර මෙම service 1ක හරහා අපට පහසුවෙන්ම Super Computer 1කක පිහිටුවා ඇති අතිවිශාල algorithms සහිත application 1කක GUI වෙබ් බ්‍රව්සර් 1ක හරහා ඉතා පහසුවෙන් access කල හැකි අතර ඉන් අනතුරුව එම application 1ක අපේ පරිගනකයේ රන් වන ආකාරයෙන් browser 1ක හරහා run කල හැක. මෙය 1ක් උදාහරනයක් පමනක් වන අතර මෙසේ hardware පිටස්තර පරිගනයක සිට access කිරිම මෙම category හි ලක්ෂනයකි.

Platform as s Service
මෙය මෙම තාක්ෂණයේ ආකර්ශනීය කොටසකි. ඉහත සඳහන් කල විශාල servers තුල virtual computers හි ඇති වර්චුවල් storage හි ස්ථාපිත OS වෙනත් පරිගනක සහ electronic device වලට access කිරීමට ලබා දීමට මෙයට හැකියාව ලැබී ඇත. මෙමගින් තම පරිගනක වල OS ස්ථාපිත නොකර direct internet connection එකක් හරහා තමන්ට අවශ්‍ය විටකදී තම පරිගනකයට ලොග් විය හැකි ආකාරයකි. මෙහි පරිනාමික අවස්ථාවක් Windows 8 හි ලැබෙන බව Windows 8 Developer Edition මගින් සනාථ කරගත හැක.

Software as a Service
ඉහත දැක්වූ Google Docs, Picasa, etc. application සියල්ල මෙම ගනයට අයත් වන අතර iCloud ද මෙයට උදාහරන සපයයි. server 1කක පවතින 1ක් application 1කක් පරිගනක විශාල ගනනකට එකවර access කිරීම මෙමගින් සිදුවේ.

Advantages
01. ආර්ථික වාසි
මිල අධික hardware අනවශ්‍ය වේ. සරල පරිගනකයක් සහ හොඳ internet connection එකක්, Browser එකක් පමනක් භාවිතයෙන් අති සංකීර්න ගනනයන් ඉටුකරගත හැක.

02. Increase Storage
Software Download කිරීම, Install කිරීම වැනි කාර්යයන් නොමැති බැවින් Storage Device සැහැල්ලු වේ.
03. flexibility
1ක් application එකක් පමනක් බැවින් software engineers ලාට application එකක් develop කිරීම ඉතා පහසු කටයුත්තකි. application owner ටද විශාල ආර්තික වාසි ලැබේ.

නමුත් මේ සඳහා භාවිතා කරන VPS-Visual Privet Servers සහ Dedicated Servers වැනි server තාක්ණයන් වලට පසුගිය දිනවල එල්ල වූ hacker ප්‍රහාර, D-Dos attack සහ Cloud Computing උපරිම ලෙස භාවිත කරන amazon.com හි සිදු වූ server drop down එක මගින් සනාථ වන්නේ Cloud App වල ER design සහ Design pattens ඉතා නිරවද්‍ය වියයුතු බවයි.මිට මාස කිහිපයකට ඉහතදි අප කවුරුත් දන්නා Apple Inc හි Server වලටත් ආක්‍රමන එල්ල වුනි.එය සිදු විමට හේතු වී ඇත්තේ ඉහත කී දුර්වලතා වෙන්න පුලුවනි.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ ඇති ප්‍රබලම ක්ලවුඩ් ඇප්කෙෂන් එක වනුයේ අප කවුරුත් දන්නා Google වේ.

කෙසේ නමුත් අනාගත ලෝකය ඉතා විශාල ලෙස Cloud Computing සමග සම්බන්ධ වනබවත් පරිගනකයේ අනාගතය මේ මත ගොඩ නැගෙන බව අවිවාදයෙන් පිළිගත හැක.

නංගියේ... මටත් නුඹ වගේ නංගියෙක් ඉන්නවා.....

මදක් නැවති සිතන්න.......
ඔබටත් හදවතක් තියෙනවානම්, මේ චුටි නංගියාට ජිවත් විමට වරම් ලබා දෙන්නට මෙලොවදි ඔබ කරන මහගු පුණ්‍ය කර්මයක්,
ඔබ ලග මනුස්සකමක් තියෙනවානම් හැකි අයුරින් මේ චුටි නංගියාට නව ලෝකය දකින්න උදවූ කරන්න.
මේ තියෙන්නේ මේ නංගියාගේ වෙබ් අඩවිය ගිහින් බලන්න http://www.ruvinirangana.com
මදක් හිතන්න අපිට ලෙඩක් හැදුනහම අපේ අම්මා තාත්තා කොච්චර කලබල වෙලා දුක් වෙනවාද කියලා.මේ චුටි නංගියගේ අම්මාටයි තාත්තාටයි කොච්චර දුකක් ඇතිද හිතලා බලන්න.ඇත්ත නේද කියලා ඔයාගේ හදවතට තට්ටු කරලා අහන්න.ඇත්ත නේද කියලා?එතකොට ඔයාට හදවත කියයි ඇත්ත කියලා.
ඔයාගේ හදවතට දැනුනොත් උදවු කරන්න ඔනේ කියලා උදවු කරන්න...
"මතක තියා ගන්න අපිත් මේ තැනට ඇවිත් ඉන්නේ ඒ පුංචි අවධිය පසු කරලා බව"

Wednesday, January 11, 2012

ඔබත් ලේ බිදුවක් දන් දි වටිනා ජිවිතයක් බේරා ගන්න..

ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක්මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ!විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට, බැංකුව හිස් වෙනවලු! මින්ස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? නැහැ එත්වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට,ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!


ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා,ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!


ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්, ලේ නැහැලුලේ බැංකුවේ! ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද? මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ටවෙලාවක් නැති කම! ඔබගේ වටිනා කාලයෙන් පැයක්, ලේ දන්දෙන්න කැප කලොත්, ඊලග පැයේ ඔබ නිසා, තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්!දන් දීමෙන් අඩුවෙනලේ, පැය කිහිපයක් ඇතුලත,අපේ ශරීරය විසින් සමබර කරගන්නවා!


තව දෙයක් තියෙනවා, ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා අපෝ මහත් වෙනවනේ කියනවා! එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ! එක අත්දැකීමෙන් කියන්නේ!


අනිත් කාරණේ
, ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්, නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්, ලේ දන් දෙන්න පුළුවන්! පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා, දුර ගමන් සහ බර වැඩ නැති දවසක්, ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්, වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න!වෙලාවට ලේ ටිකක් ලැබුනොත් 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්නමනුස්සයෙක්ට!




අනික දැන් රුධිරපට්ටිකා (red cells) දන් දෙන්නත් පුළුවන්! හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ, අඩුමතරමින් 12 පාරක් වත්, ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි! හේතුව, එකටපැය 2 කටආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා!


අනික දැනට හිගම ලේ වර්ගේ තමයි A+ වර්ගය! මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් A+ නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් A+! ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් A+ ම තමයි! එක පුද්ගලයෙකුට අවුරුද්දකටලේ දෙන්න පුළුවන් වාර හතරේදී,විරාමය, මාස 3 යි! ඉතින් ඒ මාස 3 ඇතුලතදී ලේ හිගයක්‌ ආවත්, දීපු අයට නැවත දෙන්න බැහැ...!!


ඉතින් තියෙන එකම විසදුම
, මට හිතෙන හැටියට, හැකි පමණින් නිරෝගී අය, ලේ දන් දෙන්න පෙළබිම විතරයි! ලේ දන් දෙන්න යද්දී, තවත්කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න!අඩුම තරමින්, තව එක මනුස්සයෙක් වත් පොළබවන්න,ලේ ටිකක් දන් දීලා මේ රටේ, කොහේ හරි දැනට ජිවත් වෙන, මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න!


නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇතිකෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ, හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන්ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!

උපුටා ගැනිම ඊමේල් ශ්‍රීලංකා

Monday, January 9, 2012

ලංකාවේ පෞද්ගලික විශව විද්‍යාල......

ලංකාව තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලහොත් දුප්පත් දරුවන් හට හොද කල දසාවක් උදාවන බව ඒකාන්තය

නිදහස් අධ්‍යාපනයෙන් පසුව ලංකාවේ ඇති කර ලිමට යන මෙම විප්ලවයට අපත් හැකි අයුරින් සහයෝගය ලබාදෙමු.අද වන විට ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගෙන් 80% පමන පෞද්ගලිකව ටියුෂන් හෝ කන්ඩායම් හෝ ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය ලබා ගත් අය වේ.තම පාසලෙන් තම මහන්සියෙන් උගෙන විශ්ව විද්‍යාලවලට පැමිනි ළමුන් අත්තේ අතලොස්ස්සකි මෙලෙස වතාවරනයක් රට තුළ පවතිද්දි විශ්ව විද්‍යාල අධ්‍යපන කටයුතු වල නිරත වන්නේ මුදල් හදල් යහමින් ඇති දරුවන් වේ.පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරතොත් එම මුදල් යහමින් ගැවසෙන දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල කරා ඇදි යයි.එවිට ගමේ දුප්පත් අහිංසක දරුවන්ටද සරසවි අධ්‍යාපනය ලබා ගත හැකි වේවි.

"උගතුන් පවසන ආකාරයට,නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 60කට පසුව ලංකාව තුල බිහි වු විශ්ව විද්‍යාල සාංඛයාව 14ක් වේ.රටක දියුනුවට ආර්ථික සංවර්ධන පමනක් ප්‍රමානවත් නොවේ ඒ සදහා රටක දියුනුව මනින මිනුම් දන්ඩක් වු රටක ජනතාවගෙන් 50%ක් උපාධිධාරීන් විය යුතුය.එහෙත් ලංකාවේ A/L නැමැති මහත් අමාරු,දුෂ්කර,ක‍ටුක විභාගය 200,000 අධික සිසුන් සංඛයාවක් මුහුන දේ එම සිසුන් සංඛයවෙන් රජයේ විශ්ව විද්‍යාලවලට තොරා ගැනේන්නේ 20,000ක් වැනි සුලු පිරිසකි එය මුලු පිරිසෙන් 20% ප්‍රතිෂතයකි ලංකාව ආර්ථික සංවර්ධනය කරා යාම මෙන්ම අධ්‍යාපනික සංවර්ධන කල යුතුය.පවතින ජනගහනයෙන් 50% උපාධිධාරීන් බිහි කිරිමට ලංකාව තුල තව විශ්ව විද්‍යාල 106ක් සැදිය යුතුය අවු:60 තුල බිහි වුයේ විශ්ව විද්‍යාල 14ක් නම් තව 106 සැදිමට වසර 600ක් ගත වනු ඇත ඒය සිහිනයකි.ලංකාව ආර්ථික අතින් පොහොසත් වුවත් අධ්‍යාපනික බවින් පිරිපුන් සමාජයක් ගොඩ නැගිමට තව වසර 600ක් ගත වෙවි"

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමෙන් මුදල් යහමින් ගැවසෙන ළමුන් පෞද්ගලික විශ්ව විද්‍යාල කරා ඇදේති එවිට ගමේ දුප්පත් අහිංසක ළමුන්ටත් සරසවි වරම් ලබා දිමට හැකි වේවි.එවිට ලංකාව උපාධිධාරීන්ගෙන් පිරි ඉතිරි ගියහොත් ලංකාවද තව නොබෝ කලකින් සංවර්ධිත රටකි.එම නිසාවෙන් රට තුල ඇති මුදල් පිටරටට ඇදි යා නොදි රට තුල රදවා ගත හැකි වේ.

"ලංකාව තුල මෙලෙස සිනා සපිරි මුහුනු දකින්නට අසා කරන්නෙමු"



දෙයක් ඉගෙන ගන්න යන්වානම් මෙන්න තැන.......


මම අද කියන්න යන්නෙ මාරම මාර අධ්‍යාපන අසපුවක් ගැන ඒක නමින් හදුන් වන්නෙ IJTS-
Institute of Java and Technological Studies Sri Lanka.දැනට ලොකෙ තියෙන එකම ජාවා අධ්‍යාපන ආයතනය මෙක තමා මම දන්න අයුරින්.මෙකට ආපු ගොඩාක් ළමුන් දැන් ගොඩක් හොද රැකියාවන් කරනවා ඇතමුන් තමන්ගෙම කියලා මෘදුකාංග කොම්පැනි පවත්වාගෙන යනවා.ඔයාලට පුලුවන් මෙ ආයතනයෙ නිල වෙබ් අඩවියට ගිහින් වැඩි දුර තොරතුරු ලබා ගන්න පුලුවන් මෙන්න ඒකේ නිල අඩවියේ http://ijts.edu.lk මේකෙන් ගන්න පුලුවන් මේ ආයතනය USA හි Chamber of Chartered Java Professionals Internationa හි අනුබද්දිත ආයතනයක්.Chamber of Chartered Java Professionals Internationa හි නිළ වේබ් අඩවිය මෙන්න මෙක http://ccjpinternational.org. IJTS හි උගන්වන විශය නිර්දේශය මෙතනින් බල ගන්න පුලුවන් බලන්නකො මෙකත් කොහොමද ඒ තියෙන්නේ උපාධිය සදහා කරන විශය නිර්දේය මේ තියෙන්නේ තියෙන Course ටික බලන්නකො.

බලාගෙන ඉන්න තව ටික දවසකින්..........

ටික දවසකින් මා සතුව ඇති,මා සොයා ගත් විශාල තොරතුරු සංඛ්‍යාවක් ඇත තව නොබො දිනකින් මුදා හැරිමට නියමතය.
සැම අංශයක් පිළිබදවම මා දන්නා කරුනු සියල්ලක්ම ඔබට

ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල්වල විස්තර

Nawaloka Hospitals PLC
23, Deshamanya H. K Dharmadasa Mawatha,
Colombo 2, Sri Lanka.
Tel:- +94 (0) 11 2544444-7,
+94 (0) 11 2304444-56
Fax:- +94 (0) 11 2430393
Email:- nawaloka@slt.lk
Website:- www.nawaloka.com

Durdans Hospital
3 Alfred Place,
Colombo 3,
Sri Lanka.
Helpline:
Tel:- 1544 (Short code)
+94 (0)11 5410 000
Fax:- +94 (0)11 2575302
Email: contactus@durdans.com

Lanka Hospital
578, Elvitigala Mawatha,
Narahenpita,
Colombo 5,
Sri Lanka.
Emergency:- 1566
Tel:- +94 (011) 553 0000
+94 (011) 553 0000
+94 (011) 543 0000
+94 (011) 543 0000
Fax:- +94 (011) 451 1199
Email:- info@lankahospitals.com